මූ නම් ලැට් එකක්
සැ.යු:මෙය මනංකල්පිත කතාවකි.
මීට අවුරුදු ගනනාවකට පෙර ඈත අතීතයේ ජීවත් උනාලු ඉතාමත් අහින්සක තරුණයෙක්. මෙයාට හැමෝම කිව්වෙ කන්ද කියල. මේ තරුණයා සමාජයේ පිළිකුලටත් අප්‍රසාදයටත් නිතරම පත් උනාලු. මෙයාට නිතරම සමාජයෙන් අසන්නට වුනෙ "ඔන්න කුණු කන්ද එනව", "මූ නම් ලැට් එකක්", "ගූ ගොඩ", "ඌරුලෑවා", "කුණු බිත්තරයා" වගේ දේවල්. මෙයාට මේ වගේ අපහාස විඳින්නට උනේ එයාගෙ ඇගෙන් පිට වෙන අප්‍රසන්න ගන්ධයක් නිසා. කොච්චර නෑවත් කොච්චර පිරිසිඳුව හිටියත් මෙයාගෙ මේ ගඳ ගියේ නෑ. ඉතින් මේ කන්ද නින්දා අපහාස ඉතාමත් අමාරුවෙන් ඉවසා දරාගෙන ජීවිතේ ගත කරාලු. මෙහෙම කාලයත් හිමින් යනවලු. දවසක් කන්ද වෙනත් ගමකට රැකියාවක් හොයන් යන්න පිටත් උනාලු. මෙහෙම යන අතරතුරේ මෙයා දැක්කලු ඉතාමත් සුන්දර විලක්. මේ විලේත් ඒ අවටත් ලස්සනම ලස්සන ගස් වැල් වගේම ඉතාමත් ප්‍රසන්න සුවඳකින් යුතු මල් පළතුරු පිරිල තිබුනලු. ඒක නිසාම මේ විලට සුවඳ විල කියලලු හැමෝම කියන්නෙ. ඉතින් කන්දට ගොඩාක් ආස හිතුනලු මේ මල් පළතුරු වල තියෙන සුවඳ මට ලැබුනනම් කියල. කන්ද බොහොම ආසාවෙන් එතන තිබුණු මල් සියල්ලම නෙලාගෙන ගෙදර අරන් ආවලු. ගෙනාපු මල් සියල්ල භාජනයකට දමාගත් කන්ද ඒව වතුරෙ දිය කරන්න පටන් ගත්තලු. ඊට පස්සෙ සිදුවුනු කිසිම දෙයක් කන්දට මතක නැතිලු. එයා ගැඹුරු නින්දකට වැටුනලු. දින ගනනාවකට පස්සෙලු මෙයා නැවත අවදි උනේ. අවදි වෙලා බලනකොට මුළු ගෙදරම සුවඳයිලු. අර මල් දිය කරපු භාජනේ තාමත් එතන තියෙනවලු. ඒකෙන් ජීවිතේටම විඳපු නැති විදියෙ අමුතුම සුවඳක් එනවලු. මෙයා මේ සුවඳ දියරයෙන් ටිකක් ඇඟේ තවර ගත්තලු. දැන් කන්දගෙ ඇගේ තිබුන අර අප්‍රසන්න ගන්ධය වෙනුවට ඉතාමත් ප්‍රසන්න සුවඳක් විහිදෙනවලු. එදා ඉඳන් එයා මේ සුවඳ දියරය ගම් පුරා විකුණමින් කාලය ගත කරාලු. මේ සුවඳ දියරයට කන්ද නොහොත් කුණු කන්ද දුන්න නම තමයි "සුවඳ විල වන් දියරය". මේ දියරය වර්තමානයේ සුවිසල් කර්මාන්තශාලා වලින් ඉතාමත් දියුණු තාක්ෂණයෙන් නිපදවලා "සුවඳ විලවුන්" නමින් ලෝකෙ පුරා බෙදා හරිනවලු.
සමාප්තයි!
සුවඳ විල දැක්වෙන ඡායාරූපයක්:

Last edited:

හිස්