CEPA කාටද ?

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    Cartoon-Thoughts.jpg

    මේ සටහන වෙන් වන්නේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඇතිකර ගැනිමට උතසහ දරන CEPA ගිවිසුම පිළිබඳවයි.

    CEPA යනු Comprehensive Economic Partnership Agreement නමින් හඳුන්වනු ලබන ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ඇතිකර ගැනිමට උත්සාහ කරන ගිවිසුමයි.



    මෙම ගිවිසුමේ ප්‍රධාන වශයෙන් අවධානය යොමු වෙන්නේ පහත දැක්වෙන කරුණු පිළිබඳවයි

    • Trade in Goods (භාණ්ඩ ආනයනය සහ අපනයනය)
    • Investments (මුල්‍ය ආයෝජනය)
    • Trade in Services (සේවා සැපයීම සහ ලබාගැනීම)
    • Free movement of people (දෙරට අතර නිදහසේ ගමන් කිරීමට ඇති ඉඩකඩ)
    මෙම ගිවිසුම පිළිබඳව බොහෝ පාර්ශවයන් දක්වන්නේ ඉතා දැඩි අකමැත්තක්. නමුත් ඇතැමෙක් මෙම ගිවිසුම ශ්‍රී ලංකාවේ සංවර්ධනයට මහඟු අවස්ථාවක් ලෙස අර්ථ දක්වනවා.


    මෙම ගිවිසුම ගිවිසුමේ පවතනින ගැටළු සහගත තත්වයන් අපට මෙලෙස හඳුන්වා දිය හැකියි.


    ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර මේ වනවිටත් භාණ්ඩ ආනයනය සහ අපනයනය සඳහා නිදහස් වෙළඳ ගිවිසුමක් පවතිනවා. නමුත් එයේ ඉතා අසාර්ථක මට්ටමකයි පවතින්නේ. එයට ඉතා හොඳම නිදසුන පහත දැක්වෙනවා. එහි දැක්වෙන්නේ පසුගිය වසර වල ශ්‍රී ලංකාවේ අපනයනයන් ඉන්දියාව සහ අනෙකුත් රටවල් අතර බෙදී ගොස් තිබෙන්නේ කෙලෙසද යන්නයි


    SL-and-India-Exports-03.jpg

    මෙමෙ ප්‍රස්ථාරය නිරීක්ෂනය කිරීමේදී ඔබට පැහැදිලිව දක්නට ලැබෙන කරුණ නම් නිදහස් වෙළඳ ගිවිසුම යටතේදී පවා ඉන්දියාවට ශ්‍රී ලංකවෙන් සිදුවූ අපනයනයන්ගේ වර්ධනයක් සිදුවී නොමැති බවයි. නමුත් අනෙකුත් රටවල් වලට සිදුවූ අපනයනයන් ඉහල ගොස් තිබෙනවා. එනම් අපගේ නිෂ්පාධනය වැඩි වී ඇති නමුත් ඒවාට ඉන්දියානු වෙළඳ පොළ නිර්මාණය වෙන්නේ නැහැ.


    යුරෝපය ඇතුළු අනෙකුත් රටවලට පවා අලෙවි වන අපගේ භාණ්ඩ වල තත්වය පිළිබඳව කිසිදු ගැටළුවක් නැහැ. ඒ අනුව පෙනී යන්නේ ශ්‍රී ලංකාවේ අපනයනයන්ට තම රට තුල වෙළඳ පොළ නිර්මාණය කර දීම සඳහා ඉන්දීය පාලනය අපොහොසත් වී තිබෙන බවයි. ඒ අනුව නිදහස් වෙළඳ ගිවිසුමටත් වඩා වැඩි පරාසයක් ආවරණය වෙන විශාල ගිවිසුමකට ඔවුන් සමග එකඟ වීම විශාල ගැටළුවක්.


    ශ්‍රී ලංකාවට ඉතා ඉහල වටිනාකමක් ඇති කේෂ්ත්‍ර වල රැකියා වල නියුතු වීමට ඉන්දීය පුරවැසියන්ට ලබා දී ඇති ඉඩකඩ ඉතා බරපතල ගැටළුවක්. මෙමෙ කේෂේත්‍ර දෙක වන්නේ පරිගණක කේෂේත්‍රය සහ නාවික ක්ෂේත්‍රයයි. ඉන්දියාව යනු ඉතා ඉහල විරකියවකින් සමන්විත රටක් ඒ අනුව අපගේ රැකියා වෙළඳ පොළ ඔවුන්ට විවුර්ත වීම් තුලින් සිදුවන්නේ අපගේ රටේ විරකියවද ඉහල යාම පමණයි.


    පසුගියදා ඉන්දියාවේ පුවත්පතක පලවූ රැකියා අබර්තු 300ක් සඳහා මිලියන 2 කටත් වඩා අයදුම් පත් යොමුකර තිබූ බවට ඉන්දීය පුවත්පතක්ම වාර්තා කර තිබුනා. ඒ අනුව අපගේ රැකියා වෙළඳපොලට ඇතිවන ඉරණම ගැන සිතා ගැනීමටවත් නොහැකි තරම්.


    නාවික සහ ධිවර ක්ෂේත්‍රයන් ගේ තත්වය මිට වඩා බරපතලයි. ඉන්දීය ධීවරයන් ශ්‍රී ලංකා මුහුදු සිමාවේ අනවසරයෙන් ධිවර කටයුතු වල නිරත වීම අපේ ධීවරයන්ට ඇති බරපතලම ගැටළුවක්. මෙම ගිවිසුම හරහා නාවික සහ ධිවර කටයුතු කරගෙන යාමට මෙලෙස ඉඩ ලබාදුනහොත් ශ්‍රී ලංකවේ ධිවර කාර්මිකයන් පත්වන්නේ ඉතා විශාල ගැටලුවකටයි.


