CEPA ද්වීපාර්ශවික වෙළඳ ගිවිසුම

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,707
    12,740
    113
    CEPA ද්වීපාර්ශවික වෙළඳ ගිවිසුම

    WHAT IS CEPA? :baffled:or India-Sri Lanka Free Trade Agreement (ISLFTA) ඉෆ්තා :oo:

    ඉන්දියාව සමග ද්වීපාර්ශවික වෙළඳ ගිවිසුමක් අත්සන් කිරීමට නියමිතය.

    එබැවි්න් එම යෝජිත වෙළඳ ගිවිසුම පැහැදිලි ව වටහා ගනිමු.

    යම් පුද්ගලයින් දෙදෙනෙකු හෝ ආයතන 2ක් අතර වෙළදාම් කල හැක. එහිදී ලාභ හෝ අලාභ සිදු විය හැක. එමෙන්ම
    රටවල් 2ක් අතර වෙළදාම් කල හැක. එහිදිද ලාභ හෝ අලාභ සිදුවිය හැක.
    වෙළදාම් කල හැකි දෑ අනුව වෙළදාම් කොටස් 2කට බෙදිය හැක.
    1. භාණ්ඩ වෙළදාම් - පාරිභෝගික භාණ්ඩ, ඛණිජ තෙල්, ආහාර ද්‍රව්‍ය ආදි දෑ
    2. සේවා.වෙළදාම් - වෛද්‍ය, ගෘහනිර්මාණ වැනි වෘත්තිය සේවා. මැෂින් ඔපරේටර්, රුපලාවන්‍ය වැනි තාක්ෂණික සේවා,

    භාණ්ඩ මෙන් නොව සේවා වෙළදාම් අන්තර්ජාලය හරහාද කල හැක.

    දෙරටක් අතර වෙළඳාම් කිරීමේදී අංශ කිහිපයක් සැලකිය යුතුය. එනම්,

     මෙම රටෙහි නීතියට අනු ව භාණ්ඩ හෝ සේවා වෙළඳාම් කල හැකිද යන්න,
     ඒ රටේ බදු පනවන ආකාරය,
     වරාය හා ගුවන් තොටුපල වල තිඛෙන ක්‍රමවේදයන්

    ඒ පමණක් නොව එම රටේ ප්‍රතිපත්තිවලට, සංස්කෘතියට, සාමාජිය තත් ්වයට ගැලපෙන අයුරින් එය සි දු විය යුතුය.

    එබැවින්

    රටවල් අතර වෙළදාම් කිරිමේදි මේ කාරණා සම්පුර්ණ කර ගන්නා ක්‍රමවේදයන් ගණනාවක් ඇත.
    ලෝකයේ පවතින වෙළඳ ගිවිසුම් වර්ග:

    1. ඒකපාර්ශ්වික වෙළඳ ගිවිසුම්

    ශ්‍රි ලංකාවේ ආයෝජන මණ්ඩලය (BOI ආයතනය- ) විදේශ ආයෝජන ගෙන ඒමේදි ඉහත කාරණා වලින් සිදු විය හැකි බධා අඩු හෝ නැති කර ගනිමින් වෙළඳාම්කිරිමට පහසුකම් සලසයි. එවිට ඉන්දියානුවෙක් හෝ ඉන්දියානු සමාගමක් ලංකාවේ ව්‍යාපාර වල
    යෙදිය හැක. නමුත් ලංකාවේ නීති පද්ධතියට යටත්ව ඔවුන් කටයුතු කල යුතු ය. ශ්‍රි ලාංකිය පුරවැසියෙකුට එම වෙළදාමමෙන් අවැඩක් සිදු වේ නම් ලංකා අධිකරණය මගින් පිහිට ලබා ගැනිමට ශ්‍රි ලාංකියකුට ඇති අවකාශය ඉන් අහෝසි වී නැත.

    2. ද්විපාර්ශ්වික වෙළඳ ගිවිසුම්

    රටවල් දෙකක බලවතුන් එකඟවන කාරණා හමුවේ නිදහසේ ඉන්දියානුවෙකුට ශ්‍රි ලංකාවේත් , ශ්‍රි ලාංකිකයකුට ඉන්දියාවේත් වෙළඳාම් කිරිමට ඉඩසැලසේ . එහිදි එක් රටක අධිකරණයට තනි තීරණ ගත නොහැක. අදාල ගිවිසුමෙන් එක ඟවන්නාවු පරිදි ඒ රටවල් 2කම එකඟවන බේරුම්කරණයකට මිස තනි රටක අධිකරණයක පිහිට පැතිමට පුරවැසියකුට ඇති හැකියාව අහෝසි වනු ඇත.

    දැනට ලංකාව හා ඉන්දියාව අතර භාණ්ඩ වෙළඳ ගිවිසුමක් ඇත. 1998 වසරේ එවකට රජය සැලසුම් කරන ලදුව 2000 වසරේදී අත්සන් කල ඉන්දු ලංකා ද්විපාර්ශ්වික භාණ්ඩ වෙළඳ ගිවිසුම වසර ගණනක් ක්‍රියාත්මකව පවතිනමුත් එය භාණ්ඩ වලට සීමා වි ඇති නි සා සේවා වෙළඳාමකට ඉඩකඩ ලැබි නැත. එමගිවිසුමෙන් ලංකාවට දැඩි අලාභයක් සිදුවි ඇත.
    :baffled::baffled::baffled::baffled::baffled:

    :baffled::baffled:මෙවන් භාණ්ඩ ගිවිසුමෙන් අලාභයක් සිදු වි තිබියදි භාණ්ඩ හා සේවා ගිවිසුමකට අත්සන් කිරිමට යෝජිතය. එවන් ගිවිසුමකින් ලංකාවට සිදුවිය හැකි අගතිය ගැන විවිධ ක්ෂේත්‍රවල දැඩි නොසන්සුන්තාවයක් ඇති වි ඇත. :baffled::baffled:
    මෙම නොසන්සුන් තාවයට පහත හේතු බලපා ඇත.

    1. 1998 වසරේ අත්සන් කරන ලද භාණ්ඩ වෙළඳගිවිසුම නිසා ශ්‍රි ලංකාවට අත් වි ඇත්තේ අවාසි හා අලාභ පමණි. වෙළඳ ගිවිසුම සකස් කල ලංකාවේ නිලධාරින් හා දේශපාලනඥයින් ගොනාට ඇන්දවීමට ඉන්දියානු පිරිසට හැකි වි ඇති බව එහි ප්‍රතිඵල දෙස බැලිමේදි පැහැදිලිව පෙනී යයි. ලංකාවට ආර්ථීක වාසියක් අත්වී නැතත් ඉන්දියාවට විශාල ආර්ථීක වාසියක් අත් වි ඇත. ලංකාවට ආර්ථීක නොවන වාසියක්ද අත් වී නැත.

    2. භාණ්ඩගිවිසුම නිර්මාණය කල පිරිසම ඊට වඩා සංකිර්ණ භාණ්ඩ හා සේවා ගිවිසුම සකස් කිරිමට කටයුතු කිරිම දක්නට ඇත. එබැවින් ඔවුන් ඉන්දියානු ගැති පිරිසක් හෝ වෙනත් වාසි යක් ලබන පිරිසක් බව අපේ අදහසයි.

    3. භාණ්ඩ වෙළඳාමේදි හුවමාරු වන්නේ භෞතිකව ඇති වස්තූන්ය. නමුත් සේවා වෙළඳාම භෞතික වශයෙන් නිර්ණය කිරීමට අපහසුමුත් ඉතා ලාභදායි ව්‍යාපාරයන්ය.

    උදාහරණ
    1. X Ray වාර්තා කිරිම අන්තර්ජාලය හරහා ඉන්දියානු වෛද්‍යවරුන්ට කල හැක. එබැවින් ඉන්දියානුවන් භෞතිකව ලංකාවට පැමිණිම අත්‍යාවශ්‍ය නොවේ.

    2. නීති ක්ෂේත්‍රයේ උසාවියට යොමු වන්නේ නීති කටයුතු අල්පයක් පමණි.
    උදා·- වානිජ සමාගම් වල ගිවිසුම් නීති කෙටුම් පත් සැකසීම නීති විශ්ලේෂණය කිරීම, වානිජ වශයෙන් හුවමාරු වන ලිපි වල නීතිමය තත්ත්වයන් නීරීක්ෂණය කිරීම සඳහා උසාවියේ පෙනී සිටිම අත්‍යවශ්‍ය නොවේ. එවැනි කටයුතු සඳහා ඉන්දියානු නීතිඥවරුන් කොන්ත්‍රාත් ගනු ඇත.

    3. ගෘහ නිර්මාණශිල්පිය පමණක් නොව අනිකුත් තාක්ෂණික ක්ෂේත්‍රවල සේවාවන් ද තොරතුරු තාක්ෂණය හරහා අඩු මුදලට ලබා දෙනු ඇත.

    4. ඉන්දියාව ජනගහණය හා විරැකියාව ඉහල රටකි. ලංකාවේ ඉංජිනේරුවන් වසරකට 2000ක් නිපදවන විට ඉන්දියාව ඉංජිනේරුවන් ලක්ෂ 15:sorry::sorry: ක් නිපදවයි. තවද සමාජ මට්ටම් අතරද විශාල පරතරයක් ඇත. එබැවින් සේවා වෙළදාමේදි සම අවස්ථා ලංකාවට නොලැඛෙනු ඇත.

    5. හෙජින් ගිවිසුම බොහෝ අය සිතා සිටින්නේ ආණ්ඩුවක් මාරු වු විට රටවල් අතර අත්සන් කරන ලද වෙළඳ ගිවිසුම් අහෝසි වන බවයි. නමුත්, එය වැරදි අදහසකි. 1998 ඉන්දියාව සමග අත්සන් කළ භාණ්ඩ වෙළඳ ගිවිසුම අදටත් වලංගුය. :sorry::sorry: 1998 සිට කිහිප වරක් ආණ්ඩු මාරු වුවද වෙළඳ ගිවිසුම එළෙසම පවති. එය සංශෝධන කළ හැක්කේ බේරුම්කරණ මණ්ඩලයක් හරහා පමණි. එය රටේ අධිකරණ සීමා වෙන් ඔබ්බට ගිය කාරණයකි. එබැවින් භාණ්ඩ ගිවිසුම ඛෙහෙවින් පාඩු ලබද්දී, සේවා ගිවිසුමක්ද විවෘත කිරීම දැන දැනම අමාරුවේ වැටීමක් විය හැක.
    හෙජින් ගිවිසුම සකස් කිරිමට පසු ගිය රජය ලංකා නියෝජිතයා ලෙස ක්‍රිඩකයෙක් යැව් බව ඔබට මතක ඇත. :oo: එහෙත් ඒ සාකච්ඡාව සඳහා අදාල බැංකුවෙන් සහභාගිවුයේ එවන් ක්‍රී ඩකයෙක් නොවේ. ඒ වෙනුවට හෙජින් ගැන :rolleyes: ඉතා ඉහළ දැනුම් තේරුම් ඇති පිරිස් බැංකුව වෙනුවෙන් සාකච්ඡාවට පැමිණියහ. බැංකුවේ යෝජනා තේරුම් ගැනීමට තරම්වත් බු ද්ධියක් නැති අප රටේ නියෝජිත පිරිස හෙජින් ගැටයට අසු විය. ඊට පසු ආණ්ඩු මාරුවක් සිදු වුවත් , එම අවාසිය ආපසු හරවා ගැනීමට නොහැකි විය. අවාසි වු මුදල විශාලය. එය ලංකාවේ සියලු දෙනාට වසර ගණනක් සඳහා තරු පහේ හෝටලයකින් තුන්ෙවිල සැපයීමට තරම් ප්‍රමාණවත් ය. ඒ අනුව රජයක් ගන්නා වැරදිි තීරණ නිසා වන්දි ගෙවන්නට සිදු වන්නේ මහජනතාවටය.
    ආණ්ඩු මාරු වුනත් මේ වලෙන් ගොඩ ඒමට අධිකරණයේ පි හිට වලංගු නැත. බේරුම් කරණය සඳහා නීතිඥ හා තාක් ෂණික දැනුම සඳහා විදේශ පිරිස් පිනවීමට ලංකාවට සිදු විය. එබැවින් අත්සන් කිරීමට පළමු කෙතරම් දුර දිග සි තා බැලිය යුතු ද යන්නත් ඒ සඳහා අවශ්‍ය තාක්ෂණික දැනුම කෙතරම් තිබේද යන්නත් කල් තියා සොයා බැලිය යුතුය. මේ කිසිදු කාරණයක් ගැන ප්‍රමාණවත් ප්‍රවීණතාවයක් නැති පිරිස් කරන අත්හදා බැලී ම් වලට වන්දි
    ගෙවන්නට සිදු වන්නේ අපට හා අනාගත පරපුරටය.

    6. පාරදෘෂ්‍යභාවය හා ස්ථාවරභාවයක් නැතිකම
    මෙම ගිවිසුම ඉතා වැදගත් හා තීරණාත්මක ලියවිල්ලක් බව කරුවුරුත් දනී. එනමුත් මෙම ලියවිල්ල රහසිගතය.
    මහජනතාව හෝ වෘත්තිකයන් ළඟ මෙහි පිටපත් නැත. තොරතුරු දැනගැනීමේ අයිතිය ඉල්ලා සිටින මාධ්‍යවේදීන් සතුවද මෙහි පිටපත් නැත. එපමණක් නොව බොහෝ ඇමතිවරු හා මන්ත්‍රී වරුන් මෙම ගි විසුම දැක නැත.
    දේශපාලඥයින් විවිධ අවස්ථා වල පරස් පර මත පල කිරිමේන් මහජනතාව වික්ෂිප්ත වි ඇත. මෙවන් වැදගත් ගිවිසුමක් පිළිබද පාරදෘෂ්‍යභාවයක් හා ස්ථාවරභාවයක් නැත.

