ඔයාගේ_වෙනස

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    දවල්ට ඉස්කෝලෙ ඇරිලා
    ගෙදර යන ගමං..
    අතේ තිබ්බ මාරු කාසි ටික අරං..
    අච්චාරු ආච්චිට වැදලා...
    අන්නාසි ගොට්ටක් ඉල්ලගන්නෙ
    මට කන්න නෙවේ....
    ඔයාට දෙන්න....

    ඒකත් අතේ ගුලිකරං..
    ඔයාගේ ඉස්කෝලේ ගේට්ටුව ලග..
    සිකුරුටි අංකල්ටත් පානිය දාලා..
    හොරගල් අහුල අහුල...
    ඔයා එනකං ඉන්නේ....
    මට බඩගිනි නැති නිසා නෙවේ...
    ඔයා දකින්න තියෙන ආසාවට...

    උසස් පෙල ලං වෙද්දි....
    අපි දෙන්නා ආදරවන්තයො ලු..
    මූනට නොකිව්වට
    ඔයත් මට ආදරේ ඇති කියලා...
    මං හිතුවේ...
    යාළුවො කිව්ව නිසාම නෙවේ....
    මගේ ජීවිතේම ඔයා නිසා...

    පන්ති යන දවස් වලට...
    ඔයා පස්සෙන්ම ඉදං...
    කෑම බීම, ඇදුම් පැලදුම්...
    ගමන් වියදම්....
    හැම දේම හොයලා බලලා කලේ....
    ඔයා මට කිව්ව නිසාම නෙවේ....
    ඔයා මගේම කියලා මං දන්න නිසා....

    ඔයා කැම්පස් තේරුනාම...
    ලෝකෙම දිනුවා වගේ...
    ගොඩක් සතුටු වෙලා.....
    කියන කියන හැම දේම දීලා..
    මගෙ මැණිකව...
    ලස්සනට එතනට යැව්වේ.....
    ඔයා ගැන අවිශ්වාසෙකින් නෙවේ...
    මටත් වඩා මට ඔයාව විශ්වාස නිසා...

    බල‍ාපොරොත්තු දාහක්...
    ගිනිගන්න හිතක් ඇතුලේ...
    සදහටම පිච්චෙන්න දාලා.....
    කැම්පස් එකේ ගේට්ටුව ඇතුලට...
    ඔයා එයත් එක්ක යනවා
    මං බලං හිටියේ....
    ඔයා ගැන සැකයකින් නෙවේ.....!
    මං දකින දේ මට විශ්වාස නැති නිසා....

    girl-leaving-alone-boy.jpg

     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    රෑට රෑ වෙලා උඹට මෙහෙම ලියවෙන්නෙ ඇයි:nerd:...

    මට මෙහෙම ලියවුනේ ඇයි අහන්න එපා...

    ගසල ඉන්නේ +++
     
    Last edited:

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    ඊළඟ කෑල්ල තවත් රසවත් බ්‍රෝ
    nice lyrics මචන්
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    මම කැම්පස් ගියෙත් නෑ.. ඔහොම අත්දැකීමකුත් නෑ.. :)
    ඒත්අන්තිම හරියට එනකොට රිදුනද මන්ද..?
    :sorry:
    +Rep