යාපනේ - එක්දින චාරිකාව

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    යාපනේ - එක්දින චාරිකාව

    ඔන්න එහෙනම් දවසෙන් යාපනේ ගිහිල්ලා ආවා..
    දවසෙන් කිව්වට පැය 27-28 ක් වගේ ගියා...
    යන්න කලින් ගොඩක් දෙනෙක් උදව් කරා.. ඒ අයගේ අත්දැකීම් බෙදාගත්තා..
    විශේෂයෙන්ම Mr PERERA සහ chamithcp ගොඩක් උදව් කරා..
    වචනෙකින් හරි උදව් කරපු හැමෝටම ගොඩක් පිං..

    එහෙනම් වැඩේට බහිමු..
    අපි ගියේ ලේක් හවුස් එකේ තිනකරන් පත්තර යාපනේට ගෙනියන බස් එකේ.. ඒක බුක් කරන්නේ මේ නම්බර් එකෙන්.. 0112429673.. මෙන්න සයිට් එක.. http://srilanka.travel-culture.com/tours/colombo-jafna-bus-service.shtml
    එක්කෙනෙකුට රු. 1100.00/= බස් එකේ විස්තර කියනව නම් හොඳටම හොඳයි.. ඒසී තියෙනවා නියමෙට.. සීට් හොඳයි.. ඇජස්ට් කරන්න පුළුවන්..
    sEhvMyF.jpg

    8qmwrNR.jpg

    ඔන්න අපි 2016 ජනවාරි 22 රෑ 11.40ට විතර කටුනායකින් බස් එකට නැග්ගා... පාන්දර වෙනකොට එහෙම පට්ට සීතලයි.. මම දැක්කා සමහර අය පොරවන රෙදි පවා අරන් ගිහිල්ලා තිබ්බා...

    61w62z6.jpg

    1EYXDqU.jpg

    TOX8uyx.jpg

    JyCjwY0.jpg

    උදේ 7.40 වගේ එද්දි අපි යාපනේ ටවුන් එකට ආවා.. එතනින් බැහැලා උදේට කෑම කෑවා..

    qjPfaWP.jpg

    brpw18P.jpg

    ZeII5bF.jpg

    කාලා ඉවර වෙලා බස් ස්ටෑන්ඩ් එකට ඇවිල්ලා අංක 776 යාපනය - කුරිකට්ටුවාන් බස් එකට නැග්ගා.. බස් ස්ටෑන්ඩ් එකේ පැය බාගයක් විතර ඉඳලා තමයි බස් එක ඇද්දේ.. බස් ගාස්තුව රු. 60/=..

    z5Tx7d2.jpg

    cQgDB7e.jpg

    5kfAQba.jpg

    NwvRI1Y.jpg

    IFfSmWm.jpg

    පැයක් විතර වගේ ගියා කුරිකට්ටුවාන් වලට යන්න.. බස් එකේ යන එකේ තියෙන වාසිය තමයි ජැටිය ගාවටම බස් එක යනවා.. අනිත් වාහන ඔක්කොම ඊට මෙහායින් තියෙන පාක් එකේ දාලා යන්න වෙනවා..
    එතනම කෑම කඩ තියෙනවා.. ඕන නම් දවල් කෑම ඕඩර් කරලම යන්න පුළුවන්..

    PrAvonJ.jpg

    2Xx0ENQ.jpg

    YBPjq6N.jpg

    bHq6D9p.jpg
    yLXXfGV.jpg

    5L65hN4.jpg

    ජැටියට ගියාම එතන තියෙනවා නේවි එකෙන් දාපු බෝට්ටු.. එතන ඉඳලා නාගදීපෙට රු.50/=ක් ගන්නවා බෝට්ටුවට.. වාඩිවෙලා යන්න තමයි තියෙන්නේ..

    1Ju9qJl.jpg

    WxbbcEk.jpg

    ඔන්න ඉතිං අපි නාගදීපේ විහාරෙට ආවා..

    BDYrH3z.jpg

    qLcqgyp.jpg

    පෝය දවසක් නිසා සිල් ගන්න එහෙමත් කට්ටිය ඇවිල්ලා හිටියා...

    j4D3tlN.jpg

    xdUfGHA.jpg

    PgQmeTH.jpg

    FjeJEIT.jpg

    R2rIYKV.jpg

    kkx3DNX.jpg
    hzOXcwf.jpg

    zle4Nr9.jpg

    yyHiA98.jpg

    Bh3hRuA.jpg

    u3iUCv9.jpg

    liIM3hF.jpg

    අපි විහාරෙත් වැඳ පුදාගෙන නාගදීපෙ කෝවිල බලන්නත් ගියා..
    නාගදීපෙ යන අය හොඳට මතක තියාගන්න ඕන දෙයක් තමයි කුරිකට්ටුවාන් වල ඉඳලා අපි යන බෝට්ටුව යන්නේ නාගදීප පන්සල ගාව තියෙන ජැටියට.. ආපහු එන බෝට්ටුව තියෙන්නේ නාගදීපෙ කෝවිල ගාව තියෙන ජැටියට..

    DiW8haq.jpg

    fEMBTW0.jpg

    yw27vBa.jpg

    ඔන්න ඉතිං අපි නාගදීපෙ ගිහිල්ලත් ආවා.. එන කොටම ජැටිය ගාව ලංගම බස් එකක් ගහලා තිබ්බා.. ඒකෙ නැගලා අපි යාපනේට ආවා...
    jrBz7f7.jpg

    oj2bHSB.jpg

    cTyhqsm.jpg

    එද්දි යාපනේ ටවුන් එකට ඇතුල් වෙන්න කලින් තියෙන වටරවුම ගාවින් බැස්සා.. බැහැලා යාපනේ කොටුව බලන්න ගියා.. කට්ට අවුව නිසා වැඩිය ඇවිදින්න ගියේ නැහැ..
    84mtAIk.jpg

    Zb6Kk6Y.jpg

    එහෙමම කොටුව බලලා කෙලින්ම ආවා යාපනේ පුස්තකාලෙ බලන්න..

    Vl3MfD4.jpg

    FtLQxbi.jpg

    පුස්තකාලේ බලලා ඉස්සරහට ඇවිදගෙන යද්දි ත්‍රීවීල් එකක් තිබ්බා.. නිකමට පොරගෙන් ඇහුවා අපි යන තැන් වල විස්තර කියලා ගාණ කොහොමද කියලා.. හොඳ වෙලාවට ඌට සිංහල ටිකක් පුළුවන්.. යුද්ධේ කාලෙ වැල්ලවත්තේ හිටපු පොරක්..
    රු.2500/=ක් කිව්වා.. කතාකරලා රු.1500/=ට අඩු කරගත්තා..
    මෙයාගේ නම කරන්.. 0779944224 මේක තමයි නොම්මරේ.. ඕන උනොත් කතාකරලා සෙට් කරගන්න..

    HTRbkEL.jpg

    එතනින් කෙලින්ම ගියා දඹකොළ පටුන විහාරය බලන්න..

    abdoIlp.jpg

    CvUSbQ8.jpg

    WFjNLTZ.jpg

    ටිකක් දුර යන්න ඕන.. මේ විහාරය වැදගත් වෙන්නේ සංඟමිත්තා තෙරණියෝ ශ්‍රී මහා බෝධිය ලංකාවට වැඩමවලා තියෙන්නේ දඹකොලපටුන නිසා.. මේක වර්ථමානයේ බලා කියාගන්නේ ශ්‍රීලංකා නාවික හමුදාවෙන්.. එතනම නාවික හමුදාවෙන් පවත්වාගෙන යන හෝටලයකුත් තියෙනවා..

    o2Ap1tw.jpg

    AE4mFwm.jpg

    bhAO24w.jpg

    uKHL2aU.jpg

    0x7lb7P.jpg

    I9ztFpy.jpg

    07GS4MO.jpg

    WzK0aEZ.jpg

    ඉතිං අපි දඹකොල පටුනත් වැඳලා ආපහු ආවා කීරමලේ පොකුණ බලන්න.. මේක මූදට ආසන්නවම තියෙන පොකුණක්.. ඒත් මේකෙ වතුර ලුණු රහ නැහැ කියලා කියනවා.. (මම රහ බලන්න නම් ගියේ නැහැ..) අපි යන දවසේ මේක අලුත්වැඩියා කටයුතු වගේකට වහලා.. නාන්න දෙන්නේ නැහැ..

    TES2vDX.jpg

    Cu8HddL.jpg

    IcJ86DR.jpg

    කීරමලේ පොකුණත් බලලා ආපහු එද්දි අපි දැක්කා කන්කසන්තුරේ සිමෙන්ති කම්හල.. දැන් නම් ඒක වැඩ කරන තත්වයේ නැහැ..

    wpmKJsS.jpg

    gpjb1rd.jpg

    ඊට පස්සේ අපි එන්න ආවා පතුලක් නැති ලිඳ බලන්න.. ඒ එද්දි එලවලු පාත්ති ගොඩාක් දැක්කා.. ඇත්තටම නැති දෙයක් නැති තරම්... පුදුමාකාර සරුවට හැම දෙයක්ම හැදෙනවා මේ පොලවේ..

    DK6Vf3R.jpg

    මේ තමයි පතුලක් නැති ලිඳ.. වතුර කළුම කළු පාටයි..

    lmZGBoA.jpg

    jgC3CkC.jpg

    1QWEos0.jpg

    EF9xMkr.jpg

    ඔන්න ඉතිං පතුලක් නැති ලිඳත් බැලුවා.. බලලා ඉවර වෙලා කෙලින්ම ආවා නල්ලූර් කෝවිලට..
    අපි එන වෙලාවේ කෝවිලේ විවාහ මංගල්ලයක්..

    OwLHqq3.jpg

    49sqWCn.jpg

    ඒකත් බලාගෙනම අපි කෝවිල බලන්න ගියා..

    dGjQPuz.jpg

    3v6wvBD.jpg

    XU85h8M.jpg

    ඊට පස්සේ අපි දවල්ට කෑවා.. දවල්ට කනකොට ගොඩක් හවස් උනා.. බඩගින්නක් තිබ්බෙත් නැහැ.. ටවුන් එකේ තිබ්බ US Restaurant එකෙන් තමයි දවල්ට කෑවේ...

    එතනින් අපි ආවා යාපනේ දුම්රිය ස්ථානයට.. නිකම් ආවේ බලන්නත් එක්ක.. හරිම ලස්සනට පිරිසිදුව තියෙනවා...

    fsiUt58.jpg

    ඊට පස්සේ රියෝ අයිස් ක්‍රීම් එකට ගිහිල්ලා අයිස් ක්‍රීම් කෑවා.. මම කොලඹවත් දැකලා නැහැ මෙච්චර ලොකු අයිස්ක්‍රීම් කඩයක්..
    කොල්ලුපිටියේ කානිවල් එක මොකද්ද කියලා හිතෙනවා..
    යාපනේ යනවා නම් අනිවා රියෝ එකට ගිහිල්ලා අයිස් ක්‍රීම් කන්න...

    MJtt9ZR.jpg

    ඊට පස්සේ අපි ඇවිල්ලා බස් එකට නැගලා ෆුල් නින්දක් දැම්මා...
    මීගමුව හරියෙදි කොන්දොස්තර මහත්තයා ඇහැරවද්දි තමයි දන්නේ..
    කටුනායකින් බහිද්දි පාන්දර 3.15 විතර උනා..

    uvELjUQ.jpg

    ඔන්න ඉතිං ගමන...
    උදව් කරපු ඔක්කොටම බොහොම පිං..

    යාපනේ යන්න ඉන්න අයට මේක උදව්වක් වේවි කියලා හිතනවා...

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ත්‍රෙඩ් එක බලද්දි ගොඩක් ආසා හිතුනා මචං. සන්තෝසයි.
    දවසෙන් අඩු වියදමෙන් මහන්සි නොබලා සාර්ථක නෙමෙයි අතිශයින්ම සාර්ථක සංචාරයක් කරලා තියෙනවා. අපිට තියෙන්නේ ලස්සනම් ලස්සන රටක්. පුළුවන් හැම වෙලාවකම ඇවිදපං. පොදු ප්‍රවාහන සේවා තියෙනකන් පොඩ්ඩක්වත් බය වෙන්න එපා. කාර් වෑන් ඕනේ නෑ ට්‍රිප් යන්න.
    උඹට ජය!!!
    මහන්සියට +17ක්.
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ත්‍රෙඩ් එක බලද්දි ගොඩක් ආසා හිතුනා මචං. සන්තෝසයි.
    දවසෙන් අඩු වියදමෙන් මහන්සි නොබලා සාර්ථක නෙමෙයි අතිශයින්ම සාර්ථක සංචාරයක් කරලා තියෙනවා. අපිට තියෙන්නේ ලස්සනම් ලස්සන රටක්. පුළුවන් හැම වෙලාවකම ඇවිදපං. පොදු ප්‍රවාහන සේවා තියෙනකන් පොඩ්ඩක්වත් බය වෙන්න එපා. කාර් වෑන් ඕනේ නෑ ට්‍රිප් යන්න.
    උඹට ජය!!!
    මහන්සියට +17ක්.

