විදේශ මුදල්වලින් ගනුදෙනු කිරීමට හා මුදල් පිටරට යැවීමට පැවති සීමා වහාම ඉවත් කළ බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ නිවේදනයකින් පෙන්වා දෙන්නේ මින්පසු NRFC, RFC ඇතුළු විදේශ මුදල් ගිණුම්වල ඇති මුදල් පූර්ව අවසරයකින් තොරව ප්‍රේෂණය කිරීම සඳහා අවසර හිමිවන බව ය.
මින් පෙර එවැනි ගිණුම්වල ගනුදෙනු සඳහා විනිමය පාලන අංශවල අවසරය ලබාගත යුතුව තිබුණි.
මේ අතර මෙම ගිණුම්වලින් අමෙරිකානු ඩොලර් දහ දාහක් හෝ ඊට සමාන මුදලක් ඔනෑම අවශ්‍යතාවක් සඳහා මුදල් නොට්ටු වලින් ආපසු ලබා ගැනීමේ අවස්ථාව ද ලබාදී තිබේ.
මේ වනවිට මෙරටට පැමිණ සිටින ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිත පිරිස අද මුදල් අමාත්‍ය රවී කරුණානයක මහතා හමුවිය.
මුදල් අමාත්‍යාංශය පවසන්නේ ලෝක ආර්ථිකයේ මතුව ඇති තත්වයන් හමුවේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරියේදී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග පිළිබඳව එහිදි සාකච්ජා කෙරුණු බව ය.
ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ණය පහසුකමක් ලබාගැනීම පිළිබදව සාකච්ජාවක් ආරම්භ වී ඇති පසුබිමක් තුළ මෙම නියෝජිත පිරිස පැමිණ තිබීම විශේෂත්වයකි.
http://newsfirst.lk

Last edited:

සමහරවිට මේකෙන් forex වලට එහෙම මෙච්චර කල් තිබුන සීමා නැති වෙනවද දන්නේ නෑ 