පොල්_වතුර

sooppuwa

Well-known member
  • Jan 31, 2016
    782
    465
    63
    උඩ තට්ටුවෙ
    දිනකට ලීටර් පනස්‌දහසක්‌ කුණු කාණුවලට හෙළන විශිෂ්ටතම ශක්‌ති ජනක පානය
    coconut-water-01.jpg


    මෑතකදී ශ්‍රී ලංකාවේ පොල් සංවර්ධන මණ්‌ඩලය විසින් පුවත්පත්වල පළකර තිබූ වාර්තාවකින් කියෑවුණේ මෙරට වැසියන් දිනකට පොල් වතුර ලීටර් 50,000 ක්‌. සින්ක්‌ එකට හළන බවයි. අප කොයිතරම් පොල් ගසට අකාරුණික වීද යන්න තේරුම් ගැනීමට, එකී කාරණාව පමණක්‌ වුව ප්‍රමාණවත් වනු ඇත.

    එබැවින් එකී කාරණාව ද මතකයේ තබා ගෙනම, පොල් තැඹිලි, කුරුම්බා වතුර පිළිබඳ පෙර අපරදිග විද්‍යාඥයින් විසින් කර ඇති පර්යේෂණ වල තතු විත්ති වලින් හෙළිදරව් කෙරෙනා මාහැඟි ගුණය මෙන්ම සෞඛ්‍ය ප්‍රතිලාභ ද විමසා බලමු.

    පෝෂණයෙන් අති විශිෂ්ට පොල් වතුර ජීවයේ පානයයි.

    පොල් වතුර මේ ලොව ඇති සුපිරිසුදුම පානයයි. මාස 9 ක්‌ පුරා ජෛව පිරිසුදුවීමේ ක්‍රියාවලියට ලක්‌වී නිපදවන පොල් වතුර, ජීවානු හරිතය.

    එහි සංයුතිය අපගේ සෛල ප්ලස්‌මාවේ, රුධිරයේ අයනික සංයුතියට බෙහෙවින්ම සමාන වන බව විද්‍යාඥයින් විසින් සොයා ගෙන තිබේ.

    මෙහි සුලභව පවතින පොටෑසියම්, සෝඩියම්, ක්‌ලොරයිඩ්, මැග්නීසියම් අයන මෙන්ම, සුළු වශයෙන් ඇති ස්‌වභාවික සීනි නිසාවෙන්, අයනිකතාවය අතින් විශිෂ්ට ගුණ දක්‌වයි. මෙකී විශිෂ්ට අයනික ගුණය නිසාවෙන්, යුද්ධ වලදී බරපතල තුවාල ලබන සොල්දාදුවන් සඳහා සේලයින් ද්‍රාවණයක්‌ ලෙස කෙලින්ම භාවිතයට ගෙන තිබෙන බවත්, දෙවන ලෝක යුද්ධයේදී පමණක්‌ ජීවිත 50,000 ක්‌ පමණ බේරා ගෙන තිබෙන බවත් ඉතිහාසය තතු විමසීමේදී දැනගත හැක.

    එමෙන්ම පොල් වතුර ආහාරමය තන්තු වලින්ද පොහොසත්ය. මැංගනීස්‌, අයඩීන්, සල්µර්, සින්ක්‌, සෙලෙනියම්, කැල්සියම්, පොස්‌පරස්‌, යකඩ හා විටමින් සී. බී. හා ඊ. ද ඇත. තවද මෙහි අත්‍යාවශ්‍ය ඇමයිනෝ අම්ල, කාබනික අම්ල, එන්සයිම වර්ග, ප්‍රතිඔක්‌ෂිකාරක, පයිටොකෙමිල්ස්‌ වර්ග, ශාක හෝමොන වර්ග මෙන්ම හදවතට හිතකර මේදයද අන්තර්ගත වේ.

    හදවත රැක දෙන පොල් වතුර

    පොල් වතුරෙහි තිබෙන අධික ඛණිජ ලවන සංයුතිය නිසාවෙන්, හෘදයාබධ හා අධික රුධිර පීඩනය වැළැක්‌වීමේ සුපිරි ආහාරයක්‌ ලෙස විද්‍යාඥයන් විසින් පොල් වතුර හඳුන්වා දී ඇත.
    benefits-of-coconut-water-1.jpg

    මේ පිළිබඳව කර ඇති අධ්‍යයනයක දී හෙළිවී ඇත්තේ, අධික රුධිර පීඩනයෙන් පෙළුණු රෝගීන් සඳහා පොල් වතුර පානය කරන්නට දීමෙන්, ඔවුන්ගේ රෝග තත්ත්වය සියයට 71 කින් අඩුවූ බවයි.

    පොල් වතුර මිලි ලීටර් 100 ක පොටෑසියම් මිලි ග්‍රෑම් 300 ක්‌ පමණ තිබෙන අතර, එම ප්‍රමාණය කෙසෙල් වලටත් වඩා වැඩි අගයකි. එබැවින් මෙය හදවත රකින විශිෂ්ට ආහාරයක්‌ ලෙස හඳුන්වන්නට විද්‍යාඥයන් පසුබට වන්නේ නැත.

    පොල් වතුරෙහි අහිතකර කොලෙස්‌ටරෝල් නොමැති අතර, අධ්‍යයන වලදී හෙළිවී ඇත්තේ අපගේ සිරුරේ තිබෙන අහිතකර කොලෙස්‌ටරෝල් අඩු කිරීමට ඉවහල් වන හිතකර කොලෙස්‌ටරෝල් (HDL) මට්‌ටම පොල් වතුර බීම නිසාවෙන් ඉහළ යන බවයි.

    අනෙක්‌ අතට රුධිර කැටි ඇති වීම වළක්‌වාලන ගුණයක්‌ පොල් වතුරෙහි අඩංගු වන බැවින් දරුණු හෘදයාබාධ සහ ආඝාතනය වැනි රෝග වලින් ඇති වන අවධානම අඩුකර ගන්නටද පොල් වතුර පානය ඉවහල් වන බව සොයා ගෙන ඇත.
    වකුගඩු රැකගන්නට සහ මුත්‍රාශයේ ගල් දිය කිරීමට.

    වකුගඩු තුළ රැඳෙන විවිධ විෂ පදාර්ථයන් නිසාවෙන් වකුගඩු වලට සිදුවන හානි වැළැක්‌වීම, පොල් වතුර සතු තවත් විශිෂ්ට ගුණයක්‌ බව, පර්යේෂකයන් පෙන්වා දෙයි. එබැවින් මත්පැන් හා වස විස නිසාවෙන් සිදු වන වකුගඩු නරක්‌වීම පාලනය කිරීමද පොල් වතුර ප්‍රයෝජනවත් වනු ඇත.

    පිලිපීනයේ චයිනීස්‌ මහ රෝහල් මුත්‍රවාහිනී පද්ධතිය පිළිබඳ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ, වෛද්‍ය ඉයුජිනෝ මැකලැලෑන් මහතා පෙන්වා දෙන්නේ, සතියකට දෙවතාවක්‌ හෝ තුන් වතාවක්‌ පමණ පොල් වතුර හෝ කුරුම්බා පානය කළ මුත්‍රාශයේ ගල් සෑදී ශල්‍යකර්මයකින් ඉවත් කිරීමට නියමිතව සිටි රෝගීන්ගේ එම ගල්වල විශාලත්වය අඩුවී හෝ කුඩා කොටස්‌ වලට කැඩී තිබුණු බවත්, ඒ නිසාවෙන් ඒවා ශල්‍යකර්මයකින් නොව, සාමාන්‍ය ඖෂධ ප්‍රතිකාර මගින් සුව කිරීමට හැකි වූ බවත්ය.

    අනෙක්‌ අතට පොල් වතුර හොඳ මුත්‍ර කාරකයක්‌ද වෙයි. (Dසමරුඑසජ) මුත්‍ර හොඳින් පහවීමටත් මුත්‍ර මාර්ග යේ ඇතිවන අසාධාරන සුව වීමටත් පොල් වතුර හොඳ ඖෂධයක්‌ ලෙස සැලකේ.

    වස විස වලින් හා දරුණු විස බීජ වලින් ආරක්‍ෂා වීමට

    අප්‍රිකානු හා ඉන්දියානු මෙන්ම, ශ්‍රී ලංකාවේදීද දේශීය වෛද්‍ය කර්මයේදී විස ඖෂධ වල විස ගතිය ඉවත් කිරීමට පොල් වතුර භාවිත කොට තිබේ.

    එමෙන්ම බටහිර ඖෂධ අධි මාත්‍රාවලින් ශරීරගතවීමකදී ඒවායේ විෂ හරණය කිරීමටත්, මෙරට ජනයා ආහාරයට ගනු ලබන, ආහාර වර්ග වල ඇතැයි කියනු ලබන පළිබෝධ නාශක ශේෂ කොටස්‌ මෙන්ම ආසනික්‌ හා කැඩ්මියම් වැනි බැර ලෝහ නිසාවෙන් සිදුවන හානිය අවම කිරීමටත් පොල් වතුර ඉවහල් විය හැකි බවට විශ්වාස කළ හැකි, විද්‍යාත්මක තොරතුරු බොහොමයක්‌ම ඇත.

    පොල්, කුරුම්බා සහ තැඹිලි වතුරෙහි අඩංගු වෙන මොනොලෝරීන් සතුව ව්‍යාධිජනක බැක්‌ටීරියා, වෛරස්‌ හා ප්‍රොටාසෝවා මෙන්ම, තද ලිපිඩ ආවරණයක්‌ සහිත හර්පීස්‌ සයිටොමෙගලෝ වෛරස්‌ වර්ග වැනි දරුණු ප්‍රතිශ්‍යාකාරක වෛරස්‌ වර්ගත් විනාශ කිරීමේ ප්‍ර්‍රභල හැකියාවක්‌ සතු වන බව පැවසෙනවා. එමෙන්ම මොනොලෝරීන් සතු විශිෂ්ට ක්‍රියාකාරිත්වය නිසාවෙන් අපගේ ප්‍රතිශක්‌තිකරණය පද්ධතිය දියුණු කෙරෙන නිසාවෙන්, රෝග වලින් අපව ආරක්‍ෂා කෙරෙන බවත් සොයාගෙන ඇත.

    යෞවනත්වයේ, දීර්ඝායුෂ ලැබීමේ උල්පත සයිටොකයිනීන්.

    පොල් වතුරෙහි තිබෙන විටමින්, ඛනිජ ලවන හා අනිකුත් පෝෂණ ගුණයන්ටත් වඩා වැදගත් විශිෂ්ට ගුණය වන්නේ මෙහි තිබෙන ශාක සයිටොකයිනින් සංයෝගවලින් අපගේ සිරුරට ලැබෙන ගුණය බව නොඅනුමානය.

    සයිටොකයිනින් යනු පයිටොහෝර්මෝන නොහොත් ශාක හෝර්මෝනයන් වෙයි. මෙම හෝර්මෝන වර්ග ශාකය වයසට යැම, වර්ධනය, විකසනය හා සංවර්ධනය පාලනය කිරීමට ඉවහල් වේ.

    නමුත් මෙම ශාක හෝර්මෝන වලින් මිනිසාට ඇති ඵළ ප්‍රයෝජනය කවරේදැයි විද්‍යායෝ මෑතක්‌ වන තුරුම සොයාගෙන නොසිටියහ.

    කෙසේ වෙතත්, විද්‍යාඥයින් දැන් අවධාරණය කරන්නේ, මෙම සයිටොකයිනින් වලින් පොහොසත් ආහාර සුලභව ලබා ගැනීම, දීර්ඝායුෂ විඳීම සහ වයසට යැමේදී මතු වන සංකූලතා අවම වීමටත්, යෞවන පෙනුම වැඩි කාලයක්‌ රැක ගැනීමටත් ඉවහල් වන බවයි.

    පොල්වතුර වනාහී මෙම ශාක හෝර්මෝනයන්ගෙන් පරිපූර්ණ ආහාරයකි.

    පිළිකා පාලනය කිරීමේ ගුණය

    පෙරකී සයිටොකයිනින් මගින් වයසට යැම පාලනය කිරීමට අමතරව, නිරෝගී සෛල විභාජනය යහපත්ව පවත්වා ගෙන යමින් පිළිකාමය සෛල විනාශ කිරීමටත් හේතු වන බව විද්‍යාඥ බ්රූස්‌ මහතා අවධාරණය කරනවා. මීට අමතරව පොල් වතුර පිළිකා ඇතිවීමට හේතු වන නිදහස්‌ මුක්‌ත කණ්‌ඩක විනාශ කරන ප්‍රතිඔක්‌සිකාරක වලින්ද පොහොසත් බව සොයා ගෙන ඇත.

    බර අඩු කර ගැනීමට කදිම පානයකි

    1999 වර්ෂයේ ඇමරිකාවේ යාලේ සරසවියේදී කර ඇති අධ්‍යයනයකදී හෙළිවී ඇත්තේ, පොල් වතුර සීනි සහිත ආහාර ගැනීමට කෙනෙකු තුළ ඇති වන කෑදරකම පහ කරන බැවින්, බර අඩුකර ගැනීමට කදිම පානයක්‌ ලෙස යොදා ගැනීමට හැකි බවය.

    අනෙක්‌ අතට විටමින් සී සුලභ ආහාර ගන්නා උදවිය බර පාලනය කර ගැනීමේ සමතුන් බව, ඇරිසෝනා ප්‍රාන්ත සරසවියේ කර ඇති තවත් අධ්‍යයනයකදී හෙළි වී ඇත. පොල් වතුර විටමින් සී වලින්ද අනූනය.

    පොල් වතුරෙහි තිබෙන වෙනත් ගුණයන්.....

    දියවැඩියා රෝගය පාලනයෙහිලා ද පොල් වතුර වැදගත් වන බව සොයා ගෙන තිබෙනවා.

    එමෙන්ම ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ ප්‍රධානී, මෝටීන් සැටින් මහතා අවධාරණය කරන්නේ, මේ ලොව තිබෙන විශිෂ්ටතම ශක්‌ති ජනක පානය වන්නේ පොල්වතුර බවයි.

    පොල් වතුරෙහි සින්ක්‌ හා සෙලෙනියම් වැනි ඛණිජ ලවන වර්ග තිබෙන බැවින් ලිංගික සරු භාවයටත් මද සරුභාවය දුරු කිරීමටත් පොල් වතුර ගුණදායක බව පැවසෙනවා.

    පොල් වතුරෙහි තිබෙන විශිෂ්ට අයනික ගුණය නිසාවෙන් ඔබ ලබා ගන්නා ඖෂධ වර්ග ලෙහෙසියෙන්ම සිරුරට උරා ගැනීමටත් පොල් වතුර සහය දක්‌වන බව සොයා ගෙන ඇත.

    මහලු උදවියට හා ඝන ආහාර දිරවීමට අපහසු රෝගීන්ට ලබා දිය හැකි විශිෂ්ට පෝෂණීය පානයකි.

    පොල් වතුර එළ කිරි වලට වඩා පෝෂණ තත්ත්වයෙන් විශිෂ්ට වන අතර, විටමින් සංයුතියෙන් දොඩම් යුෂයටත් වඩා විශිෂ්ඨ වෙයි.

    මවු කිරි වල තිබෙන ලෝරික්‌ අම්ලය පොල් වතුරෙහි ද තිබෙන නිසා සකස්‌ කළ ළදරු කිරි පිටි වර්ග වලට වඩා පොල් වතුර විටමින් සංයුතියෙන් ගුණදායක බව පැවසෙනවා.

    වමනය යැම නතර කිරීමේ ගුණයක්‌ සහ ආමාශයේ දැවිල්ල, ගැස්‌ට්‍රයිටීස්‌ රෝගය, ආහාර ජීර්ණ පද්ධතියේ ආබාධ, බඩ පුරවා දැමීම්, අජීර්ණය මළ බද්ධය සුව කිරීමේ ගුණයක්‌ පොල් වතුරෙහි තිබෙන බව සොයා ගෙන ඇත.

    ඇසට හිතකරය. ඇසේ සුද ඒම සහ ග්ලූකෝමා රෝග තත්ත්වයන් ඇතිවීම වළක්‌වයි.

    ළමයින්ගේ පණු රෝග සහ උදරාබාධ සුව කිරීමටත් පොල් වතුර හොඳ ඔසුවක්‌ ලෙස භාවිත කළ හැකිය.

    ශරීරය අධිකව වෙහෙසෙන අවස්‌ථාවලදී සහ විජලන තත්ත්වයන්හිදී පොල් වතුර හෝ කුරුම්බා වතුර ලබා දීමෙන් විශිෂ්ට ගුණ ලැබෙන බව පැවසෙනවා.

    පැපොල, සරම්ප, සහ ශරීයේ පලු දැමීම සහ ඌෂ්ණ බිබිලි වලින් සුවයක්‌ ලැබීම සඳහා පොල් වතුර බාහිරව ගැල් වීමෙන් සහනයක්‌ ලැබෙන බව පර්යේෂකයන් සොයා ගෙන ඇත.

    සම රැලි වැටීම පාලනය කරන අතර, තුවාල සුව වීමටද දායක වෙයි.

    පොල් වතුරෙහි තිබෙන විශිෂ්ට ගුණයන් නිසාවෙන් ලොව පුරා වෛද්‍යවරු ගර්භණී මවුවරුන්ට පොල් වතුර, තැඹිලි වතුර පානය කරන්නට උපදෙස්‌ දේ.

    හෙළ වෙදකමට නැතුවම බැරි පොල් වතුර

    මෙරට හෙළ වෙදකමෙහිලාද පොල්, කුරුම්බා සහ තැඹිලි වතුර භාවිත කෙරෙන අවස්‌ථා රාශියක්‌ තිබෙන බව පැහැදිලිව දැකගත හැකිය.

    ශරීරයේ උෂ්ණය, දාහය, සහ දොස්‌ සමනය කිරීම සඳහා භාවිත කරන ''රාජ විරේකය'' මුල් ගල් දිය කිරීමට භාවිතා කරන ''වැලි හැළියේ කෂාය'' ''බලා විෂ්ණු තෛලය'' වැනි ඖෂධ සංයෝග රාශියක්‌ සකස්‌ කිරීමට තැඹිලි සහ පොල් වතුර භාවිත කරයි. සුලභව යෙදෙන ඖෂධයක්‌ පහත දක්‌වන්නේ පෙර කී පර්යේෂණ වලින් තහවුරු කෙරී පවතින අපේ පැරැන්නන්ගේ ශ්‍රේෂ්ඨ දැනුමට උපහාරයක්‌ වනු පිණිසය.

    ඉරමුසු පිරිසිදු කොට ගෙන තලා, තැඹිලි ගෙඩියකට දමා ඇස්‌ස වසා රැයක්‌ තබා, උදේට පානය කිරීමෙන් මුත්‍ර විෂ තත්ත්වයන්, මුත්‍ර ආබාධ සමනය කෙරෙන බව පැවසේ.

    මෙරටට පැමිණෙන විදේශික සංචාරකයන් සිල්ලර කඩවලට ගොස්‌ පොල් ගෙඩි මිලදී ගෙන, එහි සිදුරක්‌ සාදවා ගෙන, පාරවල් අයිනේ ඇන තියා ගෙන ස්‌ට්‍රොa එකකින් පානය කරනු ඔබත් දැක ඇති. එහෙත් අවාසනාවකට එම වෙළෙඳසැලේ සිටින තරබාරු වෙළෙඳ මහත්මිය දිනපතාම පොල් වතුර ටික කුණු කාණුවට දමා වස විස ද තිබිය හැකි ප්ලාස්‌ටික්‌ බෝතල් වල අසුරා අව්වට වේලී වේලී තිබෙන පැණි බීම බෝතලයක්‌ පානය කරමින් සිටිනු ඇත.

    ඉදින් මේ එළැඹ ඇත්තේ, පොල් ගස යට ඉපිද, හෘද රෝග වකුගඩු අබාධ, පිළිකා රෝග වැනි බෝ නොවන රෝග වැළඳී අකාලයේ මියගොස්‌, පොල් ගස්‌ යටම වළදමන්නට කලියෙන්, පොල් වතුරේ ඔසු රහස්‌ මෙන්ම රස රහස්‌ද අපේ ඇත්තන්ට, කියවා පැහැදිලි කර දියයුතු කාලයක්‌ බව මෙහි අන්තිමට ලියා තබමි

    උපුටා ගැනිම--- විද්‍යා ගවේෂණ - Exploring Science & Technology
     
    Last edited:

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    අපිනම් පොල්වතුර කවදාවත් අහක දාන්නේ නැහැ. බොනවා. උබල දන්නවද පොල්වතුරෙන් පොඩි ඩ්‍රින්ක් එකක් හදන්නත් පුළුවන්. වදිනවා කන සාක්කුවේ දාගන ඉන්න තරමට. හැබයි එතකොට නම් පොල්වතුරේ ගුණයක් නැතුව ඇති. ;)
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,923
    11,668
    113
    "පොල් වතුරෙහි සින්ක්‌ හා සෙලෙනියම් වැනි ඛණිජ ලවන වර්ග තිබෙන බැවින් ලිංගික සරු භාවයටත් මද සරුභාවය දුරු කිරීමටත් පොල් වතුර ගුණදායක බව පැවසෙනවා."

    lankave pol vathura promote karanna kiyanna tiyena vadagathma de
    :D
     

    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,579
    756
    113
    අපිනම් පොල්වතුර කවදාවත් අහක දාන්නේ නැහැ. බොනවා. උබල දන්නවද පොල්වතුරෙන් පොඩි ඩ්‍රින්ක් එකක් හදන්නත් පුළුවන්. වදිනවා කන සාක්කුවේ දාගන ඉන්න තරමට. හැබයි එතකොට නම් පොල්වතුරේ ගුණයක් නැතුව ඇති. ;)

    කියා දියන්.. කියා දියන්.. :baffled::baffled:
     

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    කියා දියන්.. කියා දියන්.. :baffled::baffled:

    Coconut-Margaritas-41.jpg


    • 11/2 ozs tequila (blanco, Espolon recommended)
    • 1/2 oz triple sec
    • 1/2 oz lime juice (freshly squeezed)
    • 2 ozs coconut cream (such as Coco Lopez)
    • 11/2 ozs coconut water
    • lime wedges (for garnish, optional)
    • 9 ozs tequila (blanco, Espolon recommended, or 1 cup, plus 2 tablespoons)
    • 3 ozs triple sec
    • 3 ozs lime juice (freshly squezed)
    • 12 ozs coconut cream (such as Coco Lopez, 1-1/2 cups)
    • 9 ozs coconut water
    • lime wedges (for garnish, optional)