කෝටි ගණන් මැණික් කථා

Malith Malli

Member
Dec 23, 2015
619
138
0
කෝටි ගණන් මැණික් කථා

උබල දන්න මැණික් ගැන කතා දාපල්ලා
මාත් මාර ආසයි මැණික් and නිදන් සම්බන්ද දේවල් වලට


1.නිල් කොට්ටරය

FB_IMG_1437392264381kottara.jpg


පින්තූරයේ දැක්වෙන මැණික, රත්නපුරයේ මැණික් භාෂාවෙන් නම් ‘නිල් කොට්ටරයකි’. එහි තේරුම, එය ‘අඩක් මියගිය නිල් මැණිකක් ය’ යන්නයි.එබඳු මැණික් ගල්වලට හොඳ මිලක් නැත. මැණික හමු වූයේ රත්නපුර නගරය ආශ‍්‍රිත ගැරුම් පොළකිනි. එය කේ. විජේනායක නම් තරුණ මහතෙකුට අයත් වූවකි. මැණික් ගල්වල බර මනින්නේ ‘කැරට්වලිනි’. ඒ අනුව, කිලෝග‍්‍රෑම් එකකට, කැරට් 5000කි. ඔබ දකින අඩක් මියගිය නිල් මැණික, කැරට් 1097ක් බරැති ගලක් බව දැන ගන්නට ලැබිණි.

2.තවත් නිල්

පහත පින්තූරයෙන් දැක්වෙන්නේ, නොබෝදා රත්නපුරයෙන් හමුවූ වටිනා මැණික් ගල් කීපයකි.

samuha.jpg


3.පලිගුව

ඔබ දකින මැණික, බරින් කිලෝග‍්‍රෑම් 250කට අධික ය. එය තනි පුද්ගලයෙකුට ආම්බාන් කරන්නට බැරි තරම් ය. මැණික හමු වූයේ රත්නපුර, කලවාන ප‍්‍රදේශයට අයත් ගමක පතලකිනි. එය ‘පළිඟු’ වර්ගයට අයත් ය.

palingu.JPG


Palingu-02.JPG


පළිඟු යනු, නිල් කැට, රතු කැට තරම් විශාල මිලක් ලැබෙන මැණික් වර්ගයක් නොවේ. එබැවින් නිසි මිලක් ලැබෙන තුරු එය ගෙයි මුල්ලේ තැන්පත්කර තිබේ. මැණිකෙහි වංහුං මීට වඩා හෙළි කරන්නට එහි හිමිකරුවන් ගෙන් අවසර නැත.


වලස්පතිගේ අඩවිය
 
Last edited:

Malith Malli

Member
Dec 23, 2015
619
138
0
4.මුක්ක්රු

මැණික් මතුවන අඩවියේ දී ‘මුක්කරු’ නමින් හැඳින් වෙන්නේ, අදින් වසර 600-700කට පමණ ඉහත මැණික් ගැරීම පිණිස ලංකාවට පැමිණි විදේශික ජන වර්ගයකි. ජන ප‍්‍රවාදවල එන හැටියට නම්, ඔවුන් අරාබි ජාතික මැණික් වෙළෙන්දන් වෙති.

එකල ඔවුන් මැණික් ගරා ඇත්තේ අද මෙන් ‘ගැරුම් වට්ටියෙන්’ නොවේ. ඒ සඳහා සකසා ගත් ‘මැටි නෑඹිලිවලිනි’. ඒවායෙහි කැබලි රත්නපුරය සහ මැණික් ලැබෙන සෙසු ප‍්‍රදේශවලින් හමු වීම සුලභ කාරණයකි.

එබඳු ස්ථාන, මැණික් ගරන්නන් අතර ‘මුක්කරු ගොඩැලි’ යනුවෙන් ප‍්‍රසිද්ධ ය. ‘මුක්කරු ගොඩැල්ලක්’ යනු මැණික් ඉල්ලම් ද සමග පැරණි මැටි වළං කැබලි හමු වන ස්ථාන වේ. එබඳු තැනක් පාදා ගත හොත් වාසි ගොඩකි. එයින් වෛරෝඩි හෝ ආර්නූල් මැණික් හමු වීමට ඉඩ තිබීම, ඊට හේතුවයි. ජන වහරේ කියැවෙන හැටියට, එකල මුක්කරු ජනයා එබඳු මැණික් ‘පණුවන් ගැසූ ගල්’ යයි කියා ඉවත දමා ඇත!


walan-02.jpg


වලස්පතිගේ අඩවිය
 
Last edited:

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,036
    16,727
    113
    උඔ දැක්කද අර ලංකාවේ පොරක් ගාව තියෙන ලෝකේ ලොකුම නිල් මැණික?ඒක කෝට් 1400ක් වටිනවලු.:shocked:
     

    Malith Malli

    Member
    Dec 23, 2015
    619
    138
    0
    5.වසර මිලියන ගණනක් පැරණි වතුර

    clip_image002.jpg


    බදුල්ල ප‍්‍රදේශයේ ඉල්ලමකින් හමුවූ මෙය කෙස් පළිඟු වර්ගයට අයත් මැණිකකි.
    එහි විශාලත්වය අර්තාපල් අලයක් තරම් වේ. මෙහි ඇති විශේෂත්වය වනුයේ මැණික ඇතුළත ජලය ස්වල්පයක් එක් රැස්වී තිබීමයි. ගල ඇතුළට ජලය ගලා යා හැකි තරම් සිදුරු හෝ පැලූම්ද නැත. මෙහි ඇති ජලය වසර මිලියන ගණනක් පැරණි බව නිසැකය. ගල සොලවන විට, එහි ඇතුළත ඇති ජලය සෙලවෙන හඬ ද ඇසේ! එය රත්නපුරයේ, ‘මිණිපුර මිනි මියුසියම්’ කෞතුකාගාරයේ දී දැක ගන්නට පුළුවන.


    වලස්පතිගේ අඩවිය
     
    Last edited:
    • Like
    Reactions: Eranga Sandaruwan

    Malith Malli

    Member
    Dec 23, 2015
    619
    138
    0
    6.ආදම්ගේ තාරකාව


    Star%2Bof%2BAdam-BBC%2BPic.02.jpg


    ‘ආදම්ගේ තාරකාව’ කැරට් 1404.49ක් බරැති මැණික් ගලකි. දැනට එය කපා ඔප දැමූ ලොව ලොකුම නිල් ආර්නූල් මැණිකයි. දෙවැන්න, ‘ඉන්දියාවේ තාරකාව’ නම්, කැරට් 563ක් බරැති නිල් ආර්නූල් මැණික් ගලයි. තුන් වැන්න, කැරට් 392.92ක් බරැති ‘ලංකාවේ තාරකාව’ යනුවෙන් ප‍්‍රකට නිල් ආර්නූල් මැණික් ගලයි. මේ මැණික් ගල් තුනම හමුවී ඇත්තේ ලංකාවෙනි. ‘ලංකාවේ තාරකාව’ මාතලේ දිස්ත‍්‍රික්කයෙනි. අනෙක් මැණික් ගල් දෙකම රත්නපුරයෙනි. රටක් හැටියට එය අතිශයින්ම අභිමානවත් කාරණයකි.

    ‘නිල් මැණික්‘ කියන්නේ ‘කොරන්ඩම්’ පවුලට අයත් ඛනිජමය ස්ඵටික විශේෂයක්. එහි ඇති නිල් වර්ණයත්, දුර්ලභතාවයත්, ඉහළ දැඩියාවත් නිසා වටිනාකමින් අධිකයි. නිල් මැණිකකට, රිදී පාට නූල් හයක් (Ray) පිහිටියාම අපි එයට ‘ආර්නූල් මැණික’ යයි කියනවා. එය ඉතා අලංකාර මැණිකක්. කොරන්ඩම් පවුලටම අයත් ‘රතු මැණිකකට’ නූල් හයක් පිහිටියාම, අපි ඒකට ‘රතු ආර්නූල් මැණික’ යයි කියනවා. සාමාන්‍යයෙන් වෙළෙඳපොලේ දී ඉහළම මිල වැටෙන්නේ නිල් හෝ රතු ආදී මැණික් ගල්වලටයි. ඒවාට සාපේක්ෂව, ‘ආර්නූල් මැණික්වලට’ වැටෙන මිල ටිකක් අඩුයි. ඔය ආර්නූල් මැණික මමත් දැක්කේ බී. බී. සී. එකෙන් තමයි. ඉතින් ඒක අතට අරන් බලන්නේ නැතිව ඒ ගැන යමක් කියන්න බෑ. කොයිහැටි වෙතත්, මාධ්‍යවල කියන විස්තර අනුව නම් ඒක දුර්ලභ ගණයේ මැණිකක්. දැනට වාර්තාවෙලා තියෙන ගල්වල හැටියට නම්, ‘Star of Adam’ මැණික ලෝකේ ලොකුම නිල් ආර්නූල වෙන්න පුළුවන්. ඒක ඉතින් පුදුම වෙන්න කාරණයකුත් නෙවෙයි. මොකද, මීට පෙරත් ලංකාවෙන් විශාල ප‍්‍රමාණයේ නිල් මැණික් හමුවී තිබෙනවා. සමහර විට මීටත් වඩා විශාල, වාර්තා නොවූ නිල් මැණික් රත්නපුරයේ තිබෙන්නත් ඉඩ තිබෙනවා’ යයි ප‍්‍රවීණ මැණික් විද්‍යාඥයෙකු වන ආචාර්ය දුනිල් පාලිත ගුණසේකර මහතා සඳහන් කළේ ය.

    ඔහු මේ බව සඳහන් කළේ, 2016 ජනවාරි 04 වැනි දා බි‍්‍රතාන්‍යයේ බී. බී. සී. ලෝක සේවය වාර්තා කළ ‘ලොව ලොකුම නිල් ආර්නූල් මැණික’ සේ සැලකෙන ‘ආදම්ගේ තාරකාව’ පිළිබඳ විමසීමේ දී ය. බී. බී. සී. ය සඳහන්කර තිබුණු ආකාරයට, එය ශ‍්‍රී ලංකාවේ රත්නපුරයෙන් හමුවුණු මැණික් ගලකි. එය කපා ඔප දැමූ පසුව කැරට් 1404.49ක් බරැති බව, මැණික පරීක්ෂා කළ ආයතනය පවසා ඇත. මැණිකෙහි හිමිකරුවන් එය ‘ආදම්ගේ තාරකාව’ යයි නම්කර තිබේ. බි‍්‍රතාන්‍යයේ, කේම්බි‍්‍රජ් විශ්වවිද්‍යාලයේ ඛනිජ විද්‍යාඥයෙකු වනSimon Redfern මහතා ද මැණික ගැන අදහස් පළකර ඇත. ජාත්‍යන්තර තලයේ මැණික් විද්‍යාඥයන් කියන්නේ, එය ලොව මෙතෙක් හමුවූ විශාලතම නිල් ආර්නූල් මැණික බව ය.

    මීට පෙර වාර්තා වූයේ, ලොව ලොකුම නිල් ආර්නූල් මැණික කැරට් 1395ක් වන බවත්, එය රත්නපුර, කහවත්තේ ගුරුගේ මැණික් සමාගම සතුව ඇති බවත් ය. එහෙත් ඒ ගැන වැඩි තොරතුරක් හෙළිදරව් වී නැත. ඒ අනුව බලන විට, බී. බී. සී. ය හෙළි කළ ‘ආදම්ගේ තාරකාව’ ඊට වඩා විශාල මැණිකකි.


    වලස්පතිගේ අඩවිය

    4 පිටුව බලන්න
     
    Last edited:

    Malith Malli

    Member
    Dec 23, 2015
    619
    138
    0
    මැරිච්ච ටික කපලා හොඳ ටික ගත්තම ඕකත් වටීවි

    ඔව් බන් මුන් ඔය වටින්නේ නෑ කියන්නේ කෝටි 5-10 වටින්නේ නැහැ කියන එක වෙන්න ඇති බන්
    අනිවා ඕක කොටියක්වත් ඇති
     

    Malith Malli

    Member
    Dec 23, 2015
    619
    138
    0
    උඔ දැක්කද අර ලංකාවේ පොරක් ගාව තියෙන ලෝකේ ලොකුම නිල් මැණික?ඒක කෝට් 1400ක් වටිනවලු.:shocked:

    ඔව් බන් ඇඩෙනවා
    තම්බියෙක්ටද කොහෙද බන් හම්බ වෙලා තියන්නේ
     

    Malith Malli

    Member
    Dec 23, 2015
    619
    138
    0
    තව ගොඩක් විස්තර තියනවා ඉස්සරහට මේ නුලේම දාන්නම්