eye dawase labapu athdekima ekka eduna machan me sinduwa ahaddiකරදිය ගැඹරේ
තුන්යම ගෙවුණේ
නුඹගේ දෑතට දිරිය වඩන්නයි
සුහුඹුල් අත් පා යදඬු කරන්නයි
කිරිකැටි පුතුනේ.. //
අව්වට වැගිරෙන දාඩිය වැස්සේ
කළුගල් කඩලා මහ මං තැනුවේ
නිවහල් ලොවකට නුඹට වඩින්නයි
කිරිකැටි පුතුනේ.. //
දුම්රොටු අතරේ කම්හල් ඇතුළේ
දැති රෝදෙට ගත ජීවය දුන්නේ
නව මිනිසෙකු නව ලොවට පුදන්නයි
කිරිකැටි පුතුනේ...
ගායනය :- එඩ්වඩ් ජයකොඩි
පද රචනය :- පේ‍්‍රමකුමාර ජයවර්ධන
සංගීතය :- රෝහණ වීරසිංහ











