Katath amathaka SAF/SAG games

Nu1Dnk

Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    e dawaswala Indiyawedi 12 wana dakunu asiyanu kreeda ulela pewethwenawa. issarana nam api kiwwe SAF games- South Asian Federation Games kiyala. namuth den eka SAG- south asian Games kiyala thiyenne. mama me eke ithihasa kathawa wath loku vistharayak danawa nemei. aththatama den apita SAF/SAG amathaka welada. issara Live pennanawa mathakai. kaleka idala den ewa penwanne ne. reta poddak highlights thiyenawa. news alert ena nisa medal ekak gaththa bawa dannawa. api cricket walin vitharada fansla wenna ona...

    hemogema adahas denna. mata hema welema post danna enna beri wei :D
     
    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,965
    1,086
    113
    මටත් මේ කතාව මේ විදියටම හිතුනා. ඉස්සර සුගත් තිලකරත්න, දර්ශා, සුසන්තිකා, ශ්‍රියනි කුලවන්ස වගේ අය දුවනවා බලන්න අපි කොච්චර කැමතිද, ඒත් දැන් මේ වගේ games එකකට එච්චර ප්‍රසිද්දියක් නෑ.
    කොහොම නමුත් Sri Lanka team එක හොදින් තරග කරලා තියනවා මුල් දින කිහිපයේ. 2010 තිබ්බ තරගාවලියෙදි 4 වෙනි තැන ගත්තු අපි මේ වෙනකොට 2 තැන ඉන්නවා

    dc901d9f-9344-4518-955a-b031855cc366.png
     
    • Like
    Reactions: Nu1Dnk

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    මටත් මේ කතාව මේ විදියටම හිතුනා. ඉස්සර සුගත් තිලකරත්න, දර්ශා, සුසන්තිකා, ශ්‍රියනි කුලවන්ස වගේ අය දුවනවා බලන්න අපි කොච්චර කැමතිද, ඒත් දැන් මේ වගේ games එකකට එච්චර ප්‍රසිද්දියක් නෑ.
    කොහොම නමුත් Sri Lanka team එක හොදින් තරග කරලා තියනවා මුල් දින කිහිපයේ. 2010 තිබ්බ තරගාවලියෙදි 4 වෙනි තැන ගත්තු අපි මේ වෙනකොට 2 තැන ඉන්නවා

    sthuthi machan me wge comment ekak demmata. 92 lanawe thibba wele thaththa mawa ekkagena giya. mama 5 wasare ethakota. api eda Vollyball matches saha swimming events beluwa. Julian Boling saha deepika chanmugam thamai a sere starsla.... ita passe 2008da koheda thibba wele opening ceremony eka balanna giya adurana kenekgen lebuna pass walin. awasanawata a kena jeyarajge bomb eken nethi una...

    kawadahari SAF balanna giya aya innawa nam thamange xp danna mekata
     
    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,965
    1,086
    113
    machan 92 games wala women's volleyball Gold medal eka lankawa neda dinuwe. uba giye e match eka balannada?
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    හික්ස් නුවන් අයියා දැන් TV එකේ ඕවා පෙන්නුවා කියලා ඇති වැඩක් තියෙනවද?

    දැන් පෙන්නන්න තියෙන වැදගත්ම දේවල්නේ ටොයියා බයියට සහ බයියා ටොයියට බැනගන්න ඒවානේ.ඔය දේවල් ලයිව් පෙන්නනවට වඩා චැනල් කාරයොන්ට බයි ටොයි විස්තර ලයිව් පෙන්නන එකෙන් විවුස් වැඩිවෙනවානේ :D
     
    • Like
    Reactions: Nu1Dnk

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ලන්කාවේ තිබ්බ වෙලාවේ සුගතදාස එකට ගිහින් බැලුවා සහෝ සුසන්තිකාත් දිව්වද මන්දා මතක නැ

    සාක් සංවිදානය ගැන ඇත්ත තත්වයත් පොඩ්ඩක් බලමු :confused:

    සාක් සංවිධානය සඳහන් කරන “කලාපීය රටවල සහයෝගිතාව“ යන්න ද ප්‍රෝඩාවකි. සත්‍යය නම්, සාමාජික රටවල් එකිනෙකා පරයමින් අධිරාජ්‍යවාදී රටවල් සමඟ, විශේෂයෙන්ම එක්සත් ජනපදය සමග වඩාත් සමීප සම්බන්ධතාවක් පවත්වා ගෙන යන්නේ කෙසේද යන්න සඳහා කෙරෙන පොරයක නිරතව සිටීම යි. ආගමික රේඛා මත උපමහද්වීපය බෙදා පිහිටවුනු ඉන්දියාව හා පාකිස්ථානය අතර පවතින ආන්තික එදිරිවාදිකම මෙකී “සහයෝගිතාවේ“ අයථා බව හෙලි කරන එක් උදාහරනයකි.

    බංකොලොත් ජාතික රාජ්‍ය කීපයක් අතර සහයෝගිතාවක් ගොඩ නැගීම යන්නෙන් ඇත්තටම අරමුනු කර ඇත්තේ කලාපයේ දැවෙන සමාජයීය හා ආර්ථික ප්‍රශ්න අරභයා මිලියන ගනන් කම්කරුවන්, ගොවියන් හා තරුනයින් අතරින් මේවායේ ධනපති පාලනයන්ට එරෙහිව පැන නගින අරගල තලා දැමීමේදී සහයෝගීව කටයුතු කිරීම යි.

    උපුටා ගත්තේ :cool:

    https://www.wsws.org/sinhala/2015/2015jul/film-13j.html
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    සොහොන;19682246 said:

    :yes::yes::yes::yes::yes::yes:

    thanks bump kalata. monawa unath adu gane api kreedakayanta podi ho jathyanthara athdekeemak labaganna puluwan tharagawaliyak kreedawa washayen gaththahama. deshapalana aramunu nam katha karala wedak ne.
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක
    ගොඩක් අයට අමතක වෙලා නෙවෙයි , අමතක කරවල .. මොකද දැන් ඉන්න මිනිස්සූ තොරතුරු හොයාගෙන යන්නේ නෑ ලැබුනොත් මිසක් .. මොකද වෙලාවක් නෑ නේ ..

    කොහොමහරි පත්තර වල නං දාල තිබ්බ , අද කාලේ කවුද ඉතින් පත්තර බලන්නේ නේද ..
     
    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,965
    1,086
    113
    ශී‍්‍ර ලංකාවට පදක්කම් 12 ක් දිිනා දෙමින් සිය තරග ඉසව්ව සාර්ථකව නිමා කිරීමට ශී‍්‍ර ලංකා මල්ලව පොර කණ්ඩායම අද (08) සමත් වුණා. එ් ජාත්‍යන්තර තරග පිටියේ උපරිම දක්ෂතාව ප‍්‍රදර්ශනය කරමින්.

    පළමු වරට දකුණු ආසියානු තරගාවලියකට එක් වූ ශී‍්‍ර ලංකා කාන්තා මල්ලව පොර කණ්ඩායම රිදී පදක්කම් 5ක් සහ ලෝකඩ පදක්කම් 3ක් දිනා ගනිිමින් ශී‍්‍ර ලංකා පදක්කම් මල්ලට පදක්කම් 8ක් එක් කළා.

    පිරිමි මල්ලව පොර කණ්ඩායම මෙවර දකුණු ආසියානු තරගාවලියේදී දිනා ගත් ලෝකඩ පදක්කම් සංඛ්‍යාව 4ක්.

    sport-www.nethfm.com1_9.jpg

    sport-www.nethfm.com3_8.jpg

    sport-www.nethfm.com7_1.jpg

    sport-www.nethfm.com8_1.jpg
     
    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,965
    1,086
    113
    ඉන්දියාවේ ඇසෑම් ප‍්‍රාන්තයේ පැවැත්වෙන 12 වැනි දකුණු ආසියානු කී‍්‍රඩා උළෙලේ (සාග්) සිව්වැනි දිනය (8 වැනිදා) අවසන් වන විට ශ‍්‍රී ලංකාව රන් පදක්කම් 11 දිනා දෙවැනි ස්ථානයේ රැදී සිටියේය.

    රන් පදක්කම් 11 ක්, රිදී පදක්කම් 27 ක් සහ ලෝකඩ පදක්කම් 23 ක් සමගින් මේ වන විට ශ‍්‍රී ලංකාව දිනා සිටින සමස්ත පදක්කම් සංඛ්‍යාව 61 කි.

    අද දිනයේදී තවත් රන් පදක්කම් 3 ක් දිනා ගැනීමට ශ‍්‍රී ලංකා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ සමත් වුහ. එම රන් පදක්කම් 3 ම පිහිනුම් කී‍්‍රඩාවෙන් හිමිවීම කැපීපෙනෙන සිදුවීමක් වන අතර මැතිව් අබේසිංහ (මීටර 400 මිශ‍්‍ර ආර) සහ කිමිකෝ රහීම් (මීටර 50 නිදහස් ආර සහ මීටර 100 පසුපස ආර) එම රන් පදක්කම් වලට හිමිකම් කීහ.

    මැතිව් අබේසිංහ මේ දක්වා මෙම තරගාවලියේදී රන් පදක්කම් 5 ක් දිනා සිටින අතර කිමිකෝ රහීම් දිනා සිටින රන් පදක්කම් සංඛ්‍යාව 3 කි.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    සොහොන;19682246 said:
    ලන්කාවේ තිබ්බ වෙලාවේ සුගතදාස එකට ගිහින් බැලුවා සහෝ සුසන්තිකාත් දිව්වද මන්දා මතක නැ

    සාක් සංවිදානය ගැන ඇත්ත තත්වයත් පොඩ්ඩක් බලමු :confused:

    සාක් සංවිධානය සඳහන් කරන “කලාපීය රටවල සහයෝගිතාව“ යන්න ද ප්‍රෝඩාවකි. සත්‍යය නම්, සාමාජික රටවල් එකිනෙකා පරයමින් අධිරාජ්‍යවාදී රටවල් සමඟ, විශේෂයෙන්ම එක්සත් ජනපදය සමග වඩාත් සමීප සම්බන්ධතාවක් පවත්වා ගෙන යන්නේ කෙසේද යන්න සඳහා කෙරෙන පොරයක නිරතව සිටීම යි. ආගමික රේඛා මත උපමහද්වීපය බෙදා පිහිටවුනු ඉන්දියාව හා පාකිස්ථානය අතර පවතින ආන්තික එදිරිවාදිකම මෙකී “සහයෝගිතාවේ“ අයථා බව හෙලි කරන එක් උදාහරනයකි.

    බංකොලොත් ජාතික රාජ්‍ය කීපයක් අතර සහයෝගිතාවක් ගොඩ නැගීම යන්නෙන් ඇත්තටම අරමුනු කර ඇත්තේ කලාපයේ දැවෙන සමාජයීය හා ආර්ථික ප්‍රශ්න අරභයා මිලියන ගනන් කම්කරුවන්, ගොවියන් හා තරුනයින් අතරින් මේවායේ ධනපති පාලනයන්ට එරෙහිව පැන නගින අරගල තලා දැමීමේදී සහයෝගීව කටයුතු කිරීම යි.

    උපුටා ගත්තේ :cool:

    https://www.wsws.org/sinhala/2015/2015jul/film-13j.html
    :yes:
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    ඉන්දියාවේ ඇසෑම් ප‍්‍රාන්තයේ පැවැත්වෙන 12 වැනි දකුණු ආසියානු කී‍්‍රඩා උළෙලේ (සාග්) සිව්වැනි දිනය (8 වැනිදා) අවසන් වන විට ශ‍්‍රී ලංකාව රන් පදක්කම් 11 දිනා දෙවැනි ස්ථානයේ රැදී සිටියේය.

    රන් පදක්කම් 11 ක්, රිදී පදක්කම් 27 ක් සහ ලෝකඩ පදක්කම් 23 ක් සමගින් මේ වන විට ශ‍්‍රී ලංකාව දිනා සිටින සමස්ත පදක්කම් සංඛ්‍යාව 61 කි.

    අද දිනයේදී තවත් රන් පදක්කම් 3 ක් දිනා ගැනීමට ශ‍්‍රී ලංකා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ සමත් වුහ. එම රන් පදක්කම් 3 ම පිහිනුම් කී‍්‍රඩාවෙන් හිමිවීම කැපීපෙනෙන සිදුවීමක් වන අතර මැතිව් අබේසිංහ (මීටර 400 මිශ‍්‍ර ආර) සහ කිමිකෝ රහීම් (මීටර 50 නිදහස් ආර සහ මීටර 100 පසුපස ආර) එම රන් පදක්කම් වලට හිමිකම් කීහ.

    මැතිව් අබේසිංහ මේ දක්වා මෙම තරගාවලියේදී රන් පදක්කම් 5 ක් දිනා සිටින අතර කිමිකෝ රහීම් දිනා සිටින රන් පදක්කම් සංඛ්‍යාව 3 කි.

    මැතිව් අබේසිංහ වෙත ලියමි ,

    අප සැම ප්‍රමෝදයට පත් කරමින් 2016 සාග් උළෙලේ ශ්‍රී ලංකාවට පළමු රන් පදක්කම ගෙන එන්නේ ඔබය. අද දිනයේ මේ මොහොත වන විට පමණක් ඔබ දිනූ රන් පදක්කම් සංඛ්‍යාව පහකි. ඒ නව තරග වාර්තා හතරක්ද සමගිනි. ඔබ සමග 100x4 නිදහස් ආර සහාය පිහිනුම් ඉසව්වේ රන් පදක්කම දිනූ කණ්ඩායමේ සිටි කයිල් අබේසිංහ යනු ඔබගේ බාල සොහොයුරා වීම ඉමහත් සතුට ට කරුණකි. ඒ ඉමහත් සතුට ට හේතුවක් ඇත.

    2006 කොළඹ පැවති සාග් උළෙලේ ලංකා ධජය ඉහළ නැං වූ දෙවන රන් පදක්කමේ හිමිකරු ඇන්ඩෲ අබේසිංහ නම් පසළොස් හැවිරිදි ගැටවරයෙකි. සාග් තේරීම් තරග පවත්වද්දී ඇන්ඩෲ සිටින්නේ ඇමරිකා එක්සත් ජනපදයේය. තේරීම් තරග වලට සහභාගී වීම සඳහාම ඇන්ඩෲ දෙවතාවක්ම ලංකාවට පැමිණි නුමුදු ඒ දෙවතාවේ දීම තේරීම් තරග කල් දැමීමට බලධරයින් තීරණය කරති. එවකට ලාබාල සිසුවෙකු වූ ඇන්ඩෲ ට තෙවැනි වරටත් ලංකාවට පැමිණෙන්නට ඇති නොහැකියාව මතම ඔහුව ශ්‍රී ලංකා කණ්ඩායමෙන් ඉවතලන්නට දේශීය පිහිණුම් බලධරයින් ක්‍රියා කළහ. නමුත් ඒ වන විට ඇන්ඩෲ සිටියේ ජාත්‍යන්තර තරග වලදී ඉතා ඉහළ හැකියාවන් පෙන්වා සහ විශිෂ්ඨ තරග නිමි කාලයන් සහිතව ය. ඉහළ බලධරයින් මේ පිළිබඳව දැනුවත් වීමත් සමග පිළිගත් ක්‍රමවේදයන්ට අනුව ජාත්‍යන්තර කුසලතාවයන් නිර්ණය කොට ඇන්ඩෲ අබේසිංහ ශ්‍රී ලංකා කණ්ඩායමට ඇතුළත් කර ගත් හ.

    සැබෑ තරගය පැවතුණේ ඉන් අනතුරුවය.ඇන්ඩෲ අබේසිංහ රට වෙනුවෙන් සුගතදාස පිහිණුම් තටාකයේ දියරළ සමග පොර බදින සඳ පිටතින් ඇසෙන්නේ " කමෝන් ඇමරිකා " යන ප්‍රීති ඝෝෂාවයි. ඒ හඬ ශ්‍රී ලාංකික දෙමාපිය කණ්ඩායමක ගෙනි. ශ්‍රී ලංකා කණ්ඩායමට සුදුසුකම් නොලැබූ ක්‍රීඩකයින්ගේ දෙමාපිය පිරිසක් සංවිධාන වී සාග් තටාකය අසල හිඳ තම රට වෙනුවෙන් තරග වදින ක්‍රීඩකයාට ඊර්ෂ්‍යා පරවශව කෑ කොස්සන් ගසන්නේ එලෙසිනි. එයට පෙර ඔවුන් ලංකාව වෙනුවෙන් තරග කරන ඇන්ඩෲ ගේ යෝග්‍යතාව පිළිබඳව ප්‍රශ්න නගමින් ඉන්දියානු සහ පාකිස්ථානු බලධාරීන් වෙත ලිඛිත පෙත්සම් ද යවා තිබිණ.

    ඉදින් මැතිව් , එපමණක් ද නොව කයිල්

    ජාතිකත්වය ගැන සහ දේශප්‍රේමය ගැන වහසි බස් පමණක් දොඩන , ක්‍රියාවෙන් අමන වූ රටක් වෙනුවෙන් පිහිනන්නට ගත් තීරණය වෙනුවෙන් ඔබට තුති. දස වසරකට ඉහත දී වැඩිමහලු පුතු විඳි කටුක අත්දැකීම ඉවසා, තවත් ටානියා වැන්හියර් ලා බිහි නොකර බාල පුතුන් දෙදෙනා ද ලංකා ධජය යටතේ තරග කරවන්නට තරම් ධෛර්යමත් වූ , මනෝජ් අබේසිංහ නම් වූ පියා ට / පුහුණුකරුට අපගේ කෘතඥතාවය පිරි නමමු.

    මැතිව් සහ කයිල් - මේ ඔබ ජයග්‍රහණය කළේ දකුණු ආසියාව පමණක් ම නොවේ.
    දස වසකට එපිට ශ්‍රී ලාංකීයත්වයට නිගා දෙමින් , ඔබේ සහෝදරයා ඇන්ඩෲට "කමෝන් ඇමරිකා " කියා කෑ ගැසූ ක්‍රීඩාවේ අරමුණ නොදත් අමන දෙමාපිය ප්‍රජාවය.

    කමෝන් ශ්‍රී ලංකා

    - සහන් කසීර වික්‍රමසිංහ - ‪#‎SAG2016‬

    uputa geneema bukiyeni.... :(:(:(:(
     
    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,965
    1,086
    113
    p16-1.jpg

    කිමිකෝ රහීම් (දකුණේ) සහ මිචිකෝ රහීම් (වමේ) ඊයේ සිය ජයග්‍රහණයෙන් පසු ක්‍රීඩා ඇමති සමග

    දකුණු ආසියානු පිහිනුම් තටාකයේ ශ්‍රී ලංකාවට රන් ගෞරව දිනාදුන් රහීම් පවුලේ දියණියක්‌ වන කිමිකෝ රහීම් ඊයේ තවත් රන් පදක්‌කම් 2 ක්‌ සමග මෙවර දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා තරග අංශයෙන් ශ්‍රී ලංකාවට හිsමිවූ තෙවැනි රන් පදක්‌කමද, තමන් සතුකරගැනීමට සමත්වද්දී දැන් ක්‍රියාත්මක දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම රන් පදක්‌කම් ලාභියා බවට පත්ව සිටි පිහිනුම් ක්‍රීඩක මැතිව් අබේසිංහ ඊයේ මීටර 400 මිශ්‍ර ආර ඉසව්වද ජය ගනිමින් සිය 5 වැනි රන් පදක්‌කම ගෙළ පැළඳුවේය.

    ඊයේ දිනයේ පිහිනුම් තරග අවසන් කරමින් පැවැති මීටර් 50 නිදහස්‌ ආර ඉසව්වේදී 4 වැනි මංතීරුවෙන් තරගවදිමින් තත්පර 26.49 ක කාලයක්‌ සහිතව දකුණු ආසියාවේ වේගවත්ම පිහිනුම් ක්‍රීඩිකාව බවට රහීම් පවුලේ බාලම දියණිය වූ කිමිකෝ පත්වද්දී, එම පවුලේ දියණියන් තිදෙනාගෙන් දෙවැන්නා වන මචිකෝ රහීම් තත්පර 27.40 ක කාලයක්‌ සමග 5 වැනි මංතීරුවෙන් තරග වදිමින් එම ඉසව්වේ රිදී පදක්‌කම දිනාගත් මොහොත කැපී පෙනුණි.

    ඒ සමග ඊයේ දිනයේදී ශ්‍රී ලංකාවට හිමිවූ රන් පදක්‌කම් 3ම පිහිනුම් ක්‍රීඩාවෙන් හිමිවීම විශේෂත්වයක්‌ විය.

    දැවැන්තම කණ්‌ඩායම සමඟ ශ්‍රී ලංකාව අද මලල ක්‍රීඩා පිටියට

    12 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකාවේ ඉහළම පදක්‌කම් බලාපොරොත්තු සහිත තරග අංශයක්‌ වන මලල ක්‍රීඩා තරග අද ගුවහති හී ඉන්දිරා ගාන්ධි ක්‍රීඩාංගණයේදී ඇරඹීමට නියමිතය.

    ඉකුත් දකුණු ආසියානු ක්‍රීඩා උළෙල සඳහා මලල ක්‍රීඩා තරග අංශයෙන් පැවැත්වුණේ ඉසව් 23 ක්‌ පමණක්‌ වන අතර එහිදී එහිදී රන් පදක්‌කම් 8 ක්‌, රිදී පදක්‌කම් 8 ක්‌ සහ ලෝකඩ 6 ක්‌ ලෙස ශ්‍රී ලංකාව පදක්‌කම් 22 ක්‌ දිනාගන්නා අතරවාරයේ ඉන්දියාව රන් පදක්‌කම් 10 ක්‌, රිදී පදක්‌කම් 11 ක්‌ සහ ලෝකඩ පදක්‌කම් 8 ක්‌ දිනාගත්තේය.

    නමුත් මෙවර ඉන්දියාව සත්කාරක රට ලෙසින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 68 දෙනෙක්‌ දකුණු ආසියානු මලල ක්‍රීඩා පිටියට යොමුකරද්දී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මලල ක්‍රීඩා ඉසව් සඳහා 69 දෙනෙක්‌ ඉදිරිපත්වනු ලබන අතර ඒ අනුව සත්කාරක රටද ඉක්‌මවා යන තරමේ පිරිසක්‌ වැඩි ඉසව් ගණනක්‌ සඳහා සහභාගීවන බැවින් ශ්‍රී ලංකාවට මෙවර මලල ක්‍රීඩාවෙන් වැඩි පදක්‌කම් සංඛ්‍යාවක්‌ හිමිවනු ඇතැයි අපේක්‍ෂා කළ හැක.

    මෙවර මලල ක්‍රීඩා තරග අංශයෙන් ශ්‍රී ලංකාව රන් පදක්‌කම් 10 කට වැඩි බලාපොරොත්තුවක්‌ තමා තිබෙන අතර ඒ අතුරින් රන් පදක්‌කම් 5 ක බලාපොරොත්තු අද දිනය සඳහා යෙදී තිබේ.

    මෙහිදී මීටර 100 පිරිමි ඉසව්වේ රන් පදක්‌කම දිනා ගැනීමේ වැඩි හැකියාව ශ්‍රී ලංකාවේ හිමාෂ ඒෂාන් සතුවන අතර මෙම තරග සමයේ ඔහුගේ හොඳම කාලය තත් 10.36 ක්‌ වශයෙන් සටහන් වේ. ඉකුත් ජාතික මහා ක්‍රීඩා උළෙලේදී දුර පැනීමේ කාන්තා අංශයේ ශ්‍රී ලංකා වාර්තාව බිඳ දැමූ, කලාපයේ අංක එකේ සිටින සහ ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්‌ඩායමේ ජ්‍යෙෂ්ඨම ක්‍රීඩිකාව වන එන්.සී.ඩී. ප්‍රියදර්ශනී අද දිනයේදී අදාළ ඉසව්වෙන් ශ්‍රී ලංකාවට රන් ජයක්‌ ලබාදෙනු ඇතැයි අපේක්‍ෂා කළ හැක. මීටර් 800 කාන්තා සහ පිරිමි යන ඉසව් දෙකෙහිම රන් පදක්‌කම සඳහා වැඩි බලාපොරොත්තු ශ්‍රී ලංකාව සතුවන අතර එහිදී පිළිවෙලින් නිමාලි ලියනාරච්චි සහ ඉඳුනිල් හේරත් දකුණු ආසියාවේ ඉදිරියෙන්ම සිටිති.

    ශ්‍රී ලංකා කණ්‌ඩායම් නායක මංජුල කුමාරගේ උස පැනීමේ ඉසව්වද අදට යෙදී තිබෙන අතර ඔහු මෙහි රන් පදක්‌කම දිනාගතහොත් අදාළ ඉසව්වේ පිට පිටම තෙවැනි වරටත් දකුණු ආසියානු ක්‍රීඩා උළෙලක රන් පදක්‌කම දිනාගැනීමේ ගෞරවය ඔහු සතුවනු ඇත.

    වොලිබෝල් ක්‍රීඩිකාවන් අවසන් තරගයට

    සිය පළමු තරගයේදී නේපාලය පරාජයට පත්කළ ශ්‍රී ලංකා වොලිබෝල් ක්‍රීඩිකාවෝ ඊයේ මාලදිවයින ද පරාජයට පත්කරමින් අද ඉන්දියාව සමග අදාළ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීය. නමුත් ඊයේ තරගයේදී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ගේ තරග විලාසය එතරම් ඉහළ මට්‌ටමක නොතිබූ අතර ඉතා පහසු ප්‍රතිවාදියකු වන මාලදිවයින ඉදිරියේ ඔවුන්ගේ වට 3-0 ක ජයග්‍රහණයේ දෙවැනි සහ තෙවැනිවට වලදී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් ඇල්මැරුණු තරග ස්‌වභාවයක යෙදෙනු පෙනිණි.

    පෙරේදා පැවැති ඉන්දියාව සමග තරගය තරග වට 3-0 ක්‌ ලෙසින් පැරදුණු ශ්‍රී ලංකා පිරිමි වොලිබෝල් කණ්‌ඩායම ඊයේ පකිස්‌තානය සමග තීරණාත්මක තරගයක යෙදීමට නියමිත වූ අතර එම තරගය ජයගතහොත් ඔවුනටද අවසන් මහා තරග වරම ලැබීමට අවස්‌ථාව තිබිණි. 'දිවයින' ප්‍රාදේශීය මුද්‍රණයට යෑවෙන විට අදාළ තරගය ක්‍රියාත්මක වෙමින් පැවතුණි.

    බර ඉසිලීමෙන් තවත් පදක්‌කම්

    බර ඉසිලීමේ තරග අංශයෙන් ඊයේ පැවැති කිලෝ ග්‍රෑම් 105 පිරිමි තරගයේ රිදී පදක්‌කම ශානක මධුශංකටද, කිලෝ ග්‍රෑම් 94 පිරිමි අංශයෙන් තුසිත සිරිමල් කරුණාරත්න ලෝකඩ පදක්‌කමද, කිලෝ ග්‍රෑම් 85 පිරිමි තරගයෙන් රොමේෂ් සමරසේකර ලෝකඩ පදක්‌කමද, කිලෝ ග්‍රෑම් 75 කාන්තා අශිනි සුරංගි රිදී පදක්‌කමද දිනාගත්හ.

    පාපැදි ක්‍රීඩිකාවන්ට රිදී හිමිවෙයි

    කිලෝ මීටර් 75 කණ්‌ඩායම් කාලය මැනීමේ පාපැදි පිරිමි තරගයෙන් ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්‌කම හිමිවද්දී කිලෝමීටර් 40 කාන්තා කාලය මැනීමේ කණ්‌ඩායම් තරගයේදී උදේශනී නිරංජනී, ලසන්ති ගුණතිලක, ශ්‍රියාලතා වික්‍රමසිංහ, සුදාරිකා ප්‍රියදර්ශනී යන ක්‍රීඩිකාවෝ රිදී පදක්‌කම දිනාගත්හ.

    පාපන්දු පරාජයක්‌

    ඊයේ පැවැති පාපන්දු තරග අංශයේ ශ්‍රී ලංකාව සහ මාලදිවයින සමග තරගයේදී ගෝල 3-1 ක පරාජයක්‌ ලැබීමට ශ්‍රී ලංකාවට සිදුවිය. ඒ අනුව ඉන්දියාව සහ මාලදිවයින අතර පැවැත්වීමට නියමිත තරගයේදී ඉන්දියාව පරාජය වුවහොත් පමණක්‌ (ශ්‍රී ලංකාව විසින් ඉන්දියාව පැරදවූ බැවින්) ශ්‍රී ලංකාවට එම අවසන් මහා තරගය සඳහා අවස්‌ථාව තිබේ.

    Source: http://www.divaina.com/2016/02/09/sports01.html
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    හික්ස් නුවන් අයියා දැන් TV එකේ ඕවා පෙන්නුවා කියලා ඇති වැඩක් තියෙනවද?

    දැන් පෙන්නන්න තියෙන වැදගත්ම දේවල්නේ ටොයියා බයියට සහ බයියා ටොයියට බැනගන්න ඒවානේ.ඔය දේවල් ලයිව් පෙන්නනවට වඩා චැනල් කාරයොන්ට බයි ටොයි විස්තර ලයිව් පෙන්නන එකෙන් විවුස් වැඩිවෙනවානේ :D

    ගොඩක් අයට අමතක වෙලා නෙවෙයි , අමතක කරවල .. මොකද දැන් ඉන්න මිනිස්සූ තොරතුරු හොයාගෙන යන්නේ නෑ ලැබුනොත් මිසක් .. මොකද වෙලාවක් නෑ නේ ..

    කොහොමහරි පත්තර වල නං දාල තිබ්බ , අද කාලේ කවුද ඉතින් පත්තර බලන්නේ නේද ..

    :yes::yes::yes::yes::yes::yes::yes: ai yako ishi ammith avillane. me dawaswala okane adarshamath kathawa.
     
    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,965
    1,086
    113
    jeewan.jpg

    දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ 5 වැනි දිනය වූ ඊයේ පෙරවරුවේ පැවැති කිලෝ මීටර 100 මාර්ග ධාවන පාපැදි ඉසව්වේ රන් පදක්‌කම ශ්‍රී ලංකාවට දිනාදුන් පාපැදි කණ්‌ඩායමේ නායක ජීවන් ජයසිංහ උළෙලේ සිය දෙවැනි රන් පදක්‌කමද දිනාගැනීමට සමත්විය.

    මෙහිදී ඔහු විසින් වාර්තා කළ කාලය පැය 2 යි මිනිත්තු 25 යි තත්පර 38.65 ක්‌ ලෙසින් සටහන් වූ අතර එම ඉසව්වේ රිදී පදක්‌කම ඉන්aදියාවේ පන්කඡ් කුමාර් විසින්ද ලෝකඩ පදක්‌කම පකිස්‌තානයේ නිසාර් අහමද් විසින්ද දිනාගන්නා ලදී.

    ඒ සමග 12 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ පාපැදි අංශයේ තරග ඊයේ අවසන් වද්දී ශ්‍රී ලංකාවට එයින් රන් පදක්‌කම් 2ක්‌, රිදී පදක්‌කමක්‌ සහ ලෝකඩ පදක්‌කමක්‌ හිමිවිය.

    තරගාවසානයේ 'දිවයින'ට අදහස්‌ දැක්‌වූ ජීවන් ජයසිංහ 'අපි රන් පදක්‌කම් 3 ක්‌ බලාගෙනයි මෙහෙට ආවේ. එයින් රන් පදක්‌කම් දෙකක්‌ අපට ලැබුණා. මාස 3 කට අඩු කාලයක පුහුණුවීම් වල යෙදිලා මේ ප්‍රතිඵලය ගෙනාපු එක ගැන ඉතා සතුටුයි. අපිට ජයග්‍රාහී ලීලාවකින් නැවත ශ්‍රී ලංකාවට යැමට හැකිවීමේ පළමු ගෞරවය මම ක්‍රීඩා ඇමති දයාසිරි ජයසේකර මහත්මයාට පිරිනමනවා. අපට අලුත්ම පාපැදි 4 ක්‌a සහ අමතර කොටස්‌ සමග අවශ්‍ය සියලු දේ එතුමා දුන්නා. ශ්‍රී ලංකා පාපැදි කණ්‌ඩායමේ අපි ඉතාම එකමුතුව වැඩකළා. ඒ නිසයි මෙවැනි ප්‍රතිඵලයක්‌ ගේන්න පුළුවන් වුණේ' යෑයි පැවසීය.