චාන්දනීගේ_ඒඩ්ස්_ප්‍රශ්නය

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
චාන්දනීගේ_ඒඩ්ස්_ප්‍රශ්නය

මේ මගේ ලිපියක් නොවන අතර මේ උපුටා ගන්නා ලද්දකි. මෙම ලිපියෙහි අන්තර්ගතය සම්බන්ධයෙන් ඇත්ත නැත්ත කිසි දෙයක් මා පුද්ගලිකව නොදනිමි.

-----------------------------------------------------

කුලියාපිටිය ඒඩ්ස් මව සහ දරුවාගේ මෙතෙක් නොඇසූ ඇත්ත කතාව (Video)

කුලියාපිටිය ප්‍රදේශයේ HIV ආසාදිත යැයි කියා දරුවෙකු පාසැලකට ඇතුලත් කර ගැනීමට ගමේ මිනිසුන් විරුද්ධ වුනාය, ඒ නිසා කුලියාපිටිය ගමේ මිනිසුන් තිරිසනුන්ටත් අන්තය, අධ්‍යාපන ඇමැති දරුවා මවගෙන් උදුරා ගන්නට ගියාය ආදී වශයෙන් ජනමාධ්‍ය විසින් ප්‍රචාරය කරන ලද කතා සියල්ල අමූලික අසත්‍ය සහ අර්ධ සත්‍ය සහිත ජනතාව මුලා කරන ප්‍රවෘත්ති රාශියක් බව ලංකා ඊ නිව්ස් විසින් කරන ලද සොයා බැලීමේදී හෙලිවිය.
මෙම සිදුවීම සම්බන්ධයෙන් ලංකා ඊ නිව්ස් ප්‍රථමයෙන් නිහඬ පිලිවෙතක් දැරුවේ HIV ආසාදිතයන් සහ ඔවුන්ගේ දරුවන් සම්බන්ධයෙන් මාධ්‍ය මගින් කෑ කෝ ගැසීම මාධ්‍ය සදාචාරය නොවන බැවිනි. ඉන් සිදුවන්නේ සියල්ල අවුල් ජාලාවක් කිරීම බව ඉහත සිද්ධියෙන්ද පැහැදිලි වී ඇත.
නමුත් මේ දක්වා කිසිදු මාධ්‍යයක් මේ සම්බන්ධයෙන් ඇත්ත තොරතුරු වාර්තා නොකිරීම නිසා අපි මේ සම්බන්ධයෙන් ජනතාවට සත්‍ය ගෙන ඒමට තීරණය කෙළෙමු.
ප්‍රථමයෙන්ම දරුවෙකු පාසැලකට ගැනීමට විරුද්ධ වීමට මුළු ගමක්ම විරුද්ධ වන්නේ ඇයි දැයි සොයා බැලිය යුතුය. මන්ද යත් මුළු ගමකම ඉන්නේ අන්ත තිරිසන් නොදියුණු මෝඩ මිනිසුන් යයි ලංකා ඊ නිව්ස් නොසිතන බැවිනි.
ඒ අනුව මව සහ දරුවා පදිංචි ගමේ එනම් කුලියාපිටියේ මහර ගල්පොල ග්‍රාම සේවක අසංක මහතා ඇතුළු ගම්වාසී බුද්ධිමත් වැඩිහිටියන්ගෙන් කරුණු විමසා බැලුවෙමු.
ඒ අනුව ගමේ මිනිසුන් දරුවා පාසැලට ඇතුලත් කර ගැනීමට විරුද්ධ වී ඇත්තේ HIV ආසාදිත යැයි කීමට වඩා එම පවුල මනුෂ්‍ය ඝාතන සිදුකර ඇති, දෙමාපියන්ට පවා පහර දෙන, මත්ද්‍රව්‍ය විකුණන, ගම්වැසියන් සමග නිරන්තර රණ්ඩු සරුවල් කරගන්නා සමාජ විරෝධී, සමාජයට හිසරදයක් වී ඇති පවුලක් බැවිනි.
HIV ආසාදිත කතාවද දරුවාගේ මව එනම් චාන්දනී සිල්වා තමන්ගේ වාසියට එක් එක් අවස්ථාවල එක් එක් ආකාරයට කියා ඇති කතාවකි. වරක් තමාට HIV වැළැඳී ඇතැයි කියන ඇය තවත් වරෙක කියන්නේ එසේ නොමැති බව යැයි ග්‍රාම සේවක අසංක මහතා පවසයි.
මේ පවුලේ ඉතිහාසය මෙසේය.
මෙම චාන්දනී සිල්වා නම් කාන්තාවට පුරුෂයන් දෙදෙනෙකි. පළමු පුරුෂයාට දාව පුතෙක් සිටින අතර ඔහු වැඩිමහල් අයෙකි. ඔහුට ඩිමෝ බට්ටා වෑන් රථයක් ද ඇත. පළමු පුරුෂයාගෙන්ද වැඩිමල් දරුවාගෙන්ද වෙන් වන ඇය මැද පෙරදිග රැකියාවකට යන්නීය. ඒ ගොස් යලි සිය රට එන්නේ ලැජ්ජා බිය නැති කාන්තාවක් ලෙසය. ඉන්පසු ඇය විවිධ පුරුෂයන් හා අයාලේ යන්නීය. කුරුණෑගල නගරයේ රස්තියාදු වන ඇය ස්වීප් ටිකට්ද විකුණන්නීය. පසුව තවත් පුරුෂයෙක් හා යලි තම ගමට එන්නීය. ඒ HIV ආසාදිතයෙකු වී මිය ගියා යැයි කියන දෙවන පුරුෂයා වන අනුර සුදර්ශන සිල්වා සමගය. අනුර නමැත්තා සමාජ විරෝධී නරුමයෙකි. ඔහුගේ ආදායම් මාර්ගය වන්නේ කසිප්පු පෙරීමත් ඒවා විකිණීමත් ගංජා සහ බාබුල් විකිනීමත් ය. ඒ සමාජ විරෝධී වැඩ වල හවුල්කාරිය වන්නේ චාන්දනී ය.
වරක් චාන්දනී අනුර හා එක්ව ඇයගේ පළමු පුරුෂයාගේ කකුල් දෙකම කැඩෙන සේ යකඩ පොල්ලකින් පහර දුන්හ. තවත් වරෙක චාන්දනී වයස 75 ක් වූ තමාගේම මවට පොල්පිත්තක් කැඩන තුරු පහර දෙන්නීය. මේවා සම්බන්ධයෙන් පොලිසියේ වාර්තා ඇත. මේ පවුල නිරන්තරයෙන්ම ගමේ අනෙක් මිනිසුන් සමග මෙන්ම තමන්ගේම පවුලේ අය සමග රණ්ඩු කර ගැනීම සාමාන්‍යයක් විය. මේ අතර වාරයේ එක්තරා ගෝරියක දී අනුර තමාගේ පුෂ්පා නමැති නංගීගේ පුරුෂයා සමන්ත නමැත්තා කපා කොටා ඝාතනය කරන්නේය. ඒ සම්බන්ධයෙන් මඳ කලක් අත් අඩංගුවේ සිට සාක්කි නොමැති වීම මත නිදහස ලබා එන අනුර තම සමාජ විරෝධී ක්‍රියාවන්හි දිගටම යෙදෙන්නේය. ඔහුගේ සහායිකාව වන්නේ චාන්දනී ය. ඔවුන්ට උපදින දරුවා මේ කතාවට මුල් වන දරුවා වේ. ඉන්පසුව අනුර අසනීප වන අතර මුල්ලේරියාව රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියදී මිය යන්නේය. ඔහුගේ සීල් තබන ලද මළ සිරුර කුලියාපිටිය රෝහලින් සුසාන භූමියට ගෙන ගොස් පුළුස්සා දමනවා මිස නිවසට හෝ ගෙන එන්නේ නැත. ඔහුගේ මරණ සහතිකයේ ඒඩ්ස් වලිස් මිය ගියා යැයි සඳහනක් නැත. නමුත් ගමේ ප්‍රචාරය යන්නේ ඔහු ඒඩ්ස් රෝගයෙන් මිය ගිය අයෙකු ලෙසය.
අනුරගේ මරණයෙන් පසුව චාන්දනී කසිප්පු පෙරීම සහ විකිණීම, ගංජා බාබුල් විකිණීම තනියම කරගෙන යන්නට නොහැකිව අත් හරින අතර පළමු කසාදයේ පළමු දරුවාගේ ව්‍යාපාර කටයුතු වලට උදව් දී ජීවත් වන්නීය.
චාන්දනී ඒඩ්ස් කතාව කියන්නේ ඒ අතරේ දීය. ඇය මිනිසුන් හා ගැහැණුන් හා රණ්ඩු වෙද්දී ‘‘මං තොට ඒඩ්ස් බෝ කරනවා‘‘ යැයි තර්ජනය කරන නමුත් ඇයට වාසි අවස්ථාවේදී ඇයට ඒඩ්ස් නැතැයි කියන්නීය. වරෙක ඇය තමා සමග ඒ ගමේ 18 දෙනෙකු නිදි වැද ඇතැයිද ඔවුන් සියළු දෙනාටම තමන් ඒඩ්ස් බෝ කර ඇතැයි ද පවසන්නීය.
මේ දරුවා හැදී වැඩෙන්නේ මෙවැනි පවුල් පසුබිමක් යටතේ ය. දරුවා පාසැලට ඇතුලත් කිරීමට යෑමට පෙර ගමේ මොන්ටිසෝරියකට ගියේය. එහිදී දරුවාගේ හැසිරීම ප්‍රචණ්ඩ විය. ඔහු අනෙකුත් දරුවන් හූරන්නේය. සපා කන්නේය. මේ හේතුව නිසා මොන්ටිසෝරි ගුරුවරියට දරුවා වෙන්කර ඉගැන්වීමට සිදුවූවා ය.
ගමේ මිනිසුන් මේ දරුවා පාසැලට ඇතුලු කරනවාට විරුද්ධ වූයේ මෙවැනි හේතු කාරණා රාශියක් ඇතිවය. මේ සම්බන්ධයෙන් ග්‍රාම සේවක මහතා ඇතුළු ගමේ බුද්ධිමත් ප්‍රධානීන්ගේ මතය වන්නේ දරුවා මේ මවගෙන් වෙන් කර පරිවාස භාරයේ ගොඩ නැගුවේ නැතිනම් දරුවාද පවුලේ අන් අය මෙන් අපතයෙක් වන බවයි.
කෙසේ වෙතත් මේ වන විට මාධ්‍ය මගින් ලැබූ විකෘති ප්‍රසිද්ධිය දරුවාගේ යහපතට වඩා අයහපතට හේතු වී තිබේ. ඊටද ප්‍රධාන හේතුව චාන්දනී නම් මවයි. දරුවාට පාසැලක් ලබා දෙන බව අධ්‍යාපන ඇමැතිවරයාද ජනාධිපතිවරයාද පවසා සිටියත් දැන් ඇය කියන්නේ තමාට එංගලන්තයට යෑමට අවස්ථාව ලැබී ඇති නිසා දරුවා පාසැල් නොයවන බවයි. ඇය දරුවාගේ සිද්ධිය තම ආදායම් මාර්ගය කරගෙන තිබේ. දිනපතා ඇය බැලීමට එන රාජ්‍ය නොවන සංවිධාන වලින් ලැබෙන මුදල් වලට ඇය ගිජු වී සිටී.
පරිවාස නිලධාරීන්ගෙන් ලංකා ඊ නිව්ස් වෙත ලැබුනු නිල නොවන තොරතුරුවලින් ඇය HIV ආසාදිත කාන්තාවක් බව පැවසේ. ඒ එසේ නම් ඇයට අනෙකුත් HIV ආසාදිතයන්ට සේ වෙනම සුබ සාධන වැඩ පිලිවෙලක් සූදානම් කළ යුතුය. ‘‘මං තොට ඒඩ්ස් බෝ කරනවා“ යි තර්ජනය කරමින් සමාජය භීතියට පත් කරමින් පිස්සු කෙළීමට ඉඩ නොදිය යුතුය.
දරුවා HIV ආසාදිතයෙක් නොවේ. කෙසේ වෙතත් දරුවාගේ අනාගතය ගැන සලකා බලන්නේ නම් දරුවා මවගෙන් වෙන් කර මේ අලකලංචි වලින් තොර වෙනත් සමාජ පරිසරයක ගොඩ නැගිය යුතුය. එය අමානුෂික දෙයක් නොවන අතර එය ශිෂ්ඨ සමාජයක වගකීම වන්නේය.
ලංකා ඊ නිව්ස් ගල්පොල ග්‍රාම සේවක අසංක මහතා සමග කළ සාකච්ඡාවකින් පටිගත කර ගත් කොටස් කිහිපයක් පහත දැක්වේ

Last edited:

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
පරිවාස නිලධාරීන්ගෙන් ලංකා ඊ නිව්ස් වෙත ලැබුනු නිල නොවන තොරතුරුවලින් ඇය HIV ආසාදිත කාන්තාවක් බව පැවසේ. ඒ එසේ නම් ඇයට අනෙකුත් HIV ආසාදිතයන්ට සේ වෙනම සුබ සාධන වැඩ පිලිවෙලක් සූදානම් කළ යුතුය. ‘‘මං තොට ඒඩ්ස් බෝ කරනවා“ යි තර්ජනය කරමින් සමාජය භීතියට පත් කරමින් පිස්සු කෙළීමට ඉඩ නොදිය යුතුය.

ඇය HIV පරීක්ෂණයකට බදුන් කලාද ? දන්නා එකෙක් ඉන්නවනම් කියන්න.

හැබයි එක දෙයක් කියන්න පුළුවන් ඇයගේ සැමියා මිය ගොස් අත්තෙනම්
HIV නිසා නොවන බව පැහැදිලිය. මන්ද දරුවාගේ වයස අවුරුදු 6 කි. එනම් දරුවා උපදින අවස්ථාවේ ඔහුට HIV වයිරසය අසාධනය වී නොමැත. දරුවාගේ HIV නෙගටිව් බව පැහැදිලිය. ඔහු අසධිතයේ වූයේනම් දරුවට HIV අනිවාර්යයෙන්ම සම්ප්‍රේෂණය වනු ඇත මන්ද ඔහුගේ මව හරාහා බැවිනි.

අපි කියමු දරුවාගේ පියාට අසාධනය වුයේ දරුවා ඉපද මාස කිහිපයකට පසුව කියා. එනම් වසර 5 ඇතුලත
HIV අසධිතයෙක් මිය නොයනු ඇත. නමුත් දරුවාගේ පියා මෑතක මිය ගොස් ඇත. HIV සිට ඒඩ්ස් මට්ටම දක්වා වර්ධනය වීමට බොහෝ අවස්ථාවල වසර 5-6 වඩා ගතවේ. HIV වලින් මියයන රෝගීන් සංඛ්‍යාව ඉතා අල්පය. මිය නොයන තරම්ය. ඔවුන් මියයන්නට පටන් ගන්නේ ඒඩ්ස් දක්වා වර්ධනය උන පසුවය.

Last edited:

B_i_n_g_o

Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    ඒ අනුව මව සහ දරුවා පදිංචි ගමේ එනම් කුලියාපිටියේ මහර ගල්පොල ග්‍රාම සේවක අසංක මහතා ඇතුළු ගම්වාසී බුද්ධිමත් වැඩිහිටියන්ගෙන් කරුණු විමසා බැලුවෙමු.
    ඒ අනුව ගමේ මිනිසුන් දරුවා පාසැලට ඇතුලත් කර ගැනීමට විරුද්ධ වී ඇත්තේ HIV ආසාදිත යැයි කීමට වඩා එම පවුල මනුෂ්‍ය ඝාතන සිදුකර ඇති, දෙමාපියන්ට පවා පහර දෙන, මත්ද්‍රව්‍ය විකුණන, ගම්වැසියන් සමග නිරන්තර රණ්ඩු සරුවල් කරගන්නා සමාජ විරෝධී, සමාජයට හිසරදයක් වී ඇති පවුලක් බැවිනි.

    ඔව්. ඒඩ්ස් කතාව පැත්තකට දාමුකො. මිනීමරුවගෙ පුතා මිනීමරුවෙක් නොවී හොද මිනිහෙක් කරන්න, මද්‍රව්‍ය විකුනන එකාගෙ පුතා මද්‍රව්‍ය විකුනන එකෙක් නොවී හොද මිනිහෙක් කරන්නයි ඉස්කෝල තියෙන්නෙ කියල මේ බුද්ධිමත් ජනතාවට තේරෙන්නෙ නෑනෙ ඉතින්.:lol:
     
    ratedGTR

    Well-known member
  • Sep 24, 2015
    935
    294
    63
    ඔව්. ඒඩ්ස් කතාව පැත්තකට දාමුකො. මිනීමරුවගෙ පුතා මිනීමරුවෙක් නොවී හොද මිනිහෙක් කරන්න, මද්‍රව්‍ය විකුනන එකාගෙ පුතා මද්‍රව්‍ය විකුනන එකෙක් නොවී හොද මිනිහෙක් කරන්නයි ඉස්කෝල තියෙන්නෙ කියල මේ බුද්ධිමත් ජනතාවට තේරෙන්නෙ නෑනෙ ඉතින්.:lol:

    owa antibbs ponnayata therenne nah ban
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    Anti BBS da ban me lanka c news eke chater wenne :lol:

    S0vOEca.png
    [/IMG]
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    HIV check karana eka echchara loku deyak nemene
    anika dan HIV-Aids maranthika rogayak hatiyata piliganne naha
     
    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    ඔව්. ඒඩ්ස් කතාව පැත්තකට දාමුකො. මිනීමරුවගෙ පුතා මිනීමරුවෙක් නොවී හොද මිනිහෙක් කරන්න, මද්‍රව්‍ය විකුනන එකාගෙ පුතා මද්‍රව්‍ය විකුනන එකෙක් නොවී හොද මිනිහෙක් කරන්නයි ඉස්කෝල තියෙන්නෙ කියල මේ බුද්ධිමත් ජනතාවට තේරෙන්නෙ නෑනෙ ඉතින්.:lol:

    :( :yes:
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    HIV check karana eka echchara loku deyak nemene
    anika dan HIV-Aids maranthika rogayak hatiyata piliganne naha

    HIV මාරාන්තික නොවෙන්න පුළුවන් . හැබයි ඒඩ්ස් අනිවාර්යයෙන්ම මාරාන්තිකයි. හැබැයි HIV අසාධනය උනොත් ඉක්මනටමHAART s බොන්න පටාන් ගන්න ඕනේ.

    එමඟින් මාරාන්තික තත්වයන් අවම කරගන්න පුළුවන්.

    drugs-pills-cocktail-aids-hiv.jpg

    Last edited:

    wdimantha

    Member
    Nov 19, 2008
    163
    17
    0
    මේ ගදරුවන් කාරයාගේ lankaenews වලින් කරපුනිසා,අකිලගේ රෙදි අපුල්ලනවද කියල සැකයක් තියෙනවා මචං.
     
    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    මේ ආටිකල් එක පොන්න සදරුවන්ගේ ලංකා ගූ නිවුස් එකේ ගියපු එකක් . ලියපු එකාට ගමට ගිහින් GS හම්බුන එකේ සිද්දියට මුහුණ පාපු චාන්දනීව හම්බ උනේ නැත්තේ ඇයිද දැන් නෑ ... මුන් තමයි එක්නැලිගොඩ කියන කොටියව මාද්‍යවේදියෙක් කරලා තියෙන්නේ......
    හැබැයි උ ලියපු පොතක්, ලිපියක් මොනවත් නෑ .
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    මේ ආටිකල් එක පොන්න සදරුවන්ගේ ලංකා ගූ නිවුස් එකේ ගියපු එකක් . ලියපු එකාට ගමට ගිහින් GS හම්බුන එකේ සිද්දියට මුහුණ පාපු චාන්දනීව හම්බ උනේ නැත්තේ ඇයිද දැන් නෑ ... මුන් තමයි එක්නැලිගොඩ කියන කොටියව මාද්‍යවේදියෙක් කරලා තියෙන්නේ......
    හැබැයි උ ලියපු පොතක්, ලිපියක් මොනවත් නෑ .

    මල්ලි මාතෘකාවට අදාලව විතරක් කතා කරපන්.
     
    Similar threads