Does Delays in Taking Meter Reading Result Higher Charges ?

Ceylon Electricity Board

Verified Profile
  • Jan 17, 2016
    198
    161
    43
    56
    Sri Lanka
    www.ceb.lk
    විදුලි බිල්පත් සකස් කිරීම ප්‍රමාදවීම ගාස්තු ඉහළ යාමට හේතුවේ ද?

    12642774_451026955091595_6886422575906145319_n.png


    විදුලි බිල්පත සකස් කිරීමේ ප්‍රමාදයන් නිසා ඔවුන්ගේ විදුලි පරිභෝජනය ඊළඟ ඉහළ කාණ්ඩය දක්වා වැඩි වන බැවින්, පාරිභෝගිකයන් අසාධාරණ ලෙස දඬුවමකට ලක්වන බවට හා සාමාන්‍ය ගාස්තුවට වැඩි ගාස්තුවක් ඔවුනට ගෙවීමට සිදුවන බවට ප්‍රසිද්ධ දුර්මතයක් පවතී. පහත පැහැදිලි කර දක්වා ඇති පරිදි මෙම මතය සාවද්‍යවේ.

    විදුලි මීටරයේ සටහන් වන දත්ත අනුව බිල්පත සකස් කිරීම පිණිස විදුලි මීටර කියවන්නෙකු සාමාන්‍යයෙන් දින 30 කට වරක් බැගින් විදුලි මීටර පිහිටි පරිශ්‍රයට පැමිණිය යුතු බව අපේක්ෂා කෙරේ. සෑම අයක්‍රම කාණ්ඩයක්ම ඒකක 3 කින් සමන්විත වනුයේ එබැවිණි. කෙසේ වෙතත්, විදුලි මීටර කියවන්නෙකුට නිතරම දින 30 කින් නැවත පැමිණීම ප්‍රායෝගිකව නොහැකි වනු ඇත. මෙලෙස, මනු කියවන්නා ප්‍රමාදවී හෝ කල් ඇතිව පැමිණෙන සෑම දිනයක් සඳහාම ගණන් පෙන්වීමට හැකි වනු පිණිස මනු කියවන්නාගේ පැමිණීම අතර ඇති දින ගණන පදනම් කොටගෙන සෑම අයක්‍රමයකම එක් එක් කාණ්ඩයේ ඒකක ප්‍රමාණය සමානුපාතිකව බෙදා වෙන් කෙරේ. උදාහරණයක් වශයෙන්, මනු කියවීම් දෙකක් අතර කාලය දින 35 ක් වන්නේ නම්, මුල් ඒකක කාණ්ඩයේ සීමාව kWh 30 සිට 35 දක්වා වැඩි කරන අතර, දෙවන කාණඩයේ සීමාව kWh 60 සිට 70 දක්වා ද යනාදී වශයෙන් ඒකක ප්‍රමාණය ඉහළ නන්වනු ලැබේ. මෙමගින් සීමා ඉහළ නැන්වූ කාණ්ඩ අයක්‍රම ව්‍යුහය මත පාරිභෝගිකයාට බලපෑ හැකි යම් අවාසියක් සඳහා මෙමගින් වගඋත්තර කිව හැකි වනු ඇත.

    මෙම ගණනය කිරීම් කල් ඇතිව සකස් කර භාවිතය සඳහා යොදාගත හැකි, ගණක වගුවක් ලෙස මනු කියවන්නන්ට සපයනු ලබන අතර එමගින් මනු කියවන්නාගේ පැමිණීම හා පරිභෝජනය කරන ලද විදුලි ඒකක ගණන අතර කාලය මත පදනම්ව අය කළ යුතු වන නිවැරදි ගාස්තුව මනු කියවන්නාට කල් ඇතිව ලබා දී ඇත. බිල්පත් සැකසීම සඳහා පරිගණකයට දත්ත ඇතුළත් කරන අවස්ථාවේදී, මනු කියවන්නා විසින් දක්වා ඇති විස්තර හරි වැරදි බැලීමට යටත් වන අතර කිසියම් වරදක් සිදුවී ඇතොත් ඊළඟ බිල්පත සකස් කිරීමේදී එය ස්වයංක්‍රීයව නිවැරදි වනු ඇත.

    ලංකා විදුලිබල මණ්ඩලයේ ආයතනික වෙබ් අඩවියේ දැක්වෙන බිල්පත් ගණකයන්ත්‍රය භාවිතයෙන් පාරිභෝගිකයනට සිය බිල්පත්වල නිවැරදිභාවය පරීක්ෂා කර බැලිය හැකිය.


    There is a common misconception among Domestic Consumers that due to delays in taking the meter readings, consumers are unfairly penalized and are compelled to pay a higher charge than normal as their consumption extends to next higher block. This is incorrect as explained below.

    A meter reader is normally expected to visit a premise in 30 day cycles. That is why each Tariff block has 30 units. However, it is not practically possible for the meter reader to always visit in 30 days. Thus, to account for each day the Meter Reader is delayed or is early the block size in each tariff category is prorated on the basis of the number of days between the arrival of the Meter Reader. For example, if the period between two meter readings is 35 days, the limit of the first block would be increased from 30 to 35 kWh, the limit for second block would be increased from 60 to 70 kWh and so forth. This will account for any disadvantage the consumer would have in the increasing block tariff structure.

    These computations are made in advance and furnished to the meter readers in the form of a Ready Reckoner, and thereby the correct charge depending on the interval between the visits and the units consumed is readily available to the meter reader. The entries made by the meter reader would be subject to verification at the time of data entry, and any error would be automatically corrected in the next bill.

    The consumers could verify their bills by using the Bill Calculator provided in CEB corporate web site.
     
    • Like
    Reactions: King_cobra

    Redhotchilie

    Member
    Jun 1, 2014
    855
    393
    0
    42
    Nawalapitiya
    Ehema wenna naha.eka thiyenne customer athe machan.reader kawada awath ena dawasata balance karala hadan rate ekak thiyanawa.customer limit eka panala thibunoth thamai wadi wenne..
    eg:- dina 30 masekata unit 90 use karana kenekuta rs 861.00
    eth unit 91 use kaloth rs 1278.75

    reader dina 31 awoth unit 91 di price wadi wenne naha.
    ethakota unit 93 rs 886.70
    units 94 rs 1304.45

    eka wenne dina 30 masekata unit 90 samanyayak aran eka 30n bedanawa.ethakota dawasakata unit 3k enawa.eka dina ganen wadi kalama reader ena dawase hatiyata customerta labena unit gana wenas wenawa.
    reader dina 31n awoth unit 93k use karanna puluwan, dina 29n awoth 87i use karanna puluwan.ehema thamai meka hadenne. notherena deyak thiyanawanam ahanna
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    42,961
    1
    56,983
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    තනිකර බොරුවක්!

    දවස් 30ක දි මීටරේ ගියේ යුනිට් 100ක් කියල හිතමු. මනු කියවන්න එන්නෙ දවස් 35 කදී, ඒවෙන කොට යුනිට් 110ක් නම් බිල හැදෙන්නේ යුනිට් 110කට. මාසෙ පඩියෙන් ලයිට් බිල ගෙවන පාරිභෝගිකයට යුනිට් 110 කොහොම ගණන් හැදුවත් ලොකු මුදලක් ගෙවන්න වෙනවා.
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    තනිකර බොරුවක්!

    දවස් 30ක දි මීටරේ ගියේ යුනිට් 100ක් කියල හිතමු. මනු කියවන්න එන්නෙ දවස් 35 කදී, ඒවෙන කොට යුනිට් 110ක් නම් බිල හැදෙන්නේ යුනිට් 110කට. මාසෙ පඩියෙන් ලයිට් බිල ගෙවන පාරිභෝගිකයට යුනිට් 110 කොහොම ගණන් හැදුවත් ලොකු මුදලක් ගෙවන්න වෙනවා.

    :yes::yes:
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    42,961
    1
    56,983
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    දවසට යුනිට් 6ක් පාවිච්චි කරන ගෙදරකට මීටරේ බලන එකා දවස් පහක් පරක්කු උනාම වැඩිවෙන බිල රුපියල් 1000ක් විතර වෙනව. මාධ්ය ප්‍රකාසකතුමා ලොක්කගෙන් අහල හරි උත්තරයක් දාන්න.:frown:
     
    Jun 10, 2008
    298
    24
    0
    තනිකර බොරුවක්!

    දවස් 30ක දි මීටරේ ගියේ යුනිට් 100ක් කියල හිතමු. මනු කියවන්න එන්නෙ දවස් 35 කදී, ඒවෙන කොට යුනිට් 110ක් නම් බිල හැදෙන්නේ යුනිට් 110කට. මාසෙ පඩියෙන් ලයිට් බිල ගෙවන පාරිභෝගිකයට යුනිට් 110 කොහොම ගණන් හැදුවත් ලොකු මුදලක් ගෙවන්න වෙනවා.

    you're not very "bright", are you? :nerd:
    HTML:
    http://www.pucsl.gov.lk/english/electricity-bill-calculator/

    el1.jpg


    el2.jpg
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    42,961
    1
    56,983
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    you're not very "bright", are you? :nerd:

    උඹ බ්‍රයිට නිසා යුනිට් 100 දවස් 30න් බෙදල 35න් ගුණ කරල එන ගාන යුනිට් 116ක් කියල හොයාගෙන ඒක ඔය කැල්කියුලේටරේට දාන්න තිබුනනෙ. හඳ පෙන්නුවම උඹල ඇඟිල්ලනෙ බලන්නෙ
     
    Jun 10, 2008
    298
    24
    0
    තනිකර බොරුවක්!

    දවස් 30ක දි මීටරේ ගියේ යුනිට් 100ක් කියල හිතමු. මනු කියවන්න එන්නෙ දවස් 35 කදී, ඒවෙන කොට යුනිට් 110ක් නම් බිල හැදෙන්නේ යුනිට් 110කට. මාසෙ පඩියෙන් ලයිට් බිල ගෙවන පාරිභෝගිකයට යුනිට් 110 කොහොම ගණන් හැදුවත් ලොකු මුදලක් ගෙවන්න වෙනවා.


    උඹ බ්‍රයිට නිසා යුනිට් 100 දවස් 30න් බෙදල 35න් ගුණ කරල එන ගාන යුනිට් 116ක් කියල හොයාගෙන ඒක ඔය කැල්කියුලේටරේට දාන්න තිබුනනෙ. හඳ පෙන්නුවම උඹල ඇඟිල්ලනෙ බලන්නෙ
    in my previous post i made a mistake and calculated bill cycle for 30+35days. on here it corrected and explained in the most convenient montisori way for you :yes:
    so now , you're using a different number of units :lol:

    in this scenario -
    AVERAGE USAGE 180 UNITS

    180Units = 4003.50Rs
    22.24RSPU

    210Units = 4590.75Rs ------ 35 DAYS
    21.86RSPU

    30Units has been consumed within 5 days

    6Unitspd

    so the next month meter reader comes right on time eh?
    02/05/16 to 03/02/16 (25days)

    Consumed units will be 150

    so
    150Units - 3416.25



    Total unites consumed within 01/31 -03/02 would be
    180 Units

    so two month usage for this household would be 360 units, right lol

    3416.25+4590.75= 8007


    8007Rs for 360 Units within 2 Months


    if the guy came on time
    01/31

    4003.50 @ 180 Units

    so the next month will be the same huh

    03/02/ bill would be

    4003.50

    :lol:

    even if you change values, it made no difference. In our area, if the meter reader couldn't make it on time(2 days delay maximum) he would just put previous month unit usage. so the next month he would show up on time.

    he is smart
    :)

    you're not even up to his standard son :lol:

    maybe it's just have something to do with "sinha le" and you have tiny brain :sorry:


    and thank you for the -rep. I hope you learned something here today.
     
    Last edited:

    topkollek

    Well-known member
  • May 22, 2014
    42,961
    1
    56,983
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    i...
    so two month usage for this household would be 360 units, right lol

    3416.25+4590.75= 8007


    8007Rs for 360 Units within 2 Months

    ...

    ඉතින් මනුස්සයෝ එක මාසෙක බිල රු. 3416.25යි ඊලඟ මාසෙ රු. 4590.75යි. තේරෙන්නෙ නැද්ද රෝලක් දාගෙන මාසෙ ශේප් කරගන්න එකාට බිලේ සිද්ධ වෙන විචලනය? ඒක වෙන්න හේතුව මනු කියවන්නා නියමිත දිනයට නොපැමිණීම.

    සමහරවිට උඹ කියයි බිලේ සම්පූර්ණ ගාන ගෙවන්නෙ නැතුව වෙනද ගෙවන ගාන ගෙව්වනම් ඊලඟ මාසෙ බිලෙන් ඕක හරියයි කියල. නැත්තම් කියයි මනු කියවන්නා යාලු නිසා මේ මාසෙ අඩුවෙන් ලියයි කියල.