භාණ්ඩාගාර බිල්පත් / බැඳුම්කර මිළදීගැනීම හා විකිණීම
භාණ්ඩාගර බිල්පත් කෙටිකාලීන ණය උපකරණ වන අතර ශ්‍රී ලංකා මහ බැංකුව මඟින් ශ්‍රි ලංකා රජය වෙනුවෙන් නිකුත් කරයි. මෙම බිල්පත් මාස 3, මාස 6 හා වසරක කාල් පිරිමේ කාලයකට සතිපතා වෙන්දේසි වලින් තීරණය වන පොළී අනුපාත යටතේ ලබාගත හැක. රජයේ ඇපකර අවදානයකින් තොර ආයෝජනයකි. මෙම බිල්පත් වට්ටමක් සහිතව නිකුත් කරන අතර ආයෝජකයන්ට එය කල් පිරීමේදී ප්‍රකාශිත අගය ලබාගත හැක. (පොලිය ආරම්භයේ දී ලබාගත හැක) මෙම මූල්‍ය උපකරණ සඳහා රදවාගැනීමේ බදු අදාළ නොවන අතර ද්විතීක වෙළඳපොලේ ගණුදෙනු කළ හැකි බැවින් අතිශය ද්‍රවශීලි ආයෝජනයකි.
භාණ්ඩාගාර බැඳුම්කර යනු මහ බැංකුව මගින් නිකුත් කරන මධ්‍ය හා දිගු කාලීන ස්ථාවර, අර්ධවාර්ශික සලාක ගෙවීම් සහිත රජයේ ණය උපකරණයයි. එහි කල් පිරීමේ කාලයන් අවුරුදු 2 සිට අවුරුදු 20 දක්වා වෙයි. මේ සඳහා ද රඳවාගැනීමේ බදු අය නොකෙරෙන අතර ශ්‍රී ලංකා රජය මගින් නැවත ගෙවීම සනාථ කරන බැවින් පවතින අවදානම ශුන්‍ය වේ.
ප්‍රති මිලදී ගැනුම් ගිණුම්පත් (Repurchase / Repo)
ප්‍රතිමිලදී ගැනීම් ගිවිසුමක් යනු අවදානම් රහිත සුරැකුමක් සමගාමීව විකිණීම හා මිළ දී ගැනීමේ උපකරණයකි. මෙය අවදානම් රහිත ආයෝජනයක් වන්නේ එය රජයේ සුරැකුම් පත් මගින් සුරක්ෂිත වන නිසාය. මෙම ගිවිසුම් පතක් මගින් බැංකුවක් සුරැකුමකට එදිරිව පාරිභෝගිකයාගෙන් අරමුදල් ණයට ගැනීමක් සිදුවේ. මෙම සුරැකුම් බොහෝ විට කල්පිරීමේ දී ගෙවිය හැකි නිශ්චිත කාල සීමාවක් හා එකඟ වූ පොලී අනුපාතයක භාණ්ඩාගාර බිල්පතක් හෝ බැඳුම්කරයක් වේ. මින් අයෝජකයිනට ලැඛෙන ප්‍රධානම වාසිය නම් මෙය රදවා ගැනීමේ බදු වලින් නිදහස් වීමයි. ආයෝජන කාලය පිළිබඳ ඇති නම්‍යශීලී භාවය නිසා ආයෝජකයාට ආයෝජනය කල් පිරිමේ දිනය තීරණය කල හැකිවේ.
ප්‍රතිවර්තන ප්‍රතිමිලදීගැණුම් ගිවිසුම (Reverse Repo)
මෙමගින් බැංකුව සුරැකුමකට එදිරිව පාරිභෝගිකයාට සාමාන්‍යයෙන් කෙටි කාලයකට අරමුදල් ණයට ලබාදීම සිදුවෙයි. මෙය කෙටි කාලීන ප්‍රග්ධන සපයා ගැනීම සඳහා උපයෝගී කර ගන්නා මුල්‍ය වෙළඳපොල උපකරණයකි.
ශ්‍රී ලංකා සංවර්ධන බැදුම්කර (SLDB)
ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර ඇමෙරිකානු ඩොලර් මුදල් ඒකක වලින් රජය මගින් නිකුත් කරන හා අර්ධ වාර්ෂික පොලී අනුපාතය හය මාසික ලන්ඩන් අන්තර් බැංකු අර්පණ පොලී අනුපාතකයට (LIBOR) ස්ථීර ගණනයක් එක් කිරීමෙන් ලැඛෙන වෙනස් වන පොලී අනුපාතිකයකි. මෙහි ප්‍රතිලාභ ශ්‍රී ලංකාව තුළ බදු වලින් නිදහස් වේ. ප්‍රාදේශික පුරවැසියන් හා ආයතන, අනේවාසික ශ්‍රී ලාකීකයන් ශ්‍රී ලංකා ද්විත්ව පුරවැසියන්, බලයලත් නියෝජිතයන්, ප්‍රාථමික වෙළඳුන් හා අනෙකුත් නිශ්චිත සමාගම් මෙම අයෝජනය සඳහා සුදුසුකම් ලබයි. අවම අයෝජන මුදල් ඇමෙරිකානු ඩොලර් 10,000 කි.