පරිපූර්ණ මිනිමැරුමක් කරන්නේ කෙසේද?

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,515
    17,517
    113
    Auckland
    Jweewath wela inna kale mona tharam minissu baya karan inna adda
    thuwakku walin sellam pennala kochhcara salli mankolla kanna adda
    anunge tharahakarayo kochhcara maranna adda
    anthimata miniya bara ganna kenek naha
    ispirithalenma walalana kal inna ona

    SAM_4763.jpg


    Oya pathala karayo okkoma anthimata yanna mehema thama
    parawal wala wedi kala marenna wenne saththu wage


    who is this ? :confused: looks dead :no:
     
  • Nov 28, 2012
    275
    56
    28
    ගෙදර
    ගෝනවල සුනිල්ගෙන් පටන් ගෙන සොත්ති උපාලි, වම්බොට්ටා, ධම්මික අමරසිංහ,
    බැදදගානෙ සංජීව, ඕල්කට්, ෆාජි, පොට්ට නෞෆර්, ආනමාලු ඉමිටියාස්, චින්තක අමරසිංහ , කලු අජිත්, මොරටු සමන්, දෙමටගොඩ කමල්, කිඹුලා ඇලේ ගුණා, තෙල් බාලා , ප්‍රින්ස් කොලම් , ධනුශ්ක , නේවි රුවන්, නේවි අසංක, කරාටෙ ධම්මික, අයිස් මංජු, නෙලුවේ ප්‍රියන්ත, නෙලුවේ ප්‍රියන්ත , කඩුවෙල වසන්ත, ආමි රොෂාන් , උස කුමාර ආදි 70 , 80 , 90 දශක හා පසුගිය දශකයෙ මුල් භාගයෙ පාතාල
    ලොව හෙල්ලු බොහොමයක් අද වන විට මිය ගොස් ඇත. සමහරුන් අතුරුදන් වී ඇත.
    සමහරුන් හිරගෙදර සිය ජීවතයෙ අවසාන කාලය ගත කරයි.

    පාතාල ලොව ගෝඩ් ෆාදර් කිරුල දිනු නාවල නිහාල් හට සිදු වූ දෙය ඔවුන්ගෙ සගයන්ද නොදනි නමුත් නාවල නිහාල් සමග ෆේස්ටු ෆේස් හැප්පුණු එකම පුද්ගලයා අශෝක. අශෝක නාවල නිහාල්ට මූණට කීවා මරනවා කියලා. ඒකට නාවල නිහාල් තක්බීර් වෙලා හිටියෙ. නාවල නිහාල් ජීවිතය බේරගන්න අන්තිමේදී නතර වුණේ ඉතාලියේ නාපොලි නුවරය.

    නාවල නිහාල්ටවත් ඔළුව නැමුවෙ නැති කවුද මේ පාමංකඩ පොඩි අශෝක..
    ඇත්තෙන්ම පාමංකඩ පොඩි අශෝක පාතාල චරිතයක්ද?
    එසේ නොවේනම් අශෝකගේ විශේෂත්වය කුමක්ද?

    පාමංකඩ පොඩි අශෝක කොයි වගේ කෙනෙක්ද?

    අශෝක කියන්නේ පතාල ලොකේ එදා මෙදා තුර බිහි නොවෙච්ච චරිතයක්. අපිත් හොඳ වැඩකාරයෝ දැක්කා. ඒත් අශෝක වගේ මිනිහෙක්ව දැක්කේ නැහැ. පාතාලේ කප්පම් ගන්න, කුලියට මිනී මරන අයට විරුද්ධව ආයුධ අතට ගත්ත කෙනෙක්. කොටින්ම කියනවානම් උම්බලකඩ කෑල්ලක්වත් කාපු නැති කෙනෙක්. ඒ කාලේ පාතාලේ කවුරුත් අශෝකට බයවෙලා හිටියේ. ඒ කාලේ පාමංකඩ පොඩි අශෝකගේ නම මුළු ලංකාවම දැනගෙන හිටියා. ඒත් පුද්ගලයා කවුද කියලා දන්නෙ නැහැ

    එක එක කට්ටිය, එක එක ප්‍රශ්න විසදගන්න අශෝක ළඟට ආවා. චණ්ඩියෙක් බලෙන් නංගිව දූෂණය කළාම සමහර අයියා හරි මල්ලි හරි අශෝකට ඇවිල්ලා කියනවා. අශෝකට ඒවා වාවන්නේ නැහැ. අශෝක හරි සංවේදී මනුස්සයෙක්. අන්තිමේදී අශෝක උන්ට විරුද්ධව ගේමට බැස්සා. චණ්ඩිකමෙන්, ගේම් ගහපු කැත වැඩ කරපු ඔක්කොටම අශෝක පනිෂ්මන්ට් දුන්නා. ඒ කාලෙ පාතාල නායකයෝ ගොඩාක් අශෝකට බයවෙලා හිටියේ.

    ඇයි නාවල නිහාල් මරන්න අශෝක උත්සාහ කළේ..?

    කොල්ලන්ගෙ අතට ආයුධ දීලා මංකොල්ලකෑම්, කප්පම් ගැනීම්, සංස්කෘතියක් එක්ක පාතාල මාෆියාව නිර්මාණය කළේ නාවල නිහාල්. හැදෙන පරපුර ඒ තත්ත්වයට ඇදලා දැම්ම නිසා අශෝක නාවල නිහාල් එක්ක හිටියේ බද්ධ වෛරයෙන්. දවසක් මාදින්නාගොඩ සුගතුයි, අශෝකයි නාවල නිහාල් මරන්න නුගේගොඩ හන්දියේ රැකලා හිටියා. ඒත් එදා නාවල නිහාල් එක්ක කාරකේ ගියේ අශෝක අඳුනන කෙනෙක්. එයා පොලිසියේ ඉ.ධ්. මහත්තයෙක්. මුලින්ම කාරකෙන් බැස්සේ එයා. අශෝකට එයාව දැකලා පුදුම හිතුණා. සුගත්ට හිමින් කිව්වා අපි මෙතැනින් යමු කියලා. නැත්නම් එදා නාවල නිහාල්ව අනිවාර්යයෙන් මරනවා.

    පාමංකඩ පොඩි අශෝක දෙල්කඳ උසාවි සංකීර්ණයේදී ඝාතනය උනේ දහසක් දෙනාගෙ ඇස් වලට කදුලු එක් කරමින්.

    විජය කුමාරණතුංගගෙන් පස්සේ මම දැක්ක වැඩිම සෙනඟ හිටියේ පාමංකඩ පොඩි අශෝකට. මුළු කිරුළපන, නාරාහේන්පිට පුරාම ඩබල් ඩබල් තොරණ ගැහුවේ. මැරුවාද, මැරුණාද කියලා. ඇන්ටන් ජෝන්ලා ඒ සිරාට, මේ සිරාට සින්දු ගැහැව්වා. ගහන්න ඕන මිනිහට ගැහැව්වේ නැහැ.

    මරණෙට ආපු කට්ටිය අශෝකගෙ ගේ දැකලා පුදුම හිතුණා. එයා හිටියේ පාමංකඩ අලුවලවත්තේ ලෑලි ගහපු ගෙයක. හැබැයි ඒ කාලේ බිල්ඩින් 60-70 ගහන්න පුළුවන් බලයක් අශෝකට තිබ්බා. ඒත් අශෝක ඒ බලෙන් අයුතු ප්‍රයෝජන ගත්තේ නැහැ. කිරුළපනේ දහ දෙනෙක්ගෙන් ඇහුවොත් අශෝක ගැන දහදෙනාම හොඳ කියයි. අශෝක කියන්නේ ඒ වගේ පුදුම රත්‍රන් හදවතක් තිබ්බ චරිතයක්.

    දැන් සිතිය යුත්තෙ ලංකාවෙ පාතාල ලෝකයෙ අනාගතය කුමන අයුරින් දරුණු විය හැකිද යන්නයි.පොලොන්නරුවෙ පොඩි විජේලා ,
    මරදානෙ චොප්පෙලා , අග්ගොන චන්දරේලාල සොත්ති උපාලිලා ඉතා දරුණුය. ගමක් බිය කරගෙන සිටි චන්ඩිගෙන්
    පැවතගෙන ආ සංස්කෘතිය පාතාලය බවට පත් වී මුලු රටටම පිළිලයක් විය.කඩු , ඩප්පි ඉතා ඉක්මනින් තුවක්කු, බෝම්බ විය. ජාවරම් වලින්
    පෝෂණය වීමට තැත දැරු පාතලය මෙන් නොව පසු කලෙක බලයට පාතලයේ ලොක්කන් සටන් කලේය. කසිප්පු නොදීම් නිසා කලහ කර
    ගැනීමට ගිය කැලණියේ ඩයස් , හෝටලයක් නිසා මැරුම් කෑ ඉතාලි ජගත් එවාට හොද උදාහරණය. පාතාලයට ජාතිවාදයද සම්බන්ධ වුණි.
    සුදාකරන්ගෙන් දෙමල පාතාලයක් ඇරඹුණි. එය ඉවසාගත නොහැකිව කුඩු නූර් , ෆාජි ,ආනමාලු ඉමිටියාස් මුස්ලිම් පාතාලයක් ඇතිකර දෙමල
    පාතාලය විනාශ කලේය. මුස්ලිම් පාතලය අවසානය සිදු වූයේ ප්‍රින්ස් කොලම්ගෙන් ඇරඹි සිංහල පාතාලය හේතුවෙනි.

    මොරටු සමන් දැන් මොරටුවේ නැත. මොරටු සමන්ගෙ ඉතාම සමීප පාතාලෙ සාමාජිකයෙකු වූ " සුදු මල්ලි " දැන් ඉතාලියෙ ජීවත් වේ.
    ඔහු ඉතාලි කාන්තවාක් විවාහ කරගෙන සිටියි. දැන් මොරටුවට සමන් නැති අඩුව පිරිමහන්නට ලසන්ත නැමත්තෙකු කුරුමාණම් අල්ලයි.ගංජා හා
    මත්කුඩු ඔහුගේ ජාවාරමයි.රත්මලානෙ එකල පාතාලයෙ සිටි කෙරුමෙකු වූයෙ උස කුමාර නැමැත්තායි.දෙහිවල ජගත් ඝාතනය කරමින් කරලියට
    පැමිණි ඔහුත් පොලිසියට අත් බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට ගොස් මැරුම් කෑවේය. දැන් මත්කුඩු ජාවරම සමගින් රත්මලානට පාතාල සංස්කෘතිය
    නැවත බෝ කිරිමට උත්සහ කරන්නෙ කුඩු රාජාය.

    බොරැල්ලෙ ඔල්කට් කුරුණෑගලදී මිය ගියේය. ඔහුගෙ මාමා තම නෑදෑ පුතුගෙ හා දමිත නැමති ඕල්කට්ගේ සමීපතමයාගෙ පුරසාරම් දොඩමින්
    ඉතාලියෙ ජීවත් වේ. කුඩු නිලංග , කිතුල්වත්තෙ හාමු මෙන්ම අම්මාන් නැමැත්තන් දැන් බොරැල්ලේ සිට පාතාල ලොව අකුරු කියවමින්
    සිටියි.භාරත ලක්ෂ්මන් මහතාගෙ ඝාතනයෙන් තවත් පාතාලයන් ගැන තතු හෙලි වෙති . බස් චූටිගෙ ගෝලයෙකි වන වැල්ලම්පිටියෙ හැරිසන්
    ඉතා ඉක්මනින් පාතාල ලොව ඉහලට යන චරිතයක් බවට පත්ව ඇත. කරාටෙ ධම්මික අතුරුදහන් වුවත් ඔහුගේ ගෝලයන් වූ පාන් අනුර ,
    මංජු , තිලංක, කුඩු ගැමුණු , දිනහේවා, නොන්ඩි අජිත් මේ අතරින් ප්‍රධානය.

    ෆාජිගෙ සෙවන යටතේ මාලිගාවත්තෙ රජ කල මාමස්මිටත් වැඩ වැරදෙයි. ඒ ජලාශ පාරෙ චිප්පේද කුඩු ජාවරම රැගෙන කොලඹට පැමිණ
    ඇති නිසාය.ඔහු අවි ජාවාරමද සිදු කරයි.බ්ලුමැන්ඩල්හී ප්‍රින්ස් කොලම්ට අවසානය ලගා වුයේ ශ්‍රිලංකා ක්‍රිකට් කණ්ඩායම සහභාගි වූ තරගයක් නරඹන
    අතරතුරේදිය.බ්ලුමැන්ඩල්හි සංජිව තවමත් බන්ධනාගාරයේය. මට්ටක්කුලියෙ ගල් සම්පත් හා නුවන්ලා පාතල ලොව අදුරට දැන් හුරුවෙමින් පවති.
    කොම්පඥ්ඥවීදියෙ මැක්සිත් එසේමය. අංගොඩ දාබරේ , බිත්තර චමින්ද , සිංහපුර දීප්ත තවත් පිරිසකි.

    කඩුවෙල වසන්ත මිය ගියත් කඩුවෙල වාසල තවමත් පාතල ලොව සැගවූ චරිතයක් ලෙස ජීවත්වේ.මිනී 35කටත් අධික සංඛයාවකට
    වගකිවයුතු නදුන් නැමැත්තා දරුණු පාතාල නායකයා සිටින්නේ ඉතාලියේය.
    ඔහු ඉතාලියේ ඉතා සාමකාමි ජීවිතයක් ගතකරන අතර
    ඉතාලි ශ්‍රි ලාංකිකයන් විසින් පවත්වන උත්සහ වලට පවා සහභාගිවේ. ෆේස්බුක් වෙබ් අඩවියේ පවා සිටියි. එහෙත් ඔහු කවුද කියා හරියටම
    දන්නෙ ඔහුත් සමග සාද වලට සහභාගිවන පිරිස සහ ඔහුව ලගින් ඇසුරු කරන තරුණ පිරිසයි.මාතර සුමිත් , දෙවුන්දර චමත් , උනාකූරුවේ ශාන්ත ,
    මාතර සෙල්ල , මදුශ් , තරුදු , බද්දේගම ප්‍රසන්න , බාබර් රංග , චමින්ද දැන් දැන් දකුණේ පාතාලයට අත පොවා ඇත. රත්ගම මදුර විදේශ
    ගතව සිටියත් ඔහුගෙ කටයුතු මෙහෙය වීමට බුස්සේ ලලිත් සිටී.

    මොවුන් සියල්ලගේම ප්‍රධාන ජාවරම මත්කුඩුය. එමෙන්ම කුලි මිනීමරුවන් මෙන කටයුතු කරන අතර කප්පම් ගැනීමද සිදුකරයි. අනාගතයේදීත් සොත්ති උපාලිලා බිහිවිය හැකි නිසා එය නැවත්වීමට දැන්ම පටන් කටයතු කල යුතුය.

    නොසැලෙයි
    දිවි මකුළු ඇස නොසැලෙයි
    නළියයි
    අඳුන් දිවි නිය පහුර නළියයි
    උකුසු ඇසට නොපෙනී
    මහා කළු වෘකයා ගොදුර ඉව අල්ලයි
    මොන නීතියද මේ
    මිනිස් වනාන්තරේ

    සඳ එළියේ
    දිව්‍ය ලෝකෙන් පාවී
    කුණු කසළ වැටි වැටී
    නිවි නිවී යයි ගිනිදැල් අපායේ
    කුවේරයා ලිස්සා ගිහින් පාතාලේ

    විනිසුරු අසුනේ
    සත් පුරුෂ ප්‍රාණේ
    කළු රෙද්දෙන් ඔතලා
    අපරාධය හෝ ඝාතකයා හෝ
    විනිවිද නොපෙනේ

    නීති පොතේ ඉන්ද්‍රජාලේ
    ඝාතකයා - මිනීමරන්නේ - තිරිසනා
    විනිසුරුවා - නඩු අසන්නේ - මිනිසා
    මුනිවරයා - සමාව දෙන්නේ - දෙවියෝ
     
  • Nov 28, 2012
    275
    56
    28
    ගෙදර
    ඩොනල්ඩ් නිහාල් වික්‍රමසිංහ නොහොත් නාවල නිහාල්ගේ පාතාලයේ සංක්‍රාන්ති සමය ඉතාලිය තුළ ගෙවී යද්දී, එයට දෙවැනි නොවෙමින් ලුණු, මිරිස්, ඇඹුල් ඇතිව මෙරට පාතාලය පොහොසත් කළේ සොත්ති උපාලිය.
    ලංකා පාතාල ඉතිහාසයේ වෙනම පදාසයක හිමිකරු වූ සොත්ති උපාලි පාතාල දේශපාලන සබැඳියාවේ තවත් නිරුවත් පැතිකඩක් පමණි. ඒ සොත්ති උපාලි කවුදැයි යන්න පිළිබඳ ඔහුගේ සමීපතමයකු සමඟ කළ සංවාදයකි මේ.

    සොත්ති උපාලිගේ මූලාරම්භය ගැන කතා කළොත්?

    සොත්ති උපාලිගේ ගම නාරාහේන්පිට හැටේවත්ත. උපාලි ෆීල්ඩ් එකට එන්න ඉස්සෙල්ලා උපාලිගේ අයිය තමයි වැඩකාරයා. එයාගේ නම ඉන්දරේ. එයා ව්‍යාපාරය වශයෙන් කළේ කසිප්පු බිස්නස් එක. උපාලිගේ පවුලේ හතරදෙනයි. උපාලි, ඉන්දරේ, ජයන්ත. තව උපාලිට අක්කා කෙනෙක් හිටියා. හැටේවත්තෙදී කට්ටියක් බෝම්බ ගහලා ඉන්දරේව මැරුවා.

    කවුද ඉන්දරේට බෝම්බ ගහලා මැරුවේ?
    ඒකනම් මම හරියට දන්නේ නැහැ. හැබැයි ගොඩාක් කට්ටිය හිතුවේ ඒක ඔබේසේකරපුර නොයෙල් අමරසිංහගේ වැඩක් කියලා.

    කොහොමද සොත්ති උපාලි පාතාලෙට අවතීර්ණ වෙන්නෙ?
    ඇත්තෙන්ම සොත්ති උපාලි මුලින්ම පාතාල චරිතයක් නෙවෙයි. මුලින්ම කළේ පිඩලි විකුණන එක තමයි. හැබැයි උපාලිව කවුරුහරි එක සැරයක් දැක්කොත් තව සැරයක් උපාලි දිහා බලනවා. පුදුම ආකර්ෂණ කඩවසම් පෙනුමක් උපාලිට තිබ්බා. හරියට විජය කුමාරණතුංග වගේ. ඕන කෙනෙක් ළඟ කැපිලා පේන රූපයක් උපාලිට තිබ්බා. උපාලිව පාතාල චරිතයක් කළේ දේශපාලකයෝ. උපාලිගෙන් හොඳට ඒගොල්ලො වැඩ ගත්තා.

    සොත්ති උපාලිට කොහොමද දේශපාලන සම්බන්ධතා ගොඩනැඟෙන්නේ?
    සොත්ති උපාලිගේ අයිය, ඉන්දරේගේ කාලේ ඉඳලා ඒගොල්ලොන්ට බලවත් දේශපාලන සම්බන්ධතා තිබුණා. සොත්ති උපාලිගෙ අම්ම තමයි ජේ.ආර්. ජයවර්ධන මහත්තයාගේ ගෙදර වැඩ කළේ. ඒ කියන්නේ උයන, පිහින දේවල් කළේ එයා තමයි. උපාලිගේ අම්මා උදේට එක්කරගෙන යන්න වාහනයක් ගෙදරට එනවා. හවසට ඇරලවන්නත් වාහනයක් එනවා. හැබැයි ටික, ටික යනකොට ඒ සම්බන්ධතා බිඳ වැටුණා.

    සොත්ති උපාලිට දේශපාලන සම්බන්ධතා ගොඩනැඟුණේ, මැනිං ටවුන්වල හිටියා නිවාස අධිකාරියේ ලොකු මහත්තයෙක්. එයා හරහා තමයි එයා අර දේශපාලකයා එක්ක සම්බන්ධ වෙන්නේ. අර දේශපාලකයා කියන්නේ කවුද කියලා කියන්න ඕනේ නැහැනේ. එයා කොළඹ නගරාධිපති ඡන්දෙට ඉදිරිපත් වෙනකොට, මුළු ඡන්ද කැම්පේන් එකම භාර අරගෙන වැඩ කළේ සොත්ති උපාලි. ඒ ඡන්දෙදී උපාලි බැහැලා කොල්ලොත් එක්ක ෆුල් ගේමක් දුන්නා. එයා නගරාධිපති වුණාට පස්සේ තමයි, සොත්ති උපාලිට වාසනාව ඉල්ලමක් පෑදෙනවා වගේ පෑදුණේ. ඒ කාලේ නගරාධිපති එයාගේ නිල නිවාසේ පදිංචි වෙලා හිටියේ නැහැ. ඒ නිල නිවෙසේ පදිංචි වෙලා හිටියේ සොත්ති උපාලි. ඊට පස්සේ උපාලිට නගර සභාවේ හැම කොන්ත්‍රාත්තුවක්ම හම්බ වුණා. මුලින්ම ජාතික රූපවාහිනියේ පිළිසකර කරන කොන්ත්‍රාත්තුව හම්බ වුණා. අර දේශපාලකයා ඇමැතිවරයෙක් වුණාට පස්සේ නිල නොලත් නියෝජ්‍ය ඇමැතිවරයා වගේ උපාලි හිටියේ. මට මතක හැටියට ලංකාවේ පළමුවැනි ගම් උදාව තිබ්බේ 1982 නිකවැරටියේ. ඒක වටකරලා ටකරං ගහන එක, පිඩලි අල්ලන එක මේ හැම කොන්ත්‍රාත්තුවක්ම හම්බ වුණේ උපාලිට. ඊට පස්සෙ ගම් උදා හැම එකකම වගේ කොන්ත්‍රාත්තු ගන්නෙ සොත්ති උපාලි තමයි. හැබැයි ඒ වැඩ සොත්ති උපාලි නීට් එකට කළා. ඒ නිසා අර ඇමැතිවරයාට පුළුවන් වුණා උපාලිව ඩිරෙක්ට් ලොක්කට සම්බන්ධ කරන්න. ඒකෙදි ලොක්කගෙන් සොත්ති උපාලිට සැලකිල්ලක් තිබ්බා.

    සොත්ති උපාලියි පොලිසියයි අතර තිබ්බ සම්බන්ධතාව කොයි වගේද?

    මේකනේ. මම මේ රටේ ලොක්කා ළඟ ඉන්නකොට මගෙ ළඟට ඕනෙ කෙනෙක් එනවානේ වැඩ කරගන්න. පොලිසියේ ලොකු මහත්වරු උපාලිත් එක්ක එකට කෑවා බිව්වා. ඒ විතරක් නෙවේ පොලිසිය කට්ටිය පැහැරගෙන ගියේ සොත්ති උපාලිගේ වාහනවලින්. අනිත් එක සොත්ති උපාලිට ආයුධ දුන්නේ ආණ්ඩුවෙන්. උපාලිට ගෙයක් හම්බ වුණා නිවාස අධිකාරියෙන්. ඒක තිබ්බෙ ගෝතමී රෝඩ් එකේ. සොත්ති උපාලි එහේ වධකාගාරයක් පවත්වාගෙන ගියා. ඔය ජ.වි.පෙ. ට සම්බන්ධ ගොඩාක් කට්ටිය හිටියේ එහේ රඳවලා. ලලිත් ඇතුලත්මුදලි මහත්තයා මැරුණු දවසට පස්සේ දවසේ කිරුළපන මුගලන් පාරේ රඝු කියලා කොල්ලෙක්ව මරල දාල තිබ්බා. ඒ කොල්ලා හිටියේ ඒ වධකාගාරයේ තියාගෙන. උෟ යාපනේ ඉඳලා රට යන්න ආපු කොල්ලෙක්.

    සොත්ති උපාලි හා නොයෙල් අමරසිංහ අතර ගැටුම ලංකා පාතාලේ ලොකු මරා ගැනිල්ලක් මොකක්ද ඒකට හේතුව?.

    කසිප්පු බිස්නස් එක අතර තිබ්බ පලහිලව්, එතකොට තව, තව ප්‍රශ්න තිබ්බා ඔය ඉස්සර නොයෙල් අමරසිංහට කිව්වේ මාස්ටර් බේ්‍රව් කියලා. කසිප්පු බිස්නස් එකේදි මේ ගොල්ලෝ දෙපැත්තට කැඩිලා හිටියේ. මාදින්නාගොඩ අනිල්, කොටියාගොඩ රංජිත්, තේසා සුනිල්, සොත්ති උපාලි එක සෙට් එකක්. නොයෙල් අමරසිංහ, බරුවා, බත්තරමුල්ලේ සුදා අනෙක් සෙට් එක. ඔය සෙට් දෙක තමයි හැප්පුණේ. ඔය මාදින්නාගොඩ අනිල් දවසක් නොයෙල් අමරසිංහලාගේ ඔබේසේකරපුර සක්කිලි වත්තට බැහැලා 16 දෙනෙක් එක තැන කපලා කොටලා වෙඩි තියලා මරලා දැම්මා. ඊට පස්සෙ තමයි ගේම ඇවිළුණේ. නොයෙල්ලා ඊට පස්සේ රංජිව වෙඩි තියලා මැරුවා. ඒකට නොයෙල් රිමාන්ඩ් වුණා. නොයෙල්ව රිමාන්ඩ් එකේදි මරන්න සොත්ති උපාලි, මාදින්නාගොඩ අනිල්ලා ෆුල් බකප් එක දුන්නා. කොටියාගොඩ නිහාල් නඩුවක් අතින් දාගෙන වැලිකඩ හිරගෙදරට ගියේ නොයෙල්ව මරන්න. විසිට් එකේ බත් බාස්කට් එක ඇතුළේ 9 මි.මී. වෙපන් එකකුත් ඇතුළට ගියා. ඒ වෙපන් එකෙන් තමයි නොයෙල් අමරසිංහ වෙඩි තියලා මැරුවේ. ඒක ලංකාවේ හිරගෙයක් ඇතුළේ වෙච්ච පළමුවැනි මර්ඩර් එක.

    එතකොට ගෝනවල සුනිල් හා සොත්ති උපාලි අතර සම්බන්ධතාවක් තිබ්බේ නැද්ද?
    නැහැ. උපාලි ෆෝම් වෙන කාලේ වෙනකොට ගෝනවල සුනිල් හිටියෙ නැහැ. එතකොට ගෝනවල සුනිල් යුනිට් එකකින් අරන් ගිහිල්ලා මරලා දාලා තිබ්බා. සොත්ති උපාලි ආශ්‍රය කළා ගෝනවල සුනිල්ගේ අයියා. රංජි අයියා එයා තමයි මරදානේ ශාලිමාර් එක කළේ. ඒකේ අයිතිකාරයාව බයකරගෙන රංජි අයියා ඒ කාලේ ඒක බලෙන් පවත්වාගෙන ගියේ.

    සොත්ති උපාලි හා චින්තක අමරසිංහ, ධම්මික අමරසිංහ අතර ගැටුමක් නිර්මාණය වෙනවා නේද?
    චින්තක, ධම්මික අයියයි මල්ලියි. ඒගොල්ලොන්ට නොයෙල් අමරසිංහ වෙන්නේ මාමා. ඒ කියන්නේ අම්මගේ මල්ලී. උන් දෙන්නා පොඩි කොල්ලෝ. ඔය පාතාල තත්ත්වයට චින්තක අමරසිංහ, ධම්මික අමරසිංහ ඇදලා දැම්මේ සොත්ති උපාලි. මොකද උන්ට දෙන්න ඕන හැම වධයක්ම උපාලි උන්ට දුන්නා. නැත්නම් ඔය චින්තක අමරසිංහ කියන්නේ ෆාදර් කෙනෙක් වෙන්න හිටපු කෙනෙක්.

    චින්තක අමරසිංහව පසු කාලීනව ඝාතනයට ලක්වෙනවා. එතකොට ඒ ඝාතනය සොත්ති උපාලි අතින් සිදුවූ දෙයක්ද?
    නැහැ. හැබැයි සොත්ති උපාලි ෆුල් ට්‍රයි කළා චින්තකවයි, ධම්මිකවයි මරන්න. චින්තකට මීගමුව උසාවිය ළඟදි සොත්ති උපාලිලා වෙඩි තිබ්බා. චින්තක එතැනදී බේරුණා. චින්තක මැරුණේ නාවල නිහාල්ගේ කේස් එකකට. චින්තකව මැරුවේ කළු අජිත්ලා. මොකද චින්තක කොල්ලුපිටියේ නාවල නිහාල් කප්පම් ගන්න තැනකින් ලක්‍ෂ පනහක් ඉල්ලලා තිබ්බා. ඔන්න ඔය ප්‍රශ්නයකට තමයි චින්තක මැරුණේ.

    කාලයත් එක්ක සොත්ති උපාලිගේ බලය සෝදාපාළුවට ලක්වෙනවා. අවසානයේ ඔහු මහ පාරේ සරල ලෙස ඝාතනය වෙනවා.
    සොත්ති උපාලිට දේශපාලන බලය නැතිවෙලා යනකොට උපාලි ගොඩාක් අසරණ වුණා. අන්තිමට ඉතිරි වුණේ හම විතරයි. හැමතැනින්ම උපාලිව මරන්න බලාගෙන හිටියේ. අන්තිමේට අඩුම තරමේ උසාවි යන්න ත්‍රීවීල් එකක් නැති වුණා. මීගමුව ඉඳලා නඩුවකට උසාවි ගිහිල්ලා, පිළියන්දල, බෝකුන්දර හන්දියේදී බස් එකෙන් බැහැලා ත්‍රීවීල් එකකට නඟිනකොටම උපාලිට වෙඩි තියලා මරල දැම්මා. මීගමුවෙ ඉඳලම සොත්ති උපාලිව ෆලෝ කරලා තියෙනවා.

    ඇත්තටම සොත්ති උපාලිව මැරුවේ කවුද?
    මම, හිතන විදියට සොත්ති උපාලිව මැරුවේ ධම්මික අමරසිංහ.

    .....කෝසල ප්‍රියංකර කදුරුවාන......
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,515
    17,517
    113
    Auckland
    හපෝ මේ අවුරුදු 20-30 පරන කතා දාන්නෙ ඇයි බන්. ඔවා දැන් පත්තර වලම පට්ට ගහල ඇති 100 පාරක් විතර :nerd:

    නාවල නිහාල් තාම හිටියත් වයස තියෙයි 70ක් විතර අඩුම ගානෙ.

    මම කඩුවෙලින් 2013දි බයික් එකක් ගත්තෙ වසන්තගෙ ඩයල් එකකගෙන්. පස්සෙ දන්නෙ සීන් එක :rofl:
     
  • Nov 28, 2012
    275
    56
    28
    ගෙදර
    හපෝ මේ අවුරුදු 20-30 පරන කතා දාන්නෙ ඇයි බන්. ඔවා දැන් පත්තර වලම පට්ට ගහල ඇති 100 පාරක් විතර :nerd:

    නාවල නිහාල් තාම හිටියත් වයස තියෙයි 70ක් විතර අඩුම ගානෙ.

    මම කඩුවෙලින් 2013දි බයික් එකක් ගත්තෙ වසන්තගෙ ඩයල් එකකගෙන්. පස්සෙ දන්නෙ සීන් එක :rofl:

    අඩේ මන් ලගදි බන් මේවා කියවන්න ගත්තෙ..අඩො මට මේවා කියවද්දි පට්ට කික් එකක්නෙ බොල එන්නෙ. මට හිතෙනවා බන් මන් ගිය ආත්මේ..අමරසින්හ පවුලෙ එකෙක් වෙන්න ඇති කියලා....lol ....... නාවල නිහාල් තාම ඉන්නව කියල තමයි කට්ටිය කියන්නෙනම්... දැනට ජීවතුන් අතර ඉන්න ලොකුම මැරයා සිරිසේන් කුරේ. Unp eke හිටපු සමුපකාර ඇමති
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    සෝම හාමුදුරුවන්ගෙ ඝාතනය කවුරුවත් කිව්වෙ නෑ නේද ඔන්න මමයි මුලින්ම කිව්වෙ :sorry: :sorry:
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,060
    5,823
    113
    canada
    මේක මම දන්නා සිද්දියක්. කෙටියෙන් කියන්නම්.

    මාතර ඉන්න මනුස්සයෙක් (අජිත් කියමු) ඉස්සරහ ගෙදර එකත් එක්ක වලියක් දාගත්ත ඉඩමේ ආරවුලකට. ඉස්සරහ ගෙදර එක වලියටම අව අජිගේ ගෙදරටම. අජිත් ට මල පැනල කඩුවක් අරගෙන ඇවිල්ල අරුට කෙටුව. අරු එතනම මරුන. තමුන්ගේ තාත්ත මරනවා දුව දැක්ක.

    අජිත් වාහනේ අරගෙන එහෙම්ම අනුරාධපුරේ ගියා. ගිහිල්ල බැංකුවේ ආණ්ඩුවේ බැංකුවක අදුරන කෙනෙක් මාර්ගයෙන් ගිණුමක් විවුර්ත කරා (හරි සල්ලි දැම්ම).

    මිනිහට හැංගිලා හිටිය ටික කාලයක්. පොලිචියෙන් නඩුවක් දැම්ම. දුව අජිත්ට විරුද්දව ඇසින් දුටු සාක්කි. අජිත් හෙමිහිට අදිකරණයට බාර වුන නීති මහතෙක් මාර්ගයෙන්. කාලයක් රිමාන්ඩ් හිටිය. නඩුව දිගටම ඇහුව.

    මෙය අදිකරණයට කිව්වා මම එදා හිටියේ අනුරපුරේ කියල. මහේස්ත්‍රාත් අනුරාධපුරේ බැංකුවේ නිලදාරීන් කැදෙව්වා. බැංකු ලියකියවිලි විස්තර ගත්ත.

    විශ්මය ජනක දේ තමයි මිනි මැරුවේ මාතර උදේ 7 නම් එදාම අනුරාධපුරේ බැංකුවේ ගනුදෙනුවක් වෙලා තියෙනවා උදේ 8 ට. නඩුවෙන් මු නිදහස් කරා. එච්චරයි. සැකයේ වාසිය විත්තියට. ඇසින් දුටු සාක්කි තිබ්බත් වැඩක් නැහැ.

    අරු කරලා තියෙන්නේ බැංකුවේ අදුරන එක මගින් ගිණුම දමපු වෙලාව පොඩ්ඩක් වෙනස් කරලා උදේ 8 කියල. බොහොම සරල plan එකක්.

    (නම් ගම් ස්ථාන මනන්කල්පිතයි)

     
    Last edited:

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,515
    17,517
    113
    Auckland
    මේක මම දන්නා සිද්දියක්. කෙටියෙන් කියන්නම්.

    මාතර ඉන්න මනුස්සයෙක් (අජිත් කියමු) ඉස්සරහ ගෙදර එකත් එක්ක වලියක් දාගත්ත ඉඩමේ ආරවුලකට. ඉස්සරහ ගෙදර එක වලියටම අව අජිගේ ගෙදරටම. අජිත් ට මල පැනල කඩුවක් අරගෙන ඇවිල්ල අරුට කෙටුව. අරු එතනම මරුන. තමුන්ගේ තාත්ත මරනවා දුව දැක්ක.

    අජිත් වාහනේ අරගෙන එහෙම්ම අනුරාධපුරේ ගියා. ගිහිල්ල බැංකුවේ ආණ්ඩුවේ බැංකුවක අදුරන කෙනෙක් මාර්ගයෙන් ගිණුමක් විවුර්ත කරා (හරි සල්ලි දැම්ම).

    මිනිහට හැංගිලා හිටිය ටික කාලයක්. පොලිචියෙන් නඩුවක් දැම්ම. දුව අජිත්ට විරුද්දව ඇසින් දුටු සාක්කි. අජිත් හෙමිහිට අදිකරණයට බාර වුන නීති මහතෙක් මාර්ගයෙන්. කාලයක් රිමාන්ඩ් හිටිය. නඩුව දිගටම ඇහුව.

    මෙය අදිකරණයට කිව්වා මම එදා හිටියේ අනුරපුරේ කියල. මහේස්ත්‍රාත් අනුරාධපුරේ බැංකුවේ නිලදාරීන් කැදෙව්වා. බැංකු ලියකියවිලි විස්තර ගත්ත.

    විශ්මය ජනක දේ තමයි මිනි මැරුවේ මාතර උදේ 7 නම් එදාම අනුරාධපුරේ බැංකුවේ ගනුදෙනුවක් වෙලා තියෙනවා උදේ 8 ට. නඩුවෙන් මු නිදහස් කරා. එච්චරයි. සැකයේ වාසිය විත්තියට. ඇසින් දුටු සාක්කි තිබ්බත් වැඩක් නැහැ.

    අරු කරලා තියෙන්නේ බැංකුවේ අදුරන එක මගින් ගිණුම දමපු වෙලාව පොඩ්ඩක් වෙනස් කරලා උදේ 8 කියල. බොහොම සරල plan එකක්.

    (නම් ගම් ස්ථාන මනන්කල්පිතයි)


    අනුරාධපුරේ බැන්කු 8ට අරිනවද බන් :baffled:
     

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    නුවර ස්පීඩ් මල්ලි ගැන දන්නවද බං. . මෑන්ස්ගේ ගෝලයෝ තමයි ලංකාව වටෙන්ම උස්සපු බයික් කුරුණෑගලදි කෑලි කරලා පංචිකාවත්තෙදි විකුනනවා කියන්නේ :sorry:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    අනුරාධපුරේ බැන්කු 8ට අරිනවද බන් :baffled:

    :lol::eek::eek::eek:

    8 ටම අරින එක ගැන නෙමයි කියල තියෙන්නේ උ. කලින් වෙලාවක් දාලා කියල පෙන්වන්න. 9 මරුවා කියමුකෝ 10 ට අනුරාද පුරේ
     
    Last edited:

    gaminda1980

    Member
    Feb 14, 2016
    448
    69
    0
    ගේමක් දෙන්න යනවනම් තනියෙන් යන්න ඕනේ. හැත්ත බුරුත්ත එක්ක ගියාම අහුවෙන්න තියෙන සම්බවිතාව වැදී. එකෙක් හරි අහු උනොත් ඔක්කොම අහුවෙඅව.
    KDH සින් එකෙත් බයික් ගියේ නැත්නම් සින් එක අහු වෙන්නේ නෑ. උ තනියෙම මරලා ගෙනියන්න විතරක් කොහෙවත් යන උන් ටිකක් ගෙන්නාගෙන වැඩේ කෑවා
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,060
    5,823
    113
    canada
    අනුරාධපුරේ බැන්කු 8ට අරිනවද බන් :baffled:

    ඌ රෆ්ලී ටයිම් කියල තියෙන්නේ බන්:yes:


    :lol::eek::eek::eek:

    8 ටම අරින එක ගැන නෙමයි කියල තියෙන්නේ උ. කලින් වෙලාවක් දාලා කියල පෙන්වන්න. 9 මරුවා කියමුකෝ 10 ට අනුරාද පුරේ

    නම් ගම මනන්කල්පිතයි කියල මම ලියල තියෙනවා. අනුරාධපුරේ සහ මාතර නෙවි මේකට සම්බන්ද (අපේ ගම එකක් :lol:). වෙලාව ගැන මට මතකයක් නැහැ. හිතල ලිව්වේ.

    එත් සිද්දිය ඇත්ත. නඩුවෙන් පස්සේ එය ගමින් පිට වෙන පළාතකට ගිය. මිනිහව කට්ටියක් දැම්මල ඉස්සුවා. අදටත් හොයා ගන්න නැහැ.
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    වවුල් කැලේ සීන් එක මතකද ? ( link ) :sorry::sorry: මන්නම් ඔතෙන්ට ගිහිනුත් තියෙනව හෙන මූසලයි අනික කැලෑවයි කන්දයි :dull::dull: වෙඩි කාගෙන හරි බේරුන එක්කෙනා හින්ද සාක්කි ඉතිරි උනා :dull::dull:නැත්නම් ඉතින් අදටත් හොයනව බොරු :no::no: මෙහෙම ඒව ඉතින් තව ඇති :sorry::sorry:.කරපු අයටනම් ඉතින් ස්වභාවිකවම දඩුවම් හම්බුනා :dull::dull:(
     
    • Like
    Reactions: Dont Quit