අපි මන්නාරම් ගියෙමු.

tcgunarathena

Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    අපි මන්නාරම් ගියෙමු.

    හරි ඔන්න අදත් මම හිතුවා ලංකාව ඇතුලේ කරන්න පුළුවන් හොද සංචාරයක් ගැන විස්තර ටිකක් ලියන්න. මොකද මමත් මේ ගමන යන්න කලින් ගොඩක් අන්තර්ජාලයෙන් විස්තර හොයන්න උත්සහ කළා නමුත් හොයා ගන්න බැරි වුනා එකයි මෙහෙම නුලකින් දාන්න හිතුවේ. ඒ වගේම කියන්න ඕනේ එළකිරියේ තිබුණ නුල් දෙකකුත් මට උදවු වුනා ඒ කටියටත් ඉස්තුති කරගෙනම අපි ගමන යමු….

    හරි මුලින්ම කියන්න ඕනේ මේක විනෝද චාරිකාවක් කියලම ගියපු ගමනක් නෙවෙයි, මේක අපි යාලුවෙක්ගෙ මගුල් ගෙදරක ගිය ගමන් විවේක තිබුන වෙලාවක ගියපු ඉතාම කෙටි ගමනක් ඒක නිසා නුල කියවලා මට බනින්න එපා අරක බැලුවේ නැද්ද මේක බැලුවේ නැද්ද කියල. මම ගියපු ඒවගේ විස්තර ටිකක් මම දාන්නම් කාටහරි උදවු වේවි කියලා හිතාගෙන.

    හරි මම මගේ කලින් අපි කෝච්චියෙන් සිගිරිය බලන්න යමු. කියන නුලෙන් කියලා දුන්නනේ කොහොමද අපි කෝච්චියේ ටිකට් එහෙම වෙන්කරගන්නේ කියලා. ඉතින් අපි මේ ගමන ගියෙත් කෝච්චියෙන් තමයි. නමුත් වෙනස මේක ඇවිල්ල රාත්‍රී තැපැල් දුම්රිය. මොකද මන්නාරමට යන්න තියෙන්නේ කොච්චි දෙකක් විතරයි සහ ඒ දෙකෙන් ආසන වෙන්කරවා ගන්න පුළුවන් රාත්‍රී තැපැල් දුම්රියට විතරයි.

    හරි මම මන්නාරම ගැන පොඩි විස්තරයක් කියන්නම්. මේක ඇවිල්ල ලංකාවේ තියන එක දිස්ත්‍රික්කයක් ඒක ප්‍රදාන පරිපාලන ඒකක පහකට බෙදලා තියනවා. ඒවා තමයි මඩු, මන්නාරම, මාන්තෙයි බටහිර, මුසලි සහ නනන්දාන් කියන්නේ. හරි දැන් මන්නාරම් දිස්ත්‍රික්කයේ පිහිටීම දැන ගත්තනේ, ඒවගේම තවත් පොඩි දෙයක් ඒ තමයි ඔය දිස්ත්‍රික්කයේ කොටස් හතරක් ලංකා ප්‍රදාන දුපත ඇතුලේ පිහිටලා තියෙන අතර මන්නාරම් කියන පරිපාලන සිමාව පිහිටලා තියෙන්නේ ලංකාවට පරිබාහිරව පිහිටලා තියන වෙනම දුපතක, එකට කියන්නේ මන්නාරම් දුපත කියලා ඒ වගේම එක තමයි ලංකාවට අයිති ලොකුම දුපත වෙන්නෙත්.

    හරි දැන් තව පොඩි දෙයක් එළකිරියේ ගොඩක් කට්ටියනම් මේක දන්නවා ඇති නමුත් නොදන්නා කට්ටියට තමයි මේක කියන්නේ (මොකද මමත් පොඩි කාලේ හිතාගෙන හිටියේ මේ විදියට). මන්නාරම සහ තලෙයිමන්නාරම කියන්නේ එකක් නෙවෙයි දෙකක්, ඒ කියන්නේ මන්නාරම් දුපතේ තියන ප්‍රදාන නගර දෙකක නම් තමයි ඒ. මොකද මම මේක කිවුවේ ඔයාලා බස් එකේ යනවනම් ඔයාලා හරි බස් එක තෝර ගන්න ඕනේ නිසා, මොකද මේ ටවුන් දෙකටම යන බස් කොළබ ඉදන් යනවා. මන්නාරම කියන්නේ මන්නාරම් දුපතේ ලංකාවට කිට්ටුවෙන්ම තියන නගරය තලෙයිමන්නාරම කියන්නේ මන්නාරම් දුපතේ ලංකාවට දුරින්ම තියන ටවුන් එක. මොකද කියමනට කියන්නේ තලෙයිමන්නාරමේ ඉදන් මන්නාරමට එනවට වඩා ලගයි තලෙයිමන්නාරමේ ඉදන් ඉන්දියාවට යන එක කියලා.

