ලෝක බැංකු වාර්තාවට අනුව කාළගුණික විපර්යාස මගින් තර්ජනයට ලක් විය හැකි රටවල් අතරට ලංකාවද ඇතුලත් වෙනවා. මේවා අතර ඉඩෝරයන්, ගං වතුර, මුහුදු මට්ටම ඉහළ යාම සදහන් වෙනවා. ලංකාවට වැසි ලැබෙන ක්‍රම දෙකක් පවතිනවා, ඊශාන දිග මෝසම් - මෙය දෙසැම්බර් ඉදලා පෙබරවාරි දක්වා පවතිනවා, නිරිත දිග මෝසම් - මෙය මැයි මැද සිට සැප්තැම්බර් අග - ඔක්තෝම්බර් දක්වා පවතිනවා. පරිසර දුෂණය, ගස් කැපීම, කාබන් වීමෝචනය ආදි හේතු නිසා ඇති වී තිබෙන කාළගුණික විපර්යාසය නිසා වැසි නිසි කලට නොලැබීම නිසා ඉඩෝර තත්වයන් ඇතිවීමට පුලුවන්. විදුලිය නිපදවීම, කෘෂිකර්මය සදහා වැසි ජලය මත යැපීම නිසා, නිසි කලට වැසි නොලැබීම මගින් විදුලිය සැපයීම අක්‍රිය වෙන්න පුලුවන්, කෘෂිකර්මික කටයුතු නිසි ලෙස කරගැනීමට බැරිවීම නිසා ආහාර නිෂ්පාදනයට බාදා වෙන්න පුලුවන් ,මෙය දිගටම පැවතුනොත් පානිය ජල ප්‍රශ්ණයක්ද මතුවෙන්න පුලුවන්. 2014 මාර්තු මාසේ ඇතිවෙච්ච ඉඩෝර තත්වය නිසා පවුල් දෙලක්ෂ හතලිස් දාහක් විපතට පත්වී ඇති බව OCHA (UN Office for the Coordination of Humanitarian Affairs) වාර්තා කරනවා. කාළගුණික වාර්තා අනුව ලංකාවට රස්නේම මාස තමයි පෙබරවාරි, මාර්තු, අප්‍රේල්. ඒක නිසා ඉස්සරහට ඉඩෝර බලාපොරොත්තු වෙන්න පුලුවන් කලින් අවුරුදු වගේම. පෙර සුදානම් වීම මගින්, මෙම තත්වයෙන් ඇති වෙන්න පුලුවන් ගැටලු අවම කරගන්න පුලුවන්.
http://www.irinnews.org/report/99884/drought-begins-to-bite-in-sri-lanka
http://www.irinnews.org/report/85179/global-twelve-countries-on-climate-change-hit-list
http://www.worldweatheronline.com/sri-lanka-weather.aspx
Last edited:



