අපේ සෙටාර් එක-මැරීඩ් ක්ලබ් සෙට් එක ගැන
ලොකු තැන විකිලීක්ස් - මට වඩා මාස ගානක් වැඩිමල්, කාර් බයිං & සෙලිං ඔස්තාද්. හොද වැඩ වලට හොද /ුරුහරුනම් ද, පාහර වැඩවලට උපදෙස් ද දිය හැකි, ජීවිතයේ බහුශ්රැතයෙක්. හිත හොද මිනිහෙක්.
තරින්ද76 - තමන් ගේ දේ නිර්ලෝභීව අනුන්ට දෙන, හොද හිත නිසා ම ඉල්ලං කන, පොඩ්ඩ ඇත්තං මල පනින, කෑම වල රහ ඉතාම හොදින් දැනෙන දිවකට හිමිකම් කියන කෙනෙක්. සූකර මාංශයට ඇබ්බැහි වී ඇති කෙනෙක්.ලොකුම අවුල පත්තු වුනාම ඉක්මනින් නිවෙන්නේ නැති එක.
යුරාජ් - හිත හොද, කොච්චර කිව්වත් බිස්නස් සහ හිතවත්කම් පටලව ගන්න, අප්රතිහත ධෛර්යයක් සහිත මනුස්සයෙක්. අනුන්නට උදව් කරන්න සහ මේකේ ලැප් විකුනන්න ගිහින් තමා ඉල්ලං *කේ ටිංකිරි ගාගන්නේ.
කිංදේවි - නමේ විදියට ම කිං. උදව්වට රජෙක්. හුගක් අය නොදන්නව වුනත් හොද බ්ලොග්කරුවෙක්. ඒ වගේ ම වානේ මුවාත ඇති දිවකට හිමිකම් කියන, කියන්න ඇති සේ මූණටම කියන කෙනෙක්.
මිණිපුර - පරෝපකාරී කෙනෙක්. පොඩි දේවල් වලින් හිත හොදටම සවුත්තු වුනත් ඒක අනිත් අයට නොපෙන්වන, ඉතාම ඉහල දරා ගැනීමේ හැකියාවක් ඇති මනුස්සයෙක්.
සන්ජි - සම්මත උෂ්ණත්වයෙ සහ පීඩනයේ මනුස්සයෙක්. මනුස්සය අසම්මත කරන්න නම් තත්ත්ව වෙනස් කරන්න ඕන. නැත්තං අකම්පිත චරිතයක්. ආදරනිය සැමියෙක් සහ පියෙක්.
කොස්&පොල් - කියන්න කියන දේ හොම්බට අනින්නා වගේ කියන, බඩේ බිජු කිං ඉන්නේ නැති, සාමකාමී, නිවීහැනහිල්ලෙ ජීවත් වෙන කෙනෙක්. ආශාවන් පිටිපස්සේ දුවන්නේ නැති, අපටත් වඩා ධාර්මික මනුස්සයෙක්
සන්බෝයි - විනෝදකාමීයි. හැබැයි වගකීම් ගන්න පුළුවන් චරිතයක්. යම් කිසි අරමුණකට නොසෙල්වී යන කැරැක්ටර් එකක්.
දිනූෂසංකල්ප - කලින් කිව්වා. එළකිරි කොල්ලෙක්.
අශ්මි - මහ පොළවෙ පය ගහල ඉන්න කාන්තාවක්. ඒ වගේ ම ඕනෑම ත්ත්වයකට ඇඩැප්ට් වෙන්න පුළුවන් චරිතයක්. උලත් එකයි පිලත් එකයි අශ්මිට.
හරිදුගම්ලත් - පට්ට වැඩ්ඩෙක්. ඉතාම සියුම් නිර්මාණ ඉවසීමෙන් කරන්න පුළුවන්, තමන් ගේ ටාගට් ලේසියෙන් අතාරින්නේ නැති චරිතයක්.
මලිතරොක්ස් - දිව හදල තියෙන්නේ ගන් මෙට්ල් වලින්. ඉපදිලා තියෙන්නේ පෑනක් අතින් අරං ද කොහෙද. උපහාසයේ පියා.ඕන එකෙක්ට දෙයි උපහාසාත්මකව ආත්මය බිදිල යන්න. අක්ඛාසඪෝගයට මරු සගයා.