මචන් fb එකේ ෆට්ට ආතල් පේජ් එකක් සෙට් වුනා බන්...



.....විහිලු දන් නැති එවුන් පල එලියට.....ඔන්න කියවන්න කලින්ම කිව්වා.....








ජීවිත දහස් ගණනින් බිළි ගත් සුනාමි උවදුරට අදට වසර 11යි. මුහුද ගොඩ ගැලීමට සැලැස්වූ මීනිමරුවා මහින්ද රාජපක්ෂද ?
මෙරට ජන ජීවිතයම අඩපණ කරමින් මුලු රටම එකම මලගෙයක් කල සුනාමි උවදුරට අදට වසර එකොලහක් පිරෙ. මුලු රටේම මුහුදු බඩ පෙදෙස් වල ජීවත් වූ ජනතාවගෙ ජීවිත , දේපළ අහිමි කෙරු සුනාමි උවදුර නිසා සිදුවු මහා විනාශය මතින් ගොඩ නැගීමට අප රටට විශාල කාලයක් ගත වුනා. ස්වාභාවික විපතක් යැයි පෙන්වූ මේ මහා ව්‍යවසනයට සැබැ හේතුව කවුද ? සුනාමියට බලපෑ සැබැ හේතුව කුමක්ද ? ගවේෂණාත්මක මාධ්‍යවේදීයෙකු වශයෙන් මා ශ්‍රී ලංකාවම හැඩවු සුනාමි ඛේදවාචකයෙ අක්මුල් සොයා ගියා. මේ දිග හැරෙන්නෙ මාගෙ ගවේෂණයෙන් හෙළි කර ගත් එම කතාවයි.
ඒ 2004 වසරයි. ශ්‍රී ලාංකේය දේශපාලනයෙ ජනමතයෙ ලොකුම පාවාදීම සිදු කල වසරයි. 2001 වසරේදී ජනමතය ජයග්‍රහණය කරවමින් බලයට පැමිනි ගරු රනිල් වික්‍රමසිංහ මැතිදුන්ගේ රජය කුමන්ත්‍රණයක් මගින් විසුරුවා හැරි වසරයි. රටෙ බහුතරයකගේ මනාපයෙන් අගමැති වී , උතුරු නැගෙනහිර පාලනය කල ප්රභාකරන් මහතා සමග සාම ගිවිසුමකට එලැබ රටට සාමය ගෙනා ජාතියෙ අප්පච්චි රනිල් වික්රමසිංහයන්ට නොබෙල් සාම ත්‍යාගය ලැබෙයැයි බියෙන් ඔහුගෙ රජය විසුරුවා හැරියෙ එවකට ජනපතිනි, හිටපු දෙශද්රෝහි චන්ද්‍රීකා කුමාරණතුංග මැතිනියයි. ඒ හිටපු දේශද්‍රෝහි මංගල සමරවීර මහතා1ගේ හා දූෂ්ට මහින්ද රාජපක්ෂගෙ උපදෙස් මතයි. රනිල් වික්‍රමසිංහ ගෙ ජනතාවාදී රජය පළවා හැර අගමැති ධූරයට පත් වූයෙ එවකට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂයි. ශ්‍රී ලංකාද්වීපයෙ අවාසනාවන්තම කාල පරිච්ඡේදය එසෙ ආරම්භ උනා.
ඉන්දියන් සාගරයෙ මුතු ඇටය ලෙස අතීතයෙ සිටම හැදින්වු වර්ග කිලෝමීටර හැට පන්දහසක විශාලත්වයකින් යුත් මේ මනරම් දූපතෙ වටිනාකම අගයකට ලඝු කල නොහැකියි. චීනයෙ සිට බටහිරට 18 වන ශත වර්ෂයෙ සිට වෙළද නැව් ගමනාගමනය සිදු කල , පෙරදිග අපරදිග යා කරන සේද මාවත ලෙස හැදින්වු මුහුදු මාවත ඔස්සෙ පිහිටි ශ්‍රී ලංකාව පිහිටීම අනුව ආසීයාවෙ බලය තහවුරු කර ගැනීමට වැදගත්ම ස්ථානයක් වෙනවා. යුධමය වශයෙන් ශ්‍රී ලංකාවෙ පිහිටීම අතිශය වැදගත් වන්නෙ ඉන්දියාව , චීනය ආදි පෙරදිග බලවත් රටවල් වලට ක්ෂනයෙන් ලගා විය හැකි, නැගෙනහිර මුහුදු බඩ කොටස ස්වාභාවිකව ආරක්ෂා වු කදවුරක් ලෙස භාවිතා කල හැකි නිසා. මේ නිසා මෙම කුඩා රාජ්‍යයෙ සිය ආධිපත්‍ය පතුරා ගෝලීය වශයෙන් සිය අණසක පැතිරවීමට චීනය , ඉන්දියාව වැනි ආසියානු බලවතුන්ට මෙන්ම ඇමෙරිකාව , එක්සත් රාජධානීය වැනි අපරදිග බලවතුන්ටත් අවශ්‍යව තිබුනෙ කලක පටන්.
එම නිසායි ඔහුන් ශ්‍රී ලංකාවෙ පාලකයන් ලවා ශ්‍රී ලංකාව තම කොළනියක් කර ගැනීමට කටයුතු කරමින් සිටියෙ. චීනයෙ බීජින් ඔත්තු සේවය මේ අතරින් ප්‍රධානයි. මීලග ලෝක බලවතා වීමට කටයුතු කරමින් යන චීනයට ශ්‍රී ලංකාවෙ බලය තහවුරු කර අත්‍යවශ්‍ය උනා. එම නිසාමයි ඔහුන් සිය නියෝජිතයන් හරහා එවකට ශ්‍රී ලංකාවෙ අගමැති මහින්ද රාජපක්ෂ හමුවී සාකච්චා කරන්නෙ. තමන්ගේ උපදෙස් පරිදි ක්රීයා කරනවානම් මහින්ද රාජපක්ෂ ශ්‍රී ලංකාවෙ මීළග ජනාධිපති කිරිමට සුදානම් බව චීනයෙ නියෝජිතයන් මහින්ද රාජපක්ෂට කියා සිටිනවා. බලය ලැබෙනවා නම් රටට හෙන ගැහුවත් තැකීමක් නැති මහින්ද චීනයෙ කොන්දේසී වලට එකග වෙනවා. එතැන් පටන් මහින්ද ජනාධිපති කරවා ශ්‍රී ලංකාවෙ සිය ආධිපත්‍ය පැතිරවීමෙ මෙහෙයුම චීනයෙ බීජීං ඔත්තු සේවය ආරම්භ කරනවා.
එහි පලමු අදියර ලෙසයි ඉන්දියන් සාගරයෙ ශ්‍රී ලංකා මුහුදු තීරයට අයත් සාගර කලාපයක මුහුදු පතුලෙ චීනය සිය න්‍යශ්ටික පරීක්ෂණාගාරයක් පිහිටුවන්නෙ. න්‍යශ්ටික සබ්මෑරීන මගින් ආරක්ෂාව ලබා දුන් මෙම පරීක්ෂනාගාරයෙ සිට ඔහුන් න්‍යෂ්ටික පරීක්ෂණ හා මහින්දගෙ මැතිවරණ මෙහෙයුම් හසුරවමින් සිටියා. ශ්‍රී ලංකා රජයට රහසෙ මහින්ද රාජපක්ෂගේ අවසර ඇතිව රටෙ මුහුදු තීරයෙ විදෙස් ජාතියක් කදවුරු බැද සිටියෙ එසේයි. නමුත් ඔහුන්ට මෙය සැමදාම රහසක් ලෙස තබා ගැනීමට නොහැකි උනා.
2004 නොවෙම්බර් මස දිනක ගරු ජනපතිනි චන්ද්‍රීකා කුමාරණතුංග මහත්මිය කැබිනට් රැස්වීමක් කැදවා තිබුනා. ජනපතිනිය ප්රමුඛ කැබිනට් මණ්ඩලයෙ සියල්ලන්ම සහභාගි උනත් කැබිනට් මණ්ඩලයෙ ඉදිරිපෙලෙ එක අසුනක් හිස්ව තිබුනා. ඒ අගමැති මහින්ද රාජපක්ෂගෙ අසුන. ඔහු ඒ වන විටත් තංගල්ල වෙරළ තීරයට පැමිණි සබ්මැරීනයකට නැගි මුහුදු පතුලෙ පිහිටි චීන පරීක්ෂණාගාරය වෙත යාත්‍රා කරමින් සිටියා. ඒ ශ්‍රී ලංකාවෙ බලය සිය අතට ගන්නා අයුරු චීනය හා සාකච්චා කිරිමට. එදින කැබිනට් රැස්වීමට මහින්දගෙ නොපැමීනිම ජනපතිනියගෙ සැකයට හේතු වුනා. එම නිසායි ඇය මින් පසු මහින්ද රාජපක්ෂගෙ ගමන් ගැන සෙවීමට තීරණය කරන්නෙ.
දිනක් කැබිනට් මණ්ඩලයේදී මහින්ද
"මැඩම් මට ඊලග මීටිං එකට එන්න වෙන්නෙ නෑ" යැයි පවසන්නෙ බිම බලාගෙන සිය දකුණු කකුල්ලෙ මහපට ඇගිල්ලෙන් අරලියගහ මන්දිරියෙ ඔප දැමු පිගන් ගඩොල් මත චිත්‍ර අදිමින්.
" ඒ ඇයි මහින්ද ? " චන්ද්‍රීකා මහත් කුහුලෙන් විමසනවා.
" ඒ ඒ ඒදාට මැඩම් ශිරන්තිගෙ ගෙදර දානයක් " මහින්ද බිම බලාගෙනම පිළිතුරු දෙනවා.
" මොකක් ? ශිරන්ති කතොලික නෙ ? ඇත්ත කියනවා අයිසෙ ? " තමන්ට උපතින්ම හිමි වු තේජවන්ත හඩින් චන්ද්‍රීකා විමසන්නෙ මහින්ද ගෙ ඇගට සිංහ ධේනුවක් මෙන් කඩා පනිමින්.
"මැ මෑ මැඩම් මේ මේ මේ" කාන්තාවක් උනත් සිය නායිකාව ඉදිරියෙ ඇබරෙන ගති ඇති මහින්ද ගොත ගසනවිට ඔහු බේරා ගැනිමට ඉදිරිපත් වන්නෙ කැබිනට් අමාත්‍ය මෛත්‍රීපාල සිරිසෙන මහතා.
" මැඩම් මේ මහින්ද එදාට ලේකම් වරියක් එක්ක පෞද්ගලික සංචාරයක් යොදා ගෙන තියෙන්නෙ," යනුවෙන් ඔහු පවසන්නෙ සභාවම සිනා සයුරෙ ගිල්වමින්.
කෙසෙ හෝ මහින්ද රාජපක්ෂ තමාට හොරෙන් යන ගමන ගැන සොයා බැලීමට ජනපතිනිය තීරණය කරනවා. ඒ අනුවයි ඇය නියමිත දිනයේදි තංගල්ල කාල්ටන් නිවස අසල සැගවි හොරෙන් නිරීක්ෂණය කරන්නෙ. සුලු මොහොතකින් මහින්ද රැගත් මෝටර් රථය කාල්ටන් නිවසෙ දොරටුවෙන් එලියට පැමිනෙනවා. හර්කියුලිස් පාපැදියක නැගුනු හිටපු ජනපතිනිය මහින්ද පසුපස එලවන්නෙ හීයට බදු වේගයෙන්. අවසානයෙ මහින්ද රැගත් මෝටර් රථය තංගල්ල මුහුදු තීරයෙ වන ලැහැබක් අසල නවතිනවා. සිය පාපැදිය අසල ගහකට හේත්තු කරන ජනපතිනිය සිදු වන්නෙ කුමක්දැයි හොදින් දැක ගැනීමට මහින්ද සිටින් තැනට ලං වෙනවා.
සිදු වන්නෙ ඇය නොසිතු දෙයක්. එක් වරම මුහුදෙන් මතුවු යෝද මෝරෙක් කට අරිනවා. වටපිට බලා කිසිවෙකු නැතිබව තහවුරු කරගත් මහින්ද එක්වරම දුවගොස් මකරාගෙ කට තුලට යනවා. ඒ මතු වූයෙ මකරෙක් නොව සබ්මෑරීනයක් නොව බව හිටපු ජනපතිනිය වටහා ගත්තෙ සබ්මැරිනයෙ බදෙ ගසා තිබු චීන කොඩිය දුටු පසුයි. කෝපයෙන් පුපුර පුපුරා හිටපු ජනපතිනිය අරලියගහ මැදුර බලා ඒමට තංගල්ල - කොළබ බසයකට අත දමනවා.
හිටපු ජනපතිනියගෙ කෝපය ගිනි කන්දක් මෙන් පුපුරා යන්නෙ ඊළග කැබිනට් රැස්වීමේදි. ඒ චන්ද්‍රීකා මැතිණිය මහින්දගෙන් මේ ගැන විමසූවාට පසු. තමන් තුල සිටින සැබැ සර්පයා එළියට දමන මහින්ද රාජපක්ෂ නම් මෲගයා කැබිනට් මණ්ඩලයේදී ඇයට අසභ්‍ය වචනයෙන් බැන වදිනවා.
"ඈ බොල වේ# හු#&%* උබ ආවද මගෙ ඔත්තු බලන්න" . මහින්ද වේගයෙන් කෑ ගසනවා.
"මහින්ද කට වහනවා. තමුන් දන්නවද කාටද මේ කතා කරන්නෙ කියලා" පරුෂ වචනයට නොසැලෙන චන්ද්‍රීකා පවසන්නෙ කැබිනට් මණ්ඩලයම බිය ගන්වමින්.
"ඔව් දන්නවා. මම කතා කරන්නෙ පොට්ට වේ#*$&ට" මහින්ද පෙරළා උත්තර දෙන්නෙ ඔහු නොවැදගත් හද්දා පිටිසරකින් පැමිණි ගොඩයෙක් නිසා විය හැකියි.
"තමුසෙ ජනාධිපතිවරනෙට ඉල්ලන්න නේද ඉන්නෙ ? මම තමුසෙට එක රුපියලක ප්‍රතිපාදන දෙන්නෙ නෑ" හිටපු ජනපතිනිය මහින්ද මෙල්ල කිරිමට එසෙ පැවසුවත්.
"උබෙ සල්ලි මට එක රුපියලක් එපා ගෑනීයෙ, සල්ලි හොයා ගන්න හැටි මම දන්නවා" යැයි කෝපයෙන් පවසන මහින්ද සිය ලිපි ගොණු පොළවෙ ගසා අරලිය ගහ මැදුරෙන් පිට වෙනවා.
එසෙ පැමිනෙන ඔහු කෙලින්ම කතා කරන්නෙ චීන ඔත්තු සේවා නිළධාරීන්ට. එහිදි ඔහු පවසන්නෙ ඉදිරි ජනාධිපතිවරණයෙදී සිය ප්රචාරක වියදම් සදහා මුදල් අවශ්‍ය බවත් තමාට චීනයෙන් අරමුදල් අවශ්‍ය බවත්ය. බොහොම රහසින් සිය වැඩ කටයුතු සිදු කරන චීන ඔත්තු සේවා නිළධාරීන් මහින්දට පිළිතුරු දෙන්නෙ මුදල් දීම තමන් හට ප්‍රශ්නයක් නොවුනත් එම මුදල් ශ්‍රී ලංකා රජයට හසු විය හැකි නිසා මුදල් ලබා දිය හැක්කෙ සෘජුවම අධාර ලෙස පමණක් බවයි. හේතුවක් නොමැතිව මුදල් ලබා දීම සැකයට තුඩු දිය හැකි නිසා නියගයක් , ගං වතුරක් වැනි ස්වාභාවික විපතක් සිදු වෙන තුරු ඉවසන ලෙසත් එවිට චීන රජයට අධාර වශයෙන් අරමුදල ලබා දිය හැකි බව චීන නියෝජිතයන් ප්‍රකාශ කරනවා. ඉවසීම යන වචනයෙ අර්ථය කිසිදා ප්‍රගුණ කර නොතිබු මහින්ද පෙරළා චීන නියෝජිතයන්ට පවසන්නෙ තමන්ට ඉවසීමට කල් නොමැති බවත් චීනය තාක්ෂණික වශයෙන් බොහෝ දියුනු රටක් නිසා කෘතීමව ශ්‍රී ලංකාවෙ ස්වාභාවික ව්‍යසනයක් ඇති කර හො තමන් හට අරමුදල් ලබා දෙන ලෙසයි.
එවිට පිළිතුරු දෙන චීන නියෝජිතයා පවසන්නෙ ඉන්දියන් සයුර පතුලෙ තිබෙන සිය න්‍යෂ්ටික පර්යේෂනාගාරය මගින් මුහුදු පතුලෙ න්‍යෂ්ටික බෝම්බයක් පිපිර වීමට තමන්ට හැකි බවත් එයින් මුහුද පතුලෙ ඇතිවන විශාල කැලඹීම හේතුකොටන ශ්‍රී ලංකාවට මුහුද ගොඩ ගලන බවත් එවිට විශාල ජීවිත හානියක් සිදු විය හැකි බවත්ය. එයට කැමතිනම් තමන්ට ඒ සදහා කටයුතු කල හැකි බව චීන නියෝජීතයා පවසනවා. මිනිස් ජීවීතයක වටිනාකම නොදන්නා , මුදල් වලට කෑදර මහින්ද ඔහුගේ අදහසට ඉහලින්ම එකග වෙනවා.
කිසිවක් නොදන්නා අහින්සක මිනිස් ජීවිත රැසක් තම දේශපාලන අරමුණු වලට බිළි දීමට ඔහුන් යොදා ගෙන තිබුනෙ 2004 මස දෙසැම්බර මස 26 වැනිදා පෙරවරුවෙ. ඒ සදහා මුලින් 24 වෙනිදා යොදා ගැනීමට සිටියත් 24 පෝය දා මහින්ද බණ අහන නිසාත් , 25 වෙනිදා නත්තල් දා ශිරන්ති නත්තල් සමරන නිසාත් සුනාමිය ඇති කිරිම 26 වෙනිදාට කල් ගියා. 25 වෙනිදා මධ්‍යම රාත්‍රීයෙ දකුණෙ මුහුදු බඩ වෙසෙන මහින්ද රාජපක්ෂ සිය පවුලෙ ආරක්ෂාව පිණිස චීන සබ්මැරීනයට ගොඩ වෙනවා. 26 වෙනිදා පෙරවරු 9:25 ට පමන සබ්මැරීනයෙන් එලියට බසින මහින්ද න්‍යෂ්ටික බෝම්බයෙ පින් එක කටින් ගලවා වීසි කර නැවතත් සබ්මැරීනයට දුව එනවා. ඊළග මොහොතෙ මහා හඩක් නංවා මුහුදු පතුලෙ පුපුරා යන න්‍යෂ්ටික බෝම්බය නිසා කැලබෙන රළ පහර වඩා බිහිසුනු වී මව්බිමට කඩා පනින්නෙ ජීවිත බිළි සොයන රාක්ෂයෙක් පරිද්දෙන්.
මුලු රටම හැඩවු සුනාමියෙ සුළමුල එයයි. තංගල්ලෙ විසු සියලූම ජනයා ජීවිත පුද කලත් මහින්ද රාජපක්ෂ පවුල සුනාමියෙන් ජීවිත ගලවා ගත්තේ එලෙසයි. ඉන්පසු සුනාමි ව්‍යසනය නිසා හානී වූ නගර ප්රතිස්ථාපණයට චීනය ඩොලර් බිලියන ගණනින් අධාර දුන්නා ඔබට මතක ඇති. මහින්ද රාජපක්ෂට සුනාමි සහන මණ්ඩලයෙ අධාර මුදල හොරකම් කර දූෂණ චෝදනාත් එල්ල වූවා ඔබට මතක ඇති. මේ සියල්ලම තනි තනි සිද්ධි නොව සිද්ධි දාමයක පුරුක් බව ඔබට දැන් වැටහෙනවා ඇත.
මුලු රටටම පෙනෙන සේ හැකිතාක් SHARE කරන්න.














Last edited:




