රජෙකුගේ දවසක්
පුරාණ ලංකාවේ රජෙකුගේ දෛනික කාලසටහන මොන ආකාර වන්නට ඇත්ද?
ඒ පිලිබඳ කරුණු සොයාබැලීමේදී "කඳවුරු සිරිත" නම් අපූරු ග්‍රන්ථයක් හමුවෙනවා. එම ග්‍රන්ථයෙන් විස්තර වන්නේ II වන පරාක්‍රමබාහු රජතුමාගේ දින චරියාවයි.
II වන පරාක්‍රමබාහු යනු ලංකා ඉතිහාසයේ රන් අකුරින් ලියැවෙන නමක්. දඹදෙනිය රාජධානිය කරගනිමින්, ක්‍රි.ව. 1236 සිට ක්‍රි.ව. 1270 දක්වා වසර 34ක් රජකම් කල මෙතුමා තම පාලනකාලය තුලදී කාලිංගමාඝ, චන්ද්‍රභානු වැන්නන්ගේ විදේශ ආක්‍රමණවලට සාර්ථකව මුහුනදෙමින් ධාර්මික පාලනයක් ගෙන ගියා. එසේම විවිධ විශයන් ගැන මනා දැනුමක් තිබූ මෙතුමා "කලිකාල සාහිත්‍ය සර්වඥ පණ්ඩිත" යන ගෞරව නාමයෙන්ද පිදුම් ලැබුවා.
"කඳවුරු සිරිත" ග්‍රන්ථයෙන් විස්තර වන්නේ එතුමාගේ දින චරියාව වුවත්, පුරාණ ලංකාවේ බොහෝ ධාර්මික රජවරුන් මීට සමාන දින චරියාවක් පවත්වාගන්නට ඇතැයි අපට උපකල්පනය කිරීමට පුලුවන්.
ඒකත් මරු නේද බන්..හොදම සීන් එක තමයි බිසෝ ගබඩාවට ගිහින් පැය දෙකක් ගත කිරීම...















