බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    බඩ යනවා උබලට මම නැතුව සෙටමෝල් තිබ්බොත්...
    මාතර කොහෙද බන්..
    මගෙත් ජීවිතේ 99% වෙනස් උනා බන් මේ ජොබ් එකට ආවට පස්සේ..ගමක් තියෙනවද කියලත් දැන් අමතකයි...පුදුම ජීවිත මෙවුවා:baffled:

    :(
    මාලිම්බඩ..
    තෝ ගොන් වේෂිගෙන් ගම කොහෙද කියලා ඇහුවම කියන්නෙත් කඩුවෙල කියලා නේහ්.. :angry:

    මාතර බලා ධාවනය වන සීඝ්‍රගාමී දුම්රිය පෙව 6.40ට මාතර බලා පිටත් වේ.
    එම දුම්රිය නවත්වන්නේ කොළඹ කොටුව, දෙහිවල, ගල්කිස්ස, මොරටුව, පානදුර, දකුණු කළුතර, අලුත්ගම, බෙන්තොට, කොස්ගොඩ, අම්බලන්ගොඩ, හික්කඩුව, ගාල්ල..
    ගාල්ලේ සිට මාතර දක්වා ඇති සෑම දුම්රිය ස්ථානයකම නවත්වනවා ඇත..

    ඔන්න ඔහොමයි මං පොඩි කාලේ උදේ 6.40ට මරදානෙන් මාතර බලා පිටත් වෙන කෝච්චියට මරදාන ඉස්ටේසමෙන් දෙන එනවුන්ස්මන්ට් එක. මයේ අම්මා ගුරුවරියක්.. දෙවනි පන්තියේ දුම්රිය ගමන් අවසර පත්තරයක් උන්දැට තිබුනා. (තාම තියෙනවා) ඔය වොරන්ට් එක අරගෙන අම්මයි තාත්තයි, නංගියි එක්ක ආච්චි බලන්න අප්‍රේල්, අගොස්තු, දෙසැම්බර් කියන ඉස්කෝල නිවාඩු කාල තුනේම අපි මාතර යනවා.
    දෙසැම්බර් නිවාඩුවට මාතර යන ගමනට නොවැම්බර් පලවෙනිදා ඉඳං මමයි නංගියි දවස් ගනිනවා. ගමේ යන දවසේ උදේ පාන්දර නැගිටලා මූන හෝදලා ලේස්ති වෙලා ඉන්නේ මරදාන ඉස්ටේසමට යන්න ආටා එකක් එනකං. ගොඩක් වෙලාවට ඉස්ටේසමට යන්න කලින් දවසේ රෑ කථා කරගන්නේ ගෙවල් ගාව බන්දු මාමාගේ ආටා එක. බන්දු මාමට උදේ 5.30ට ට විතර එන්න කියන්නේ කලින් ගිහින් ජනේලේ අයිනේ සීට් එකක් අල්ලගන්නයි..අපේ ගෙදර ඉඳං ඉස්ටේසමට යන්න විනාඩි 20කට අඩු මිසක් වැඩි වෙන්නේ නෑ. කොහොමත් 6 වෙන්න කලින් ටිකට් අරගෙන ප්ලැට් ෆෝර්ම් එකටත් ගිහිල්ලා. තාත්තා නොයිවසිල්ලෙන් බලාගෙන ඉන්නේ කෝච්චිය ආපු ගමන් ගොඩ වෙලා අපි 04 දෙනාට යන්න සීට් 04ක් අල්ලගන්නයි. කෝච්චිය නවත්වන්නත් කලින් පොරකාලා පොරකාලා තාත්තා කෝච්චියට ගොඩවෙලා සීට් අල්ලගන්නවා. අල්ලගන්නේ මුහුද පැත්තේ සීට්. උදේට ඒ පැත්තේ තමා ඉර අවුව ඇත්තේ. අපි ඇවිත් වාඩි උනාට පස්සේ තමා තත්වය ටිකක් සංසුන් වෙන්නේ. ඊට පස්සේ හිමිහිට මරදානේ කැටිම පැත්තට ගිහින් බිත්තර පාං, රෝල්ස් අරගෙන ඇවිත් දෙනවා කන්න අපිට.
    ඔය අතරේ මම කරන්නේ එලියට බැහැලා දුවලා දුවලා ගිහින් ඇන්ජිම මොකද්ද කියලා බලාගන්න එක. ගොඩක් වෙලාවට ඔය කෝච්චියට සෙට් වෙන්නේ M4 එකක්. ඇන්ජිමේ නම මොකද්ද කියලා බලාගෙන ඇවිත් මම නංගිට කියනවා. එයා බලාගෙන ඉන්නේ මම ඇන්ජිමේ නම බලාගෙන එනකන්. ඊට පස්සේ මමයි නංගියි නොයිවසිල්ලෙන් බලාගෙන ඉන්නේ කෝච්චිය කොයි වෙලේද පිටත් වෙන්නේ කියලා. හරියටම 6.40ට බෙල් එක වදිනවා. "දඩස්" සද්දෙකුත් එක්ක ඇන්ජිමේ හොර්න් එක ගහගෙන කෝච්චිය මාතර බලා පිටත් වෙනවා. කොටුවෙන් කෝච්චිය ෆුල් පැක් වෙනවා. ගාල්ලට යනකන්ම එක දිගට සෙනඟ ඉන්නවා ඔය කෝච්චියට. මුහුද දිහා බලාගෙන, ඉස්ටේෂන් වල නම් බල බල, පාරේ තියෙන ගස් කොලන් වල කොල කඩ කඩ, ජනේලෙන් ඔලුව එලියට දාගෙන එන හුළඟට කොන්ඩේ උඩ යනවා බල බල මම මාතර යනවා...

    "බනිස්, මාලු පාං, බිත්තර පාං, රෝල්ස්"
    "වඩ වඩ,බනිස්, මාලු පාං, බිත්තර පාං"
    "රෝල්ස් උණු උණුවෙන්"

    ඔය වචන ටික කෝච්චියේ ඇහෙන්න පටන් ගන්නේ අලුත්ගම පහු කරාම. කොච්චර බඩගිනි නැතත් තාත්තාගේ මූන බලන්නේ අපි දෙන්නා එකටමයි. අපි දෙන්නගෙම අවශ්‍යතාවය බිත්තරා පාං. තාත්තා අරං දෙනවා ඉතිං. ඕක කකා ආයේ ජනේලෙන් ඔලුව දාගෙන යනවා කෝච්චියේ..
    ගාල්ලට කෝච්චිය එනකොට 10-10.15 වෙනවා. ගාල්ලෙන් පස්සේ සීඝ්‍රගාමී දුම්රිය මන්දාගාමී වෙනවා කියලා මම මුලින්ම කිවා නේ. ගාල්ලෙන් පස්සේ තියෙන හැම ඉස්ටේසමකම කොච්චිය නවත්වනවා. නවත්තපු ගමන් මම දුවන්නේ ඇන්ජිම කෝච්චියෙන් ගලවනවා බලන්න. M4 එකට මම පොඩි කාලේ ඉඳංම පට්ටම ආසයි ආදරෙයි. ලඟට ගිහින් ඇන්ජිම පොඩ්ඩක් හරි අල්ලන්න ඕනේ මට. අපේ කෝච්චියෙන් ගලවපු ඇන්ජිම කෙලින්ම යන්නේ ගාල්ලේ ටර්න් ටේබල් එකට...ටර්න් ටේබල් එක ගාවට යන්න මට බෑ. ඒ කාලේ පොඩි එකා නේ. ඒ නිසා ප්ලැට් ෆෝර්ම් එකේ ඉඳං බලාගෙන ඉන්නවා ඇන්ජිම අනිත් පැත්ත හැරවෙන හැටි. ඒ කාලේ මාතර - වවුනියාව රජරට රැජිණ මාතරින් පිටත් වෙන්නේ උදේ 9.35ට. ගොඩක් වෙලාවට මාතරින් කෝච්චිය එවන්නේ M7 එකක් හරි W3 එකක් හරි අමුනලා.. අර තඩි රැජින ඇදගෙන ගාල්ලට එනකොට 10.45 වත් වෙනවා. ගාල්ලෙදි අපි ආපු කෝච්චියේ ඇන්ජිම රැජිනට අමුනලා රැජිනේ ආපු ඇන්ජිම අපේ කෝච්චියට අමුනනවා. M4 එක සෙට් කරාට පස්සේ රැජින බුලට් එක වගේ.. මාතර කෝච්චියට කලින් රැජින යන්න පිටත් වෙන්නේ සෑහෙන දුරක් යන්න තියෙන නිසා. දුකෙන් උනත් රැජින වවුනියා යන හැටි මම ප්ලැට් ෆෝර්ම් එකට වෙලා බලාගෙන ඉඳලා අපේ කෝච්චියට ගොඩවෙනවා. ඔය ඔක්කොම සෙල්ලම් ටික වෙලා අපේ
    කොච්චිය මාතර යන්න පිටත් වෙනකොට 11 පහු වෙනවා. ගාල්ලෙන් පස්සේ කෝච්චිය සෑහෙන දුරට හිස්. සෙනඟ බොහෝම අඩුයි.. ගාල්ලෙන් පස්සේ මට අවස්ථාව ලැබෙනවා පා පුවරුවේ ගමන් කරන්න. අම්මා නම් එක හෙලාම එපා කියද්දි තාත්තා කියන්නේ "කොල්ලෝ උනාම පුරුදු වෙන්නත් එපැයි" කියලා විතරයි. තාත්තාගේ අවසරයෙන් පා පුවරුවට මම දුවලා යනකොට නංගිගේ මූන හොඳ නෑ..
    ගාල්ලෙන් පස්සේ මුහුදුබඩ දුම්රිය මාර්ගයේ වටපිටාව සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා.. සම්පූර්ණයෙන්ම ගැමි වටපිටාවක්. පොල්ගස් පේලියට, එක තැනක පොල් මලක් මදිනවා, ලණු වියනවා, බයිසිකල් වලින් එහේ මෙහේ යනවා. කරත්ත, මාලු වෙලඳාම, එක තැනක ගමේ පොලක්, තව තැනක පොඩි කඩමංඩියක්, පොඩි ළමයි සෙල්ලම් කරනවා. උන් කෝච්චිය එනකොට ඈතට දුවලා යනවා. ඒ දවස්වල ගාල්ලේ ඉඳන් මාතරට යන දුම්රිය ගමන ජීවිතේ කවදාවත්ම අමතක නොවෙන ගමනක් විදියට මගේ හිතේ සටහන් වෙලා තියෙනවා. වෙනස්ම ජීවන රටාවක්. ගැමි පරිසරයක් හරහා යන මේ ගමන ඇත්තටම උඩරට දුම්රිය මාර්ගයේ ගමනට වඩා සුන්දරයි. අද වෙනකොට නම් මේ සුන්දරත්වය සම්පූර්ණයෙන්ම වගේ නැති වෙලා ගිහිල්ලා. මුහුදුබඩ මාර්ගයේ ලස්සනම දුම්රිය ස්ථානයක් තමයි තල්පේ කියන්නේ. තල්පේ ඉස්ටේසමේ අනිවාර්යෙන්ම මම බහිනවා. බැහැලා ඉස්සරහට දුවලා ගිහින් ආයේ කෝච්චියට ගොඩවෙනවා. හබරාදූව, කොග්ගල, කතලුව, අහංගම, මිදිගම, කුඹල්ගම, වැලිගම, මිරිස්ස, කඹුරුගමුව, වල්ගම, මාතර. ඔන්න ඔහොමයි ඉස්ටේසන් ටික තිවුනේ.. හැමදාම කෝච්චිය මාතර එනකොට 12.30 කිට්ටු වෙනවා. මාතරින් බහිනකොට හැමෝටම ගොඩක් වෙහෙසයි. ඒත් මගේ හිතේ නම් පුදුම සන්තෝසයකුත් එක්ක මතකසටහන් ගොන්නක් සටහන් වෙලා ඉවරයි.. ඉස්ටේසමෙන් එලියට එනකොට දැං තියෙන්නේ ත්‍රිවීල්. ඉස්සර තිබුනේ තිරික්කල. එලියට ආපු ගමන් කඩෙන් ක්‍රීම් සොඩා බොතල් දෙකක් තාත්තා ගන්නවා. මටයි තාත්තටයි එකක්. අම්මටයි නංගිටයි එකක්. ඉස්ටේෂන් එකේ ඉඳං පාරට ඇවිත් අකුරැස්ස බස් එකේ නැගලා ආච්චිලෑ ගෙදර යනවා..

    මේ ටික ලියන්න හිතුනේ මං පොඩි කාලේ ආච්චි බලන්න ගමේ ගිය හැටි මතක් වෙලා. මේ කාලේට මම පුදුන විදියට ආදරෙයි...ආයේ කවම කවදාවත් ඔය විදියට අපි 04 දෙනාට මාතර යන්න ලැබෙන්නේ නෑ. ආයේ කවම කවදාකවත් බිත්තර පාං, ක්‍රීම් සොඩා අරන් දෙන්න මගේ තාත්තාට පුළුවන් කමක් නෑ.
    දැං හැමදේම වෙනස් වෙලා. රාජකාරි කටයුතු අපේ ජිවිත බිලිඅරගෙන ඉවරයි. දැං ආච්චි බලන්න මාතර යන්නේ හයි වේ එකේ. රෑ 10ට විතර ගෙදරින් යනවා කාර් එකේ. 12ටත් කලින් ආච්චිලගේ ගෙදර. එක්කෝ අම්මලා වෙනම. මම වෙනම. පුදුම කරුම ජිවිතයක් කියලා හිතෙනවා වෙලාවකට. දුක හිතිලා මේක ලිව්වේ.
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මං ආස නැති කෑමක් කියහංකෝ ඉතින්:)...

    කකුළුවෝ කියද්දි ආස්මි අක්ක මතක් වෙන්නේ බං:lol::lol:...උන්දැට එපාම කෙරෙව්ව නේද මේකෙ උන්ට කකුළුවෝ උයන හැටි කියා දෙන්න ගිහින්

    බොලා දත් මාමිගේ කකුලු මසාලා කාලා නෑනේහ්?? :P
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    අනික කුරුණෑගලට මොන කකුලුවොද බං??
    උඹලා ඔය තලගොයෙක්, මීමින්නෙක්, වවුලෙක් මරන් කාලා හිටපං :lol:

    සමයං දොඩවන්න රිදෙයි..
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    පන්සල් පලයං චොප්පේ.. :lol:
    :lol::lol::lol: ඒක තමයි බන්.. මම මේ වැස්සකටවත් පන්සලට ගොඩ වෙන්නේ නෑ.. යන්නත් නිකන් මොකද්ද මොකද්ද වගේ...:lol: මීනිස්සු හිනා වෙයි බන් මට... :rofl:කැළණියෙන් පටන් අරන් බෙල්ලන්විල ගංගාරමාය නවගමු වැඳගෙන නුවර ඇදිල්ලක් තියෙන්නේ.... :rofl::rofl::rofl: :dull::dull::dull:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    අනික කුරුණෑගලට මොන කකුලුවොද බං??
    උඹලා ඔය තලගොයෙක්, මීමින්නෙක්, වවුලෙක් මරන් කාලා හිටපං :lol:

    සමයං දොඩවන්න රිදෙයි..