    7. අන්තර්ජාතික වෙළදාම සම්බන්ධ ජාතික ප්‍රතිපත්තිය ශ්‍රි ලංකාවට නැත.
    ශ්‍රි ලාංකිකයන්ගේ අනන්‍යතාවය හා සුරක්ෂිතභාවය ආරක්ෂා කර ගනිමින් වෙළඳ ගිවිසුම් නිර්මාණ කිරීම සඳහා රට පිළිගත් පසුබිමක් ශ්‍රි ලංකාවේ නැත. අන් රටවල වෙළඳ ගිවිසුම් සඳහා ජාතික ප්‍රතිපත්තියක් මගින් රට වැසියන් ආරක්ෂා කෙරේ. මේ තත්ත්වය ප්‍රයෝජනයට ගෙන එක්තරා පිරිසක් වෙළද ගිවිසුම් නිර්මාණය කරයි. තමන් ආර්ථීකය පිළිබද විද්වතුන් බව ඔවු න් ප්‍රකාශ කරයි. ලංකාවට වාසි අත්වන බව ඔවුන් ප්‍රකාශ කරයි. ඒ සදහා සාක්ෂි ඉදිරිපත් නොකරයි. ඔවුන් සිතˆ දෑ ප්‍රකාශ කරයි. මේ පිරිස දෙශපාලනඥයින්ට හා රජයේ අමාත්‍යංශ වලට
    උපදේශන සලසයි. ඔවුන්ගේ විස්තර සොයා බැලිමේදි පැහැදිලි වන්නේ ඔවුන් ව්‍යාපාරිකයින් බවයි. අනික් පිරිස විවිධ රාජ්‍ය නොවන සංවිධාන වල තනතුරු වලින් යැපෙන පිරිස්ය. මොවුන් දක්ෂ අයුරින් දේශපාලඥයි න් ඔවුන්ගේ මතයට ග්‍රහනය කරගෙන ඇත. අවසානයේ එදා මෙදා තුර රටට ආදරේ ඇති යමක් නොකල පිරිස ජය අරගෙන ඇති බව දක්නට ඇත.

    මෙය සිතˆ වැඩපිළිවෙලක් වන්නේ ඒ නිසාය.

    එවැන්නකින්ම වසර ගණනකට පෙර බිහි වු භාණ්ඩ ගිවිසුමෙන් දිගින් දිගටම අප රට අලාභ
    ලබද්දී සේවා ගිවිසුම භාවිතා කර එම අලාභයන් තවත් පුලුල් කර දීමට මේ පිරිස් කටයුතු
    කරන්නේ කාගේ වුවමනාවකටද?
    මෙය ඔබේත් මගේත් අනාගතයයි
    :angry::angry:
    To understand what it is, one should look at the present Free Trade agreement between Sri Lanka and India.

    http://www.cepaepa.com/what-is-cepa/

    දැන් ඉතින් දෙපැත්තට බෙදිලා මරාගනිවූ :sorry::sorry:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    දැන් ඉතින් දෙපැත්තට බෙදිලා මරාගනිවූ

    kohomath lankawak kiyala deyak ithuru wena ekak na thawa awurdu 10kin
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    මරා ගන්න දෙයක් නැ බොලව් ඕක අත්සන් කරහම රස්සාවල් නැතිව හිගා කන්න වෙයි සිංහලුන්ට ..

    දැනට ජොබ් කරන උන්ට පඩි වැඩි වෙන එකක් නැ උබලගේ පඩියෙන් කාලකට වැඩ කරන්න ඉන්දියන් උන් ගෙන්න ගනී .

    ඔය මුලින්ම දැනෙන සැප විතරයි .තව බොහෝ තියනවා :dull:

    අපේ පොන්න නායකයෝ ලංකාව නෙමේ දියුණු කරන්න හදන්නේ වෙන රටවල් :frown::growl:

    කොල්ලෝ කෙල්ලන්ට රස්සා නම් හොයනවා බොරු ඉස්සරහට මේක අත්සන් කලොත් ..
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    oya kiyana thram lesiyen oka karanne naban ...apita paduyi oka ,,waasi ganna amaruyi ,habayi ...onema dekin wasi ganna puluwan ,eth api ekata sudanm na
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    oya kiyana thram lesiyen oka karanne naban ...apita paduyi oka ,,waasi ganna amaruyi ,habayi ...onema dekin wasi ganna puluwan ,eth api ekata sudanm na

    ගොඩක් දෙනෙක් ඔහොම කියල හිත හදාගත්තට ඇත්ත එක නමේ මචන්..

    දැනටමත් ඕකට අවශ්‍ය දේවල් කරමින් ඉන්නේ :sorry:

    වාසි ඉන්දියාවට .අපිට ඇති ලබ්බක් නැ .කොටින්ම උන්ගේ විරැකියාව අපෙන් පිරිමහගන්නවා ..
    ඊට අමතරව ලංකාවේ තේ කඩන්න සුද්දෝ ගෙනාපු දෙමල උන් අපේ රටට මහා විනාසයක් කරලා තාමත් ලංකාවේ නිජබිම් ඉල්ලනවා .
    ඕකෙන් මෙහෙ එන උන් උබ හිතනවද ලංකාව දාල යයි කියල ..:angry:

    සිංහලු සුළුතරය කිරීමේ ඉක්මන් ක්‍රමයක් මේක ...
    ඉන්දියන් කාරයෝ කොහේ ගියත් එරටින් යන්නේ නම් නැ .කොටින්ම මැදපෙරදිග රටවල් මුන්ට වීස දෙන එක සීමා කරලා තියෙන්නේ .
    ඉතින් උන් දැන් ලංකාවේ පැලපදියම් වෙන්න මේක ඉනිමගක් .:angry:

    තව තියෙනවා ඔකේ .උන් පොදු මුදල් ඒකකයක් යෝජනා කරනවා .හැබැයි සල්ලි අච්චු ගහන්නේ ඉන්දියාවේ විතරයි ..:lol:

    උන්ට ඕනේ වුනාම සල්ලි ගහයි .අපි උන්ගේ බර අදියි .
    ගොඩක් දේවල් තියෙනවා .එත් කියලා වැඩක් නැ .අපේ මොට්ටයන්ට තේරෙන්නේ නැ .එක්කෝ දේශපාලනේ නිසා බීරො ගොළුවෝ වගේ ඉන්නවා :sorry:
     
    anjuhiru

    Member
    Aug 11, 2009
    695
    51
    0
    aparade meka sinhalayata jeewath wenna ape kiyala tibba ekama rata..ekat me ponila awit nati kala.... dan rata indiyawatama deepan....oya agamathi kama deepan lamayekuta
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    oya kiyana thram lesiyen oka karanne naban ...apita paduyi oka ,,waasi ganna amaruyi ,habayi ...onema dekin wasi ganna puluwan ,eth api ekata sudanm na

    රනිල් කියන්නේ සත පහකට ශුවර් කරන්න බැරි එකෙක්.ඕකා තව අවුරුදු කීපයකින් මැරිලා යයි.අපි එපැයි ජීවත් වෙන්න.
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මහා විනාශයක පෙරනිමිති අතලග....
    පියන් කෙනෙක් ගන්න තියපු ඉන්ටර්විව් එකට පීඑච් ඩී කාරයොත් එන රටක් ඉන්දියාව කියන්නේ..
    ගිවිසුමත් එක්ක අපිට අබ සරණ තමයි....
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මොකක්ද මේ ආණුඩුව ඉන්දියාවට මේ තරම් බයාදු වෙන්න හේතුව?
    ඇයි මේකට කෙලින්ම විරැද්ධ වෙන්න බැරි...
    වෙනසක් කරනවා කිව්වේ මේකටද?
    විධායක බලතල තියන් ඉන්න හිටන් පඔයෙකුටත් අන්තයි....
    ආර්ථිකය ඉන්දියාවට...
    ආරක්ෂාව බ්‍රිතාන්‍යට
    ඉතුරැ ටික නෝර්වෙට...
    හැදි ගැවිලාම යන්න එපැයි මුන්....
     
    sheldoncooper

    Member
    Aug 3, 2015
    14
    1
    3
    Colombo
    දැන් කියන හැටියට අපි සීපා අත්සන් කරන්නෙ නැහැලු. හැබැයි වෙන නමකින් මේ වැඩේම සිද්ද වෙනවා.

