මම නම් කවදාවත් කෙල්ල එක්ක ෆොටෝ අරන් ඔය ඉලව්වේ දාන්නේ නැහැ..
මම දැකල තියෙනවා සමහර කපල් ලව් කරන්නෙත් ෆේස්බුක් එකේ කමෙන්ට්ස් වල කියහන්කෝ...

මට මොංගල් වගේ ඒවා දැකල..ඇයි බන්..කෙල්ලෙකුයි කොල්ලෙකුයි ඔකේ කමෙන්ට්ස් වලින් තමන්ගේ දේවල් කතා කරන්නේ මොන මගුලටද?
එක කෙල්ලෙක් ෆොටෝ එකක් දාල තිබ්බ..ඔන්න ඒකිගේ කොල්ල කමෙන්ට් කරලා "වාව්..ලස්සනයි සුදු <3" කියල...එතකොට කෙල්ල කමෙන්ට් දාල "තැන්ක්ස් සුදු..උම්මා..."කියල

...කොල්ල අහල "මේකද එදා ගත්ත කිව්ව ඇඳුම? මට පෙන්නුවේ නැත්තේ?" කියල..එතකොට කෙල්ල කියනවා "ඔව්...ඔව්...තව තියෙනවා...මම පෙන්නනම්කො" කියල..මුන් නිකන් හම්බවෙන්නේ නැති උන් වගේ..නිතර හම්බ වෙනවත් එක්ක...
මොන මගුලක් ද..මේවා උන්ට උන් උන් කතා කරන වෙලාවට කතා කරගන්න පුළුවන් දේවල් නේ? ලෝකෙට පෙන්න ලව් කිරිල්ලක් තමා තියෙන්නේ අද කාලේ..හැමදේම එහෙමයි...පඩයක් ගියත් FB දානවා...
තමන්ගේ නැති දෙයක් මවා පෑමක් තමා කරන්නේ ඕවයේ