    මෙහේ ඉතින් වල් ඌරා, මුවා, වගේ ඒව තමයි බං ඉතින් වැඩිහරියක් ලැබෙන්නේ :baffled:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :lol::lol::lol: ඒක තමයි බන්.. මම මේ වැස්සකටවත් පන්සලට ගොඩ වෙන්නේ නෑ.. යන්නත් නිකන් මොකද්ද මොකද්ද වගේ...:lol: මීනිස්සු හිනා වෙයි බන් මට... :rofl:කැළණියෙන් පටන් අරන් බෙල්ලන්විල ගංගාරමාය නවගමු වැඳගෙන නුවර ඇදිල්ලක් තියෙන්නේ.... :rofl::rofl::rofl: :dull::dull::dull:

    අවුලක් නෑ අවුලක් නෑ..
    එච්චර ඕනේ වෙන එකක් නෑ.
    කැළණි, බෙල්ලන්විල, ගංගාරාමේ වඳිනකොට වැඩේ පත්තු වෙනවා!! :lol:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මෙහේ ඉතින් වල් ඌරා, මුවා, වගේ ඒව තමයි බං ඉතින් වැඩිහරියක් ලැබෙන්නේ :baffled:

    :baffled:
    ආ එල එල.
    කසිප්පු පැකට් එකක් ගහගෙන හිටපන් එහෙනම් ඌරු මස් කෑල්ලක් එක්ක. බොට මොන කකුලු මසාලද? :P
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මෝර මාමි උදේට කටුනායක ඉඳන් ගෙදර යන්නේ අපේ ගේ ගාවින්ලු. මම ඉන්නවා උදේට සරම ගහගෙන දත් මැද මැද පාරට වෙලා. :p
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මේ ළඟ ශොප් එකක සේල් එකක් දාල..රෙදි කඩේක..ඌ හැමදාම දාන්නේ කපුගේ ගෙ ඇල්බම් ටික:frown:.....

    ඉතින් හවස් වෙද්දි බොන මට්ටමට හිත හැදිලා...

    නන්නාඳුනන ලෙසේ මග තොට යලිත් හමුවෙලා - මහමෙර හිසින් දරාගෙන අපි යමු දුරස් වෙලා....:dull:
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    :(
    මාලිම්බඩ..
    තෝ ගොන් වේෂිගෙන් ගම කොහෙද කියලා ඇහුවම කියන්නෙත් කඩුවෙල කියලා නේහ්.. :angry:
    උබේ කතාව කියෙවුවා බන් මම ගොඩ සැරයක්..
    උබට ගොඩක් ලස්සනට ලියන්න පුලුවන්..
    උබේ තාත්තගේ සීන් එකත් ලියල තියෙන විදියට මගේ ඇස් වලට කදුලු ආව එදා..
    කවදක හරි මම මැරෙන්නෙත් කඩුවෙලම තමා බන් මම මෙහේ ගෙයක් හදනවමයි:frown:
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    මෝර මාමි උදේට කටුනායක ඉඳන් ගෙදර යන්නේ අපේ ගේ ගාවින්ලු. මම ඉන්නවා උදේට සරම ගහගෙන දත් මැද මැද පාරට වෙලා. :p
    උබ මෝරා මාමිව සබ්ජෙට් එකට අල්ලගන්න හදන්නේ නේහ්:lol:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සේම් හියර්!!!
    ගනන් ගන්න එපා!
    මට අඅසයි ෆෝර්සස් වල IT වලට වෙන්න. ඔබතුමාට මා වෙනුවෙන් යමක් කල හැකිද?
    අර පොටෝ ටික බලාලා කමෙන්ට් එකක් දුන්නා නම්. :nerd:ෆේස් බුක් දැම්මේ
    දැන් නම් කිසිවක් කල නොහැකිය.
    පහුගිය දිනක -16 බදාදා දින මා ආපසු නොපැමිණිය හැකි බව කිව්වා මතක ද?
    එදින සිට සියළු ම සබදතා ඉවත් කර තිබේ.
    නැවත වරක් නිදහසේ හුස්ම ගත හැකිය.

    යාම එතරම් සුදුසු නොවන බව මගේ හැගීමයි. පැරනි සටන් සගයන් පාවාදීමේ මෙහෙයුම් වලට දායක වනවාට වඩා හිගා කෑම යෙහෙකි.