    දෙරට අතර නිදහසේ ගමන් බිමන් යාමට ලබා දී ඇති නිදහස මීළඟ ගැටලුවයි. ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල අදායම ඉන්දියාවට වඩා ඉහල අගයක් ගන්නවා. එමෙන්ම ඉන්දියාවට වඩා ශ්‍රී ලංකවේ ජිවන මටමද ඉහල අගයක පවතිනවා. මෙලෙස පවතින අවස්ථාවක ඉන්දීය පුරවැසියන්ට අපගේ රටට නිදහසේ ඒමට අවස්ථාව ලබාදීම ඉතාමත් බරපතල ගැටළු රාශියකට මුල පුරන්නක් විය හැකියි.


    නාගරීකරණය ඉතා වේගයෙන් ඉහල යනු ඇති අතර ඒ මගින් ඇතිවන සමාජ සහ ආර්ථික ගැටළු පිළිබඳව සිතා ගැනීමටවත් නොහැකි තරම්. රටේ ආරක්ෂාව පිලිබඳ ඇතිවන ගැටළු ගැන සිතන්නත් අපහසු වෙනු ඇති.
    අප මේ විස්තර කරනු ලැබුවේ කරණා කිහිපයක් පිළිබඳව පමණයි. CEPA ගිවිසුම පිළිබඳව ඔබේ අදහසුත් comment එකක් ලෙස එකතු කරන්න. ඔබ මින් පෙර CEPA ගිවිසුම පිළිබඳව දැනුවත්ව සිටියේ නැතිනම් කරුණාකර ඒ පිළිබඳව දැනුවත් වන්න මන්ද මෙය ශ්‍රී ලංකාව් අනාගතය තීරණය කරනු ලබන තීරණාත්මක මොහොතක් වන නිසාවෙනි


    සංවාදයට විවෘත්තයි.

    උපුටා ගැනීම
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    මෙව්වා මෙච්චර කියලත් ඕක හොදයි කියන උන් ඉන්නවනේ බන් ..:no::frown:

    දැන් මේ රටේ ඉන්නේ ඉන්දියාව දියුණු කරන්න වැඩකරන අගමැතියෙක් සහ පොන්න හුටන් ජනාදිපතියෙක් ..

    මුන් ලංකාව ගැන මිනිස්සු ගැන හිතන්නේ නෑ ..යන තැනක කුඩු වෙලාම යන්න ඕනේ ඕකුන් දෙන්නව :frown::angry:
     

    idiaz

    Banned
  • Jan 22, 2016
    966
    32
    28
    මරුසිරා;19618476 said:
    මෙව්වා මෙච්චර කියලත් ඕක හොදයි කියන උන් ඉන්නවනේ බන් ..:no::frown:

    දැන් මේ රටේ ඉන්නේ ඉන්දියාව දියුණු කරන්න වැඩකරන අගමැතියෙක් සහ පොන්න හුටන් ජනාදිපතියෙක් ..

    මුන් ලංකාව ගැන මිනිස්සු ගැන හිතන්නේ නෑ ..යන තැනක කුඩු වෙලාම යන්න ඕනේ ඕකුන් දෙන්නව :frown::angry:


    :yes::yes:
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    මරුසිරා;19618476 said:
    මෙව්වා මෙච්චර කියලත් ඕක හොදයි කියන උන් ඉන්නවනේ බන් ..:no::frown:

    දැන් මේ රටේ ඉන්නේ ඉන්දියාව දියුණු කරන්න වැඩකරන අගමැතියෙක් සහ පොන්න හුටන් ජනාදිපතියෙක් ..

    මුන් ලංකාව ගැන මිනිස්සු ගැන හිතන්නේ නෑ ..යන තැනක කුඩු වෙලාම යන්න ඕනේ ඕකුන් දෙන්නව :frown::angry:

    ආයෙමත් කියන්නේ මුන්දෙන්නවයි මුන්ට කඩේ යන සමනල්ලුන්වයි කුඩුවෙලාම යන්න ඕනේ :yes::yes::cool:
     

    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    UP

    CEPA walata ekenma wiruddai eth prashnaya thiyenne ape aya online jilmarts (online pettions) danawa erenna hoda practical weda piliwelak karanne na meka nawaththanna :(:dull:
    +
    toi /bai gaga inna harak relath ekka nam mona agreement awath ibema pass karanna lesi mokada thama thamange pawdgalika/deshapalana wasi gena misak rata gena ek wela ekamuthuwa kawruth weda karanne na :(:angry:
    +
    mona paalakaya hitiyath thamange rata gena hithanne aduwen wena wena waasi thakaa rata wunath wikunnanna e aya lesthi :dull:
    =
    mona de wunath anthimata kela wenne rate ahinsaka janathawa
     
    Last edited:

    idiaz

    Banned
  • Jan 22, 2016
    966
    32
    28
    මරුසිරා;19618550 said:
    ආයෙමත් කියන්නේ මුන්දෙන්නවයි මුන්ට කඩේ යන සමනල්ලුන්වයි කුඩුවෙලාම යන්න ඕනේ :yes::yes::cool:


    පොල් ගහමු ද බන් වස් කවිත් හොදයි :yes::yes: