Donation by Fiverr club members

EXECUTOR

Member
Oct 11, 2015
642
145
0
ගොඩාක් හොඳ වැඩක් මචං..උඹලට බුදුසරණයි. වැඩි වැඩියෙන් ලැබෙන්න ඕන...දිගටම ඔය වගේ යහපත් වැඩ කරන්න ලැබේවා..!!
 

Dilshanrana

Member
Dec 27, 2015
10
0
1
Dambulla Town
Aramunak nathuwa ibagathe yana apiwa me wdht aramunak dila apitath wadak krgnna motivate krna ekata sha apita udaw krna e wenuwen mulika wagakima gnna LASANTHA Aiya oyata samajeta wadak krawanna apiwa mhyawana oyatath Methandi loku thanak hmbenna oni.
 

Deepallasantha

Well-known member
  • Jan 4, 2008
    1,157
    153
    63
    11.gif
    11.gif


    මේවගේ ඒවා දාන එක හොඳයි. තව තව මිනිස්සු අනිත් අයට උදව් කරන්න පෙළඹෙනවා මේවගේ ඒවා දැක්කහම :yes::yes:

    ඒක ඇත්ත. දැන් වැඩිපුර අහන්න දකින්න තියෙන ඒවාඅනුව මිනිස්සු පෙලඹිලා තියෙන්නෙ ගහ මරා ගන්න, තව එකෙක්ට වල කපන්න, මඩ ගහන්න, කකුලෙන් අදින්න වගේ දේවල් වලටනේ. :baffled:
     

    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    ඒක ඇත්ත. දැන් වැඩිපුර අහන්න දකින්න තියෙන ඒවාඅනුව මිනිස්සු පෙලඹිලා තියෙන්නෙ ගහ මරා ගන්න, තව එකෙක්ට වල කපන්න, මඩ ගහන්න, කකුලෙන් අදින්න වගේ දේවල් වලටනේ. :baffled:

    :yes::yes::(
     

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,529
    1
    3,554
    113
    Earth
    අපි කට්ටියක් එකතු වෙලා කරපු හොද වැඩක් ගැන කියන්න යන්නේ. මේ වගේ ත්‍රෙඩ් එකක් දාන්න කලින් අදහසක් තිබුනෙ නැති උනත්, සමහර දේශපාලකයෝ මහජනතාවගේ සල්ලි වලින්ම කරන වැඩ ගැන මීඩියා වලින් ගෙන්නලා දෙන පබ්ලිසිටිය දැක්කම, ඒ වගේම සමහරක් රට ජාතිය ගොඩනගන්න කියලා එකාට එකා මරා ගන්න කාලෙක අපේ කොල්ලො නිදි මරාගෙන මහන්සි වෙලා හම්බ කරලා, පක්ශ පාට භේදයක් නැතුව එකතු වෙලා කරපු මේ වගේ වැඩකට කොච්චර පබ්ලිසිටියක් දුන්නත් කමක් නෑ කියලා හිතුනා. :P

    E money කරන ගොඩක් අය දන්නවා ඇති අපේ Facebook එකේ Fiverr club එක. අන්න ඒ group එක ඉන්න අපි කට්ටිය තමයි සල්ලි එකතු කරලා මේ donation එක කලේ. :yes:

    පලවෙනි එක කලේ ගිය අවුරුද්දේ. කෑගල්ල පැත්තේ ඉන්න ආබාධිත මල්ලි කෙනෙක්ට Computer එකක් දුන්නා. දැන් එයා කලින් හිතේ තිබුන විදිහටම ගෙදර ඉදලා online ජොබ් එකක් කරලා ආදායමක් ගන්නවා. මේ තියෙන්නේ එදා ගත්ත පින්තූර ටිකක්.







    දෙවනි එක දුන්නේ ගාල්ලේ ඉන්න මල්ලි කෙනෙක්ට. එයත් හදිසි අනතුරක් නිසා අත් දෙකට හානි වෙලා ඉන්න කෙනෙක්. එයාගේ shop එකට ඕනෙ කරන උපකරණ සහ මුදල් ටිකක් දුන්නා, ඒ වගේම කඩේ බෝඩ් එක අලුතින් හදලා, තීන්ත ගාලා, පොඩි පොඩි වැඩ ටිකකුත් කරලා දුන්නා. මේ තියෙන්නේ එදා ගත්ත පින්තූර ටිකක්.















    මේ කරපු වැඩ වල වටිනාකම සල්ලි වලින් මනින්න බෑ. මම මේක දැම්මේ මේ වැඩ වලට අපිත් එක්ක එකතු වෙලා, සල්ලි වලින්, මහන්සියෙන්, උදවු කරපු අයට motivation එකක් එන්න සහ, ඉස්සරහට කරන වැඩ වලදි තවත් අයට එකතු වෙන්න කරන දැනුවත් කිරීමක් විදිහට. ඒ වගේම තමන් කරන කියන දේ ගැන අරමුණක් නැතුව කරන්න ඕනෙ, නොකරන්න ඕනෙ මොනාද කියලා තේරුමක් නැතුව බොරුවට කෑ ගහන වැඩිහිටි, බාල, සමකාලීන පරම්පරා තුනටම ආදර්ශයක් වෙන්න කියලා හිතාගෙන. හැමෝම එකතු උනොත් මීට වඩා ගොඩක් ලොකු හොද දෙයක් රටට කරන්න පුලුවන් වෙයි. :love:

    පට්ට වැඩක් මචං. ජය වේවා..