වස_ලැජ්ජාව

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,074
    16,818
    113
    මුන්ට මේ නිව්ස් කොහෙන් යනවද මංදා...:(


    Sri Lanka man arrested  for smuggling gold in rectum    BBC News.jpg


    http://www.bbc.com/news/world-asia-35159072?OCID=fbasia

    https://www.facebook.com/bbcnews/?fref=nf


    ඇමැති ලේකම්ගේ ගුද මාර්ගයේ රන් බිස්‌කට්‌ 4ක්‌

    රන් බිස්‌කට්‌ 4ක්‌ ගුද මාර්ගයේ සඟවාගෙන සිංගප්පූරුවේ සිට මෙරටට පැමිණි මුස්‌ලිම් ආගමික කටයුතු අමාත්‍යාංශය භාර ඇමැතිවරයාගේ පුද්ගලික ලේකම්වරයකු ඊයේ (22 වැනිදා) අලුයම කටුනායක බණ්‌ඩාරනායක අන්තර් ජාතික ගුවන්තොටුපළ පිටවීමේ පර්යන්තයේදී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදී.

    රුපියල් ලක්‍ෂ 20ක්‌ පමණ වටිනා ග්‍රෑම් 400ක රන් බිස්‌කට්‌ මෙසේ ගුද මාර්ගයේ සඟවාගෙන මෙම පුද්ගලයා මෙරටට පැමිණ ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්‌ලි ගාමිණී මහතා පැවසීය.

    සිංගප්පූරුවේ සිට Eණ 349 දරන ගුවන් යානයෙන් ඊයේ අලුයම 1.30ට පමණ මෙරටට පැමිණ ඇති මෙම පුද්ගලයා රේගු අත්අඩංගුවට පත්වීමෙන් පසු තමන් මුස්‌ලිම් ආගමික කටයුතු අමාත්‍යාංශයේ සම්බන්ධීකරණ ලේකම් ලෙස සඳහන් කාඩ්පතක්‌ රේගු නිලධාරීන්ට ඉදිරිපත් කර ඇති බවද ලෙස්‌ලි ගාමිණී මහතා ප්‍රකාශ කළේය.

    මෙම පුද්ගලයා මුස්‌ලිම් ආගමික කටයුතු අමාත්‍යාංශය භාර ඇමැතිවරයාගේ පුද්ගලික සහකාර ලෙස කටයුතු කර ඇති අතර එම අමාත්‍යාංශයේ සම්බන්ධීකරණ ලේකම්වරයකු ලෙස සඳහන් කාඩ් පත ව්‍යාජ ලෙස සැකසූ එකක්‌ බව ලෙස්‌ලි ගාමිණී මහතා කීය.

    මෙම පුද්ගලයා සතුව ගමන් බලපත්‍ර 5ක්‌ තිබී ඇති අතර නිතර නිතර විදේශ ගතවන බවත් ඒ සෑම අවස්‌ථාවකම රේගු කටයුතු සඳහා සහාය නොදෙන නිසා ඊයේ (22වැනිදා) මොහු පිළිබඳ විමසිල්ලෙන් සිටි රේගු නිලධාරීන් ඔහු අත්අඩංගුවට ගෙන පරීක්‍ෂා කිරීමේදී මෙම රන් බිස්‌කට්‌ සොයා ගත් බවත් හෙතෙම සඳහන් පැවසීය.

    ගුවන්තොටුපළ නියෝජ්‍ය රේගු අධ්‍යක්‍ෂ හර්ෂ ජයතිලක, සහකාර රේගු අධිකාරීවරුන් වන ආර්. ඒ. කේ. සමරසිරි, කේ. පී. බී. කෞව්ශල්‍ය, එම්. ජී. සී. ධම්මික, එම්. එස්‌. කනකරත්න, ආර්. එම්. ආර්. රත්නායක යන නිලධාරීන් විසින් සැකකරු අත්අඩංගුවට ගන්නා ලදී.


    දිවයින
     
    Last edited: