දෙමවුපියන්ගේ අවධානය පිණිසයි!

Chathuranga1

Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    දෙමවුපියන්ගේ අවධානය පිණිසයි!

    විභාග ෆේල් කරන, ස්‌නායු ලෙඩ කරන, පිළිකා හදන මොළ ඝාතකයෝ: සියලුම දෙමවුපියන්ගේ අවධානය පිණිසයි!

    අද දවසේ අප පරිභෝජනය කරනු ලබන ඇතැම් පාරිභෝගික භාණ්‌ඩ සහ ආහාර ද්‍රව්‍යයන් තුළ අන්තර්ගතව තිබෙන සහ පරිසරයට බැහැර කරනු ලබන ඇතැම් හානිකර රසායනික ද්‍රව්‍යයන්, මානව ස්‌නායූ පද්ධතියට සහ මොළයට හානිකර ලෙස බලපාන බව සොයා ගෙන තිබේ. මෙම රසායනික ද්‍රව්‍යයන්වල අහිතකර බලපෑම් හේතු කොට ගෙන ළමුන් සමාජගතවීමේදී ඇතිවන දුර්වලතා (social impairment in kids) හැසිරීමේ අසාමාන්‍යතා, (Behavioral disorders) මතක ශක්‌තිය සහ බුද්ධිය අඩු වීම, (Lower IQs) ළමුන්ට වැළඳෙන අවධාන ඌනතා අධි ක්‍රියාකාරි ආබාධය, (Attention deficit hyperactivity disorder /ADHD) ඔටිසම්, (Autism) මොළයේ ඇති වන පිළිකා තත්ත්වයන්, පාකින්සන්ස්‌ රෝගය, (Parkinson’s Disease) ඇල්සයිමර්ස්‌, (Alzheimer’s Disease) වැනි රෝග තත්ත්වයන් ඇති විය හැකි බව හෙළි වී ඇත.

    තමන්ගේ දූ දරුවන් උදේ ඉඳන් රෑ වෙනකල් කටේ දමා ගන්නේ මොනවාද, හිසේ, ඇඟේ ගාන්නේ මොනවාද, බලන්නෙ අහන්නෙ මොනවාද, ජීවත් වෙන්නේ මොන වාගේ පරිසරයකද යන්න පිළිබඳව මෙළෝ හසරක්‌ නොමැතිව අධ්‍යාපනය ටියුෂන් වෙළෙන්දාටත්, මතක ශක්‌තිය දෙවි වරුන්ට හා දේවාලවල කපුවන්ටත්, ජීවම් කළ තලගොයි දිවටත් පවරා තමන්ගේ 'ඇරියස්‌' දරුවන්ගෙන් ලබා ගන්න උත්සාහ කරන, ළමයින් තරම්වත් මුහුකුරා නොගිය වැඩිහිටියන් බහුතරයක්‌ වෙසෙන රටක, හිසේ සෞඛ්‍ය පිළිබඳව සිතන මතන උදවිය විසින් ඔලුවට දා ගත්තොත් මොළයට ලාභයක්‌ විය හැකි කරුණු කාරණා කිහිපයක්‌ පිළිබඳ අපි දැන් අවධානය යොමු කරමු.

    මොළය සෝදා දමන හිස සෝදන ශැම්පෝ.

    අපේ රටේ කුඩා ළමුන් පවා දැන් දැන් හිස සේදීමට විවිධ ශැම්පෝ වර්ග, කන්ඩිෂනර් වර්ග භාවිත කරනු සුලභව දකින්නට ලැබෙයි. ලෝකයේ පිළිගත හැකි පර්යේෂණවලින් හෙළි වී තිබෙන, යුරෝපා කොමිසමේ රටවල් විසින් සීමා කිරීම්, තහනම් කිරීම් සහ අවධානයෙන් සිටිය යුතු යෑයි අවධාරණය කොට ඇති ඇතැම් හානිකර රසායනික ද්‍රව්‍යයන් ඇතැම් ශැම්පෝ, කන්ඩිෂනර්, බොඩි ලෝෂන්, දහදිය ගඳ වලක්‌වන ආලේපන වර්ග, සුවඳ විලවුන් වර්ග තුළ අන්තර්ගත වෙන බව සොයා ගෙන ඇත. මේවා බොහොමයක්‌ම ගර්භාෂයේ වැඩෙන දරුවන්ගේ මොළයට පවා හානි කරන්නට හේතු වෙන බවත් පැවසේ. මේ සඳහා උදාහරණ ලෙස, Methylisothiazolinone (MIT) නමැති රසායනිකය අසාත්මිකතා සහ ස්‌නායු විෂකාරක ලක්‌ෂණ පෙන්නුම් කර ඇති බැවින්, කැනඩා රජය විසින් තහනම් කර ඇති ආකාරය පෙන්වා දිය හැකිය. තවද මෙම සංයෝග සහිත නිෂ්පාදන යුරෝපා සංගමය සහ ජපානය විසින් භාවිතය සීමා කර ඇත.

    Diethanolamine නමැති රසායනික සංයෝගයද යුරෝපා රටවල් විසින් දැඩි සීමාවන්ට යටත්ව භාවිත කරන්නට අවසර දී ඇත. ස්‌නායු විෂකාරක සහ පිළිකාකාරක ලක්‌ෂණ පෙන්නුම් කරන බව සොයා ගෙන ඇත.

    මදුරුවන්ටත් වඩා භයානක මදුරු කොයිල්,
    මදුරු කොයිල්, එරසෝල්, මැට්‌ වර්ග වැනි මදුරු විකර්ශක වල ක්‍රියාකාරි සංඝටක ලෙස 'පයිරෙත්‍රොයිඩ' වර්ග (Pyrethroids) අන්තර්ගත වෙයි. මේවාට දීර්ඝ කාලීනව නිරාවරණය වීමෙන්, මොළයේ ස්‌නායූ සෛල මත අසාමාන්‍ය ප්‍රතිඵල ඇති කළ හැකි බවට පර්යේෂණ මගින් සොයා ගෙන තිබේ. මදුරු විකර්ශක වල ඇති 'ඇලත්‍රීන්' මගින් මොළයේ අභ්‍යන්තර රුධිර වහනය වීම වළක්‌වාලන බාධකයේ (Blood Brain Barrier) පාරගම්‍යතාවය වැඩිකරන බැවින් මොළයට සිදුකරන බලපෑම සුළුපටු වන්නට නොහැකි බව විද්‍යාඥයෝ පෙන්වා දෙති. දීර්ඝ කාලීනව මදුරු කොයිල් දුමට නිරාවරණය වීමෙන්, මොළයේ ස්‌නායූ සෛල වල 'ඇසිටයිල් කෝලීන් ප්‍රතිග්‍රාහක' වල (MAChRs) යළි යථා තත්ත්වයට පත් කළ නොහැකි අන්දමේ වෙනස්‌වීම් ඇති කරන බවත් සොයාගෙන ඇත.

    මතක ශක්‌තිය අඩු කරන ෆ්ලෝරයිඩ්.
    දත් සහ අස්‌ථිවල නිරෝගිභාවය උදෙසා වැදගත් මෙහෙයක්‌ ඉටු කළ ද, ෆ්ලෝරයිඩ් අධික ලෙස ශරීරගත වීමෙන් දත් සහ අස්‌ථි පමණක්‌ නොව මොළයේ වර්ධනයටත් හානිකර ලෙස බලපාන බවට තහවුරු වී තිබේ. එබැවින්, විශේෂයෙන් කුඩා ළමුන් දන්තාලේප ගිලීම සහ ස්‌වභාවයෙන්ම ජලයේ ෆ්ලෝරයිඩ් අධික පළාත් වල වෙසෙන උදවිය ෆ්ලෝරයිඩ් ඉවත් නොකළ (ෆිල්ටර් නොකළ) ජලය පානයට ගැනීම අනතුරුදායක විය හැකි බව අවධාරණය කළ යුතුව ඇත. (http://www.ncbi.nlm.nih.gov/pmc/articles/PMC3491930)

    ලෙඩ්, රසදිය සහ ආර්සනික්‌ වැනි බැර ලෝහ.
    මේවා අපේ සිරුරට ඇතුල් වූ විට එම බැර ලෝහවලට අපගේ සිරුරු තුළදී කරන්න කිසිම ජීව විද්‍යාත්මක කාර්යයක්‌ ඇත්තේ නැත. ඒ නිසා මේවා ශරීරය තුළ එකතු වේ. රුධිරය ඩෙසි ලීටර් එකක 'ඊයම්' මයික්‍රො ග්රෑම් පහකට වඩා වැඩියෙන් තිබුණහොත්, ඒවා ජාන වෙනස්‌ වීම් වලටත් බලපානු ලබයි. මේ අගය මයික්‍රොග්‍රෑම් දහයට වඩා වැඩි වුණොත්, දරුවන්ගේ බුද්ධි මට්‌ටම පහළ වැටෙන බව සොයා ගෙන ඇත. මුද්‍රිත කඩදාසි සහ ෂොපින් බෑග් ග්‍රොසරි බෑග්වල ආහාර දැවටීම, වාහන දුම, ඉලෙක්‌ට්‍රොනික අපද්‍රව්‍ය, ඇතැම් තීන්ත වර්ග, චීනයෙන් ආනයනික සෙල්ලම් බඩු, සීඑෆ්එල් බල්බ පරිසරයට අනාරක්‌ෂිතව බැහැර කිරීම, ලොකු මුහුදු මාළු අනුභවය (තෝර, මෝර, තලපත්, කෙලවල්ලා වැනි) කෘෂි රසායනික ද්‍රව්‍යය මෙම බැර ලෝහ වර්ග ශරීර ගත වෙන සුලභ ක්‍රම කිහිපයකි.

    මව් කුසේදීම දරුවාගෙ මොළයට පහර දෙන පළිබෝධනාශක.
    ඇතැම් පළිබෝධනාශක වර්ගවල අඩංගු ක්‍රියාකාරි සංඝටක සහ ඒවායේ අඩංගු ඇතැම් ආකලන ද්‍රව්‍යවල (Pesticide additive - උදාහරණ, පිපරොනිල් බියුටොක්‌සයිඩ් piperonyl butoxide) ඉතා සුලු මාත්‍රාවකට (ක්‌ෂණිකව විෂ ලක්‌ෂණ පෙන්නුම් නොකළද) දීර්ඝ කාලයක්‌ තිස්‌සේ නිරාවරණය වීමෙන් යළි පුනරුත්ථාපනය කළ නොහැකි තරමේ හානියක්‌ මොළයට සිදුවන බව පැවසේ. විශේෂයෙන් ඕර්ගනෝපොස්‌පේට්‌ (Organophosphates) කාණ්‌ඩයේ (මේවා 'ස්‌නායුක විෂ' ගණයට අයත් වෙයි.) පළිබෝධනාශක වලින් වැඩි බලපෑමක්‌ සිදු කෙරෙන අතර, අපේ රටේ ද සුලභව භාවිත කෙරෙන පළිබෝධනාශක රසායනිකයක්‌ වන 'ක්‌ලෝපයිරිෆෝස්‌' (Chlorpyrifos) ප්‍රබල මොළ ඝාතකයෙකු ලෙස හඳුනා ගෙන ඇති බැවින්, යුරෝපා සංගමයේ රටවල් වල මෙම රසායනිකය ගෘහාශ්‍රිත කෘමිනාශක නිෂ්පාදන වල අඩංගු කිරීමද තහනම් කර ඇත.

    ' රිසර්ච් ගේට්‌' වෙබ් අඩවියේ පළකර තිබෙන ඡේ. පී. මාරසිංහ සහ සී. මාගමගේ ඇතුළු පර්යේෂකයින් පිරිසක්‌ විසින් සිදු කර ඇති පර්යේෂණයකට අනුව පිළිවෙලින් මෙරට සහල්, මුකුණුවැන්න, ගෝවා, බෝංචි ඇතුළු ආහාර බෝග සාම්පල වල ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය සහ ජාත්‍යන්තර කෝඩෙක්‌ස්‌ ප්‍රමිතීන් (Codex Alimentarius Committee) පවා අභිබවන මට්‌ටමකින් ක්‌ලෝපයිරිෆෝස්‌ රසායනිකයේ ශේෂයන් අන්තර්ගත වෙන බව හෙළි වී තිබේ. අනෙක්‌ අතට පළිබෝධනාශක යහමින් යොදනු ලබන වගා බිම් ආසන්නයේ ජීවත් වන විශේෂයෙන් ගර්භනී මව්වරු සහ කුඩා දරුවන් ගේ මොළයට බරපතල හානියක්‌ කරන්නට ද මෙම කෘෂි රසායනික ද්‍රව්‍ය වලට පිළිවන් වන බවත් අනාවරණය වේ.

    දිව පිනවා මොළය නසන ආහාර රසකාරක
    කඩේ පිළියෙල කෙරෙන පොල් සම්බෝලයේ පටන් සුප් කැට, සෝස්‌, පේස්‌ට්‌ වර්ග, බිස්‌කට්‌, කුකීස්‌ වර්ග දක්‌වා වන සකස්‌ කළ ආහාර ද්‍රව්‍ය අති බහුතරයකම යහමින් අඩංගු වන වන MSG නොහොත් මොනො සෝඩියම් ග්ලුටමේට්‌ නමැති කෘත්‍රිම රස ප්‍රවර්ධකය ප්‍රබල ස්‌නායු විෂකාරකයක්‌ ලෙස හ`දුනාගැනේ. මෙම රසායනිකය මගින් මොළයේ මතකයට සම්බන්ධ වන ස්‌නායු දැඩි ලෙස උත්තේජනය කෙරේ. කාලයක්‌ තිස්‌සේ මෙම රසායනිකයට නිරාවරණය වන්නෙකුගේ මොළයට ස්‌ථිර ලෙසම හානි සිදු විය හැකි බව සොයා ගෙන තිබේ.

    කෘත්‍රිම ආහාර වර්ණක.
    ට්‍රාටසීන් (කහ පාට/ E Number,102), ඉන්ඩිගෝ කාමයින් (E. 132.) වැනි කෘත්‍රිම ආහාර වර්ණක යෙදු ආහාර නිතර අනුභව කිරීම නිසාවෙන් ළමුනට ඉගෙනීමේ අපහසුතා සහ හැසිරීමේ ආබාධ සහ වෙනත් ස්‌නායු ආබාධ ඇති විය හැකි බව, සදම්ටන් සරසවියේ මහාචාර්ය ජිම් ස්‌ටීවන්සන් මහතා ඇතුළු විද්‍යාඥයින් අවධාරණය කරයි (Professor Jim Stevenson from Southampton University, UK.)

    සීනි සහ කෘත්‍රිම පැණිරසකාරක - (Sweetener)
    අධික සීනි පරිභෝජනය, මොළයේ යහපත් ක්‍රියාකාරිත්වයට ද බරපතල ලෙස හානි කරන බව සනාථ වී තිබේ. දිනකට ළමයෙකුට උපරිම ලෙස අනුභව කළ හැකි නිර්දේශිත සීනි ප්‍රමාණය තේ හැඳි 4 ක්‌ (ග්‍රෑම් 20) වුවද, අපේ රටේ අම්මලා සීනි තේ හැඳි දෙක තුනක්‌ දමා තම දරුවන්ට කට කපලා කිරි වීදුරු දෙක තුනක්‌ම පොවන නිසාත්, සීනි දමා සකස්‌ කළ ටොෆි, චොක්‌ලට්‌, කේක්‌, බනිස්‌, බිස්‌කට්‌, ජෙලි, කිරි පැකට්‌, අයිස්‌ පැකට්‌, වැනි ලට පට කෑමත් මහ ගොඩක්‌ ඒ දරුවන් විසින් ආමාශගත කර ගන්නා නිසාත්, අපේ රටේ දරුවෙකු දිනකට අනුභව කරනු ලබන සීනි ප්‍රමාණය ග්‍රෑම් සියය ද ඉක්‌මවන බව අවධාරණය කළ යුතුව තිබේ.

    තවද, සුක්‍රලෝස්‌, ඇස්‌පාටෙම් ඇසෙසල්ෆේම් කේ සහ සැකරින් (Sucralose , Aspartem, Acesulfame K, Saccharin) වැනි කෘත්‍රිම පැණි රස කාරකයන්ද, මන්ද මානසික වර්ධනය, ස්‌නායූ ආබාධ, කාන්තාවන් ගේ ඔසප් චක්‍රයේ අක්‍රමිකතා, පිරිමින්ගේ ලිංගික බෙලහීනතාවය සහ මඳ සරුභාවයට ද හේතු විය හැකි බව විද්‍යාඥයින් ප්‍රකාශ කරයි. සීනි සහ ඇතැම් කෘත්‍රිම පැණි රසකාරක මොළයේ මතක ගබඩාව වන හයිපොකැම්පස්‌ (Hippocampus) මත අහිතකර ලෙස බලපාන බවත් සොයා ගෙන තිබේ. පැණි බීම, සිසිල් බීම, ශක්‌ති ජනක පාන වර්ග, අඩු කැලරි ආහාර, සීනි රහිත ආහාර, (Sugar free) ජෑම්, කෝඩියල්, චුවින්ගම්, ක්‌ෂණික පලතුරු පාන වර්ග, සීනි රහිත පැණි රස කෑම වැනි ආහාර නිෂ්පාදන තුළ කෘත්‍රිම පැණි රසකාරක වර්ග තිබිය හැකිය.

    Diacetyl (Butter Flavoring)
    ඔබ අනුභව කරන සකස්‌ කළ කෑමවල බටර් සුවඳට හේතු වන කෘත්‍රිම රස කාරකයයි. මෙය මොළයේ ආරක්‌ෂක පටලය විනිවිද යන බව සොයා ගෙන තිබෙන අතර, විශේෂයෙන් ඇල්සයිමර්'ස්‌ රෝගයට හේතු වෙන බව සොයා ගෙන ඇත.

    Aluminum -
    පෘතුවිය තුළ සුලභම මූලද්‍රව්‍ය වන්නේ ඇළුමිනියම් ය. පානීය ජලයේ පවා අංශුමාත්‍රිකව මෙම මූලද්‍රව්‍ය තිබිය හැකිය. මෙම බැර ලෝහයේ විශේෂත්වයක්‌ වන්නේ එය අපගේ මොළය තුළ හානිකර ලෙස පැල පැදියම් වන්නට දක්‌වන මනාපයයි. ඇළුමිනියම් භාජන වල අම්ල සහිත ආහාර පිසීම සහ ආහාර ගබඩා කිරීම මෙම බැර ලෝහය ශරීරගත වන ප්‍රධාන ක්‍රමයයි. සකස්‌ කළ ආහාර වලට සුලභව යොදනු ලබන ප්‍රතිකැටිකාරක (Anti caking agents) වර්ග වල, බේකින් පව්ඩර්, ඇතැම් ඩිඔඩ්රන්ට්‌ වර්ග (Deodorants) ඇතැම් ප්‍රති ආම්ලික ඖෂධ මගින්ද (ගැස්‌ට්‍රයිටිස්‌ රෝගය සඳහා නිර්දේශිත) ඇළුමිනියම් ශරීර ගත විය හැකිය. ඉඳින්, ටීවී එකේ දකින දකින, දරුවන් ඉල්ලන ඉල්ලන කෑම බීම ජාති අරන් දීම ආදරය යෑයි වරදවා තේරුම් අරන් ඉන්න වැඩිහිටියන්ගේ අවධානය, බුදුන් වහන්සේ විසින් දේශනා කොට ඇති පහත ගාථා පාඨයට යොමු කරනු වටී.

    අප්පස්‌සු තායන් පුරුසෝ, බලිවද්දෝව ජිරති.
    මංසානිතස්‌ස වඩ්ඩති, පඥා තස්‌ස න වඩ්ඩති. (ධර්මය නොදන්නා අඥාන බාලයෝ කා බී හරක්‌ සේ හොඳට තර වෙති. මස්‌ හොඳට වැඩුනාට ප්‍රඥාවේ වැඩීමක්‌ නැත.)

    සෙල්ලම අහිමි කළ යාන්ත්‍රික දරුවන්ගේ ලෙල්ලම.
    හොඳින් කය වෙහෙසීමේදි අපගේ පෙනහැලි උපරිම ධාරිතාවයකින් පිරී යන්නේය. හදවතේ ක්‍රියාකාරිත්වය වැඩි වීම නිසාවෙන් රුධිර සංසරණය මනාව සිදු වේ. ප්‍රතිඵලය ඔබගේ මොළයට හොඳ රුධිර සහ ඔක්‌සිජන් සැපයුමක්‌ ලැබීමයි. මෙය මොළයේ ක්‍රියාකාරිත්වය වැඩි දියුණු කිරීමටත් මොළයේ සෑදෙන අහිතකර විෂ සංඝටක ඉක්‌මනින් බැහැර කරන්නටත් මනා පිටිවහලක්‌ වෙයි. ඉදින් මනා ව්‍යායාමයක්‌ නොමැති උදවියට වෙනත් කායික රෝගාබාධ පමණක්‌ නොව මොළයේ ආබාධ විශේෂයෙන් ළමුන්ගේ බුද්ධි මට්‌ටම අඩු වීම, (Lower IQs) වැඩිහිටියන්ට ඇල්සයිමර්ස්‌ රෝගය, ඩිමෙන්ෂියා වැනි රෝගාබාධ වැළඳෙන්නටත් හේතු වෙන බව සොයා ගෙන ඇත.

    ගම්වල හැදී වැඩී වෙල් ඉපැනලිවල දුව පනිමින් ඇළේ දොළේ පිහිනමින් ජීවයෙන් පිරුණු ගහ කොළ ඵල වැලින් පෝෂණය වෙමින්, එකී ජීවයෙන් ද`ගලන නැවුම් වාතාශ්‍රයෙන් පෙනහැලි පුරවා ගෙන ජීවත්වීමේ ආනුභාවයෙන් ලද විශිෂ්ට මොළ ධාරිතාවයකින් පිරිපුන් බොහොමයක්‌ ගම් වල දරුවන් උසස්‌ විභාග සමත්ව අපේ රටේ කිසිදු විද්‍යානුකූල සැලැස්‌මකට අනුකූල නොවන ලෙස ඉදි කෙරුණු, පරිසර දූෂණයෙන් පිරිපුන්, නගර වල පැල පැදියම්ව වස විස කමින් බොමින් හුස්‌ම ගනිමින් සිටින බොහෝ දෙනෙකුගේ දෙවන තෙවන පරම්පරාවන් මුල් පරම්පරාවන් මෙන් මොළ කාරයින්, වැඩ කාරයින් (උසස්‌ විභාග පාස්‌ වූ අය නොව) නොවීමේ රහස හමුවන්නේ මෙතැනදීය.

    එහෙත් මහතුන් වෙනවාට වැඩිය හොඳයි මට බැද්දෙ බතක්‌ කර හිටියානම් කියා හිතන උදවියටද කියන්නට යමක්‌ තිබේ. එනම් නව ලිබරල් ගරිල්ලා මාකටින් ත්‍රස්‌තවාදය විසින් බැද්ද ද (ගම) සිදාදිය ද එක සේ වසෙන් විසෙන් වනසා දමා ඇති බවය.

    උපුටා ගැනීම - දිවයින පුවත්පත

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,095
    5,890
    113
    canada
    කාලෙකට පස්සෙ කියවන්න සහ දැනුම්වත් වෙන්න දෙයක්.........

    ඔයත් මේ වගේ නුල් වලට අහුවෙනවනේ

    දිව පිනවා මොළය නසන ආහාර රසකාරක
    කඩේ පිළියෙල කෙරෙන පොල් සම්බෝලයේ පටන් සුප් කැට, සෝස්‌, පේස්‌ට්‌ වර්ග, බිස්‌කට්‌, කුකීස්‌ වර්ග දක්‌වා වන සකස්‌ කළ ආහාර ද්‍රව්‍ය අති බහුතරයකම යහමින් අඩංගු වන වන MSG නොහොත් මොනො සෝඩියම් ග්ලුටමේට්‌ නමැති කෘත්‍රිම රස ප්‍රවර්ධකය ප්‍රබල ස්‌නායු විෂකාරකයක්‌ ලෙස හ`දුනාගැනේ. මෙම රසායනිකය මගින් මොළයේ මතකයට සම්බන්ධ වන ස්‌නායු දැඩි ලෙස උත්තේජනය කෙරේ. කාලයක්‌ තිස්‌සේ මෙම රසායනිකයට නිරාවරණය වන්නෙකුගේ මොළයට ස්‌ථිර ලෙසම හානි සිදු විය හැකි බව සොයා ගෙන තිබේ.

    :lol::lol::lol::lol:
    http://www.elakiri.com/forum/showthread.php?t=1677460
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,095
    5,890
    113
    canada
    හැමදේම දන්නවා කියල හිතාගෙන ඉන්න මෝඩයින් ලියපු මේ වගේ ලිපි වලින් වෙන්නේ මිනිස්සු නොමග යවන එක.

    මේ ලිපියේ සමහර කරුණු හරි
    සමහර ඒවා වැරදියි

    ද්‍යාත්මකව "මොනො සෝඩියම් ග්ලුටමේට්‌" නැතිනම්, MSG කියලා කෙටියෙන් හඳුන්වනු ලබන මෙම රසායනිකය, වඳභාවයට සහ ලිංගික බෙලහීනතාවයට හේතු විය හැකි බවත්, ප්‍රබල ස්‌නායූ විෂ කාරකයක්‌, (Neurotoxin) පිළිකා කාරකයක්‌ සහ සෞඛ්‍ය ආබාධ බොහොමයක්‌ සඳහාත් හේතු විය හැකි ආහාර ආකලනයක්‌ බවත්, පර්යේෂකයන් අවධාරණය කොට තිබේ. ඇමරිකාවේ නෝර්ත් ඊස්‌ටර්න් සරසවියේ කර ඇති පර්යේෂණයක දී, MSG මගින් පුරුෂ ශුක්‍රාණු වල සරුභාවය සියයට 50 කින් සහ කාන්තාවන් ගැබ් ගැනීමේ හැකියාව සියයට 50 කින් පමණ අඩු කරන බව, සොයා ගෙන ඇත.

    මොනො සෝඩියම් ග්ලුටමේට්‌ කියන්නේ, ආහාරයේ රසය යාමනය කරන රසායනිකයකි. (Flavor enhancer) සරලව කීවොත්, MSG මගින් ඔබේ දිවේ රසය හඳුනා ගන්නා සෛල (රසාංකුර) උත්තේජනයට ලක්‌ කරනු ඇත. ඒ අනුව කටේ දමා ගන්නා ඕනෑම දෙයක්‌ ප්‍රනීත රසයකින් යුක්‌ත වන බව ඔබේ මොළයට සන්නිවේදනය කරවනු ඇත. (රවටයි) දැන් පිදුරු, පුන්නක්‌කු උනත් රස කර කර කෑමට ගත හැකි වනු ඇත.

