2015 Dec -18- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Bad Cop

Well-known member
  • Jun 9, 2014
    7,529
    907
    113
    ගම්පහ
    සිත ඔබ පාමුල රඳවා
    බිදී සෙනහස ගිනි උහුලා
    අහිමි විජිතයෙන් සමුගෙන යන්නම්
    ඔබට සෝ තැවුල් නොමවේවා...................


    ඇසුරු සැණක් වූ රුසිරු අතීතය
    සිහිනෙන් ගෑ මුදු සුවදක් සේ
    සදා රැදේවා ...ඔබේ ලොවේ..............


    ඔබට පිදුම් වූ සිතක විරාගය
    කැටපත් පවුරක ගීයක් සේ
    සදා රැදේවා .....ඔබේ හදේ...........
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    සිත ඔබ පාමුල රඳවා
    බිදී සෙනහස ගිනි උහුලා
    අහිමි විජිතයෙන් සමුගෙන යන්නම්
    ඔබට සෝ තැවුල් නොමවේවා...................


    ඇසුරු සැණක් වූ රුසිරු අතීතය
    සිහිනෙන් ගෑ මුදු සුවදක් සේ
    සදා රැදේවා ...ඔබේ ලොවේ..............


    ඔබට පිදුම් වූ සිතක විරාගය
    කැටපත් පවුරක ගීයක් සේ
    සදා රැදේවා .....ඔබේ හදේ...........

    :):):)
     

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    ප්‍රේමකීර්ති ද අල්විස් නම් අසහාය ගේය පද රචකයා ලාංකීය සංගීතයට දායක කරපු තවත් අලංකාර ගීතයක් මේ. තනි තරුවේ ගීතය ලියන්නට පසුබිම් උන සිදුවීම වික්ටර් රත්නායකයන් පවසන පරිදි මෙසේය. දිනක් වික්ටර් රත්නායකයන් තම සමීප මිතුරකු වන ප්‍රේමකීර්ති හා තවත් සංගීත ක්ෂේත්‍රයට සම්බන්ධ පිරිසක් සමග මුහුදු වෙරල ආසන්නයේ විවේකීව සැන්දෑ සාමය ගත කර තිබෙනවා. මුහුදු වෙරළේ වැතිරිලා සිටිය ප්‍රේමකීර්ති සවස් අහසේ පායාගෙන එන දීප්තිමත් තරුවක් දිහා බලාගෙන ඉඳල එක වරම 'තනි තරුවේ' කියල කෑ ගහල තියෙනවා.

    ප්‍රේමකීර්ති ද අල්විස්
    අහසේ තනි තරුව දැකීමත් සමග ඔහුගේ සිතට නැගුනු සිතුවිලි සමුදාය ගීයකට පබන්දුනේ ඉන් පසුවයි. වික්ටර් රත්නායකයන්ගේ සංගීතයෙන් හා ගායනයෙන් අලංකාර වී අපට අසන්න ලැබෙන මේ ගීතයෙන් කියවෙන දේ ගැන අපට විවිධාකාරයෙන් අදහස් පලකළ හැකියි. ඇත්තටම මෙයින් කියවෙන තනි තරුව උපමා කරන්නේ කාටද? එය තීරණය කිරීම ගීතයා අසන අපටම බාර වූවක්. කෙසේ වුවත් කිසිදා ලං විය නොහැකි දෙදෙනෙකු පිළිබඳව කියවෙන බව පැහැදිලියි. සංගීත නිර්මාණයද පද පෙළෙහි අරුත වඩා වඩාත් හදවතට ලන්කරවන්නක්. වචන වලින් කිව නොහැකි වූ බොහෝ දේ එම සංගීත සංකලනය තුලින් ශ්‍රාවක සිතට දැනෙන බව ගීතයට ප්‍රිය කරන සැවොම පිළිගන්නවා ඇති.

    :):):):):):):)
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    දීපිකා ප්‍රියදර්ශනී පීරිස් විසින් ගායන කරනු ලබන "සිත ඔබ පාමුල රදවා"ගීතය විරහව තම හදවතින්ම විද දරාගන්නා පෙම්වතියකගේ සිතුවිලි ඔබට කියා දෙයි.
    ඇය තමා හැර ගිය ඔහුට ශාප කරන්නේ නැත.එය තමාගේ දෛවයේ තමාට හිමි දෙයක් ලෙස ඇය දකියි.
    එය ඔහුගේ වරදක් හෝ අඩු පාඩුවක් ලෙස ඇය නොසිතයි.මේ නිසා තමාට කුමක් වුවත් හැර ගිය ඔහුට මුළු සිතින්ම ජය පතයි.
    තමාට දුක දී හැර ගිය ඔහු දෙස ඉතා මානුෂික ඇසකින් බලන ඇය,ඔහු ගේ ලෝකයෙන් ඔහුගේ විජිතයෙන් සදහටම වෙන්ව යයි...

    මෙය රචනා කොට ඇත්තේ කුලරත්න ආරියවංශශයන් විසිනි.ඔහුගේ හැකියාවන් පිලිබදව අමුතුවෙන් කතා කල යුතු නැත.
    මෙහි සංගීතය සිදු කොට ඇත්තේ රෝහණ වීරසිංහයන් විසිනි.ගීතයේ හෘදයාංගම බව තව තවත් වැඩි කිරීමට ඔහුගේ සංගීත භාවිතය ඉවහල් වී ඇති බව අමුතුවෙන් කිව යුතු නැති බව ගීතය අසද්දී ඔබට පසක් වනු ඇත.

    :love::)
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    අපෝ... දැන් දැන් සමනල්ලු වැඩියි... ඊක්... :eek:
    :eek:

    atrhpx.jpg
     
    දීපිකා ප්‍රියදර්ශනී පීරිස් විසින් ගායන කරනු ලබන "සිත ඔබ පාමුල රදවා"ගීතය විරහව තම හදවතින්ම විද දරාගන්නා පෙම්වතියකගේ සිතුවිලි ඔබට කියා දෙයි.

    issara kale ehenm mehema ganu lamai indala thiyenwa :) ada kalenm harima adu pirisak inne
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,529
    907
    113
    ගම්පහ
    රළ බිදෙන හඩයි රෑ යාමේ ඈත ඇහෙන්නේ
    මා වෙරළ කොනේ අවන්හලේ ඔබ හා ඉන්නේ
    සුපුරුදු විලසින් සොදුරු කතා ඔබ තෙපලන්නේ
    අප ගෙවනා අවසන් රැය බව නැහැ ඔබ දන්නේ ..//

    මා මෙයින් මතුව හමුනොවෙනා බව කීවෝතින්
    මේ තහනම් පෙම අත්හරිනා බව හැගුනෝතින්
    ඔබේ දෑස් වලින් කදුළු බිංදු කඩා හැලේවි
    ඉවසුම් නොමැතිව ලසෝ දුකින් හඩා වැටේවි ..//

    රළ බිදෙන හඩයි රෑ යාමේ ඈත ඇහෙන්නේ
    මා වෙරළ කොනේ අවන්හලේ ඔබ හා ඉන්නේ
    සුපුරුදු විලසින් සොදුරු කතා ඔබ තෙපලන්නේ
    අප ගෙවනා අවසන් රැය බව නැහැ ඔබ දන්නේ ..//

    මා සමුගන්නේ කැමැත්තකින් නොව ආයාසෙන්
    ඒ හැර විසදුම් නැත ඔබ මා නැත අමනාපෙන්
    මම ඈත්ව යන බව කීවෝතින් සිනා නිමාවී
    ඔබේ දෑස් වලින් කදුළු බිංදු කඩා හැලේවි..//

    රළ බිදෙන හඩයි රෑ යාමේ ඈත ඇහෙන්නේ
    මා වෙරළ කොනේ අවන්හලේ ඔබ හා ඉන්නේ
    සුපුරුදු විලසින් සොදුරු කතා ඔබ තෙපලන්නේ
    අප ගෙවනා අවසන් රැය බව නැහැ ඔබ දන්නේ ..//