උපාදියක් හදාරන්නට පෙර

Iintercooler

Well-known member
  • Jul 25, 2014
    2,593
    746
    113
    උපාදියක් හදාරන්නට පෙර

    ඔන්න ඉතින් මටත් හිතුන මන් දන්න දෙයක්., පොඩ්ඩක් අධ්‍යනය කරපු දෙයක් බෙදා හදා ගන්න කියල..

    හොමෝම කැමතිනේ හොදට ඉගෙන ගෙන ඒ ඉගෙන ගත්ත ප්‍රමාණයට ගැලපෙන හොද රැකියාවක් කරලා සල්ලි හම්බ කරන්න. එත් ගොඩක් අයට තමන් ඉගෙන ගත්ත තරමට ගැලපෙන රැකියාවක් ලැබෙනවා අඩුයි. එකට ගොඩක් කරුණු බලපානවා කියල තමයි මන් හිතන්නේ.

    1. තමන්ගේ හැකියාවට නොගැලපෙන දෙයක් ගැන වැඩිදුර අධ්‍යාපනය හැදෑරීම

    මේක ගොඩක් දෙනෙක්ට වෙන ප්‍රශ්නයක්.. ලංකාවේ වගේ උනත් වැඩියෙන් ලකුණු ගත්ත එක ගණිත හෝ ජීව ව්ද්‍යා දෙවනියට වැඩි ලකුණු ගත්තම වාණිජ වගේ වෙන් කරගෙන තියනවනේ,. තමන් කැමති අංශයට යන්ඩ අමාරුයි එතකොට.. තමන්ගේ හැකියාවන් හරියට හදුනා ගන්න පුළුවන් නම් කොච්චර ලකුණු ගන්න එක උනත් කළා අංශයට යනවා.

    මේ ප්‍රශ්නේ ගොඩක් දේවල් ඉත්න් අධ්‍යාපන ක්‍රමයත් එක්ක වෙනස් වෙන්න ඕනේ. ඕව අපිට කරන්න පුළුවන් වැඩ නෙමේනේ.

    හොදම දේ තමන් ඉගෙන ගෙන කරන්න බලාපොරොත්තු වෙන රැකියාවේ job description හොදට කියවන්න. මේ සේවකයාගේ සේවා ලාබියා බලාපොරොත්තු වෙන්නේ මොන වගේ දේවල් ද කියල හොද අවබෝදයක් මුලින්ම ලබා ගත්තනම් හොදයි.


    2. රැකියා ඉල්ලුවම ගැලපෙන දෙයක් ගැන ඉගෙන ගැනීම.

    මේකත් ගොඩක් විශේෂ දෙයක්. අපිට හැකියාව තිබ්බ පලියට අපි ඉගෙනගත්තට පටමල කරාට අපිට ඒවාට ගැලපෙන රැකියාවල් ලැබෙන්නේ නෑ ඒ රැකියා වලට ඉල්ලුම අඩු නම්. ඉතින් පටමලාවක් උපාදියක් හදාරන්න කලින් තමන්ගේ අනාගත බලාපොරොත්තු වලට ගැලපෙනවද ලංකාවේ රැකියා තියනවද., පිට රට වල රැකියා තියනවද? තියනව නම් ලංකාවේ අපිට ඒ රැකියා වලට ඉල්ලුම් කරන්න පුළුවන් ද වගේ දේවල් ගැන සැලකිලිමත් වෙන්ව නම් ගොඩක් හොදයි.

    එතකොට උපදිධරෙන්ට පාරේ වේලෙන්න වෙන්නේ න රැකියා ලබා දෙන්න කියල.

    මේවටත් ඉතින් රජයට මැදිහත් වෙලා මේ පුරප්පාඩු තියන තරමට පමණක් විශ්ව ව්ද්‍යාල වලට බදවගනිමට වගේ ක්‍රමයක් තිබ්බ නම් ගොඩක් අයගේ කලෙත් ඉතුරුයි මුදලුත් ඉතුරුයි.

    මේවත් ඉතින් අපිට කරන්න පුළුවන් වැඩ නෙමේනේ

    මේකටත් හොදම දේ තමයි කලින් කිව්වා වගේ තමන් ඉගෙන ගෙන කරන්න බලාපොරොත්තු වෙන රැකියාවේ job description, සුදුසුකම්, විශේෂ සුදුසුකම් ගැන හොදට කියවන්න. මේ සේවකයාගේ සේවා ලාබියා බලාපොරොත්තු වෙන්නේ මොන වගේ දේවල් ද කියල හොද අවබෝදයක් මුලින්ම ලබා ගත්තනම් හොදයි.


