පහත ලිපිය දිවයින දියත අතිරේකෙන් එළෙසම උපුටා එළෙසම පළකරන ලදි.
දෙවැනි ලෝක යුද්ධ කාලයේදී ප්‍රංශයේ කෝර්සිකාව අසල වූ මුහුදු තීරයේ ගිලී ගිය බ්‍රිතාන්‍ය සබ්බැරිනයක් වසර හැත්තෑ දෙකකට පසුව ඉතාලි සහ ප්‍රංශ පුරාවිද්‍යාඥයන් විසින් සොයා ගන්නා ලදී. "සැක්‌රසෙන්" නමින් හඳුන්වන ලද මෙම සබ්බැරිනය ඉතාලි සහ ජර්මන් නෞකාවන්ට මහත් තර්ජනයක්‌ව පැවැති බව වාර්තා වේ. සැක්‌රසෙන් නෞකාවේ සේවය කරන ලද පිරිස විසින්ම මෙම නැව විනාශ කිරීමට තීරණය කරන ලදී.
එහි නියමුවා වූ ලුතිනන් මයිකල් ලුම්බි 1943 අගෝස්‌තු 13 වැනි දින සිකුරාදාව මග හැර පසු දිනය හෙවත් 14 වන සෙනසුරාදා තෝරා ගන්නා ලද්දේ 13 වන සිකුරාදා අසුබ යෑයි සමාජගත සම්මතය නිසාය. මෙම නැවේ සිටි නැවියන් දෙදෙනෙක් නැවෙන් පිටතට පැමිණීමට නොහැකිව ජීවිතක්‌ෂයට පත් වුණ අතර සෙසු නාවිකයෝ ඉතාලි ආරක්‌ෂක අංශ අතට හසුව ඉතාලියේ පරාජයෙන් නිදහස ලබා ගෙන ඇත.
බයිබලයට අනුව ඡේසුස් වහන්සේට ගෝලයන් දොළොස්‌දෙනක් වූ අතර ජේසුස් වහන්සේ සමග මෙම ගණන 13 ක් විය. මෙම දහතුන් දෙනාගේ සමාගම තුළ "ජුදාස් ස්‌කාරියොස්" රිදී තිහකට තම ගුරු දේවයාණන් පාවා දුන් නිසා ජේසුස් වහන්සේ කුරුසය මත ඇණ ගසා ජීවිතය පූජා කළෙන් යුරෝපීය ලෝකය තුළ 13 අසුබ අංකයක් ලෙස සැලකීමේ විශ්aවාසය ගොඩ නැගෙන්නට විය. මෙම විශ්වාසය කෙතරම් සමාජගත වුයේද යත් යුරෝපයේ සංචාරක සහ නවාතැන්වලින් පවා අංක 13 ඉවත් කර ඇත.
මෙම 13 වැනි දිනය සිකුරාදා දිනක යෙදුනොත් අවාසනාව තව තවත් ප්‍රබල බවට වූ පිළිගැනීමක් ඇත. "නයිට්‌ස් ටෙම්ප්ලාවරුන්" ශතවර්ෂ දෙකක් පුරා මධ්‍යතන යුගය තුළ තම ආධිපත්‍ය පතුරා ගෙන සිටියහ. ප්‍රංශයේ හතරවැනි පිලිප් රජතුමාගේ විධානයෙන් 1307 වසරේ ඔක්‌තෝබර් 13 වැනි දින ඔවුන් පරාජයට පත් කරන ලදී. පළමුවන ලෝක සංග්‍රාමය 1913 වසරෙන් ආරම්භව ආර්ථික ලෙසින් මහා අවපාතය තත්ත්වයකට ලෝකය පත් විය. දෙවැනි ලෝක සංග්‍රාමයේදී බ්‍රිතාන්‍යයේ බකිංහැම් මාළිගයට බෝම්බ දමන ලද්දේ 1940 වසරේ සැප්තැම්බර් මාසයේ 13 වන සිකුරාදා දිනකය. මෙම බෝම්බ ප්‍රහාරයෙන් මාළිගාවට බෝම්බ පහක් හෙලන ලද අතර බකිංහැම් මාලිගයේ කුඩා දෙව් මැදුර විනාශ විය.
වාණිජ රැප් ගායකයා ලෙස ලෝකය පුරා ප්‍රසිද්ධියට පත්ව සිටි ඇමරිකාවේ "ටියුපැක් ෂකුර්" නාඳුනන තුවක්‌කුකරුවෙකු විසින් 1996 වසරේ සැප්තැම්බර් 13 වැනි දින අභිරහස් ලෙස මිය ගියේය.1939 වසරේ ජනවාරි 13 වැනි සිකුරාදා ඔස්‌ටේ්‍රලියාවේ වික්‌ටෝරියා ප්‍රාන්තයේ ඇති වුන "කළු සිකුරාදා ලැව්ගින්නෙන්" ජීවිත රැසක් අහිමි කළේ 13 වන දිනක යෙදෙන සිකුරාදා දිනයේ අවාසනාවට තවත් වාර්තාවක් එක් කරමින්ය.
ස්‌පාඤ්ඤයේ ස්‌වදේශිකයන් වූ "තෙනොච්ටිට්‌ලාන් වරුන්ගේ ඇදවැටීම 1521 වසරේ අගෝස්‌තු 13 වැනි දින සිදු වුන අතර ඇස්‌ටෙක්‌වරුන්ගේ අවසානය ලෙස මෙම සිද්ධිය ඉතිහාසගත විය. දේශගවේශක "හර්නාන් කෝටිස්" මේ වෙනුවෙන් මූලිකත්වය ගන්නා ලදී. 1970 වසරේ නොවැම්බර් 13 වැනි දින "භෝලා" සුලි කුනාටුව ඉන්දියාව හරහා හමා ගිය අතර ජන ජීවිත ලක්‌ෂ පහක් එයින් අහිමි විය.
1972 වසරේ ඔක්‌තෝබර් 13 වැනි දින උරුගුවේ රාජ්‍යයේ රගර් කණ්‌ඩායමක් රැගත් ගුවන්යානය ඇන්දිස් කඳුකරයේ දී අනතුරට පත් විය. මාස දෙකක් පුරා සිදු කරන ලද සෝදිසි මෙහෙයුමකින් මෙම අනතුරෙන් 16 දෙනෙකුගේ ජීවිත බේරා ගත හැකි විය. මෙම කාලසීමාව තුළ අතරමංව සිටි ක්‍රීඩකයන් මියගිය අයගේ මස් ආහාරයට ගෙන තමන්ගේ ජීවිතය රැක ගෙන ඇත.
ඇමරිකාවේ ඇපලෝ 13 අභ්‍යවකාශ යානයෙන් අංක 13 ඉවත් කරන ලෙස විද්‍යාඥයන් නාසා ආයතනයෙන් ඉල්ලා සිටියද නාසා ආයතනය ඒ ගැන නොතකා මෙම යානය අභ්‍යවකාශ ගත කළද එම අභ්‍යවකාශ යානය සහ ගගනගාමීන් විනාශයට පත් වුණේ අංක 13 නපුරු නිසා යෑයි ලෝකයා කතා බහ කරන ලදී.
ඉලක්‌කමකට මේ විදිහට අවාසනාව ගෙන දෙන්නට හැකියාවක් ඇත්ද යන්න විවාදාත්මක වුණත් අතීතයේ අංක 13 මුල් කර ගෙන සිදු වුන විවිධ අවාසනාවන් සලකා බලමින් මිනිසුන් තුළ වු විශ්වාසය තවමත් ඉතිරිව තිබෙනවා.
කතෘ අයිතිය:-පුන්‍යා චාන්දනි ද සිල්වා



I have the same theory. Saw this article and gave it a try.