    එමෙන්ම, MSG ප්‍රබල ඇබ්බැහිකාරකයක්‌ද වේ. මේ අනුව වැඩි වැඩියෙන් MSG යෙදූ ආහාර ගිල දැමීමට කෙනෙකු තුළ මළ පෙරේත කමක්‌ ඇති කරවීමට ද MSG සමත්ය. කුඩා දරුවන්ට දෙමාපියන් විසින් MSG යහමින් දමා ඇති, කඩ චෝරු කැවීමට ගනු ලබන ආදරණීය උත්සාහයේ ප්‍රතිඵලය තමයි, ඒ දරුවන්ට ස්‌වාභාවික කෑම කැවීමට ඇති අසීරු කම. ගෙදර මළ සමයං නටමින් දරුවන්ට බත් කැවීමට දඟලන දෙමාපියන් මේ කාරණාව පිළිබඳව බැරෑරුම්ව හිතනවා නම් යෙහෙකි.

    සුප් කැටයෙන්, කොත්තුවෙන් පටන් ගත්තාම වෙළෙඳපොළේ සැරිසරන බොහොමයක්‌ සකස්‌ කළ ආහාර වර්ග වල MSG තිබෙන බව නම් ඉඳුරාම කිව හැකිය. "ස්‌වාභාවික රසකාරක" (Nature identical flavor) "අනුමත රස කාරක","රස යාමනයන්", (Flavor enhancer) "වැඩි දියුණු කළ ආහාරමය පිෂ්ඨය, (Modified food starch) "ස්‌වාභාවික චිකන්, මාළු රසය", "ආහාර පදම් කාරක", (Food seasoning) මේවායේ ද බොහෝ විට තිබෙන්නේ, MSG ය.

    ඇතැම් විට ලේබලයේ අඩංගු ද්‍රව්‍ය යටතේ, (Ingrediants) මෙසේ ද සඳහන් කර තිබිය හැකිය.

    E 620 - Glutamic acid
    E 621 - Monosodium Glutamate
    E 622 - Mono potassium Glutamate

    E අංකය, 620 සිට 637 දක්‌වා සඳහන්ව තිබෙනුයේ ග්ලුටමේට්‌ කාණ්‌ඩයේ ආහාර රස කාරකයන් ය. මෙම ලැයිස්‌තුව දැක්‌කාම ඔබ කලබල වනු ඇත. එහෙත් සකස්‌ කළ ආහාර වර්ග නිතර අනුභව නොකරන්නෙකුට අවදානමක්‌ නොමැති තරම් වන බවද කිව යුතුව ඇත.

    අප ආහාරයට ගනු ලබන ඇතැම් ස්‌වාභාවික ආහාර තුළත්, හානිකර නොවන මට්‌ටමකින් ග්ලුටමික්‌ අම්ලය තිබේ. කෘත්‍රිමව MSG ලබා ගත හැකි මාත්‍රාව පිළිබඳ විවිධ මතවාද තිබෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශය වන්නේ, ළදරු ආහාර සඳහා MSG භාවිත නොකළ යුතු බවයි, (ලංකාවේත් එළැඹෙන ජූලි මස සිට මෙම නීතිය ක්‍රියාත්මක වනු ඇත.)

    ස්‌වාධීන පර්යේෂණ වාර්තා පෙන්වා දෙන්නේ, එක්‌ ආහාර වේලක MSGල ග්රෑම් දශම 5 කට වඩා (0.5 ට) තිබීම හානි කර බවයි. (Federation of American Societies for Experimental Biology)

    එහෙත් අවාසනාවක තරම, ලංකාවේ හෝටල් වල පිළියෙල කරනු ලබන එක්‌ කොත්තුවක, ප්‍රයිඩ් රයිස්‌ එකක MSG ග්රෑම් 6 ක්‌ පමණ තිබෙන අතර, මික්‌ෂර්ස්‌, බයිට්‌ ග්රෑම් 100ක MSGල ග්රෑම් 1 - 2 ක්‌ අතර ප්‍රමාණයක්‌ තිබෙන බවත් අවධාරණය කළ යුතුව ඇත. එවැනි ආහාරයක්‌ ගත්තාම, වතුර ගැලුමක්‌ විතර බොන්න හිතෙන්නෙත්, කැස්‌ස, හිසරදය, කරකැවිල්ල වැනි රෝග ලක්‌ෂණ ඇති වෙන්නෙත්, මේ අධික MSG මාත්‍රාව නිසාය. මේ රෝග ලක්‌ෂණ වලට කියන්නේ "චයිනීස්‌ රෙස්‌ටොරන්ට්‌ සින්ෙඩ්‍රාaම්" කියලයි. මගුල් ගෙවල්, දානේ ගෙවල් වල කෑම හදන කුක්‌ උන්නැහෙලා ලියලා දෙන බඩු ලැයිස්‌තුවේ ,MSG, කිලෝ එකක්‌ දෙකක්‌, සඳහන් කර තිබීමෙන්, අපේ කට්‌ටිය ගේ MSG මාත්‍රාව ගැන හිතා ගන්න පුළුවන.
     
    (1) මේ තියෙන්නේ කැනඩා වල නිල උපදෙස් msg ගැන

    Is MSG safe?

    In general, the use of MSG is not a health hazard to consumers. The safety of MSG has been reviewed by regulatory authorities and scientists worldwide, including Health Canada.

    http://www.hc-sc.gc.ca/fn-an/securit..._qa-qr-eng.php

    (2) මේ තියෙන්නේ Australia ආණ්ඩුවේ නිල උපදෙස්
    Is MSG safe?

    The overwhelming evidence from a large number of scientific studies is that MSG is safe for the general population at the levels typically incorporated into various foods. This has been confirmed by a number of expert bodies.

    http://www.foodstandards.gov.au/cons...s/default.aspx

    (3) Europe

    The bottom line

    Monosodium glutamate is one of the most extensively studied food ingredients in our food supply. Hundreds of studies and numerous scientific evaluations have concluded that monosodium glutamate provides a safe and useful taste enhancer for foods.

    http://www.eufic.org/article/en/arti...ium-glutamate/

    (4) Wiki

    MSG has been used for more than 100 years to season food, with a number of studies conducted on its safety. International and national bodies governing food additives currently consider MSG safe for human consumption as a flavor enhancerMSG has been used for more than 100 years to season food, with a number of studies conducted on its safety. International and national bodies governing food additives currently consider MSG safe for human consumption as a flavor enhancer

    http://en.wikipedia.org/wiki/Monosod...utamate#Safety
     
    Last edited:
    (1) මේ තියෙන්නේ කැනඩා වල නිල උපදෙස් msg ගැන

    ලෝකයේ රටවල් රැසක තහනම් කර ඇති මොනො සෝඩියම් ග්ලුටමේට් Msg නමැති රසකාරකය මෙට්‍රික් ටොන් 100ක් වසරකට ලංකාවට ආනයනය කරන බවට තොරතුරු හෙළිවී තිබෙනවා.පැස්ටා ,මැකරෝනි ,ස්නැක් ඇතුළු ආහාර වර්ග විශාල සංඛ්‍යාවක මොනෝ සෝඩියම් ග්ලුටමේට් රසකාරකය අඩංගුවී කර තිබෙනවා.
    ඒ හේතුවෙන් මොනො සෝඩියම් ග්ලුටමේට් රසකාරකය අඩංගු සියළුම ආහාර වර්ග පරීක්ෂා කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.
    MSG_24_06_2015_lankanewsalert.jpg

    එක එකාගේ සහතික අපිට වැඩක් නෑ .ලන්කාවේ අපිට MSG එපා ..! ඔච්චරම හොදයි මෙතන ඇවිත් වැදී බණ නොකියා නම් උබ කාපන්කෝ වද නොදී :dull::dull:.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,095
    5,890
    113
    canada
    මේවා ගැන තර්ක කරනවට වඩා ලෝකේ පිළිගත්ත websites වලින් බලල තේරුම් ගන්න එක තමයි කල යුත්තේ

    අපේ හුගක් අය අනු ගනම්වල, අසු ගනම්වල ලෝකේ පුරා පැතිරිච්ච මිත්‍යා මතවාදයන් තවමත් කරපින්නාගෙන ඉන්නවා. මොකද අලුත් දැනුම ගැන කිසිම අවබෝදයක් නැහැ. ඕක හොදට තේරෙනවා ජාතික පුවත්පත්වල පවා පලවන දේවල් වලින්. tabloid පුවත්පත්වල පවා පලවෙන දේවල් ඔහේ පලකරනවා
     
    ලෝකේ මොනවද msg තහනම් කරපු රටවල්?
     
    දැන් ඔහොමවත් කියල ජාමේ බේරාගෙන මෙතනින් පලයන් :sorry::sorry: ..ඕවා කාල ඇ* 2 පුස් උනාම ඇවිත් කියපන් උදව්වක් දෙන්නම් :):)
     
    ලෝකේ මොනවද msg තහනම් කරපු රටවල්?
    අනෙක් රටවලින් අපිට වැඩක් නෑ..අපි ජිවත් වෙන්නේ ලංකාවේ ..ලංකාවේ තහනම් නම් අනෙක් එවුන් කෑවට අපිට මොකෝ ..!! :dull::dull:

    MSG is Dangerous — The Science Is In

    SOURCES
    (1) Metcalfe, D. “Food Allergy.” Primary Care: Clinics in Office Practice25.4 (1998): 819-29. Print.

    (2) Simon, R. A. “Additive-induced Urticaria: Experience with Monosodium Glutamate (MSG).” Journal of Nutrition 130.4S Supplemental (2000): 1063S-066S. Print.

    (3) Yang, W. H., M. A. Drouin, M. Herbert, Y. Mao, and J. Karsh. “The Monosodium Glutamate Symptom Complex: Assessment in a Double-blind, Placebo-controlled, Randomized Study.” The Journal of Allergy and Clinical Immunology Part 1 99.6 (1997): 757-62. Print.

    (4) Blaylock, Russell L. Excitotoxins: The Taste That Kills. Santa Fe, NM: Health, 1998. Print.

    (5) Lorden, J. F., and A. Claude. “Behavioral and Endocrinological Effects of Single Injections of Monosodium Glutamate in the Mouse.” Neurobehavioral Toxicology and Teratology 8.5 (1986): 509-19. Print.

    (6) Blaylock, Russell. “Food Additives: What You Eat Can Kill You.” The Blaylock Wellness Report 4 (Oct. 2007): 3-4. Print.

    (7) Blaylock, Russell L. Excitotoxins: The Taste That Kills. Santa Fe, NM: Health, 1998. Print.

    (8) Blaylock, Russell. “Food Additives: What You Eat Can Kill You.” The Blaylock Wellness Report 4 (Oct. 2007): 3-4. Print.

    (9) Ohguro, H., Katsushima, H., Maruyama, I., Maeda, T., Yanagihashi, S., Metoki, T., Nakazawa, M. “A hig
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අපේ රටේ කොච්චර ස්වාභාවික ආහාර රසකාරක,සුවදකාරක තියනවද බන් අපේ මෝඩ හුකන්නලාට එම් එස් ජි නැතුව බැරි උනාට.
    එම් එස් ජි නැතුව මේ රටේ කෑම හදලා නැද්ද?
    අපේ අම්මලා,තාත්තලා ෆ්‍රයිඩ් රයිස් වගේ කෑම හදලා දීලා නැද්ද?
    කඩේ රයිස් එකෙයි,ගෙදර හදන රයිස් එකෙයි රහ කොහොමද?

    • Like
    Reactions: Cyb3rtr0j4n

    අවන්කෙන්ම මචන් ..මේකේ ඉන්න එක මි ගොනෙකුට ඕකවත් තේරුම් ගන්න බෑ නේ මෙච්චර කියලත් ..! රේප් ++
     
    • Like
    Reactions: akilar25

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,095
    5,890
    113
    canada
    අනෙක් රටවලින් අපිට වැඩක් නෑ..අපි ජිවත් වෙන්නේ ලංකාවේ ..ලංකාවේ තහනම් නම් අනෙක් එවුන් කෑවට අපිට මොකෝ ..!! :dull::dull:

    MSG is Dangerous — The Science Is In

    SOURCES
    (1) Metcalfe, D. “Food Allergy.” Primary Care: Clinics in Office Practice25.4 (1998): 819-29. Print.

    (2) Simon, R. A. “Additive-induced Urticaria: Experience with Monosodium Glutamate (MSG).” Journal of Nutrition 130.4S Supplemental (2000): 1063S-066S. Print.

    (3) Yang, W. H., M. A. Drouin, M. Herbert, Y. Mao, and J. Karsh. “The Monosodium Glutamate Symptom Complex: Assessment in a Double-blind, Placebo-controlled, Randomized Study.” The Journal of Allergy and Clinical Immunology Part 1 99.6 (1997): 757-62. Print.

    (4) Blaylock, Russell L. Excitotoxins: The Taste That Kills. Santa Fe, NM: Health, 1998. Print.

    (5) Lorden, J. F., and A. Claude. “Behavioral and Endocrinological Effects of Single Injections of Monosodium Glutamate in the Mouse.” Neurobehavioral Toxicology and Teratology 8.5 (1986): 509-19. Print.

    (6) Blaylock, Russell. “Food Additives: What You Eat Can Kill You.” The Blaylock Wellness Report 4 (Oct. 2007): 3-4. Print.

    (7) Blaylock, Russell L. Excitotoxins: The Taste That Kills. Santa Fe, NM: Health, 1998. Print.

    (8) Blaylock, Russell. “Food Additives: What You Eat Can Kill You.” The Blaylock Wellness Report 4 (Oct. 2007): 3-4. Print.

    (9) Ohguro, H., Katsushima, H., Maruyama, I., Maeda, T., Yanagihashi, S., Metoki, T., Nakazawa, M. “A hig

    මෝඩය ඉස්සෙලා අහන ප්‍රශ්නෙට උත්තර දීපන්
    :lol::lol::lol:

    මේක දැම්මේ ඔයානේ
    ////////////////////////////////
    ලෝකයේ රටවල් රැසක තහනම් කර ඇති මොනො සෝඩියම් ග්ලුටමේට් Msg නමැති රසකාරකය මෙට්‍රික් ටොන් 100ක් වසරකට ලංකාවට ආනයනය කරන බවට තොරතුරු හෙළිවී තිබෙනවා.පැස්ටා ,මැකරෝනි ,ස්නැක් ඇතුළු ආහාර වර්ග විශාල සංඛ්‍යාවක මොනෝ සෝඩියම් ග්ලුටමේට් රසකාරකය අඩංගුවී කර තිබෙනවා.
    ඒ හේතුවෙන් මොනො සෝඩියම් ග්ලුටමේට් රසකාරකය අඩංගු සියළුම ආහාර වර්ග පරීක්ෂා කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා."
    ////////////////////////////////

    එතින් මම ඇහුවේ msg තහනම් කරපු රටවල් රැසක් මොනවද කියන එක?

    යන්නේ කොහෙද මල්ලේ පොල්

    msg banned countries / monosodium glutamate banned කියල ගුගල් කරලා බලපන් ..ඕනේ තරම් රටවල් හොයාගන්න පුළුවන් ..මම මේ පව් කියල තව විස්තර ටිකක් දැම්මේ ..නැතුව ඇහුව දේට උත්තර දෙන්න බැරුව නෙමෙයි
     
    Last edited:

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,095
    5,890
    113
    canada
    msg banned countries / monosodium glutamate banned කියල ගුගල් කරලා බලපන් ..ඕනේ තරම් රටවල් හොයාගන්න පුළුවන් ..මම මේ පව් කියල තව විස්තර ටිකක් දැම්මේ ..නැතුව ඇහුව දේට උත්තර දෙන්න බැරුව නෙමෙයි

    :lol::lol::lol::lol:
    මොකද්ද මේ ගූගලේ කතව?
    බොස් මොන රටවල්ද බෑන් වෙලා තියෙන්නේ? කෙලින් උත්තරයක් දෙන්න