පරිපූර්ණ මිනිමැරුමක් කරන්නේ කෙසේද?

Shaiman

Member
Apr 2, 2014
1,748
210
0
උ 3 පාරක් හිරෙන් පනිනවනේ බන්.. පැනල ඇවිත් එකෙක්ව මරනව , මරල ඔලුවත් අරන් පොලිසියට ගිහින් බාර වෙනව,, ඉට පස්සේ ආපහු කාලයක් ඇතුලේ ඉන්නව..

minihage story eke miniha hema murder ekakatama passe police yata bara wenawa. Aye penala awith minee maranawa. eka thamayi theruma ganna beri point eka. :dull::dull::dull:

Anyhow i Respect him :):):):):):)
 

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වංගෙඩියේ මිනීමැරුම ගැන අහලා තියේද?
    :yes::yes: පොඩ්ඩක් සස්කරනය වෙන්ඩ ඔනෙ ඔකට මොල්ගහත් ආවනම් හරියටම හරි,, තව ගොයම් කොලේ මිනි මරපු කතාවකුත් තිබේ .
     

    Shaiman

    Member
    Apr 2, 2014
    1,748
    210
    0
    වංගෙඩියේ මිනීමැරුම ගැන අහලා තියේද?

    Eka Plan karala karapu murder ekak nemei neda?

    Lawyerlage hakiyawen saha sakshi nathi nisa goda dapu ekak

    Wedata hitapu kollane rape & murder eka karala thiyenne

    DNA test thibbanam a kale mattu wenawa
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    How to do a perfect murder

    ඔව් මචන්ලා, හුදී අද්යාපනය සදහා පමනයි. හොදද? :cool::cool:

    පහුගිය කාලේ ලන්කාවේ වෙච්ච ගොඩක් මිනීමැරුම් කෙටි කාලයක් තුල විසදන්න, එහෙම නැත්තම් අපරාදකාරයන්ව අල්ලන්න ලන්කාවේ පොලිසිය සමත් උනා. උදාහරනෙකට සේයා ඝාතනය, දන්කොටුවේ වැන් එකේ පස් දෙනා වගේ සිද්දි.. සේයා ඝාතනයට වඩා දන්කොටුවේ සිද්දියෙදි අපරාදකරුවන්ට ගැලවෙන්න තිබ්බ අවස්තාව වැඩියි කියලා උබලට හිතෙන්නේ නැද්ද?


    • ශක්තිමත් සාක්ශිකාරයෙක් හො කරුවන් (alibi සදහා) සිටියානම්.
    • මිනිමැරුමට යොදාගත් ආයුදය සොයාගැනීමට නොහැකිවූවා නම්
    • DNA සහා Bio metric සාක්ශි (අපරාදකරුවන්ගේ ) අපරාද ස්තානයෙන් සොයා ගැනීමට නොහැකි වූවා නම්
    • අපරාදකරුවන් සහා මියගිය පුද්ගලයින් අතර සම්බන්දය සොයාගැනිමට නොහැකි වූවා නම්
    උබලා හිතන්නේ නැද්ද මේක පර්ෆෙක්ට් ක්‍රයිම් එකක් කියලා..



    උබලා දන්න මේ වගේ සිද්දි හරි, මේ විදියට සාක්ශි නැති නිසා නිදහස් උන නමුත් මිනිස්සු දන්න අහවලා තමා කෙරුවේ කියන පර්ෆෙක්ට් ක්‍රයිම් තියනවා නම් දාන්න මේ ත්‍රේඩ් එකේ දැන ගැනීම සදහා..



    සෙනල් උඹ කොහොමද බං මගේ හිත කියවන්නේ ඊයේ මට හිතුනා එළකිරියේ මේ වගේ ත්‍රේඩ් එකක් නැහැ නේද කියලා ? අද බලනකොට ඒ වගේ ත්‍රේඩ් එකක් වැටිලා :shocked::shocked::P
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    මෑත කාලයේ ඉතාමත් සැළසුම් සහගත ලෙස කරපු මිනිමැරුමක් තමයි මාතලේ විශ්ව විද්‍යාල ශිෂ්‍යාවගේ ඝාතනය නිසැක වශයෙන්ම මේ මිනිමැරුම අපරාධ විද්‍යාව පිළිබඳව ඉතාමත් හසළ දැනුමක් තියෙන පුද්ගලයෙක් විසින් කරපු දෙයක්

    පොලිසියෙන් ඝාතකයා කියලා අත් අඩංගුවට ගත්ත කෙනා මත්දව්‍ය වලට පුරුදු වුන පුද්ගලයෙක් මම දැක්කා මිනිහා පාපොච්චාරණයේදි කියලා තිබුනා මේ කෙල්ල නිදාගෙන හිටියා විදිය හඳ එළියෙන් දැක්කා කියලා ඒ දවස හඳ තියෙන දවසක් නෙමේ :lol: අනික් එක ඒ සිද්ධියේදි ස්ත්‍රී දුෂණයක් සිදුවෙලා තිබුන බවක් මරණ පරික්ෂණයේදි සඳහන් වුනේ නෑ. නමුත් මේ අත් අඩංගුව
    ගත්ත කෙනා කියලා තිබුනා දුෂණය කලා කියලා සෑහෙන පරස්පර විරෝධි දේවල් මේ සිද්ධියේ තියෙනවා :angry::angry:
     

    Shaiman

    Member
    Apr 2, 2014
    1,748
    210
    0
    මෑත කාලයේ ඉතාමත් සැළසුම් සහගත ලෙස කරපු මිනිමැරුමක් තමයි මාතලේ විශ්ව විද්‍යාල ශිෂ්‍යාවගේ ඝාතනය නිසැක වශයෙන්ම මේ මිනිමැරුම අපරාධ විද්‍යාව පිළිබඳව ඉතාමත් හසළ දැනුමක් තියෙන පුද්ගලයෙක් විසින් කරපු දෙයක්

    පොලිසියෙන් ඝාතකයා කියලා අත් අඩංගුවට ගත්ත කෙනා මත්දව්‍ය වලට පුරුදු වුන පුද්ගලයෙක් මම දැක්කා මිනිහා පාපොච්චාරණයේදි කියලා තිබුනා මේ කෙල්ල නිදාගෙන හිටියා විදිය හඳ එළියෙන් දැක්කා කියලා ඒ දවස හඳ තියෙන දවසක් නෙමේ :lol: අනික් එක ඒ සිද්ධියේදි ස්ත්‍රී දුෂණයක් සිදුවෙලා තිබුන බවක් මරණ පරික්ෂණයේදි සඳහන් වුනේ නෑ. නමුත් මේ අත් අඩංගුව
    ගත්ත කෙනා කියලා තිබුනා දුෂණය කලා කියලා සෑහෙන පරස්පර විරෝධි දේවල් මේ සිද්ධියේ තියෙනවා :angry::angry:

    A case ekata mulinma seka kale gedara ayawane. Passe laga gedaraka bebaddekwa arrest karala papochcharanayaka dala thibuna thamayi.

    Policiyata dena papochcharana wiswasa karanna be thamayi. Lagadi paththareka thibuna kota kethane murder case gena article ekak. eka kiyewwama lankawe polici walata dunna papochchaarana wiswasa karanna be kiyala therum yanawa hodatama
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    ඇත්තට මටත් හිතෙන්නේ කොටකෙතන සීන් වල ඇත්ත අපරාධකාරයා තාම අල්ලලා නැතුව ඇති කියලා :(
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    Madduma Bandara Ehelapola seen ekada :baffled: :eek:


    Facepalm-Meme-04.png

     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,515
    17,518
    113
    Auckland
    වෑන් එකට ගිනි තිබ්බෙ නැත්තන් අර සීන් එකත් යට යන්න තිබ්බ
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,515
    17,518
    113
    Auckland
    කහ වත්ත සීරියල් කිලර් සීන් එකක් තියෙන්නෙ. ඒක හරියට තාම හොයන්න බැරි උනනෙ. එතනින් සමහර ඒව නම් වෙන වෙන කෝන්තර වලට මරල අර සීරියල් කිලර්ගෙ අකවුන්ට් එකට දාල තියෙන්නෙ
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    කහ වත්ත සීරියල් කිලර් සීන් එකක් තියෙන්නෙ. ඒක හරියට තාම හොයන්න බැරි උනනෙ. එතනින් සමහර ඒව නම් වෙන වෙන කෝන්තර වලට මරල අර සීරියල් කිලර්ගෙ අකවුන්ට් එකට දාල තියෙන්නෙ



    දැන් කාලේ හරි ඒ පැත්තෙ ආයෙ එකක් වෙන්න,,,,

    අන්තිම එක වෙලා මාස කීපයක් ගෙවුන නේ දැන් නේ:dull:
     

    umma119

    Active member
  • Mar 7, 2015
    394
    53
    28
    Ara wangediyen mini meruwa kiyana seen eka ban...
    Ara lankawe hotapu cricketer kenek, eyage wife marapu seen eka.
    Mata hariyatama siddoya mathaka ne bn
     

    slx

    Well-known member
  • Jul 2, 2014
    1,512
    683
    113
    ගගෙන් එහා
    කහ වත්ත සීරියල් කිලර් සීන් එකක් තියෙන්නෙ. ඒක හරියට තාම හොයන්න බැරි උනනෙ. එතනින් සමහර ඒව නම් වෙන වෙන කෝන්තර වලට මරල අර සීරියල් කිලර්ගෙ අකවුන්ට් එකට දාල තියෙන්නෙ

    සමහර නඩු තියෙනවා කොල්ලෝ අධිකරනයට වත් විසදන්න බැරි. නමුත් අදාල ඝාතන වලට සම්බන්ධ පුද්ගයයන් හට නිසි දේ සිදුව ඇත. අපි දන්න දේවල් බොහෝම ටිකයි (එකත් නිවුස් වලින්) . සමහර දේවල් තියෙනවා අපි නොහිතන විදියට සිදු වෙලා.
     

    SinhaRuba

    Well-known member
  • May 4, 2012
    1,093
    463
    113
    Matara
    ඝාතනයක් ඇත ඝාතකයෙක් නැත


    සුපතළ සතාසිවම් නඩුව
    atitha-mathaka-tag.jpg
    ශ්‍රී
    ලාංකේය අපරාධ ඉතිහාසය තුළ ඉමහත් ආන්දෝලනයට තුªඩුදුන් අපරාධ අතර ‘සතාසිවම්’ මිනීමැරුමට හිමි වන්නේ සුවිශේෂි ස්ථානයකි. 1951 වසරේ මෙරට සිදු වූ අතිශය අමානුෂික ඝාතනයක් ලෙස මෙය ඉතිහාසයට එකතු වී ඇත.

    එය තවත් අතකින් වඩාත් සුවිශේෂී වන්නේ බ්‍රිතාන්‍යයේ එඩින්බරෝ විශ්වවිද්‍යාලයේ අධිකරණ වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්ය හා එහි අධිපති ධුරය ද දැරූ කීර්තිමත් අධිකරණ වෛද්‍ය විද්‍යාව පිළිබඳ විශාරදයකු වූ ‘සර් සිඩ්නි ස්මිත්’ මහතා අධිකරණයේ සාක්ෂි දීම සඳහා මෙරට ට කැඳවීමයි.
    එසේම පසුකාලයක මහාචාර්ය ස්මිත් විසින් රචිත අපරාධ විද්‍යාව පිළිබඳ පර්යේෂණ කෘතියක් වූ ‘මිස්ට්‍රිමර්’ ග්‍රන්ථයට ද එම නඩුව සවිස්තරව ඇතුළත් වීමය.
    12-1.jpg
    තවදුරටත් වුවමනා තරම් සාක්ෂි තිබියදීත් පොලිසිය විසින් මුලදී ‘පොට වරද්දාගත්’ බැවින් මිනීමරුවන් අතට හසුව තිබියදීත් ඔවුන් නිදොස්ව නිදහස් වීම සිදුවීමයි.
    එනම් ‘විලියම්’ නැමැති සේවකයාට විත්තිකරුවකු ලෙස චෝදනා එල්ල වී තිබිය දීත් ඔහු පසුව නීතිපතිවරයාගේ උපදෙස් මත රජයේ සාක්ෂිකරුවකු ලෙස නම් කිරීම ය. ‘වංගෙඩියේ මිනීමැරුම’ ලෙස පොදු ජනාතව අතර කට කතාවට බඳුන් වූයේ ද මෙය ය.
    සතාසිවම් යනු මෙරට බිහිවුණු අග්‍රගන්‍යයේ කීර්තිමත් ක්‍රිකට් ක්‍රීඩකයෙකු විය. කොළඹ වෙස්ලි විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ සතාසිවම් පාසල් ක්‍රිකට් කණ්ඩායමේ නම් දැරූ ක්‍රීඩකයකු ලෙස දීප්තිමත් අනාගතයකට හිමිකම් කියුවෙකි.
    ඔහුගේ ක්‍රිකට් දිවිය සමස්ත ලංකා නියෝජනය දක්වාම ඉදිරියට ගොස් ජාත්‍යන්තර තලය දක්වාම කීර්තියට පත් විය.
    ශ්‍රී ලංකාව ටෙස්ට් වරම් ලබා නොතිබූ එවන් යුගයක වාර්තා පිට වාර්තා තබමින් ශ්‍රී ලංකාවට කීර්තියක් ගෙන දෙමින් අද්වතීය ක්‍රිකට් ක්‍රීඩකයකු ලෙස නමක් දිනා සිටියෙකි.
    කඩවසම් දේහධාරී ක්‍රීඩාශීලී මේ යෞවනයා තම ජීවන සහකාරිය ලෙස තෝරා ගත්තේ ‘පරිපූර්ණම් ආනන්දන් රාජේන්ද්‍රන්’ නැමැති ද්‍රවිඩ ප්‍රභූ පැළැන්තියෙ සුරූපී යෞවනියකි.
    සිහින් සිරුරින් යුතු පැහැපත් මේ සුරූපිනිය මෙරට නිදහස් අරගලයේ වීරවරයකු වූ ශ්‍රීමත් පොන්නම්බලම් රාමනාදන් මැතිතුමාගේ ඉතා කිට්ටු ඥාතිවරියක ද වුවා ය.
    1940 වසරේ නවම් මස 9 වැනි දින ඉතා උත්කර්ෂවත් අයුරින් විවාහප්‍රාප්ත වූ සතාසිවම් යුවළ යුග දිවියේ මිහිර විඳිමින් ප්‍රීතිමත් ජීවිතයකට දොරගුළු විවර කෙළේ ය. වසර කිහිපයක් ගතව යද්දී සතා සිවම් හා පරිපූර්ණම් ආදරණීය මාපියන් බවට ද පත්ව දරු සුරතල් බැලීමේ භාග්‍ය ද ඔවුනට උදා විය.
    සුරතල් දියණියන් සිව් දෙනෙකුගේ සුරතලයෙන් ඔවුන්ගේ අලංකාර නිවෙස පිරී ඉතිරි යන්නට විය. ආදරයෙන් සෙනෙහසින් පිරි සොඳුරු කැදැල්ලේ සැබැවින් ම යහපත් යුග දිවියක් නිසොල්මනේ ගලා යද්දී පරිපූර්ණම්ගේ සිතට කිසියම් සැකයේ බීජයක් ද ඇතුළු වී තිබිණි. මහා විනාශයක මූලාරම්භය වුයේ එතැනිනි.
    12-2.jpg
    සතාසිවම් මහතා
    එතෙකින් ඔවුන්ගේ සුන්දර ලෝකය තුළ මඳීන් මඳ කිසියම් අසුන්දර දෙයක් සිදු වෙමින් පැවැති බව පරිපූර්ණම් ට දැනී ගියේ ය. ‘ඉවෝන් ස්ටීවන්සන්’ නමැති බර්ගර්ජාතික තරුණියක හා සතාසිවම් අතර කුළුපඟ ඇසුරක් පවතින බව පරිපූර්ණම් තුළ බරපතළ සැකයක සේයා මතු විය.
    ජාත්‍යන්තරයේ පිළිගත් කීර්තිමත් ක්‍රිකට් ක්‍රීඩකයකු මෙන්ම කඩවසම් තරුණයකු වූ සතාසිවම් කෙරේ තරුණියන් ගේ ඇල්ම බැල්ම ද වැටීම බොහෝ විට සාමාන්‍ය දෙයක් වූ නිසාම පරිපූර්ණම්ගේ සැකය ද දිනෙන් දින මෝරන්නට වූයේ කෝපයක් ද සමඟ ය.
    අන් බොහෝ ගැහැනුන් සේම තම ආදර පූජාසනය ගිනිබත් වු කළ වේදනාවෙන් උමතුවෙන් මෙන් හැසිරුණු පරිපූර්ණම් නිරන්තරයෙන් ම සතාසිවම් සමඟ බොහෝ ගැටුම් ඇතිකර ගත්තා ය.
    සතුට සැනසුම ඉතිරි ගිය නිවෙස තුළ ඉන්පසු හැමවිටම වාගේ ඉතිරි වූයේ ඇණුම් බැනුම් සණ්ඩ සරුවල් පමණි. මේ නිසා බොහෝ කලක් ගැටුම් මැද අප්‍රසන්නකාරි සිදුවීම් මත ගත කළ සතාසිවම් ටික කලකට රටහැර එංගලන්තය බලා ගියේ ය.
    මෙයින් කෝපයටත් පීඩාවටත් පත් පරිපූර්ණම් කෙතරම් වේදනාවට පත් වූයේ ද යත් ද්වේශසහගත හැරයාම මත දික්කසාදය සඳහා ඉල්ලා අධිකරණයේ නඩුවක් ද ගොනු කිරීමට තරම් හැ¼ගුම්බර වූවා ය.
    තම දරුවන් පාසල් යවමින් තම නිවෙසේ ගත කළ පරිපූර්ණම් සමඟ එහි සිටියේ එක් මැදිවියේ මෙහෙකාරියක හා විලියම් නමැති 19 හැවිරිදි වියේ මෙහෙකරුවකු පමණි. විලියම් මේ නිවෙසට පැමිණ තිබුණේ මෑත භාගයේ දී ය.
    1951 වසරේ යළි ලංකාවට පැමිණි සතාසිවම් ඉඳහිට තම නිවෙසට පැමිණ එහි ගතකර ආපසු යාම නිතර නිතර සිදුවිය. දික්කසාද නඩු දමා සිටිය ද
    12-3.jpg
    විලියම්
    මෙසේ නිවෙසට ඒමට ඔහු පුරුදුව සිටි බව නඩු විභාගය අතරතුර හෙළි දරව් විය. කාලය නොනැවතී ගමනේ යෙදුණේ ය.
    1951 ඔක්තෝබර් 9 වැනි දින සුරූපී පරිපූර්ණම් සතාසිවම් මහත්මියගේ ඝාතනය වූ මළ සිරුර ඇගේ නිවෙසේ මුළුතැන්ගෙය තුළ තිබි හමු වූයේ මුළු මහත් ලංකාවම මහත් කම්පාවට පත් කළ සිදුවීමක් ලෙස ය.
    අද මෙන් මැරුම් සුලභ නොවූ එම වකවානුව තුළ සාමාන්‍ය ජනතාවගේ අවධානය වඩාත් මේ සඳහා යොමු වූයේ මිනීමරුවන් කවුදැයි යන්න දැන ගැනීමේ උභතෝකෝටික ගැටළුව ද පෙරදැරිව ය.
    නිවෙස තුළ වැටී සිටි ඇයගේ මරණය මුල්වරට අනාවරණය කර ගත්තේ නිවෙසට නිතර යන එන සේවකයකු විසිනි. ඔහුගේ කාර්යය වුයේ නිවෙසේ කිළිටි රෙදි සෝදා ගෙනැවිත් භාරදීම ය.
    ‘පොඩි සිංඤෝ’ නමැති මේ කුලීකරු සේදූ ඇඳුම් ද රැගෙන ගෙහිමි කාන්තාව හමු වීමට පැමිණිය ද ඇය පෙනෙන්නට නොසිටියාය.
    එහි සිටි දරුවකු පැවැසුවේ “අම්මා කුස්සියේ ඇති බවය” එහි ගොස් බැලූ සේවකයාට දැක ගන්නට ලැබුණේ මුළු තැන්ගේ වැටී සිටි ‘සතාසිවම් නෝනා’ ගේ ප්‍රාණය නිරුද්ධ වූ මළ සිරුර ය. ඔහු එක හුස්මට පොලිසියට දිවගොස් එය දැනුම්දීමට කටයුතු කෙළේ තැතිගැන්මෙන් හා කම්පාවෙනි.
    මේ අතර තවත් වැදගත් සිදුවීමක් වූයේ නිවෙසේ වැඩපළට අත් උදව් දුන් ‘විලියම්’ නමැත්තා නිවෙසින් අතුරුදන්ව ඇති බව ය. වැඩිමහල් දරුවෝ ඒ අවස්ථාවේ දී පාසල් ගොස් සිටියෝ ය.
    12-4.jpg
    එසේම තවත් අනාවරණය වූ යමක් වූයේ ඝාතනය සිදු වූ දිනට පෙරදින සතාසිවම් මහතා එම නිවෙසට පැමිණ ඇය සමඟ ගත කර පසුදා පිටත්ව ගොස් ඇති බව ය.
    කෙසේ වුව ද සුන්දර සුරූපී පර්පූර්ණම් සතාසිවම් මහත්මිය අමානුෂික මෙන්ම අභිරහස් ලෙස ඝාතනයට ලක්ව තිබුණේ ගෙළ සිරකර උගුරු දණ්ඩ කඩාදැමීම හේතුවෙන් බව පරීක්ෂණවලදී හෙළි දරව් විය.
    ඇය මරා දැමුව ද මිනීමරුවා කවුද යන්න සොයා ගැනීම උගහට විය. ඇගේ සිරුරේ තිබු රන්බඩු සියල්ල ද අතුරුදන්ව තිබිණි.
    මේ අතර නිවෙසින් අතුරුදන්ව සිටි ‘විලියම්’ තංගල්ලට ආසන්න හුංගම ප්‍රදේශයේ සැඟව සිටිය දී මාතර පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීම සිදු විය. අත්අඩංගුවට පත් ‘විලියම්’ පවසා සිටියේ 1951 ඔක්තෝබර් මස උදෑසන 9.30 ට පමණ සතාසිවම් මහතාත් තමාත් එක්ව නෝනා ගේ මරණය සිදුකළ බව ය.
    එහෙත් පශ්චාත් මරණ පරීක්ෂණ සිදුකළ වෛද්‍ය සේරම් මහතා කලින් ප්‍රකාශ කර තිබුණේ පෙ. ව. 11.00 ට පමණ ඇයගේ මරණය සිදු කර ඇති බව ය. ඒ වන විටත් ඇගේ උදෑසන ආහාරය වූ ඉඳි ආප්ප පොල් සම්බෝල හා කිරිහොදි මිශ්‍ර වූ ආහාර උදරයේ අඩංගුව තිබූ ස්ථාන අනුව වෛද්‍ය නිගමනය වුයේ ද එයයි.
    පෙ. ව. 10.30 – 11.00 අතර මෙම මරණය සිදුකර ඇත්තේ විලියම් විසින් බව ඇතැමෙකුගේ මතය විය.
    රාත්‍රි දුහුල් නිදන ඇඳුමින් ම උදෑසන මුළු තැන්ගෙට පැමිණි ඇයගේ රූපකාය දැක ආශාවෙන් කුපිතව සිටි විලියම් ඇය ග්‍රහණයට ගන්නට ඇති බවත් ඉන් ඇති වූ සිද්ධියෙන් පසු ඇය ගෙළ මිරිකා මරා දමන්නට ඇති බවත් ඉන්පසු මරණකාරියගේ සිරුර මත කුස්සියේ තිබූ වංගෙඩිය තබා ඔහු නිවෙසින් පැන ගිය බවද විලියම් ට එරෙහිව පළ වූ චෝදනාවක් විය.
    මෙම සිදුවීමේ දී පොරබැඳීමේ ප්‍රතිඵලයක් ලෙස ඔහුගේ මුහුණේ සිරුරේ නියපොතු පහරවල් ද මනාව දක්නට ලැබුණු බව සාක්ෂිවලින් කියැවිණි.
    “මහත්තය නෝනගේ බෙල්ල මිරිකද්දී මම කකුල් දෙකෙන් අල්ලගෙන සිටියා. ඊට පස්සේ නෝනා දඟලද්දී ඇඳෙන් බිමට වැටුණා. එතකොටම මහත්තයා නෝනගෙ බෙල්ල පයින් පෑගුවා. උගුරු දණ්ඩ කැඩෙනව මට ඇහුණා.
    ඊට පස්සේ උඩු මහලේ නිදන කාමරයෙන් උස්සාගෙන පහළට ගෙනාවා. අත් දෙක යටින් අත්දමා ඔසවා ගත්තේ මහත්තයා. මම කකුල් පැත්තෙන් ඉස්සුවා. ඊට පස්සේ කුස්සියට ගෙනල්ලා දැම්මා. මහත්තයා මෝනගේ රත්ත්‍රන් බඩු ඔක්කොම මට ගළව ගන්න කිව්වා. ඒවා මම කඩේට උගස් කරලා සල්ලි ගත්තා’.
    ඒ විලියම් ගේ පාපොච්චාරණයයි. වැල්ලවත්ත උගස් බඩු කඩයක තිබූ එම රන් භාණ්ඩ සියල්ල පොලිසිය සොයා ගත්තේ ය. විවාහ දිනයේ සතාසිවම් ඇගේ ගෙල බැඳි ‘තාලිය’ ද ඒ රන් භාණ්ඩ අතර තිබිණි.
    12-5.jpg
    සියලු චෝදනාවන්ගෙන් නිදහස් වූ
    සතාසිවම්

    විලියම් අතුරුදන්ව සැඟව සිටිය දී සොයාදුන් කෙනෙකුට රු. 1000ක ත්‍යාගයක් දෙන බවට පොලිසිය එවකට දැන්වීමක් ද පළකර තිබිණි. මරණය වෙනුවෙන් වඩාත්ම අවශ්‍ය කළ පුද්ගලයා වූ විලියම් නඩු විභාගය අතරතුර රජයේ සාක්ෂිකරුවකු ලෙස පත්කර ගැනීම නිසා විලියම්ට කිසියම් වාසියක් ද සිදු වූ බව පෙනේ.
    මහේස්ත්‍රාත් අධිකරණයෙන් පසු ශ්‍රේෂ්ඨාධිකරණයේ එදා නඩුව විභාග කළ ග්‍රේෂන් විනිසුරු තුමා හමුවේ නැවත නඩුව විභාග කරන ලදී. මහාචාර්ය සිඩ්නි ස්මිත් මහතා මෙම මරණය වෙනුවෙන් පරික්ෂණ පැවැත්වීමට මෙරට ට එන්නේ මේ අතරතුර ය.
    විලියම් ගේ සාක්ෂියත් පෙර කී වෛද්‍යවරයාගේ නිගමනයත් අතර වූයේ පරස්පරතාවකි. ඇය මිය ගියේ පෙ. ව. 11.00 පමණ යැයි වෛද්‍ය නිගමනය වුවත් විලියම් සාක්ෂියෙන් කියැවුණේ ඒ උදෑසන 9.30ට පමණ සිදුකළ බවය.
    තවද විලියම් කියන පරිදි කෙනෙකුගේ උගුර පාගා දැමීමේ දී ග්‍රීවා දණ්ඩය බිඳී යන ආකාරය එය කළ තැනැත්තාට දැනෙනවා මිස සෙසු අයට ඇසීමක් සිදු නොවේ යන්න ය.
    ඇය බිම දමා ගෙළ පාගා මරා දැමුවේ නම් කෘශ සිරුරක් තිබූ ඇයගේ උරපත්ත අසල වු තුවාලය සිදුවීමට ඉඩ නැත.
    තුවාලය තිබූ ආකාරයට අනුව එය සිටගෙන සිටිය දී ජනේලයකට හෝ බිත්තියකට තෙරපීමෙන් එහි තිබූ ඇණයකින් එය සිදුව ඇත.
    මහාචාර්ය ස්මිත් අදාළ ස්ථානයේ තිබි එම ඇණය තිබූ ස්ථානය සොයා ගන්නා ලදී. තවද කෙනෙකු මිය යන විට මළ මුත්‍ර පිට වීම ස්වභාවිකය.
    ඇයගේ ඇඳුම්වල වූ මුත්‍රා පැල්ලම පරීක්ෂාවට ලක්කළ ස්මිත් මහතා එමඟින් ද විත්තියේ වාසියට කරුණු තහවුරු කෙළේ ය.
    සියල්ල සතාසිවම් මහතාගේ වාසියට තීන්දු කිරීමට හැකිවීම නිසා විත්තියේ වාසියට කටයුතු යෙදිනි.
    ඇය මිය ගිය දින උදෑසන සතාසිවම් මහතා ටැක්සි රථයක් ගෙන්වාගෙන පිටව යද්දී වේලාව 11.00 පමණ ඇත. ඒ වන විට නෝනා දොරකඩට වී බලා සිටියේ යැයි ටැක්සි රියැදුරකු දුන් සාක්ෂියෙන් ද සතාසිවම් මහතා මේ මරණයට වගකිවයුතු නොවන බවට ද කරුණු ඉදිරිපත් විය.
    එදිනම උදෑසන තම නීතිඥයාට සතාසිවම් මහත්මිය දුන් දුරකථන ඇමැතුමක වේලාව අනුව ඉහත කරුණ පිළිගත හැකි නොවී ය.
    කෙසේ වුව ද නැවත නැවතත් සිදුකළ දීර්ඝතම අධිකරණ ක්‍රියාවලිය අවසානයේ තම බිරිඳ මරා දැමීය යන චෝදනාවලින් මහා දේව සතාසිවම් අධිකරණයෙන් නිදහස් වූයේ ය.
    අපරාධය කරන්නට ඇතැයි මෙතරම් හේතු සාධක තිබියදීත් ‘විලියම්’ සාක්ෂිකරුවකු වීම නිසා ඒ වන විටත් චෝදනාවලින් නිදහස්ව සිටියේ ය. කෙසේ හෝ රාජේන්ද්‍රන් සතාසිවම් මෙලොවින් සඳහටම සමු ගත්තාය.
    එහෙත් මිනීමරුවකු උසාවිය ඉදිරියේ නොවී ය. මහාචාර්ය සිඩ්නි ස්මිත් සමඟ එකතුව කීර්තිමත් නීතිවේදියකු වූ කොල්වින් ආර් ද සිල්වා මහතා සතාසිවම් මහතා වෙනුවෙන් පෙනි සිටියහ.
    නීතියේ තර්ක විතර්ක හමුවේ චූදිතයන් නිදහස් වුව ද සාමාන්‍ය ජනතාවගේ අනුකම්පාව සතාසිවම් මහත්මියගේ මරණය වෙත යොමු වී තිබිණි.
    ඔවුහු ස්මිත් මහතා වෙත තම ද්වේශය පළ කෙළේ ඔහු ගමන් ගන්නා ගුවන් යානය කඩා වැටීමෙන් හෝ ඔහුට අනතුරක් වීමට ඉඩ ඇති බව ය. එහෙත් ඔහු නිරුපද්‍රිතව එංගලන්තයට ගියේ ය.
    මිනීමැරුම කෙළේ වංගෙඩිය විසිනැයි ජනප්‍රවාදයක් ද ඇති විය.
    මෙම නඩු විභාගය කෙතරම් ජනතා අවධානය දිනා ගත්තේ ද යන්න තවත් වැදගත් සිදුවීමක් වූ බවට මතයක් ද පවතී.
    අධිනීතිඥ කොල්වින් ආර්. ද සිල්වා මහතා නිසා විත්තිකරු නිදහස් වූ බවට ජනතාව මත පළ කළහ. එනිසාම 1952 වර්ෂයේ එතුමා නියෝජනය කළ වැල්ලවත්ත ගල්කිස්ස ආසනයෙන් එතුමා පරාජය කිරීමට මෙම නඩු තීන්දුව හේතු වූ බව ද අසන්නට ලැබේ.

    නන්දි අලුත්ගේ රත්නවීර
    http://archives.dinamina.lk/manchu/art.asp?id=2010/12/07/mpg12_0
     
    • Like
    Reactions: ncdisa and RIDER89