කරඳ - මඟුල් කරඳ (Pongamia pinnata)

mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
කරඳ - මඟුල් කරඳ (Pongamia pinnata)

කරඳ - මඟුල් කරඳ (Pongamia pinnata)
12106999_1471109739886566_2579198868241062165_n.jpg


කරඳ දේශීය වෛද්‍ය කර්මයට ඉතා වැදගත් වන ඖෂධීය ශාකයකි. එහි පොත්ත අළු පාටය. අංකුරවල මද බූවක් සහිතය. සංයුක්ත පත්‍ර විශාලය. දීප්තිමත් කොළ පැහැයකින් යුක්තය. පත්‍රිකා යුගල කීපයක් ඇත. පත්‍රිකාවක් අඟල් 3 ක් හෝ 4 ක් දිගැතිය. පුෂ්පය අඟල් 1/2 ක් පමණ පළලය. එහි මුකුටය බොහෝවිට ළා රෝස පැහැතිය. ඇතැම් විට සුදු පැහැතිය. මණිය අළු පාටට හුරු දුඹුරු පාටය. මල් පිපෙන්නේ අප්‍රේල් මාසයේය. ඵලය රනිලයක් හෙවත් කරලකි. එය අඟල් භාගයක් පමණ දිගය. අඟලකට වඩා පළලය. කරඳ ලීය කහ පාටට හුරු සුදු පාටය. එය තරමක් තද ගතියෙන් යුක්ත වුවත් දිගු කල් නොපවතී. කරඳ ඇටවලින් ලබා ගන්නා තෙල සමේ රෝගවලට ප්‍රශස්ථ ඔසුවකි. කරඳ ශාකය නිවර්තන ආසියාවේ බොහෝ ප්‍රදේශවල දක්නට ලැබේ. ලංකාවේ පහතරට ප්‍රදේශවල සුලභව ඇති අතර වෙනත් ප්‍රදේශවලද වැවේ. කරඳ ශාකය ලෙගියුමිනෝසේ හෙවත් රනිල කුලයට අයත්ය.

ඖෂධීය වටිනාකම

සංස්කෘත වෛද්‍ය ග්‍රන්ථවල මඟුල් කරඳ හැඳින්වෙන්නේ “චීරඛිල්ව“, “නත්තමාල“, “ලාජාපුෂ්පා“ ආදී නම්වලිනි. කුණු කරඳ නම් තවත් ප්‍රභේදයක් “පූතිකරංජ“, “ප්‍රකීර්ය“ හා “කලිමාරකා“ යන නම්වලින් හඳුන්වා ඇත.

කරඳ කටුකයි, සැරයි, ඌෂ්ණයි. යෝනි දෝෂ, කුෂ්ට, උදාවර්ත හෙවත් උදෑසන වමනය, පිලීහාවේ රෝග, අර්ශස්, උණ හා කෘම් දෝෂ ආදිය නසයි. දත්වලට ඉතා හිතකරය. එහෙයින් කරඳ කෝටු ඈත අතීතයේ සිටම දැහැටි වශයෙන් භාවිතා වේ.

කරඳ කොළ වාත, අර්ශස් හා කෘම් රෝග නසයි. මල දැඩි කරයි. පිත උපදවයි. කරඳ ඇට වාත, අර්ශස්, කෘම් හා කුෂ්ට රෝග දුරු කරයි. කරඳ තෙල් වණවල ඔඩු දිවීම වළක්වයි. ඇසට හිතකරය. වණ තුවාල ආදියටත් ඇස් රෝගවලටත් භාවිතා කෙරෙන ඔසු තැනීමේදී ඒවාට කරඳ ශාකයේ කොටස් එක් කෙරේ.

“ශාක ලෝකය සහ ශ්‍රී ලංකාවේ ඖෂධීය ශාක“ කෘතිය ඇසුරිනි_
(අ.ජාලයෙනි)
 

Choice

Active member
  • Mar 16, 2008
    150
    46
    28
    මේ ගහේ අකුරු කෙටුවම, emboss වෙනවා ටික දවසකින්,
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මං හිතුවෙ මොකක් හරි මඟුලක් ගැන කේස් එකක් කියලා..:lol:

    එල එල.. මේ නම නම් අදමයි ඇහුවෙ.. පිංතූරෙත් දැක්කෙ අද.. විස්තරෙත් දැනගත්තෙ අද..:)