Amazing little girl call Iris Grace

tcgunarathena

Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    අග්‍රගණ්‍යයේ චිත්‍ර ශිල්පීන් එකල සිටම ලෝකයේ බිහිව තිබේ. ඔවුන් බිහිවී ඇත්තේ ඔවුන් විසින් කලාවේදී උපයා ඇති අත්දැකීම් සහ ඔවුන්ගේ කල්පිරීමත් සමගය. කෙසේවුවත් ලෝකයක් තුළ ශ්‍රේෂ්ඨ චිත්‍ර ශිල්පීන් බිහිව ඇත්තේ ඔවුන්ගේ වයසත් සමග බව කිව හැකිය. එවැනි පසුබිමක් තුළ ලෝකයට බිහිවූ කුඩා චිත්‍ර ශිල්පිනියක වන Iris Grace සුවිශේෂත්වයකින් හැඳින්විය හැකිය. අවුරුදු 03ක් වයසැති මෙම කුඩා දියණිය ලෝකයට බිහිවූ බොහෝ චිත්‍ර ශිල්පීන් හට අභියෝගයක් වී ඇති බවටද බොහෝ දෙනා පවසති.

    ඇයගේ චිත්‍රවල නොපෙනෙන අර්ථයක් ඇති බවට බොහෝ ශ්‍රේෂ්ඨ චිත්‍ර ශිල්පීන් පවසා ඇත. එයට හේතු වන්නේ ඇය විසින් සිතුවම් කරනු ලබන චිත්‍ර එකිනෙකට වෙනස් වූ කලාවක් ගන්නා නිසාය. ඇය විසින් සිතුවම් කරනු ලැබූ චිත්‍රය එකතුවක් පසුගිය වසරේ මැද කාලයේදී ප්‍රදර්ශනයක් සඳහා ඉදිරිපත් කර ඇත. එහිදී තිබූ එක් සිතුවමක් සඳහා ඇයට සම්මානයක් ලබා දී ඇතැයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි. අවුරුදු 03ක් වයසැති මෙම කුඩා දැරියගේ හොඳම මිතුරා ලෙස සැලකෙන්නේ ඇයත් සමග ගතකරනා සුරතල් සත්ත්වයා වන (තුලා) පූසාය.

    ඇය විසින් සිතුවම් කිරීමේදී මෙම සුරතලාද එම සිතුවම්වල රසය විඳගන්නා බවක් හැඟේ. දියසායම් කලාවෙන් සිතුවම් හැඬගන්වනා Iris Graceගේ විනෝදාංශය වන්නේ නිදාගැනීම බවද පවසයි. ඇය දහවල් කාලය තුළදී සිතුවම් ඇඳීම කරන අතර, ඇයට එය එපා වුවහොත් ඇය සිටින තැනම සිට නිදාගන්නා බව ඇගේ දෙමාපියන් එක්තරා පුවත්පත් සාකච්ඡාවකදී පවසා ඇත. තම දෙමාපියන්ට නොතිබෙන නිර්මාණ හැකියාවක් ඇති ඇය පිළිබඳව බොහෝ විදෙස් මාධ්‍ය මෙන්ම පුවත්පත්ද වාර්තා කර ඇත.

    ඇගේ නිර්මාණය හැකියාව සහ ඇයගේ ජීවිතය පිළිබඳවද එක් කතුවරයෙක් විසින් ග්‍රන්ථයක් නිර්මාණය කර ඇති අතර, එය මෙම වර්ෂයේ පෙබරවාරි මාසයේදී එළිදැක්වීමට නියමිතය. එහි අඩංගු වන්නේ ඇගේ නිර්මාණ ශක්තිය පිළිබඳව සහ ඇගේ ධනාත්මක මනස පිළිබඳවයි. එය ඔස්ට්‍රේලියාවේ ඇතැම් පාසල් වලට පවා නිර්දේශ කරන බව එහි කතුවරයා පවසා ඇතැයි සඳහන් වෙයි.


    iris-painting_3071027k.jpg


    ht_iris_grace_painter_cat_jc_140930_16x9_992.jpg


    iris-thula-outside_3071041k.jpg


    1413149585951_wps_11_Heart_warming_Friendship_.jpg


    Grace-Halmshaw_2588248b.jpg


    iris-thula-cat-_3071049k.jpg


    Iris-Grace-Painting2.jpg


    iris-thula-play_3071043k.jpg


    10338658_849523188395724_4917545019284001485_o.jpg


    enhanced-30017-1411723490-13.jpg


    dance-to-the-oboe.jpg


    iris-grace-halmshaw-paintings-01.jpg


    ae0bdea9192dd1c426a4cf4a8c8fd176.jpg


    blue-grace2.jpg


    iris-grace-halmshaw-paintings-03.jpg


    painting-a-lullaby.jpg


    548fa0f9c5212_-_rbk-iris-grace-tiddle-tom.jpg