
මට ගැස්ට්‍රයිටීස් නිසා අපේ අම්මා අද මට උදෙන්ම පොල්කිරි කැඳ හදල දුන්නා. බොන ගමන් නිකමට නෙට් එකේ හොයල බැලුව මේකෙ ගුණ අගුණ. අගුණයක් නෑ කියල ආයෙ අමුතුවෙන් කියන්න ඕන නෑ. මොකද මව් කිරි වල තියෙන පෝෂණ ගුණය වගේම පොල්කිරි වලත් ඒ හා ආසන්න ගුණයක් තියෙනවා. බිව්වා විතරයි ගැස්ට්‍රයිටීස් කොහෙන් ගියාද නෑ. මාරම දිව ඔසුවක්. මට තේරුම් ගන්න බෑ ඇයි මිනිස්සු මේව වලින් ඈත් වෙන්නෙ කියලා. මම මේ අදමයි පොල්කිරි කැඳ බිව්වෙ. මාරම රසයි. මිනිස්සු මේවා වලින් ඈත් වෙලා බෙහෙත් බොන්න පුරුදු වෙලා. උණක් හෙමිබිරිස්සාවක් හැදුණත් බෙහෙත් බෙහෙත්. පැනඩෝල් එකක් හරි බොනවා මෝඩ කමට. ඔයාලත් එහෙම නම් පුළුවන් තරම් උත්සහ කරන්න බෙහෙත් වෙනුවට කෑම ආදේශ කරන්න.
මේ පහළ තියෙන විස්තර ටික හොයා ගත්තෙ මම වෙබ්සයිට් එකකින්. (මේ විස්තරේ පහළම උපුට ගත්තු වෙබ් සයිට් එකේ ලින්ක් එක දාල ඇති.)



- මෙහි ඇති ගුණ ගොඩක් ඉහල මට්ටමක තමයි තියෙන්නේ. ඒ වගේම සිරුරේ රෝග ගණනාවකට සුවය සලසන්න පොල් කිරි වලට හැකියාව තියෙනවා.
- පොල් කිරි භාවිතය සිරුරේ ප්‍රතිශක්තිකරණය ඉහල නංවන්නට සමත් වෙනවා. පොල් කිරි වල අඩංගු lauric අම්ලය ඔබේ සිරුර බැක්ටීරියා සහ වෛරස් වලින් ආරක්ෂා කරවනවා.
- lauric අම්ලය කියන්නේ හිතකර මේද වර්ගයක්. එය හදවත් රෝග අවදානම පහ කරන්නට සමත් වෙනවා.
- පොල් කිරි ඔබ ලබා ගන්නා ආහාර දිරවීමේ ක්‍රියාවලිය පහසු කරනවා. විශේෂයෙන්ම සාමාන්‍යයෙන් දිරවීමට අපහසු මස් වර්ග දිරවීමට පොල් කිරි ඉහල දායකත්වයක් සපයනවා.
- පොල් කිරි ඔබව අධි රුධිර පීඩනය සහ කොලොස්ටරෝල් අවදානමෙන් මුදවනවා. රුධිර ගමනාගමනය ක්‍රමවත්ව පවත්වාගෙන යාමට උපකාර කරනවා.
- පොල් කිරි වල විටමින් C, විටමින් E, විටමින් B1, විටමින් B3, විටමින් B5 සහ විටමින් E6, තන්තු, යකඩ, සෙලේනියම්, සෝඩියම්, කැල්සියම්, පොටෑසියම්, මැග්නීසියම් සහ පොස්පරස් අඩංගු වෙනවා.
- සිරුරේ මාංශ පේශි ශක්තිමත් කරන්න පොල් කිරි වල අඩංගු මැග්නීසියම් සහ පොටෑසියම් උදව් වෙනවා. පටක ඇදීම වැනි හේතූන් නිසා හානි වුනු මාංශ පේශි නැවත ඉක්මනින් සුවපත් වීම සඳහාත් පොල් කිරි දායකත්වය සපයනවා. මාංශ පේශි වර්ධනය කර ගැනීමට උත්සාහ කරන පුද්ගලයන්ටත් පොල් කිරි වල අඩංගු පෝෂ්‍ය කොටස් සහාය දක්වනවා.
- මල බද්ධය ඇති අයටත් පොල් කිරි කදිම ඖෂධයක්. ආහාර ජීර්ණ ක්‍රියාවලිය නිසියාකාරව සිදු වීමට පොල් කිරි දායකත්වය සපයනවා. පොල් කිරි වල අඩංගු තන්තුමය කොටස් මල බද්ධය වලක්වා ගන්න උපකාර කරනවා.
- පොල් කිරි වල විෂ නැසීමේ හැකියාවකුත් පවතිනවා. විෂක් ශරීර ගත වුනු වහාම පොල් කිරි ලබා දෙන්නේ ඒ නිසයි. ආහාර වල සිරුරට අහිතකර රසායනිකයක් අඩංගු වෙලා තිබුනොතින් එයින් සිරුරට සිදු විය හැකි හානි අවම කරන්න පොල් කිරි වලට පුළුවන්.
- සිරුරේ සීනි මට්ටම පාලනය කරන්නත් පොල් කිරි වලට හැකියාව පවතිනවා. එහි ප්‍රතිඵලයක් ලෙස ඔබ දියවැඩියා අවදානමෙන් මිදෙනවා.
ඔයත් පොල් කිරි කැඳ බීලා බලන්න. ගොඩක් හොඳයි ඇඟට.

( https://foodexpert.lk/post/87/පොල්-කිරි-වල-ගුණ- )