මට උබල එක්කල වාද කරන්න ඕනේ නැහැ...වාද කරලා තේරුමකුත් නැහැ...මොකද මේවා අපි ඉපදුනු දා ඉදන් උබලගේ අපේ ඔළුවල තැන්පත් වෙලා තියෙන දේ...ඇත්තටම අපි කවුරුත් දන්නේ නැහැ මැරුණම අපි ආයේ ඉපදෙයිද, ස්වර්ගෙට යයිද, අපායට යයිද මක් වෙයිද කියල...අපිට කියල දීපු දෙයක් අල්ලාගෙන අපි ඒ අනුව ජීවත් වෙනවා, ඒවා විසවාස කරනවා...ඔන්න ඕකයි තිත්ත උනත් ඇත්ත...
උබල මේක පිළිගන්න සුදානම් නැහැ කියල මම දන්නවා..මට එකට අවුලකුත් නැහැ..මම උබලට ඔය අදහන ආගම් අදහන්න එපා කියන්නෙත් නැහැ..මම කිව්වේ මට හිතෙන දකින දේ...![]()
ඉස්ලාම් ආගම බලපන් (ඉස්ලාම් ව්‍යාපාරය) මැරුණට පස්සේ තමයි උබට විශ්වාස කරන්න වෙන්නේ අල්ල උබව කොහෙටද යැව්වේ කියල ....කතෝලික ආගම බලපන් මැරුණට පස්සේ තමයි උබට ස්වර්ගෙට ගියාද නැද්ද කියල බලන්න පුළුවන් ....හින්දු ආගමේ මෝක්ෂය හොයාගන්න වෙන්නෙත් ඔය ක්‍රමේටම තමයි .. බුද්ධ දර්ශනය ටත් ආගම කෑල්ල තියන නිසා වෙන්න ඇති අනිත් ආගම් ගොඩටම දාල තියෙන්නේ ...එත් බුදුසමයේ ඒහි පස්සිකෝ ( එන්න ධර්මය දකින්න) කිව්වේ නිකන් නෙවෙයි බන් ...උබට මැරෙන්න කලින් මේ ජිවිතයේ දීම නිර්වාණය ( උබල හිතන්නේ නිර්වාණය කියන්නේ ස්වර්ගය මෝක්ෂය වගේ වෙන්න ඇති කියල ) උබටම අත්දකින්න පුළුවන් නිසා ...මැරුණට පස්සේ වෙන දෙයක් නෙවෙයි බන් බුද්ධ දර්ශනයේ කියන්නේ ...ඒකයි බුදුසමය ලොව වෙනත් දර්ශනයන්ගෙන් වෙනස් වෙන්නේ ...එකයි කිව්වේ ඒහි පස්සිකෝ කියල ....උබල වගේ එවුන් එදාත් හිටිය නිසයි කාලම සුත්‍රය දේශනා කලේ ...
අනුශ්‍රව කතාවෙන් නොගනුව -(මා අනුස්සවෙන), – ආරංචි මාත්‍රයෙන්, අසන්නට ලැබුණු පමණින් පිළිනොගතයුතු බව .
පරම්පරා කථායෙනුද නොගනුව (මා පරම්පරාය), – පාරම්පරිකව පැවතෙන විශ්වාස ඇදහිලි අරුත්ගැන්වීම්වලට අනුකූල පමණින්ම පිළිනොගත යුතු බව,
තෙල මෙසේ වීලයිද නොගනුව, (මා ඉතිකිරාය), – යමක් “මේ අයුරින් සිදුවුණිලු” යන අදහසින් පමණක් පිළිනොගතයුතු බව,
අපගේ පෙළ හා යෙදෙතියිද නොගනුව, (මා පිටක සම්පදානෙන), තම තමන්ගේ පිළිගත් පිටක සම්ප්‍රදාය අනුව, පොත පත සමග ගැලපුණු පමණින් නොපිළිගතයුතු බව,
තර්කග්‍රාහයෙන්ද නොගනුව, (මා තක්ක හේතු), හුදු තර්කානුකූල වූ පමණින් පිළිනොගතයුතු බව,
න්‍යායග්‍රහයෙන්ද නොගනුව, (මා නය හේතු), හුදු න්‍යායන්ට අනුකූල පමණින් පිළිනොගතයුතු බව,
ආකාර පරිවිතර්කයෙන්ද නොගනුව, (මා ආකාර පරිවිතක්කෙන), යහපත් ආකාරයෙන් පෙනෙන්නට තිබූ පමණින් නොපිළිගතයුතු බව,
අප සිතා ඉවසාගත් දෘෂ්ටිය හා ගැලපේ යයිද නොගනුව, (මා දිට්ඨිනිජ්ඣානක්ඛන්තියා), තම තමන් සිතාබලා සුදුසු යයි සතුටින් පිළිගත් යම් විශ්වාස, ඇදහිලි, දෘෂ්ටීන් සමග ගැලපුණු පමණින් නොපිලිගතයුතු බව,
භව්‍යරූප්‍යතාවෙන්ද නොගනුව, (මා භබ්බරූපතාය), මොහු ගරුකටයුතුය, සුදුස්සෙක, යයි සැලකීමෙන් පමණක් පිළිනොගතයුතු බව,
මේ මහණ අපට ගුරු යයිද නොගනුව, (මා සමණෝ නො ගරොති), තම ආචාර්‍යයන්, ගුරුන් විසින් කී පමණින්ම නොපිළිගතයුතු බව,
දැන් උබට ප්‍රශ්නයක් වෙලා තියන දේට හේතුව පැහැදිලි ඇති ....ඉතින් එන්න ධර්මය දකින්න ....උබට එන්නම වෙයි හේතුව තමයි උබට " එන්න ඇවිත් බලන්න " කියන ලොව වෙනත් දර්ශනයක්වත් ආගමක්වත් හමු නොවන නිසා ...



