රේගු පරීක්ෂක තරග විභාගය - 2016
මමත් ගිය පාර රේගු පරීක්ෂක විභාගේ ලිව්වා, එත් පාස් උනේ නෑ. ගොඩක්ම හේතුව උනේ අපිට හරි හමන් paper structure එකක් නැති හින්දා අපි practice කරලා ගියපු විදියට නෙමයි paper එක උන් හදල එවන්නේ. රජයේ තරග විභාග වල papers එලියට එන්නේ නැත්තෙත් ඒකයි. එත් උන් paper එක හදන්නේ එකම විදියට. මන් මේ thread එක දාන්නේ මට මේ ගියපාර exam එකේ තිබුන සමහර මතක දේවල් මේ පාර ලියන්න ඉන්න හා ගියපාර ලියලා කෙල වෙලා ලජ්ජා නැතුව මේ පාරත් ලියන්න ඉන්න උන් එක්ක share කරගන්නයි.අපිට තියන exam එක තම පට්ට අමාරුයි. පට්ට අමාරු වෙන්නේ අපිට exams තුනක් තියනවනේ. Aptitude+Maths+English. ගියපාර ලිව්ව උන්ට කලින් papers වල තිබ්බ ඒවා මතක නම් share කරගෙන මේ වැඩේ ගොඩ දාගමු.එහෙනම් ජයෙන් ජය....






