විෂ~සතුන්

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ජීවත්වන වටපිටාව නැතිනම් ස්වාභාවික පරිසරයට අනුව හැඩ ගැසෙමින් සතුරන්ගෙන් බේරී සැඟවීමටත් ගොදුරු අල්ලා ගැනීමටත් විශේෂ හැකියාවන් ඇති කර ගැනීම සත්ව ලෝකයේ ඇති අරුමයකි.
    :shocked::shocked:
    විෂ සහිත සතුන්ට නම් මේ විධියට සැඟවී සිටීමට සිදුවන්නේ නැත.
    ගොදුරක් වශයෙන් අල්ලා ගෙන ආහාරයට ගැනීමට නොහැකි විෂ සහිත සතුන් ස්වභාවයෙන්ම දීප්තිමත් කහ හෝ රතු වර්ණයන්ගෙන් යුක්තයි. මාර්ග සංඥා අලෝක පද්ධතිවල රතු, කහ සහ කොළ පැහැයන් යොදා ගෙන ඇත්තේ ද ස්වාභාවික වර්ණ අනුව යමිනි.
    :confused::confused:
    රතු වර්ණයෙන් පෙන්නුම් කරන්නේ අවදානමක් එසේත් නැතිනම් අනතුරකි. කහ වර්ණය ඇති විටදී ද අනතුරක ස්වභාවය පෙන්නුම් කළත් අවදානම අඩුය. කොළ පාටින් පෙන්නුම් කරන්නේ අනතුරක් නොමැත යන්නයි. සත්ත්ව ලෝකයේ නොයෙක් නොයෙක් සත්තු විවිධ උපක‍්‍රම භාවිතා කරති. සමහරු විෂ යොදා ගනිති. තවත් සමහරු විදුලිය යොදා ගනිති.


    1.jpg


    විෂ සහිත සහ විෂඝෝර සතුන්
    විෂ සහිත (Poisonous) සහ විෂඝෝර (Venomous) හෙවත් විසකුරු යනුවෙන් සත්ත්ව ලෝකයේ සතුන් වර්ග දෙකකට බෙදා දැක්වෙයි. සර්පයන්, ගෝනුස්සන් වැනි විසකුරු සත්තු ආරක්ෂක උපක‍්‍රමයක් ලෙස විෂ භාවිත කරති. ඔවුන් සිය ජීවිත ආරක්ෂා කර ගන්නේ දෂ්ඨ කිරීම් මගින් තමන්ට අනතුරක් කිරීමට සූදානම් වෙන සත්ත්වයාගේ සිරුරට විෂ යැවීමෙනි. විෂ සහිත සතුන් ලෙස වර්ගීකරණයට ලක්වන සතුන් අනෙක් අයට විෂ වෙන්නේ උන්ව ස්පර්ශ කළොත් හෝ ආහාරයට ගතහොත් පමණය. විෂ සහිත සහ විසකුරු සතුන්ට අනෙක් සතුන්ට මෙන් සතුරන්ගෙන් බේරී සැඟවී සිටීමට වෙස්වලා ගැනීම (Camouflage) වැනි ක‍්‍රම වේදයන් අවශ්‍ය වන්නේ නැහැ. බොහොමයක් සතුන් සොබාදහමේ අනතුරු ඇඟවීමේ වර්ණ වන දීප්තිමත් රතු, කහ හෝ කළු පැහැයෙන් වර්ණවත් වීම සිටීම නිසා උන් දුටු විට මඟ හැර යාම හෝ උන්ව ගණන් නොගෙන සිටීමට අනෙක් සත්තු හුරුවී සිටිති. විෂ සහිත සතුන්ගේ සමෙන් ස‍්‍රාවය වන විෂ ඌව ගොදුරු කර ගැනීමට එන විලෝපිකයාගේ මුවෙහි ස්පර්ශවීමෙන් දැවිල්ලක් ඇති වේ. ඉන් බියට පත් වන එම විලෝපිකයා ගොදුර අතහැර පැන යයි. ඉන්පසු ඌ කිසි දිනක එම විෂ සහිත සත්ත්වයා ගොදුරු කර ගන්නට යළි තැත් කරන්නේ නැත. මෙසේ විෂ නිකුත් කරන සතුන් බොහෝ විට එසේ කරන්නේ සම තුළින් හෝ සිරුරේ ඇති වෙනත් ඉන්ද්‍රියයන් හෝ ග‍්‍රන්ථියක් හෝ මගිනි. යුරෝපීය මැඩි විශේෂ සතුරන්ගෙන් බේරීමට කන අසළ ඇති විශේෂ ග‍්‍රන්ථියකින් වෑස්සෙන විස යොදා ගනී.

    විෂකුරු සතුන්
    විෂකුරු සතුන් නොයෙක් ආකාරයෙන් විෂ පිට කරයි. දළ අඟ විෂ ඇති සමහර මකුළුවන් සහ සර්පයින් ගොදුරු අල්ලා ගන්නේ දෂ්ඨ කිරීමෙනි. දකුණු අපි‍්‍රකාවේ ඇමසන් වනාන්තරයේ දක්නට ලැබෙන ඇමසෝනියානු දළඹුවාගේ (Amazonian Caterpillar) සිරුරේ විෂ සහිත කෙඳි තිබේ. දෙඹරුන්, මී මැස්සන් හා බඹර රංචුවල දෂ්ඨනයන්ට හසුවීමෙන් මිනිසුන් ජීවිතක්ෂයට පත්වී ඇති අවස්ථා අපේ රටෙන් මෙන්ම විදෙස් රටවලින්ද අපට අසන්න ලැබේ. මෙම විෂ සහිත සතුන්ගෙන් බොහොමයක් ජීවත් වෙන්නේ මුහුදේය.

    විෂ හා විදුලි සැර විදින මාළු
    එකිනෙකට වෙනස් විෂ සහිත මත්ස්‍ය වර්ග 50 කට වැඩි ප‍්‍රමාණයක් මුහුදේ ජීවත් වෙති. එමෙන්ම මුළු සිරුර පුරා ම විෂ ඇති මත්ස්‍යයෝ ද සිටිති. සමහර මසුන්ට විෂ සහිත කටු හෝ දළ තිබේ. ඒ සතුරන්ගෙන් ආරක්ෂාවීම සඳහාය. සමහර විටෙක ගොදුරක් අල්ලා ගැනීමේදී ගොදුරු අඩපණ කිරීමට ද ඒවා ප‍්‍රයෝජනවත් වේ. වීවර් මාළුවා එවැනි දරුණු විෂ සහිත කටු ඇත්තෙකි. ඕස්ටේ‍්‍රලියාවේ ගල් මාළුවා ද එවැනි කටු ඇත්තෙකි. මේ ගැන නොසලකා මුහුදේ පිහිනීමට යාම අනතුරුදායකය. එවැනි මසුන් ආහාරයට ගැනීම ද අවදානම් සහිතය. බොහෝ විට මේ මසුන් ගොදුරු කර ගන්නන්ට අත්වන්නේ මරණයයි. අනෙක් විෂ ඇති මත්ස්‍යයන්ගේ සිරුරුවල විෂ ග‍්‍රන්ථිවලින් සමන්විත කටු ඇත. මෙම මත්ස්‍යයන්ගේ සිරුරුවලින් විස වෑස්සෙන්නේ මෙම විෂ කටු යම්කිසිවකු විසින් ස්පර්ශ කළහොත් පමණි. ගොදුරුක් අල්ලා ගැනීමට හෝ සතුරකු පළවා හැරීමට, විදුලි බලය යොදාගෙන අප‍්‍රාණික කිරීමට හෝ මරා දැමීමට හෝ හැකියාවක් මාළුන්ට තිබේ. පුරාණ ගී‍්‍රක ජාතිකයෝ විදුලි මඩුවන් හෝ ට්‍රෝපිඩෝ මසුන් යොදාගෙන හන්දි ඉදිමීමට ප‍්‍රතිකාර කළ බව පැවැසේ. අනතුරකදී පෙරළා පහර දෙන මත්ස්‍යයෝද සිටිති. මේ අතරින් එක් වර්ගයක් වන්නේ ‘ස්ටිංග් රේ’ නමින් හැඳින්වෙන මඩුවන්ය. මොවුන්ට ඇත්තේ කිණිස්සක ආකාරයේ කොඳු ඇට පෙළකි. ඉතාමත් සිහින් වලිගය කෙළවර දතක් මෙන්ය. වල්ගය කසයක් මෙන් භාවිත කර සතුරකුට පහරදීමට හැකියාව ඌට ඇත. වරල් මඩුවාගේ කොඳු ඇට පෙළෙහි ද විෂ තිබේ. ඊට විෂ ලැබෙන්නේ විෂ ග‍්‍රන්ථියකිනි. වළ ගැසී ඇති මෙම පෙදෙස ස්පර්ශ කළ වහාම සම පුපුරා විෂ නිකුත් වේ.

    විසෙන් විෂ නසන ඔසු
    සොබාදහමෙන් නව ඔසුවක් නිර්මාණය කිරීමට ඔබ බලාපොරොත්තු වෙනවා නම් ඒ සඳහා ඔබට වඩාත්ම යෝග්‍ය වන්නේ විෂකුරු සතුන් හා ශාක ය. වර්තමානයේ ඖෂධ රාශියක් නිර්මාණය කර තිබෙන්නේ සොබාදහමෙන් ලබා ගන්නා මේ මාරක විෂවලිනි. දකුණු ඇමෙරිකා ස්වදේශීය ගෝති‍්‍රකයන් ඔවුන්ගේ ඊතල තුඩුවල ගැල්වීමට යොදා ගත්තේ එක්තරා වැල් වර්ගයකින් ලබා ගන්නා විෂ ද්‍රව්‍යයකි. එම විෂවලින් මාංශපේෂීන් ලිහිල් කරන ඔසුවක් දැන් නිෂ්පාදනය කෙරේ. මෙම ඔසුවල සිට දැති කොරළ පොළඟාගෙන් (Saw Scaled Viper) ලබා ගන්නා විෂවලින් සකස් කෙරෙන ලේ කැටි ගැසීම වළක්වන ප‍්‍රති කැටිකාරක ඔසු දක්වා ඔසු වර්ග රැසක් නිපදවීමට මේ සොබාදහමේ විෂ රසායන දැන් යොදා ගැනේ.

    විෂ සිරුරට යන්නේ මෙහෙමයි
    සත්ත්ව විෂ තුළින් ඖෂධ නිර්මාණය කිරීමේ දී ඉතා වැදගත් වන කාරණා දෙකක් ඇත. ඒ සතුන් එම විෂ භාවිත කරන ආකාරය හා ඒ විෂ ශරීරගත වූ පසු කි‍්‍රයා කරන ආකාරයයි. ඇතැම් සතුන් උන්ගේ විෂ භාවිත කරන්නේ තම ගොදුර මරා දැමීමට හෝ අප‍්‍රාණික කර අඩපණ කිරීමටයි. එසේ ම සමහර සතුන්ගේ ඇති උග‍්‍ර විෂ ඉතා ඉක්මනින් හා නිවැරදි ඉලක්කය කරා ගොස් මාංශපේෂීවලට හා ස්නායු පද්ධතියට හානි පමුණුවයි. මෙම විෂවල ඇති ඉතා කුඩා අංශු වඩාත් පහසුවෙන් මොළයට රුධිරය ගෙනයන නාල හරහා රිංගා යයි.

    විස නසන ප‍්‍රතිවිෂ
    විෂකුරු සතුන්ගේ දෂ්ඨනයන්ට ලක්වූ විට එයින් අපේ ජීවිත බේරාගන්නේ ප‍්‍රතිවිෂවල ඒ අනුසාරයෙන් තනන ප‍්‍රතිධූලකවල උදව්වෙනි. බොහෝ සර්ප විෂට ප‍්‍රතිකර්ම ලෙස භාවිත කරන ප‍්‍රතිවිෂ සකස් කර ගනු ලබන්නේ සර්ප විෂ අශ්වයන්ගේ සිරුරුවලට ඇතුළත් කිරීමෙන් පසු ලබා ගන්නා ප‍්‍රතිදේහවලිනි. අශ්වයන්ගේ සිරුරුවලට සර්ප විෂ ඇතුළත් කළ පසු උන්ගේ සිරුරු එම විෂට ඔරොත්තු දෙන ප‍්‍රතිදේහ නිපදවයි. ඉන්පසු ඒ අසුන්ගෙන් ලබා ගන්නා රුධිර සාම්පල යොදා ගනිමින් මේ ප‍්‍රතිවිෂ සකස් කර ගනු ලැබේ. ඇතැම් අවස්ථාවල සමහර පුද්ගලයන්ට අසුන්ගේ සිරුරුවලින් ගන්නා ධූලක ආසාත්මික වන නිසා දැන් ප‍්‍රතිවිෂ නිපදවීමේ එළුවන් හෝ බැටළුවන් යොදා ගැනේ.


    1.jpg

    යෝධ ඊශ‍්‍රායල ගෝනුස්සා - අඟල් 5ක් පමණ දිග මේ වර්ගයේ වැඩුණු සතකු දරුණු මරුවකු ලෙස සැලකෙන්නෙ උගේ වලගයේ ඇති දරුණු විෂ නිසයි. ඒත් ඒ තුළින් ලබා ගන්නා ක්ලෝරෝටොක්සින් නම් රසායනිකය නිසා වසරක් පාසා ග්ලයෝමාව නම් වූ සුව කළ නොහැකි මොළේ පිළිකාවෙන් පෙළෙන ඇමෙරිකානුවන් 25,000ක ජීවිත ගලවා දෙයි.


    1.jpg

    ෆැන්ටස්මල් විෂ රැගත් රුක් මැඩියා - එක්වදෝරයේ වෙසෙන මේ කුඩා රුක් මැඩියාගේ සමෙන් ලබා ගන්නා විෂ සහිත රසායනයකින් මෝෆීන්වලට වඩා ප‍්‍රබල වේදනා නාශකයක් නිපදවෙයි.


    1.jpg

    ටර්සියෝපෙලෝ පොළඟා - මේ මධ්‍යම ඇමෙරිකානු පොළොං විශේෂයෙහි ඇති විෂ තුළින් ලබා ගන්නා රසායනයකින් බැක්ටීරියා ආසාදන මර්දනය කළ හැකි ඖෂධයක් නිපදවනු ලැබේ.

    ෆයිලෝබැටිස් ටෙරිබිලිස් මැඩියා - මේ මධ්‍යම ඇමෙරිකානු ස්වදේශිකයන් මේ රුක් මැඩි විශේෂයෙහි ඇති විෂ යොදා ගෙන දඩයම් කළ බව සඳහන්ය. එයින් දැන් නව ප‍්‍රතිජීවකයක් ද නිපදවනු ලැබේ.

    තායිලන්ත නයා - මෙම සර්පයාගේ විෂ තුළින් ඉමියුනෝකයින් නම් ඔසුව ජරඨාශය හෙවත් සම ඝනවීම ඇතුළු ස්නායු පද්ධතියේ ඇති සංකීර්ණ රෝග තත්ත්වයන්ට පිළියම් වශයෙන් භාවිත කෙරේ.


    3.jpg

    කෝන් ගොළුබෙල්ලා - ඝර්ම කලාපීය ජලාශවල වෙසෙන මේ ගොළුබෙල්ලාට විෂ සහිත දළ ඇති අතර එම විෂවලින් තනනු ලබන ඔසුවක් ඇල්ෂයිමර් හා භින්නෝන්මාදය වැනි රෝගවලට භාවිත කෙරේ.

    http://www.malkakulu.com/2012/02/blog-post_25.html

     

    sbanurada

    Well-known member
  • Jun 4, 2007
    1,948
    2,523
    113
    good post
    You have given out too much Reputation in the last 24 hours, try again later.
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ලන්කාවෙ කුනකටුවා , ගරුඩො තවත් සත්තුන්ගෙන් මොනවා හරි ගන්න බැරිද දන්නෙ නැ බම්ප් ++ රෙප් මචො
     
    • Like
    Reactions: akilar25