සිත ඔබ පාමුල රඳවා
බිදී සෙනහස ගිනි උහුලා
අහිමි විජිතයෙන් සමුගෙන යන්නම්
ඔබට සෝ තැවුල් නොමවේවා...................
ඇසුරු සැණක් වූ රුසිරු අතීතය
සිහිනෙන් ගෑ මුදු සුවදක් සේ
සදා රැදේවා ...ඔබේ ලොවේ..............
ඔබට පිදුම් වූ සිතක විරාගය
කැටපත් පවුරක ගීයක් සේ
සදා රැදේවා .....ඔබේ හදේ...........



ප්‍රේමකීර්ති ද අල්විස් නම් අසහාය ගේය පද රචකයා ලාංකීය සංගීතයට දායක කරපු තවත් අලංකාර ගීතයක් මේ. තනි තරුවේ ගීතය ලියන්නට පසුබිම් උන සිදුවීම වික්ටර් රත්නායකයන් පවසන පරිදි මෙසේය. දිනක් වික්ටර් රත්නායකයන් තම සමීප මිතුරකු වන ප්‍රේමකීර්ති හා තවත් සංගීත ක්ෂේත්රයට සම්බන්ධ පිරිසක් සමග මුහුදු වෙරල ආසන්නයේ විවේකීව සැන්දෑ සාමය ගත කර තිබෙනවා. මුහුදු වෙරළේ වැතිරිලා සිටිය ප්‍රේමකීර්ති සවස් අහසේ පායාගෙන එන දීප්තිමත් තරුවක් දිහා බලාගෙන ඉඳල එක වරම 'තනි තරුවේ' කියල කෑ ගහල තියෙනවා.
ප්‍රේමකීර්ති ද අල්විස්
අහසේ තනි තරුව දැකීමත් සමග ඔහුගේ සිතට නැගුනු සිතුවිලි සමුදාය ගීයකට පබන්දුනේ ඉන් පසුවයි. වික්ටර් රත්නායකයන්ගේ සංගීතයෙන් හා ගායනයෙන් අලංකාර වී අපට අසන්න ලැබෙන මේ ගීතයෙන් කියවෙන දේ ගැන අපට විවිධාකාරයෙන් අදහස් පලකළ හැකියි. ඇත්තටම මෙයින් කියවෙන තනි තරුව උපමා කරන්නේ කාටද? එය තීරණය කිරීම ගීතයා අසන අපටම බාර වූවක්. කෙසේ වුවත් කිසිදා ලං විය නොහැකි දෙදෙනෙකු පිළිබඳව කියවෙන බව පැහැදිලියි. සංගීත නිර්මාණයද පද පෙළෙහි අරුත වඩා වඩාත් හදවතට ලන්කරවන්නක්. වචන වලින් කිව නොහැකි වූ බොහෝ දේ එම සංගීත සංකලනය තුලින් ශ්‍රාවක සිතට දැනෙන බව ගීතයට ප්‍රිය කරන සැවොම පිළිගන්නවා ඇති.







දීපිකා ප්‍රියදර්ශනී පීරිස් විසින් ගායන කරනු ලබන "සිත ඔබ පාමුල රදවා"ගීතය විරහව තම හදවතින්ම විද දරාගන්නා පෙම්වතියකගේ සිතුවිලි ඔබට කියා දෙයි.
ඇය තමා හැර ගිය ඔහුට ශාප කරන්නේ නැත.එය තමාගේ දෛවයේ තමාට හිමි දෙයක් ලෙස ඇය දකියි.
එය ඔහුගේ වරදක් හෝ අඩු පාඩුවක් ලෙස ඇය නොසිතයි.මේ නිසා තමාට කුමක් වුවත් හැර ගිය ඔහුට මුළු සිතින්ම ජය පතයි.
තමාට දුක දී හැර ගිය ඔහු දෙස ඉතා මානුෂික ඇසකින් බලන ඇය,ඔහු ගේ ලෝකයෙන් ඔහුගේ විජිතයෙන් සදහටම වෙන්ව යයි...
මෙය රචනා කොට ඇත්තේ කුලරත්න ආරියවංශශයන් විසිනි.ඔහුගේ හැකියාවන් පිලිබදව අමුතුවෙන් කතා කල යුතු නැත.
මෙහි සංගීතය සිදු කොට ඇත්තේ රෝහණ වීරසිංහයන් විසිනි.ගීතයේ හෘදයාංගම බව තව තවත් වැඩි කිරීමට ඔහුගේ සංගීත භාවිතය ඉවහල් වී ඇති බව අමුතුවෙන් කිව යුතු නැති බව ගීතය අසද්දී ඔබට පසක් වනු ඇත.


තරහ ගන්න එප සියෙ තව ටිකක් නාකි වෙයි...![]()
Man kiyanna hithuwade Thilinama kiyala![]()
දීපිකා ප්‍රියදර්ශනී පීරිස් විසින් ගායන කරනු ලබන "සිත ඔබ පාමුල රදවා"ගීතය විරහව තම හදවතින්ම විද දරාගන්නා පෙම්වතියකගේ සිතුවිලි ඔබට කියා දෙයි.
ada kalenm harima adu pirisak inneissara kale ehenm mehema ganu lamai indala thiyenwaada kalenm harima adu pirisak inne
Oaayane naaki wenne ithinඅහ් ඇත්තද, බලාගෙන නකි වෙයි මෙතන


එහෙනන් කෝට් කලෙ...RePost බුවා;19444856 said:
උබටත් කිවේ නම් නැ හැබැයි...
අවුලක් නැ ඉතින් මොනවා කරන්නද?
උබව කලින් දැකල නෑනෙ...
![]()

ප්‍රේමකිර්ති ද අල්විස් මහත්මයාගේ නිර්මාණ එකතුව ගැන අලූතෙන් වෙබ් අඩවියක් මෑතකදි ජනාධිපතිතුමා විවෘත කලා
http://www.premakeerthidealwis.org/
![]()