සෝයා ආහාරයට ගන්නේ පරිස්සමින්

sylar**

Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    සෝයා ආහාරයට ගන්නේ පරිස්සමින්

    මට මේ ත්‍රෙඩ් එක දාන්න හිතුනේ ලංකාවේ ගොඩක් අය සෝයා ආහාර පිලිබදව ඇති නොදැනුවත්කම හින්ද. ගොඩක් සෝයා මීට් හදන කොම්පැනි මේ වගේ දේවල් පත්තර වල පලවෙන එක නවත්තන්න ලොකු උත්සාහයන් දරනවා. එක හින්ද මේ වගේ දේවල් එලි කරන්න ලේසි නැහැ. දැන් පටන් ගම්මු.වැල්වටාරම් නැතුව කෙටියෙන්ම ලියන්නම්.

    මොනවද මේ සොයා (අපි කියන්නේ සෝයා මීට්)
    21b3zf5.jpg


    සෝයා (soy) කියන්නේ කරලකින්(bean) හටගන්නා ඇට වර්ගයක්.ලෝකයේ ගොඩක් රටවල සෝයා වගාව සිදු කරනව. ලංකාව ඇතුළුව. සෝයා කියන්නේ ප්‍රෝටීන් බහුලව ඇති ආහාරයක් නමුත් එහි ඇති ප්‍රෝටීන මිනිස් සිරුරට උරාගැනීම ඉතා සෙමින් සිදුවේ.සෝයා මීට් යනු සෝයා ඇට අඹරා තවත් පිටි වර්ග කලවම් කර සාදන ආහාරයකි.

    ඇයි සෝයා ආහාරයට නුසුදුසු?

    මේක තමයි ගොඩක් සෝයා නිෂ්පාදකයින් සෝයා පිලිබදව වසන් කරන භයානකම කරුණ. සෝයා වල අඩංගු වෙනවා isoflavones කියල phytoestrogen එකක්.
    isoflavone.jpg

    මෙය ගැහැණු අයගේ බහුලව තියෙන estrogen හෝමෝනයට ඉතා සමාන chemical එකක්. මෙම isoflavones පිරිමින් ආහාරයට ගතහොත් පිරිමින්ගේ ශරීරයේ ඇති testosterone මට්ටම පහත වැටේ. එමගින් පිරිම්න් වද භාවයට පත් වීමේ සිට පියයුරු වර්දනය වීම දක්වා ඉතා භයානය තත්වයන් උදාවිය හැක. තවද ගැහැණු අයට වැඩිපුර සෝයා වල අඩංගු isoflavones ශරීරගත උවහොත් කොණ්ඩය වැටීම, අධික කුරුලෑ හටගැනීම සහ දරු ගැබ් විනාශ වීම උවද සිදුවිය හැක. විශේෂයෙන්ම bodybuilding කරන අයට සෝයා වල අඩංගු isoflavones ශරීරගත වීමෙන් muscle recovery වීමට යන කාලය ඉහල යාම සහ මාංශපේශී දුර්වල වීම සිදුවේ. එම නිසා සෝයා ආහාර සහ සෝයා අඩංගු supplements ගැනීමෙන් වැළකිය යුතුය.


    Isoflavones අඩංගු ආහාර (isoflavones in mg per 100g)

    1. සෝයා මීට් [texturized soy protein(TSP) or texturized vegetable protein (TVP)]- ( Total isoflavones 148mg to 178mg)
    2. Soy protein isolate ( Total isoflavones 97.43mg)
    3.සෝයා කිරි (Total isoflavones 9.65mg)
    4.සෝයා අයිස්ක්‍රීම් (Total isoflavones 7mg)
    5. සෝයා තෙල් (Total isoflavones 7mg)
    6. රට කජු (Total isoflavones 0.26mg)
    7.කඩල (Total isoflavones 0.1mg)
    8. Green tea (Total isoflavones 0.05mg)
    9. කව්පි (Total isoflavones 0.03mg)


    රටකජු, කඩල, කව්පි සහ Green tea වල ඉතා ස්වල්ප isoflavones ප්‍රමාණයක් අඩංගු නිසා එමගින් කිසිදු බලපෑමක් සිදු නොකරයි. තවද සමහර කිරිපිටි වර්ග වලටද සොයා පිටි මිශ්‍ර කර ඇත. විශේෂයෙන්ම non milk (malt) කිරි පිටි වලට(nestomalt,horlicks) සෝයා පිටි මිශ්‍ර කර ඇත. එම නිසා කිරිපිටි ගැනීමේදී කිරිපිටි පෙට්ටියේ ඇති ingredients යන කොටසේ soya powder යන්න තිබේද යන්න හොදින් පරීක්ෂා කර මිලදී ගන්න.

    ශුක්‍රානු සංක්‍යාව සහ සෝයා ආහාරයට ගැනීම අතර සම්බන්ධය පිලිබදව 2008දි European Society of Human Reproduction and Embryology විසින් කරන ලද පර්යේෂනයක ප්‍රතිඵල පහත දැක්වේ. (Published by Oxford University Press on behalf of the European Society of Human Reproduction and Embryology)

    den24301.jpg

    den24302.jpg



    ලංකාවේ අපිට සෝයා මීට් අවශ්‍යමද?

    සෝයා මීට් සහ සෝයා ආහාර ලංකාවට කිසිසේත් අවශ්‍ය නැත. තුන් වේලටම බත් කන, කොස් දෙල් යහමින් කන මාළු, මස්, බිත්තර අඩුවක් නැති රටක් විදිහට සෝයා ආහාරයට ගැනීමට තරම් අප පහත් තත්වයකට වැටිය යුතු නොවේ. ඉතියොපියාව වැනි ජනයා සාගින්නෙන් පෙලෙන රට වලට සෝයා ආහාර වලින් ලැබෙන ප්‍රතිලාබද අමතක නොකළ යුතු වේ. නමුත් ලංකාව වැනි රටකට කිසිසේත් වලංගු නැත.



    අලුත් දෙයක් ඉගෙන ගත්ත නම් දන්නවනේ කරන්න ඕන දේ :P.
    උපුටා ගන්නවා නම් අඩුගානේ එළකිරි එකෙන් ගත්ත කියලවත් දාපල්ලා.;)
    මම තනියම කරුණු හොයල කරපු රිසර්ච් එකක් මේක .කොහෙන්වත් උස්සපු එකක් නෙමෙයි. අනිත් අයටත් බලාගන්න පුළුවන් වෙන්න bump එකක් වත් දාල යන්න.
     
    Last edited:

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    ඉඩ හිට කනවා බන් සෝයා මීට්...එහෙම කෑවත් අවුල් ද? +8 :D

    කාල පැය දෙකක් තුනක් විතර යනකන් testosterone මට්ටම පහල බහිනවා, bodybuilding කරනවා නම් කන්නේ නැති තරමට තමයි හොද. එත් මමත් ආසම කෑමක් තමයි. මොනවා කරන්නද .
     
    Last edited:

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,187
    17,121
    113
    සෝයා මිලක් සාදා ගන්නා ආකාරය.






    soy-20milk-105996.jpg


    soya.png
     
    Last edited:
    • Like
    Reactions: MNV

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    සෝයා මිලක් සාදා ගන්නා ආකාරය.






    soy-20milk-105996.jpg


    soya.png

    ඔය benefits වලට වැඩිය භයානකයි isoflavones වලින් උඹව ගෑනියෙක් කරන එක. කොච්චර රස උනත් බොන්න නම් එපා.
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    mamath asama kama SOYA bn :(
    dan etin kannath bayai wage..

    ඉඳ හිට කනවා බන්

    සයි තමයි . අර පොලොස් රස එක එහෙම පට්ට රසයි එත් හොද නැහැ බන්. කෙල්ලොන්ට නම් වැඩිය අව්ලක් නැහැ. කොල්ලොන්ට තමයි අවුල.
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,350
    9,124
    113
    Around the world
    සෝයා මෙපමණ අගුණ නම් ඇයි තහනම් කරන්නේ නැත්තේ කියන එකයි ප්‍රශ්ණය. මස් මලු නොකන අයට කෑමට, ප්‍රෝටීන් බහුල සෝයා දිරිගන්නන එකට මොකද කරන්නේ
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    සෝයා මෙපමණ අගුණ නම් ඇයි තහනම් කරන්නේ නැත්තේ කියන එකයි ප්‍රශ්ණය. මස් මලු නොකන අයට කෑමට, ප්‍රෝටීන් බහුල සෝයා දිරිගන්නන එකට මොකද කරන්නේ

    එක ඉතින් නොදැනුවත්කම සහ කොම්පැනි කාරයින්ගේ වැඩ. හරියට asbestos වගේ තමයි.:yes: මස් මාළු නොකන අයට කඩල , රටකජු වගේ එවෙන් ප්‍රෝටීන් ගන්න පුළුවන්. හැබැයි ශාක ප්‍රෝටීන් සත්ව ප්‍රෝටීන් තරම් ශරීරයට උරාගන්නේ නැහැ.