    එල මචං.. උඹ දීපු සප් එක කවදාවත් අමතක වෙන්නේ නැහැ..
     
    • Like
    Reactions: King_cobra

    cnk_123

    Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    ත්‍රෙඩ් එක බලද්දි ගොඩක් ආසා හිතුනා මචං. සන්තෝසයි.
    දවසෙන් අඩු වියදමෙන් මහන්සි නොබලා සාර්ථක නෙමෙයි අතිශයින්ම සාර්ථක සංචාරයක් කරලා තියෙනවා. අපිට තියෙන්නේ ලස්සනම් ලස්සන රටක්. පුළුවන් හැම වෙලාවකම ඇවිදපං. පොදු ප්‍රවාහන සේවා තියෙනකන් පොඩ්ඩක්වත් බය වෙන්න එපා. කාර් වෑන් ඕනේ නෑ ට්‍රිප් යන්න.
    උඹට ජය!!!
    මහන්සියට +17ක්.

    Patta neh machan. Maath yanna oni. :yes::yes::yes::yes:
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    uba welawata dambakola patuna three wheel ekakin giye, nethnam ubata eka dawasin cover karanna amarui machan. godak then thiyenawa machan balanna, mata ubata kiyanna amathka una, jaffna museum ekak thiyenawa kiyala. mamath eka dawasak nikan hadissiye wage gihin awe. dawas 3-4k set karagena palayan bus eke unath yanawa nam, Casurina beach gihin nala, kadurugoda wedala, peduruthuduwa point ekatath gihin midi wathu balala waren ;)
     
    • Like
    Reactions: Radical78

    කන් ඇහෙන්නේ නැති නාකි සෙරෙප්පු වසංගතේ.. :frown:
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    elakie macho...

    Patta neh machan. Maath yanna oni. :yes::yes::yes::yes:

    uba welawata dambakola patuna three wheel ekakin giye, nethnam ubata eka dawasin cover karanna amarui machan. godak then thiyenawa machan balanna, mata ubata kiyanna amathka una, jaffna museum ekak thiyenawa kiyala. mamath eka dawasak nikan hadissiye wage gihin awe. dawas 3-4k set karagena palayan bus eke unath yanawa nam, Casurina beach gihin nala, kadurugoda wedala, peduruthuduwa point ekatath gihin midi wathu balala waren ;)

    ඔව් මචං.. ආයේ යන්න ඕන..
    අපිට තියෙන බිසී එකත් එක්ක මෙහෙම හරි ගිහිල්ලා ආපු එක ලොකු දෙයක්...
    තෑක්න්ස්...

    කන් ඇහෙන්නේ නැති නාකි සෙරෙප්පු වසංගතේ.. :frown:

    :cool::cool::cool::cool::cool::cool:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    නියම ත්‍රෙඩ් එකක්...:cool:
    දවසින් කිව්වට සෑහෙන දේවල් ගොඩක් බලන්න ගිහින් නේ..
    11.gif

    විස්තර බෙදා ගත්තට බොහොම ස්තූතියි...:yes:
    +Rep
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    කන් ඇහෙන්නේ නැති නාකි සෙරෙප්පු වසංගතේ.. :frown:

    kalekin yaluwek ekka katha kala wurthikayo (we*****)

    yapane yana eka nathara karanna wenne ne ooi, onna arage ithuru tikath patan ganna den lesthi wenawa. kamara ona un denma kiypalla. mokada ehe hena rush eka. ;)
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    මමත් ඔය බස් එකේම ගිය ටුවර් එකක් ගැන ත්‍රෙඩ් එකක් දැම්ම ටික කාලෙකට කලින්..:cool:
    දැන් ඒකෙ පින්තූර ටික පේන්නේ නෑ...:(
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    kalekin yaluwek ekka katha kala wurthikayo (we*****)

    yapane yana eka nathara karanna wenne ne ooi, onna arage ithuru tikath patan ganna den lesthi wenawa. kamara ona un denma kiypalla. mokada ehe hena rush eka. ;)

    :eek:
    බේබද්දෙක් වගේ බොන්න පුළුවන්. හිටපං අක්කට මම ගින්න දෙනවා. ඊට පස්සේ උඹට කනක් ඇහුලා ඉන්න වෙන්නේ නෑ..

    කං ඇහෙන්නේ නෑ බොට. අර පැරිසා කියනවා වගේ "නාකියා"