ඕස්ට්‍රේලියාවේ රියලිටි වැඩසටහනකට සහභාගී වුණ ශ්‍රී ලාංකික දියණියක්වන රොෂානි සිය වැදු මව සොයා ශ්‍රී ලංකාවට ඇවිත් තියෙන පුවතක් පසුගියදා වාර්තාවුණා.
රොෂානි සති 06ක් ගතවෙද්දි තමයි ඕස්ට්‍රේලියාවේ යුවලක් විසින් දරු කමට හදාගන්න ගෙනිහිල්ලා තියෙන්නේ. රොෂානිගේ මව දුප්පත්කමින් දරුවා හදාගන්න බැරි නිසා මේ යුවලට තම දරුවා දීලා.
ඕස්ට්‍රේලියා පරිසරයට අනුව හැඩගැසුණු රොෂානි ප්‍රසිද්ධ රියලිටි ෂෝ වැඩසටහනකටද සහභාගී වෙලා තියෙනවා.
ඕස්ට්‍රේලියාවේ ජිවත්වු රොෂානිගේ හදාගත් මව 2010 වර්ෂයේ දී පිළිකාවක් නිසා මිය ගිහින් තියෙනවා. ඒ මිය යන අවස්ථාවේදී ඇය රොෂානිට කියලා තියෙන්නේ තමාගේ ශ්‍රී ලංකාවේ ඉන්න මව බලලා එන්න කියලයි.
ඇයගේ ඉල්ලීම පරිදි රොෂානි සිය සැබෑ මව සොයන්නට වුණා. ඇය තම මවගේ නම ‘වයලට්‘ යන්න පමණයි දැනගෙන සිටියේ.
රොෂානි අවුරුදු ගණනාවක් මේ පිළිබඳ හොයලා තියෙනවා. එහිදි ඇයට තම මව ශ්‍රී ලංකාවේ හොඳින් ජිවත් වෙනවා කියලා දැනගන්නට ලැබිලා තියෙනවා.
තම ඕස්ට්‍රේලියානු පියා, සහෝදරයා හා පෙම්වතා සමඟ ඇය ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ ඒ අනුවයි.
ඇය සිය මව හමුවූ සංවේදී විඩීයෝවයි මේ..........