    3. හොදට කල්පනා කරලා තමන්ගේ හැකියාවන් වලට හරියන සහ රැකියා ඉල්ලුමට ගැලපෙන දෙයක් ගැන වැඩිදුර අධ්‍යාපනය ලබලත් ගොඩක් අය ගෙවල් වලට වෙලා ඉන්නවා දැකල ඇති


    මේකට ලොකුම හේතුව තමන්ව market කර ගන්න බැරි කම. නිකන් කඩේක බඩුවක් විකුනනව වගේ ටීවී එකේ දැන්වීම් දල රේඩියෝ එකේ දැන්වීම් දාල පත්තරේ දැන්වීම් දාල තමන් ව හොද ගානකට විකුණා ගන්න බැරි නම් වැඩක් වෙන්නේ නෑ.

    රජයේ රැකියා වලට ගොඩක් පන්දම් අනම් මනම් ඕනේ කියමුකෝ.., ඒවා නැත්නම් පුද්ගලික අංශයේ රැකියාවක් හොයා ගන්න විදිහ ගැන පොඩ්ඩක් හොයමු.

    ගොඩක් පුද්ගලික අංශයේ රැකියා දැන් නම් සමහර වෙබ් සයිට් වල දාල තියනවා. මේවා හරහා අයදුම් කරන්න පුළුවන් ඕනේ කෙනෙක් ට අයදුම් කරන්න පුළුවන් .

    හැබැයි ගොඩක් රැකියා වලට අයදුම් කරට සම්මුක සාකච්චාවකට කතා කරන්නේවත් නෑ. එකට ගොඩක් හේතු තියනවා. මන් පස්සේ වෙන thread එකක් දැන්නම් මේක ගැන සහ interview එකකට කොහොමද හොදට මුහුණ දෙන්නේ කියල.


    වැදගත් උනානම් bump එකක් දාගෙන යන්න අනිත් යටත් බලන්න.
     
    Last edited:

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,192
    1,880
    113
    මාතොට
    මචං ලංකාවේ තියෙන අනතුරුදායක,වැඩිය කට්ටිය යන්නැති,පඩි හොද,සුදුසුකම් වැඩිය ඕන නැති රස්සා මොනවද තියෙන්නේ:P:D
     

    Iintercooler

    Well-known member
  • Jul 25, 2014
    2,593
    746
    113
    මචං ලංකාවේ තියෙන අනතුරුදායක,වැඩිය කට්ටිය යන්නැති,පඩි හොද,සුදුසුකම් වැඩිය ඕන නැති රස්සා මොනවද තියෙන්නේ:P:D

    haha ekanam danne na mchn

    thread එකේ නම ගැලපෙන්නේ නෑ වගේ :dull::dull:
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,192
    1,880
    113
    මාතොට
    haha ekanam danne na mchn

    thread එකේ නම ගැලපෙන්නේ නෑ වගේ :dull::dull:

    නම අව්ලක් නෑ :):)මදැ මාත් ආවා මට ගැලපෙන රස්සාවක් හොයාගෙන :lol::lol:
    රස්සා දෙන්න එකෙක් වත් නැ !!
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මාකට් එකේ තියෙන ඉල්ලුම ගැන හිතලාම උපාධියක් කළා නම් විරැකියාව සෑහෙන්න අඩුකරගන්න පුළුවන්
     

    Iintercooler

    Well-known member
  • Jul 25, 2014
    2,593
    746
    113
    මටත් ඔය අවුල තියෙනවා බං, IT Dip එකක් කරලා Job එකක් කරලා නැවතුනාමයි දැන් කරන්න දෙයක් හිතාගන්න බැ :no: :(

    IT නම් මචන් jobs නැති වෙන්නෙ නෑ නේද.., degree ekak goda dagena kadda poddk hada gaththanm wena ratawal wala one tharan jobs thiyanwa
     

    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    IT නම් මචන් jobs නැති වෙන්නෙ නෑ නේද.., degree ekak goda dagena kadda poddk hada gaththanm wena ratawal wala one tharan jobs thiyanwa

    එකනම් ඇත්ත මචං එත් මං දැන් Dip එක කරලා 3years වෙනවා :) දැන් Age එක 25ක් දැන් Degree එකක් කලොත් Complete කරලා ඉවර වෙනකොට 29ක් වත් වෙයි අනේ මන්දා :dull: