ඔන්න සල්ලි තියෙන කුඩු කාරයෙකුයි දොස්තර මහත්තයෙකුයි.එකම ළඟ ගෙවල් දෙකක් හදනවලු.එක විදියටම. අවස්ය බඩු බාහිරාදිය ගන්නෙත් එකම සමාගමකින්ලු.ගෙවල් දෙකේ Plan එකත් එකමලු.ඉතින් ඔහොම යද්දි.අර කුඩු කාරයා ඩොකා ව දකින දකින තැන කියනවලු .මගේ ගේ වටිණාකම වැඩියි කියලා.ඩොකාටත් ඉතින් පට්ට අවූල් ලු.මේ කතාව හැමවෙලේම අහල. ඔන්න ගෙවල් දෙක දැන් හදලත් ඉවරලු.ඔන්න දෙන්නම පදින්චිත් උනාලු. එදා හවස ඩොකායි කුඩු කාරය යි ආයෙත් හමු උනාලු.කුඩු කාරය ආයෙත් කිව්වලු මගේ ගේ තමයි වටිණාකම වැඩි කියල. ඩොකා අහනවලු එහෙම කොහොමද වෙන්නෙ අපි දෙන්නම ගේ හදන්න දුන්නෙ එකම copmany එකකට.ඔයාගෙ එක වටිණාකමින් වැඩි වෙන්නෙ කොහොමද කියලා. අරූ කියනවලු. හරිම ලේසියි නේ.මගේ ගේ තියෙන්නෙ දොස්තර මහත්තයෙක් ගෙදරට එහා පැත්තෙ.ඒත් ඔයාගෙ ගේ තියෙන්නෙ කුඩු කාරයෙක් ගෙ ගේ එහා පැත්තෙ කියලා.
නිමි.
(පොඩි වැඩිනම් කන්නාඩි දාගන්න.)






