නියගලා - Glory Lily
චායාරුපය :: විජිත රත්නසිරි සොයුරා විසිනි
නියගලා උද්භිද විද්‍යාත්මකව Glosrosa superba නමින් හැදින්වෙන අතර colchicaceae පවුලට අයත් පැලෑටි වර්ගයකී. මෙය ඉංග්‍රිසියෙන් Glory Lily , Gloriosa Lily යන නම් වලින් හදුන් වනු ලැබේ.
කලා රසය තිබුනත් නියගලා මලේ
මලා නේද කෑවොත් නියගලා අලේ
යනුවෙන් නියගලා සම්බන්ධ කියමනක්ද වේ. වැලක් ආකාරයට වැඩේ. විෂ සහිත පැලැටියක් ලෙසට වර්ග කරන අතර මදක් සෙවන සහිත සිසිල් ස්ථාන වල වැඩේ..
නියගලා ශාකය පුරාම පැතිර ඇත්තේ, මිනිස් සිරුරට අහිතකර විෂ සහිත රසායනිකයක් නියගලා අල පමණක් නොව මල්, කොළ, මුල් ඇතුළු සෑම කොටසක්ම විෂ සහිතයි.
මෙයින් කුමන හෝ කොටසක් ශරීරගත වූවද, වමනය යෑම, බඩඑළිය යාම වැනි රෝග ලක්ෂණ මතු කරනවා. නියගලාවල තිබෙන විෂ මිනිස් සිරුරේ ජීර්ණ පද්ධතියේ සිටින සාමාන්‍ය බැක්ටීරියා හරහා ලේවලට ඇතුල් වෙනවා. අනතුරුව සෙප්ටිසීමියා කියන රෝගී තත්ත්වය ඇති වෙමින් මිය යනවා. මේ විෂ සඳහාද ප්‍රතිජීවක හෝ කිසියම් ඖෂධයක් කිසිදු රෝහලක නැහැ. මියනොගොස් ජීවිතය බේරුණද අතුරු ආබාධ සහිත ජීවත්වීමට සිදුවෙනවා. කොණ්ඩෙ යාම, තට්ටය පෑදීම වැනි ආබාධ දක්නට ලැබෙනවා.
(විස්තරය :- අ:ජා: ඇසුරිනි)

TFS ලොකු මාමි 