
මද්‍යසාර රස බලන්නෙක් (රස බලන්නෙක් ඈ, බොන්නෙක් නෙවෙයි!) ලෙස මාගේ අත්දැකීම නම් ලොව ඉහලම පානය වයින් සහ ෂෙරි බවය. එයිනුත් මලගා වයින් වල ඇති රසය, සුවද සහ පානයේදී මතුවන රස නම් කිසිදු මද්‍යසාරයකකින් මම එතෙක් මෙතෙක් විද නැත. වයින් රසවිදීම කාන්තාවක් ආලිංගනය කිරීමක් හා සමානය. ඒ සදහා බොහෝ කල් ගත යුතුය. කාන්තාවක් සිප ගන්නා සේමැ, වයින් වල ද සුවද විදිය යුතුය. ඇය ඔබේ අත්වල ින් සහ සිරුරෙන් ආලිංගනය කරන්නා සේමැ, වයින් ද, වීදුරුව බමවමින් වාතය සහ එක්වීමට ඉඩ හල යුතුය. කාන්තාවකගෙන් සේ මැ, වයින් වලින් උපදනා නියම වින්දනය සහ මත් බව ඇතිවන්නේ එවිටය. වයින් පානය හැදෑරිය යුතු විෂයක් ලෙස මම දකිමි.
මත්බව ලැබීම සදහා මද්‍යසාර පානය කරන්නේ නම් මා නිර්දේශ කරන්නේ නියම රුසියන් කොසැක් වොද්කා හෝ ටෙකිලා ය. වරක් 90%ක සැර පරිමාවක් සහිත කොසැක් වොද්කා එකක් බී වූ හරිය මට හොදින් මතකය.![]()