ලංකාවේ_iHelmet

mano3989

Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    ලංකාවේ iHelmet ඩොලර් මිලියනයේ ත්‍යාගය පෙනෙන මානයේ

    iHelmetDevice.jpeg


    Verizon සමාගම විසින් සංවිධානය කරනු ලබන තරඟයකින් අවසන් වටයේදී ඇමරිකානු ඩොලර් මිලියනයක ත්‍යාගය දිනාගැනීම සඳහා මෝටර්බයිසිකල් හෙල්මට් සංවේදක පද්ධතියක් නිර්මාණය කළ ලාංකික තරුණයෙක් තරඟවදිනවා.

    සන්නිවේදන දැවැන්තයකු වන Verizon සමාගමේ Powerful Answers Award තරඟය Emergency Response (ආපදා කළමණාකරණය), The Internet of Things (අන්තර්ජාල සේවා) හා Transportation (ප්‍රවාහන) යන අංශ 3 යටතේ පැවැත්වේ.

    මේ තරඟය ප්‍රවාහන අංශය යටතේ තරඟවදින ගනිඳු නානායක්කාර මෘදුකාංග ඉංජිනේරුවරයෙක්. ඔහු නිර්මාණය කළ iHelmet නම් උපාංගය සංවේදක රාශියක් හරහා නිරන්තරයෙන් දත්ත රැස්කරගන්නා අතර ඒවා ජංගම දුරකථනය හරහා බ්ලූටූත් හරහා හුවමාරු කරගනී. මෝටර් සයිකල හෙල්මටයක් හා සම්බන්ධ කර ඇති විට මේ උපරකණයට අධික වේගයේදී අනතුරු හැඟවීමට, වාහන නැවැත්වීම සඳහා ඇති ස්ථාන වෙත ධාවකයා යොමු කිරීමට, බාහිර වායුගෝලීය තත්වය පරීක්ෂා කිරීමට, රියැදුරුට නොපෙනෙන ස්ථාන පිළිබඳව අවධානයෙන් සිටීමට වැනි කාර්යයන් විශාල සංඛ්‍යාවක් සිදුකළ හැක.

    මේ උපකරණය හා Smart Phone app එක සමඟ හෙල්මටයක මිල $115ක් පමණ වන අතර උපකරණය හා Smart Phone app එක පමණක් $75ක මුදලකට අලෙවි කිරීමට නියමිතයි.

    ගනිඳු සිය නිර්මාණය පිළිබඳව පවසා සිටියේ “මේ උපකරණය නිර්මාණය කර ඇත්තේ ලාභදායීව කොටස් වශයෙන් සම්බන්ධ කර ඇති ආකාරයටයි. ඒ නිසාවෙන් පාරිභෝගිකයින්ට ලාබදායී මිලකට තෝරාගැනීම් රැසකින් මේ උපකරණය ලබාගැනීමට හැකියාන තිබෙනවා. මිලෙන් අඩුවීම හරහා අති විශාල මෝටර් සයිකල්කරුවන් පිරිසක් සිටින ආසියාතික රටවලට පවා මේ නිර්මාණය ව්‍යාප්තකළ හැකියි.”

    මෙවර මෙම තරඟය සඳහා 1400කට අධික තරඟකරුවන් සහභාගී වී ඇති අතර අවසන් සම්මාන ප්‍රධානය Dec 9 වන දා සැන් ෆ්‍රැන්සිස්කෝ හීදී පැවැත්වේ. මෙවර තරඟය සඳහා එක් අංශයකින් එක බැගින් තෝරාගන්නා ජයග්‍රාහකයින් තිදෙනාට ඩොලර් මිලියකයක (රුපියල් කෝටි 14ක) ත්‍යාගය බැගිනුත් දෙවන ස්ථාන සඳහා $500000 කුත් තෙවන ස්ථාන සඳහා ඩොලර් 250000ක බැගිනුත් ත්‍යාග පිරිනැමෙනු ඇති.


    Tech Guru

    https://www.linkedin.com/in/ganindun

    Ihelmet-696x391.png


     
    • Like
    Reactions: kasun69

    malpusa

    Well-known member
  • Feb 22, 2009
    1,096
    883
    113
    Ado SLIIT kollek ha.... HATZ off sahoooo !!!
    31541734-Rubber-stamp-with-text-good-luck-inside-vector-illustration-Stock-Vector.jpg

    බොරු කියන්න එපා බන් .ස්ලිට් එකෙ A/L පෙල් අයට ඔචර දෙයක් කරන්න බැ.ඔය ඉන්නෙ රජයෙ විස්ස විජ්ජල ගිය උගත් බුඩ්ඩිමත් ලමයෙක් වෙන්න ඔනා----අන්තර් වීස්ස විජ්ජාලය
     
    Last edited:

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    විජ්ජාලේ මොකක් වුනත් හොද වැඩකාරයෙක් වගේ ..තැනකට එන්න පුළුවන් එකක් උදව් කලොත් හොදා වලට දාන්නේ නැතිව:D

    ඔය තරග්ය් වගේම ජීවිතත් දිනලා රටත් දිනවන්න ලැබේව කියල ප්‍රාර්ථනා කරනවා ..:yes::D