    හරි අනිත් එක නවාතැන්, මන්නාරම් දුපතේ නම් නවාතැන් දෙන ගොඩක් තැන් නැහැ අතේ ඇගිලි ගානටත් වඩා අඩුවෙන් තමයි තියෙන්නේ මොකද ඒකට හේතුව තාම මේ දුපත ප්‍රදාන සංචාරක කලාපයක් වෙලා නැති එක, එක නිසා තියන සුළු ප්‍රමාණයක් වෙන නවාතැන් වලිනුත් අපිට ලොකු සැපපහසුකම් නම් බලාපොරොත්තු වෙන්න බැහැ, ඒක නිසා ඒවාට ඔරොත්තු දෙන කට්ටියට විතරයි මෙහෙ ගිහින් නවතින්න පුළුවන් වෙන්නේ.

    හරි අපි කොලබ කොටුවෙන් 19.15 රාත්‍රී තැපැල් දුම්රියෙන් ගිහිල්ලා අපේ ගමනාන්තය වුනේ පේසාලේ කියන කුඩා ධිවර ගම්මානය. මේ ගම පිහිටලා තියෙන්නේ මන්නාරම් දුපතේ හරි මැදට වගේ වෙන්න, මොකද මේ ගමේ ඉදන් තලෙයිමන්නාරමට දුර කිලෝමීටර් 14 වගේ ඒ වගේම මේ ගමේ ඉදන් මන්නාරමට දුර කිලෝමීටර් 16 වගේ. ඉතින් මම හිතන විදියට මන්නාරම් දුපත අවට සැරිසරන්න හිතන කෙනෙක්ට නවාතැන් ගන්න හොද තැනක් තමයි මේ ගම.

    අපි උදේ පාන්දරම ගියා පේසාලේ දේවස්ථානය බලන්න. මේ දේවස්ථානය කොඩක් කතෝලිකයන් අතරේ ප්‍රසිද්දියට පත්වෙලා තියෙන්නේ ගොඩක් අනුහස්බලයක් තියන ස්ථානයක් විදියට, ඒකට හේතුව තමයි යුද්ධය පවතින කාලසීමාව තුල එකදවසක මෙහි ඇතුලත විශාල පිරියක් රැදීසිටින මොහොතක ත්‍රස්තවාදීන් විසින් ෂෙල් වෙඩි ප්‍රහාරයක් එල්ල කරලා තියනවා නමුත් ඒ මොහොතේ දේවස්ථානය ඇතුලත සිටි කිසිදු පුද්ගලයෙකුට අනතුරක් සිදුවී නැහැ. ඊටපස්සේ අපි ගියේ තලෙයිමන්නාරම බලන්න, තලෙයිමන්නාරමේ ප්‍රදාන ස්ථාන කීපයක් තියනවා බලන්න. ඒ තමයි ආදම්ගේ සොහොන. විස්වාස කරන විදියට අඩි 40 උස යෝධ මිනිසුන් දෙදෙනෙකු මිහිදන් කරපු සොහොන් පිට්ටනියක්. ඒ වගේම දැන් මේ ස්ථානය මුස්ලිම් ජනතාවගේ ස්මාරකයක් විදියට තමයි සලකන්නේ. එතනට ගියාම ඒ බව දැනගන්න පුළුවන්. ඒ වගේම මෙතනට ලගා වෙන්න තලෙයිමන්නාරම් ප්‍රදාන පාරෙන් හැරිලා කිලෝමීටර් 3-4 වගේ මුහුද දෙසට යන්න ඕනේ. ඒ ගියාම මේ ස්ථානය දැකගන්න පුළුවන්. හරි ඒ සොහොන බලලා ගියපු පාරෙන්ම ඇවිල්ලා ප්‍රදාන පාරට වැටෙන හන්දියෙන් වමට හරවලා ටික දුරක් ගිය විට තලෙයිමන්නාරම ජැටිය ලගට ලගා වන්න පුළුවන්. මේ ප්‍රදේශයට ඇත්තටම යන්න ඕනේ හවස් වරුවට මොකද එතකොට තමයි මේ ස්ථානයේ ලස්සන දැක ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම ඔය ජැටිය අසලම තමයි අළුත් තලයිමන්නරම් ප්‍රදීපාගාරය පිහිටලා තියෙන්නෙත්. එකත් බලන්න අමතක කරන්න එපා. ඒ ප්‍රදීපාගාරය අසලටම ඔබ ගියොත් එහි ජිවත්වන මිනිසුන් ජීවිතය ගැටගහ ගන්න කරන සටනක එක ජවනිකාවක් බලා ගන්න පුළුවන්, මොකද ප්‍රදීපාගාරය කිට්ටුවම තියෙන්නේ ධිවර ගම්මානයක් සහා කරවල වාඩියක්.

    හරි අපි ඊළගට ගියේ මන්නාරම් නගරය සහ ඒ අවට තියන වැදගත් දේවල් ටිකක් බලන්න. එකෙන් අපි ඉස්සෙල්ලම ගියේ මන්නාරම් දුපත සහ ලංකාව යා කරලා අලුතෙන් හදපු පාලම බලන්න, මොකද පරණ පාලම කොටි බෝම්බ දාලා විනාස කරලා තිබුන නිසා. ඒක බලලා ඊළගට අපි ගියේ ඒ ලගම තියෙන ලන්දේසි බලකොටුව බලන්න. මේක ඉතා කුඩා ප්‍රමාණයේ බලකොටුවක්. නමුත් වැඩිය දුර නැති නිසා ගියාට වරදක් නැහැ, දැනට එකත් ගොඩක් ගරාවැටිලා තමයි තියෙන්නේ. ඊළගට අපි ගියා අලි ගහ බලන්න, එහෙමත් නැත්තන් යෝධ බෙයෝබැබ් ගස බලන්න. මොකද ඒක බලන්න වටිනා ගහක් මොකද මම එහෙම කියන්නේ මේ ගසේ වටප්ප්‍රමානය මීටර් 19.51 නමුත් මේ ගසේ සම්පුර්ණ උස මීටර් 7.50 ඉතින් මේකට අලි ගස කිවුවට වරදක් නැහැ නේ? මේ ශාක විශේෂය අප්‍රිකානු දේශයට අවේනික ශාක විශේෂයක් නමුත් ඒ දවස්වල වෙළදාමේ ලංකාවට පැමිණි වෙළෙදුන් විසින් රැගෙනවිත් රෝපණය කල බවටටයි විස්වාස කරන්නේ.

    අවසාන වශයෙන් අපි ගියා බලන්න තිරුකේතිස්වරම් කෝවිල, මේක පිහිටලා තියෙන්නේ මාන්තොට කියන ප්‍රදේශයේ ඒ කියන්නේ මේක තියෙන්නේ මන්නාරම් දුපතේ නෙවෙයි. A - 32 මන්නාරම - යාපනය ප්‍රදාන පාර ආසන්නයේ. මේක ශිව දෙවියන්ට පුජා පවත්වන කෝවිලක්. මෙම කෝවිලේ අලුත් වැඩියා කටයුතු සිදුකරන නිසා වැඩිය කෝවිල ඇතුල බලන්න අවසර ලැබෙන්නේ නැහැ. මතක තියා ගන්න ඕනේ මේ කෝවිලට යනකොට පිරිමි යන්න ඕනේ උඩුකය නිරුවතින්.


    මේ තියෙන්නේ පේසාලේ දුම්රිය ස්ථානය සහ පේසාලේ නගරය.

    20160109_070428.jpg


    20160110_075019.jpg


    20160110_075254.jpg


    20160110_075125.jpg


    20160109_070350.jpg


    20160110_074355.jpg


    20160110_083337.jpg


    DSC02095.jpg


    20160110_075659.jpg


    මේ තියෙන්නේ පේසාලේ දේවස්ථානය සහ ඒ අවට.

    DSC01866.jpg


    DSC01867.jpg


    DSC01868.jpg


    DSC01873.jpg


    DSC01871.jpg


    20160109_110956.jpg


    DSC01876.jpg


    20160109_111642.jpg


    DSC01879.jpg


    DSC01880.jpg


    DSC01881.jpg


    20160109_111642.jpg



    මේ තියෙන්නේ ආදම්ගේ සොහොන, මෙතනට ඇතුළු වෙන්න කලින් කකුල් දෙක ලගම තියන ළිදෙන් හෝදගෙන ඉන්න ඕන.



    DSC01927.jpg


    DSC01929.jpg


    20160109_164651.jpg


    DSC01931.jpg


    DSC01930.jpg


    DSC01932.jpg


    DSC01933.jpg


    DSC01934.jpg


    DSC01935.jpg


    DSC01936.jpg


    20160109_164555.jpg



    මේ තියෙන්නේ තලයිමන්නරම් ජැටිය ලගම පිහිටලා තියන අලුත් ප්‍රදීපාගාරය.

    DSC01942.jpg


    20160109_170555.jpg


    DSC01948.jpg



    මේ තියෙන්නේ ප්‍රදීපාගාරය අවට තිබෙන ධිවර ගම්මානය සහ මුහුදු වෙරළ (එහි ජිවත්වන මිනිසුන් ජීවිතය ගැටගහ ගන්න කරන සටනක එක ජවනිකාවක්).

    DSC01950.jpg


    DSC01955.jpg


    20160109_171819.jpg


    20160109_171227.jpg


    මේ තියෙන්නේ තලයිමන්නරම් ජැටිය සහ ජැටිය උඩ ඉන්නකොට පේනවා ලංකාවේ අන්තිම බටහිර කොනින් ඉර බැහැල යන විදිය. මේ දර්ශනය ඇත්තටම පියවි ඇසින් දකින්න වටිනා දර්ශනයක්.

    20160109_170616.jpg


    DSC01965.jpg


    20160109_174602.jpg


    20160109_174558.jpg


    20160109_175146.jpg


    20160109_173353.jpg


    DSC01973.jpg


    DSC01972.jpg


    DSC01966.jpg


    DSC01970.jpg



    මේ තියෙන්නේ මන්නාරම් නගරය.

    DSC01974.jpg


    DSC02075.jpg


    DSC02088.jpg


    DSC02086.jpg


    DSC02079.jpg


    DSC02078.jpg


    DSC01976.jpg


    DSC01978.jpg



    මේ තියෙන්නේ අලුත් පාලම.

    DSC01996.jpg


    මේ තියෙන්නේ පරණ පාලම.

    20160110_093328.jpg


    DSC02008.jpg


    ඉපැරණි ලන්දේසි බලකොටුව.

    20160110_094120.jpg


    20160110_093340.jpg


    20160110_095133.jpg


    DSC02010.jpg


    DSC02015.jpg


    DSC02019.jpg


    DSC02026.jpg



    අලි ගස හෙවත් යෝධ බෙයෝබැබ් ගස.

    DSC02043.jpg


    20160110_101423.jpg


    DSC02041.jpg



    තිරුකේතිස්වරම් කෝවිල සහ ඒ අවට.



    DSC02052.jpg


    DSC02058.jpg


    20160110_113256.jpg


    20160110_113445.jpg


    සුප්‍රසිද්ද තල්ලඩි හන්දිය සහ ඒ අවට.

    DSC02049.jpg


    20160110_105756.jpg


    DSC02047.jpg



    මන්නාරම් බස් නැවතුමේ ඇති කාල සටහන.


    20160110_153344.jpg


    20160110_153346.jpg



    මන්නාරම පුරාම දකින්න පුළුවන් අපේ යාලුවෝ….

    DSC02023.jpg


    20160110_095858.jpg


    DSC02082.jpg



    මේ ෆොටෝ එකේ ඔයාලට විසේසයක් පේනවද? මෙන්න මෙතන තියනවා දකුණ සහ උතුර කියන වෙනස, නමුත් මම කියන්නේ අපි ඒකට ගරු කරන්න ඕනේ.


    DSC02068.jpg


    මේ තියෙන්නේ අපේ උදේ කෑම වේලක්.

    20160110_080008.jpg


    20160110_080134.jpg


    20160110_081440.jpg





    කාට හරි කවදා හරි උවමනා වේවි කියලා හිතනවා.

    හැමෝටම බුදුසරණයි!

    අනිත් කට්ටියට බලන්නත් එක්ක බම්ප් එකක් දාල යන්න....
    හොදයි වටී කියල හිතෙනවනම් රෙප් කරලා යන්න....


    මේකට ලැබෙන ප්‍රතිචාර අනුව තවත් මේවගේ තැන් ටිකක් දාන්න මට හිතේවි...
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,382
    20,803
    113
    Panadura
    11.gif
    11.gif
    11.gif

    උබලා සංචාරය කරන කොට ලබා ගත්ත වින්දනය Photos වලින් හරි අපිත් එක්ක බෙදාගත්තාට ස්තුතියි මචං...
    +++
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    පට්ට මචං ඔය පැත්තේ ගිහින් නෑ සෑහෙන කාලෙකින් :sorry: තැන්ක්ස් බන් අපිවත් එක්කන් ගියාට :) +9
     

    despa

    Active member
  • Jan 22, 2010
    704
    197
    43
    adoo patta ban..matath yanna asa hithuna photo tika dakkama...harima lassani...

    thnx

    rep
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    Supiri machan.. mara asai yanna one.. ai machan taleimannar wenakam train eka yanne nadda? mata ahila thiyanawane udeta kotuwen announce karanawa