මුස්ලිම්වරුන් ඇමරිකාවට ඇතුළුවීම මුළුමනින්ම සහ සම්පූර්ණයෙන්ම නතර කළ යුතු බව මෙවර ඇමෙරිකානු ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක ඩොනල්ඞ් ට්රම්ප් පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ කැලිෆෝනියා ප්රාන්තයේ අයි.එස් හිතවාදී මුස්ලිම් යුවලක් එල්ල කළ ප්රහාරයකින් පුද්ගලයන් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධිය පිළිබඳව අදහස් දක්වමින්.
රිපබ්ලිකන් අපේක්ෂකයා වැඩිදුරටත් සදහන් කළේ ඇමරිකානුවන් කෙරෙහි වෛරී හැගීමෙන් පසුවන මුස්ලිම්වරුන් රටේ පැවැත්ම අවදානමට ලක් කරන බවයි. කෙසේ නමුත්, ඩොනල්ඩ් ට්රම්ප්ගේ මෙම ප්රකාශය ධවල මන්දිරයේ දැඩි විවේචනයට ලක්වුණා. ජනාධිපති බැරැක් ඔබාමාගේ ප්රකාශකයෙකු සඳහන් කළේ එය ඇමරිකානු අගයන්ට පටහැනි ප්රකාශයක් බවයි.
හිරු
Last edited:
මූ කියල තියෙනවා මූට සල්ලි වැඩක් නෑ..සල්ලි මට තියෙනවා ඕන ජනාධිපතිකම විතරයි කියලා..මුගේ වත්කම ඩොලර් බිලියන 6 ක් ලු.