    මේ තියෙන්නෙ රනිල් 9/12 පාර්ලිමේන්තුවේ කරපු කතාව.
    https://www.facebook.com/ranil.wickremesinghe.leader/posts/708835012549341
    සීපා ගිවිසුම වෙනුවට ආර්ථික හා තාක්ෂණ ගිවිසුමක් අත්සන් කළ යුතු බවට අප තීරණය කළේ ඒ සාකච්ඡාවලදීයි. ඉන්දීය අගමැති මෝදි මහතා ලංකාවට පැමිණි අවස්ථාවේදීත් අප මේ ගැන සාකච්ඡා පැවැත්වූවා. මගේ ඉන්දීය සංචාරයේදීත් අප මේ ගැන සාකච්ඡා කළා. අප එහිදී කියා සිටියේ අපේ ගිවිසුම භාණ්ඩ, බැංකු, වෙළඳාම, IT, තාක්ෂණ වැනි ක්ෂේත්‍ර සඳහා පමණක් විය යුතු බවයි. වෘත්තීය සේවාවන් සඳහා එය වලංගු නොවිය යුතු බව අපගේ මතය වුණා.
    මේකෙ හැටියට Professional Services (උදා වෙෙද්‍ය, ඉංජිනේරු, වැනි කිහිපයක්) හැර අනිත් ක්ෂේත්‍ර වලට ගිවිසුම් ගහන්න යන්නෙ.. වෙන රටවල හෝ ඔන්ලයින් වැඩ කරල තියෙන හැමෝම දන්නව ඉන්දියන් කාරයො industry පිටින් වට්ටනව කියල. විශේෂයෙන් IT, Construction, Engineering services, Accounting, Marketing වලදි ලංකාව අැතුලෙ ගෙවන සාමාන්‍ය පඩිය වගේ 1/4 කට විතර උන් වැඩ කරන්නෙ. අනික උන් හැම එකෙක්ටම අඩුම ගානෙ Masters වෙනකන් වත් qualifications තියෙනවා. ඒව කොච්චර වලංගුද නැද්ද කියන ඒක වෙන කතාවක්.

    සාපේක්ෂව වඩා ලාභ උනත් පිටරට අායෝජන ගොඩක් (විශේෂයෙන් සේවා අාශ්‍රිතව අායතන වල outsourcing වැඩ) ඉන්දියා, පකිස්ථාන් වලට නොයා ලංකාවට එන්නෙ වැඩ කොලිටි නිසා. මුන් අාවොතින් ඒක එහෙම් පිටින්ම නැතිවෙනව. අපිට ඉතාම අඩු පඩියට වැඩ කරන්න වෙන හෝ බොහෝ විට ජොබ් නැති වෙන තත්ත්වයක් එන්නෙ. කට්ටිය කිව්වට මේක වෙන්නෙ නැහැ කියල, පුද්ගලිකව සම්බන්ධතා කිහිපයක් නිසා මම දන්නව ගිවිසුම ගහන්න දැනටත් 90% විතර පසුබිම හැදිල තියෙනව තියල.

    වැදගත්: දැන් වැඩේ වෙලා ඉවරයි. කොල, නිල්, රතු ගොං පාට්/ බණ පැත්තක තියල, මේකට විරුද්ද වෙන්න මොනව හරි කරන්න වෙනවා. අපේ උන් හරි අාසයිනෙ "දැක්කනෙ අපි ඕක කලින් කිව්වනෙ" වගේ රිසිවර ටෝක්ස් දෙන්න, රටටම කෙල උන්ත් කමක් නැහැ තමන් හරි කියල අනිත් එකාට ඔප්පු කරන්න පුළුවන් නම්.
    එකක් තේරුම් ගන්න ඕන, අපි අපි බෙදිල රණ්ඩු වෙන්න ගත්තොත් ඒකෙන් වාසි වෙන්නෙත් මේ වැඩේ කරන්න හදන උන්ට. චන්දෙ දුන්නු නුදුන්නු කිසි කියල වෙනසක් නැහැ, මුළු ලංකාවටම කෙල වෙන මේ වගේ වැඩක් වෙනව කියල දන්නවනම් මම හිතන්නෙ නැහැ කිසි කෙනෙක් මුන්ව පාර්ලිමේන්තු යවයි කියල.

    ප.ලි. මේකෙ topic එක දැකල ගාෙඩක් උන් කියවන්නෙ නැති වෙයි. ශෙයා බම්ප් පාරක් දීපල්ල පුළු පුළුවං හැටියට.
     
    Last edited:
    • Like
    Reactions: Sri_Sampath

    pdnaclk

    Active member
  • May 29, 2011
    556
    60
    28
    දැන් කියන හැටියට අපි සීපා අත්සන් කරන්නෙ නැහැලු. හැබැයි වෙන නමකින් මේ වැඩේම සිද්ද වෙනවා.

    මෙි තියෙන්නෙ රනිල් 9/12 පාර්ලිමේන්තුවේ කරපු කතාව.
    https://www.facebook.com/ranil.wickremesinghe.leader/posts/708835012549341

    මේකෙ හැටියට Professional Services (උදා වෙෙද්‍ය, ඉංජිනේරු, වැනි කිහිපයක්) හැර අනිත් ක්ෂේත්‍ර වලට ගිවිසුම් ගහන්න යන්නෙ.. වෙන රටවල හෝ ඔන්ලයින් වැඩ කරල තියෙන හැමෝම දන්නව ඉන්දියන් කාරයො industry පිටින් වට්ටනව කියල. විශේෂයෙන් IT, Construction, Engineering services, Accounting, Marketing වලදි ලංකාව අැතුලෙ ගෙවන සාමාන්‍ය පඩිය වගේ 1/4 කට විතර උන් වැඩ කරන්නෙ. අනික උන් හැම එකෙක්ටම අඩුම ගානෙ Masters වෙනකන් වත් qualifications තියෙනවා. ඒව කොච්චර වලංගුද නැද්ද කියන ඒක වෙන කතාවක්.

    දැනට ලංකාවට ගොඩක් පිටරට අායෝජන එන්නෙ වැඩ කොලිටි නිසා. මුන් අාවොතින් ඒක එහෙම් පිටින්ම නැතිවෙනව. අපිට ඉතාම අඩු පඩියට වැඩ කරන්න වෙන හෝ බොහෝ විට ජොබ් නැති වෙන තත්ත්වයක් එන්නෙ. කට්ටිය කිව්වට මේක වෙන්නෙ නැහැ කියල, පුද්ගලිකව සම්බන්ධතා කිහිපයක් නිසා මම දන්නව ගිවිසුම ගහන්න දැනටත් 90% විතර පසුබිම හැදිල තියෙනව තියල.

    වැදගත්: දැන් වැඩේ වෙලා ඉවරයි. කොල, නිල්, රතු ගොං පාට්/ බණ පැත්තක තියල, මේකට විරුද්ද වෙන්න මොනව හරි කරන්න වෙනවා. අපේ උන් හරි අාසයිනෙ "දැක්කනෙ අපි ඕක කලින් කිව්වනෙ" වගේ රිසිවර ටෝක්ස් දෙන්න, රටටම කෙල උන්ත් කමක් නැහැ තමන් හරි කියල අනිත් එකාට ඔප්පු කරන්න පුළුවන් නම්.
    එකක් තේරුම් ගන්න ඕන, අපි අපි බෙදිල රණ්ඩු වෙන්න ගත්තොත් ඒකෙන් වාසි වෙන්නෙත් මේ වැඩේ කරන්න හදන උන්ට. චන්දෙ දුන්නු නුදුන්නු කිසි කියල වෙනසක් නැහැ, මුළු ලංකාවටම කෙල වෙන මේ වගේ වැඩක් වෙනව කියල දන්නවනම් මම හිතන්නෙ නැහැ කිසි කෙනෙක් මුන්ව පාර්ලිමේන්තු යවයි කියල.

    සහතික ඇත්ත වැඩේ කියන්නේ අපේ ගොන් නාම්බෝන්ට ඔය ටික තේරුම් කරලා දෙන එක ලේසි වෙන්නේ නම් න. පාලකයෝන්ට කොච්චර කිව්වත් උන් කරන්නෙම ගොනා වැඩ. අනේ මන්ද අපිටත් මේවා බලාගෙන ඉඳ තමා වෙලා තියෙන්නේ. කිසිම දේශපාලකයෙක්ට මේ රටට යහපතක් කරන්ඩ අවංක අවශ්‍යතාවක් නැත.:confused::cool:
     
    pissubuwa

    Member
    Feb 22, 2011
    15
    1
    0
    bump

    දැන් කියන හැටියට අපි සීපා අත්සන් කරන්නෙ නැහැලු. හැබැයි වෙන නමකින් මේ වැඩේම සිද්ද වෙනවා.

    මේ තියෙන්නෙ රනිල් 9/12 පාර්ලිමේන්තුවේ කරපු කතාව.
    https://www.facebook.com/ranil.wickremesinghe.leader/posts/708835012549341

    මේකෙ හැටියට Professional Services (උදා වෙෙද්‍ය, ඉංජිනේරු, වැනි කිහිපයක්) හැර අනිත් ක්ෂේත්‍ර වලට ගිවිසුම් ගහන්න යන්නෙ.. වෙන රටවල හෝ ඔන්ලයින් වැඩ කරල තියෙන හැමෝම දන්නව ඉන්දියන් කාරයො industry පිටින් වට්ටනව කියල. විශේෂයෙන් IT, Construction, Engineering services, Accounting, Marketing වලදි ලංකාව අැතුලෙ ගෙවන සාමාන්‍ය පඩිය වගේ 1/4 කට විතර උන් වැඩ කරන්නෙ. අනික උන් හැම එකෙක්ටම අඩුම ගානෙ Masters වෙනකන් වත් qualifications තියෙනවා. ඒව කොච්චර වලංගුද නැද්ද කියන ඒක වෙන කතාවක්.

    සාපේක්ෂව වඩා ලාභ උනත් පිටරට අායෝජන ගොඩක් (විශේෂයෙන් සේවා අාශ්‍රිතව අායතන වල outsourcing වැඩ) ඉන්දියා, පකිස්ථාන් වලට නොයා ලංකාවට එන්නෙ වැඩ කොලිටි නිසා. මුන් අාවොතින් ඒක එහෙම් පිටින්ම නැතිවෙනව. අපිට ඉතාම අඩු පඩියට වැඩ කරන්න වෙන හෝ බොහෝ විට ජොබ් නැති වෙන තත්ත්වයක් එන්නෙ. කට්ටිය කිව්වට මේක වෙන්නෙ නැහැ කියල, පුද්ගලිකව සම්බන්ධතා කිහිපයක් නිසා මම දන්නව ගිවිසුම ගහන්න දැනටත් 90% විතර පසුබිම හැදිල තියෙනව තියල.

    වැදගත්: දැන් වැඩේ වෙලා ඉවරයි. කොල, නිල්, රතු ගොං පාට්/ බණ පැත්තක තියල, මේකට විරුද්ද වෙන්න මොනව හරි කරන්න වෙනවා. අපේ උන් හරි අාසයිනෙ "දැක්කනෙ අපි ඕක කලින් කිව්වනෙ" වගේ රිසිවර ටෝක්ස් දෙන්න, රටටම කෙල උන්ත් කමක් නැහැ තමන් හරි කියල අනිත් එකාට ඔප්පු කරන්න පුළුවන් නම්.
    එකක් තේරුම් ගන්න ඕන, අපි අපි බෙදිල රණ්ඩු වෙන්න ගත්තොත් ඒකෙන් වාසි වෙන්නෙත් මේ වැඩේ කරන්න හදන උන්ට. චන්දෙ දුන්නු නුදුන්නු කිසි කියල වෙනසක් නැහැ, මුළු ලංකාවටම කෙල වෙන මේ වගේ වැඩක් වෙනව කියල දන්නවනම් මම හිතන්නෙ නැහැ කිසි කෙනෙක් මුන්ව පාර්ලිමේන්තු යවයි කියල.

    ප.ලි. මේකෙ topic එක දැකල ගාෙඩක් උන් කියවන්නෙ නැති වෙයි. ශෙයා බම්ප් පාරක් දීපල්ල පුළු පුළුවං හැටියට.
     
    sheldoncooper

    Member
    Aug 3, 2015
    14
    1
    3
    Colombo
    අපි සද්ද නැතුව හිටියොත් නෙ මචං. ක්‍රිකට් මැච් එකක් වගේ එහෙම ලේසියෙන් අමකත කරල හිත හදාගන්න පුළුවන් එකක් නෙවෙයි මේක. කිසි දෙයක් කරන්නෙ නැතුව හිටියොත් කෙල වෙනව.
    මොන area එකේ හිටියත් හැම එකාටම කෙල වෙන ගිවිසුමක්. ගැහුවට පස්සෙ ඉතින් දුක් වෙලා වැඩක් නැහැ. පනතක් වගේ නෙවෙයි රටවල් දෙකක් අතර වෙන ගිවිසුමක් ලේසියන් අාපස්සට ගන්න බැහැ.

    මට හිතාගන්න බැරි ඔක්කොම ලොරි ටෝක්ස් දීල අාර්ථික සංවර්ධනය ගැන; හැමෝටම තේරෙන බේසික් දේවල් වල අැනගන්නෙ අැයි කියල. අපි බලන්න ඔ්න විදේශ විනිමය මෙහෙට ගේන්න, රැකියා වැඩි කරන්න. මෙහෙ උන්ටත් ජොබ් නැතුව ඉද්දි, තියෙන අවස්ථා ටිකයි, රට අැතුලෙ උපයන සල්ලි ටිකයි පිටරටට දෙක එක නෙවයි.

    උන්ට ජය අපිට පරාජය