දැනුවත් කිරීමක් සඳහා පමණයි...

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,592
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    දැනුවත් කිරීමක් සඳහා පමණයි...

    අද උදේ 10:30 ට පමණ වෙච්ච සිදුවීමක්...

    අපි අද හොරගොඩ වැල්ලාන ප්‍රදේශයේ විදුලි විසන්ධි කිරීමක් කර, එහි වැඩ කරමින් සිටින අතරතුරේ අපිත් එක්ක එකට වැඩ කරන යාලුවෙකුට කෝල් එකක් ආවා... 070 නම්බරේකින් පැමිණි දුරකථන ඇමතුමෙන් පැවසුවේ මොබිටෙල් කෑෂ් බොනැන්සා මගින් කරන ලද දිනුම් ඇදීමකින් ඔහුට රුපියල් නව ලක්ෂ හැත්තෑ පන්දහසක් ලැබී ඇති බවයි...
    හදිසියේ ආව මේ කෝල් එක නිසා එතන හිටපු පිරිස ගොඩක් නොසන්සුන් උනා...
    එයා ඒ වෙලාවේම අපේ වාහනයක් අරගෙන කොහෙද දුවන්න හදපු නිසා අපි ගියා ඇත්තටම මොකක්ද වෙලා තියෙන්නේ කියල බලන්න....
    එතකොට තමයි සීන් එක කිවුවේ...
    පොඩි සැකයක් ආවත්, ඒක කිවුවෝතින් අපේ ඉරිසියාව කියල කියන නිසා සද්ද නොකර හිටියා...
    ඒත් එක්කම අර නම්බරෙන් නැවත කෝල් එකක් ආවා...
    අපේ යාළුවගේ නම සුපුන්...

    සුපුන්: හෙලෝ...
    070: මහත්මයා, ඔබගේ මුදල් මේ මොහොතේම ගිණුමට බැර කරන්න අපි සුදානමින් ඉන්නේ, ඒ නිසා අපිට ඔබතුමාගේ ගිණුම අංකය අවශයි...
    සුපුන්: අපි මේ වෙලාවේ වැලිගම ලයින් එකක වැඩ කරන්නේ, අන්කේ මතක නැහැනේ...
    070: හොඳයි මහත්මයා එහෙනම් අපි නම්බරයක් දෙන්නම්, දැන්ම ඒ නම්බරේට රුපියල් 5850ක් දාන්න... එතකොට අපි ඔබතුමාට අදාළ මුදල ලැබෙන්න සලස්වන්නම්...මේ වගේ අනගි අවස්තාවක් ඔබට ලැබෙන්නේ කලාතුරකින් නිසා කිසි කෙනෙකුට මේ බවක් නොකියන්න වග බලාගන්න...
    දුරකථන ඇමතුම විසන්දි වෙලා ගියේ අයිත් කතා කරන බව කියමින්....

    ඒ වෙද්දී අපි හිතපු දේ හරි කියල තේරුණ නිසා, මම එයාගේ ෆෝන් එකෙන්ම 1717 ඇමතුවා... එතැනදී කිවුවේ දිනුම් ඇදීමක් වෙලා නම් sms එකක් මගින් මුලින් එවල, දෙවනුව රෙකොඩින් කෝල් එකක් මගින් දැනුම් දෙන ලද බවයි... ඒ වගේම මේ නම්බරේට කිසිදු දිනුම් ඇදීමක් නොවුන බවත් ඔවුන් පැවසුවා.... අපි ඒ වෙලාවේ මොබිටෙල් ආයතනයට ටිකක් තදින් කතා කළා....
    ඇයි ඔයාල ඔයාලගේ කස්ටමර්ස්ලට මේ වගේ පහත් දේවල් කරන්නේ කියල... එතකොට ඔවුන් කිවුවේ, මැරිච්ච මිනිසුන්ගේ අයිඩෙන්ටි වගේ දේවල් අරගෙන සිම් ගන්න නිසා වගේම තොග ගණන් පසුගිය කාලයේ සිම් අලෙවි උනත් රෙජිස්ටර් කරන්න බැරි උන සිම් වලින් මේ උත්සව සමයේ මේ වගේ දේවල් වෙන්න පුළුවන් බවයි...
    ඒ වගේම කිසි කෙනෙකුට තමන්ගේ පුද්ගලික දේවල් දෙන්න එපා කියලත් ඔවුන් කිව්වා...

    නැවත දුරකථන ඇමතුමක් ආව ඒත් එක්කම....අපි ළඟ ඉඳගෙන ඔවුන්ට නොදැනෙන්න උපදෙස් දුන්න කරන්න ඕන දේවල්...

    070: මහත්මයා ඔබතුමාට පුළුවන් ඉක්මනින් අපිට ඔබේ විස්තර අවශ්‍යයි... ගිණුමක් තියේනම් ඒ තියෙන බැංකුව මොකක්ද...
    සුපුන්: සම්පත් බැංකුව...
    070: ඔබට සල්ලි දාන්න අපහසු නම් ඔබේ අකවුන්ට් නම්බරේ අපිට ලැබෙන්න සලස්වන්න... අපි සල්ලි දාන්නම්... ඊට කලින් රුපියල් 5850ක මුදලක් අපි දෙන ගිණුම අංකෙට දාන්නම ඕන....
    සුපුන්: මේ වෙලාවේ සල්ලි නැහැ මගේ අතේ... ඉතින් ඔයාලට පුළුවන්නේ 5850 අර දෙන සල්ලි වලින් අඩු කරගෙන දෙන්න....
    070: ඒක කොහොමටවත් කරනවට අපේ රුවන් ඒකනායක මහත්තය කැමති නැහැ... ඒ නිසා ඉක්මනින් ඒ සල්ලි දාල කෝල් එකක් දෙන්න.. මතක තියාගන්න මේ දේවල් කිසි කෙනෙකුට කියන්න එපා..

    කරුමෙට එතන හිටපු අපේ ගොබිලෙක්ට හචිං එකක් ගියා.. ඒ සැනින් ඇමතුම විසන්දි උනා... අපි කාල ඇවිත් උන්ට අමතන්න හැදුවේ කුණුහරුප වලින්....

    ඒත් ඒ වෙද්දී ඔබ ඇමතු දුරකථන අංකය භාවිතයේ නොමැත යනුවෙන් කිවුවේ...

    මේ කතාව කියවද්දී එහි හරය ගන්න... සුපුන් කිවුවේ අපි අද එතන නොසිටියා නම්, එයාගේ රුපියල් 5850ක් පිනට දුන්න කියල හිතා ගන්න වෙනවා කියල...

    ඒ නිසා ඔබටත් මේ වගේ කෝල් එන්න පුළුවන්.... රැවටෙන්න එපා මේ උත්සව සමයේ... අමාරුවෙන් හම්බ කරන දේවල් වංචාකාරයොන්ට දෙන්න එපා... අපි පොලිසියට ගියත් වැඩක් වෙන්නේ නැහැ... රස්තියාදුව විතරයි... සැක කෙනෙක් ඉන්නවා නම් එක්කන් එන්න කියන නිසා අපි පාඩුවේ හිටියා...

    ඔබට ඔබේ ගෙදර අයට යාලුවොන්ට මේ බව දැනුම් දෙන්න.... ගෙදරට උනත් එන්න පුළුවන් බඩු සහන මිලට දෙන විදියට.... හොරුන්ට අහු වෙන්න එපා...

    මට මේ දේවල් නොකිය ඉන්න තිබුනා... ඒත්, අද මගේ යාළුවා ගොඩක් සතුටින් ගෙදර ගියේ... ලක්ෂ 9ක් ගැන හීන පෙන්වල උගෙන් කඩාගන්න හදපු රුපියල් 5850 ඉතුරු උන නිසා... ගිණුම් අංක වලින් සල්ලි ගන්න පුළුවන් නිසා ඒවා උනත් දෙන්න එපා....

    බම්ප් එකක් දාගෙන යන්න....

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ඔය කතන්දරේ ඉස්සර කාලේ ඉදන්ම වෙන වැඩක් කමක් නැ අපේ එවුන්ට් වැදගත් වෙයි සහෝ බම්ප්
     
    • Like
    Reactions: labu gediya

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,592
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    සොහොන;19948469 said:
    ඔය කතන්දරේ ඉස්සර කාලේ ඉදන්ම වෙන වැඩක් කමක් නැ අපේ එවුන්ට් වැදගත් වෙයි සහෝ බම්ප්

    පවු වැඩ බං... කොච්චර මෝඩයෝ අහු වෙනවා ඇත්ද නේද....
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    ඕක සෑහෙන කාලෙක ඉඳලා වෙන සීන් එකක්. අපේ සමහර උනුත් ලක්ශ ගණන් ඇදිලා කියලා දැනගත්තාම ඒක ගන්න ඕන දෙයක් කරයි. ගෑණියෙක්ට ඔහොම එකක් වෙලා මම දැක්කා පත්තරේ තිබ්බා, ඒ එලදෙන ඉඩමක්ද ගෙයක්දත් උකස් තියලද කොහෙද සල්ලි ගෙවන්න.

    :rofl: මම දන්න එකියකට යූකේ එන්න කියලා ඊමේල් එනවලු. ඒකි මේක සිරා අරන්. මම කිව්වා පොඩ්ඩක් බලන්න ඕව බොරු එන්නේ කියලා. බොරුමයි කිය කිය කියද්දි ඒකි හිතන්න ඇති ඉරිසියාවට කියලා. මේකි මට කියනවා නෑ නෑ මම එව්වට ඇප්ලයිත් කලාලු. මාව සිලෙක්ට් වෙලා නිසා එයාල මේල් කරනව ඇතිලු. සෝනි එකෙන්ද මොකෙන්ද කියලා කිව්වෙ. මේකි ඉන් පස්සෙ හදිස්සියෙම පාස්පෝටුත් හැදුවා කියපන්කො. :rofl: ඉන් පස්සෙ නම් මොනව වුනාද දන්නෙ නෑ. ආශ්‍රයක් නෑ දැන්.
     
    • Like
    Reactions: labu gediya

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    පවු වැඩ බං... කොච්චර මෝඩයෝ අහු වෙනවා ඇත්ද නේද....

    ඔව් ඔව් ඕක ගැන විස්තරයක් ඩයලොග් එකෙන් එහෙම විස්තරේ සැරට යන දවස් වල රිලෝඩ් කඩ ඉස්සරහා පෝස්ටරයක් විදිහට ගැහුවා ඒවායින් මිනිස්සු ටිකක් දැනුවත් උනා දැන් ආයේ මේ සෙල්ලම පටන් ගෙන
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,592
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    onna karanavaa nam salli hoyanna vada, lankave
    harakgen hambu karamu,
    :D

    නිකන් හරක් නෙවි බං, කේප්ප හරක්ට අන්ත එවුන් ඉන්නේ...:P
    සමහර විට කාටවත් කියන්න එපා කිවුවේ, අරු සල්ලි දාල ඇවිත් බලන් ඉන්නකොට බඩු හම්බ වෙලා කියල තේරුණාම කාටවත් කියද්දී ලජ්ජා හිතෙන නිසා වෙන්න ඇති... කොහොමත් ඒ දේ හොරෙන් කළා නම් අපි කොහොමත් පිළිගන්නේ නැහැ එහෙම දෙයක් උනා කියල...
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    නිකන් හරක් නෙවි බං, කේප්ප හරක්ට අන්ත එවුන් ඉන්නේ...:P
    සමහර විට කාටවත් කියන්න එපා කිවුවේ, අරු සල්ලි දාල ඇවිත් බලන් ඉන්නකොට බඩු හම්බ වෙලා කියල තේරුණාම කාටවත් කියද්දී ලජ්ජා හිතෙන නිසා වෙන්න ඇති... කොහොමත් ඒ දේ හොරෙන් කළා නම් අපි කොහොමත් පිළිගන්නේ නැහැ එහෙම දෙයක් උනා කියල...

    lankave unge IQ eka godak pahala mattamaka thiyenne
    ovaa kiyana eka therumak na, lankava IQ agaya 79
    :dull:

    http://www.photius.com/rankings/national_iq_scores_country_ranks.html
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,592
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ඕක සෑහෙන කාලෙක ඉඳලා වෙන සීන් එකක්. අපේ සමහර උනුත් ලක්ශ ගණන් ඇදිලා කියලා දැනගත්තාම ඒක ගන්න ඕන දෙයක් කරයි. ගෑණියෙක්ට ඔහොම එකක් වෙලා මම දැක්කා පත්තරේ තිබ්බා, ඒ එලදෙන ඉඩමක්ද ගෙයක්දත් උකස් තියලද කොහෙද සල්ලි ගෙවන්න.

    :rofl: මම දන්න එකියකට යූකේ එන්න කියලා ඊමේල් එනවලු. ඒකි මේක සිරා අරන්. මම කිව්වා පොඩ්ඩක් බලන්න ඕව බොරු එන්නේ කියලා. බොරුමයි කිය කිය කියද්දි ඒකි හිතන්න ඇති ඉරිසියාවට කියලා. මේකි මට කියනවා නෑ නෑ මම එව්වට ඇප්ලයිත් කලාලු. මාව සිලෙක්ට් වෙලා නිසා එයාල මේල් කරනව ඇතිලු. සෝනි එකෙන්ද මොකෙන්ද කියලා කිව්වෙ. මේකි ඉන් පස්සෙ හදිස්සියෙම පාස්පෝටුත් හැදුවා කියපන්කො. :rofl: ඉන් පස්සෙ නම් මොනව වුනාද දන්නෙ නෑ. ආශ්‍රයක් නෑ දැන්.

    එක පාරක් මේ පැත්තේ නංගි කෙනෙක්ට මේල් එකක් ඇවිත් ගුගල් එක බලන්න නොමිලේ අවස්තාවක් ඇවිත් කියලා... ඒකිට කිවුව බොරුවක් කියල, අදටත් මාත් එක්ක කතා නැහැ... ඒකි කියන්නේ මම ගුගල් එකට ඒකි ගැන බොරු යවල, ඒ අවස්ථාව කැන්සල් කරලා කියල...:D
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    එක පාරක් මේ පැත්තේ නංගි කෙනෙක්ට මේල් එකක් ඇවිත් ගුගල් එක බලන්න නොමිලේ අවස්තාවක් ඇවිත් කියලා... ඒකිට කිවුව බොරුවක් කියල, අදටත් මාත් එක්ක කතා නැහැ... ඒකි කියන්නේ මම ගුගල් එකට ඒකි ගැන බොරු යවල, ඒ අවස්ථාව කැන්සල් කරලා කියල...:D

    ඔන්න ඕකයි තත්වෙ බං. කොච්චර ෆිට් එකේ හිටියත් ඔය වගේ දේකදි උන් හිතන්නේ අපි උන්ට වල කපනව කියලා. සමහර උන් අර වෙබ්සයිට් වලට ගියාම පොපප් එන එව්වා ඇඩ් එන එව්වාගෙ තියෙන්නේ ඔයා 9999999 වෙනියා වෙලා තියෙනවා තෑගි ගන්න මෙතන ක්ලික් කරන්න කියලා. ඩයලොග් එකෙන් එහෙම මසූක් හරි මොකක් හරි සයිට් එකක් එක්ක එකතු වෙලා ඔය යටිකූට්ටු වැඩේ කරනවා. මාසෙට රුපියල් 100ක් හරි 150ක් හරි කැපෙනවා. නැති නම් දවසට 8ක් හරි ඔහොම ගාණක්. :angry:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,592
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ඔන්න ඕකයි තත්වෙ බං. කොච්චර ෆිට් එකේ හිටියත් ඔය වගේ දේකදි උන් හිතන්නේ අපි උන්ට වල කපනව කියලා. සමහර උන් අර වෙබ්සයිට් වලට ගියාම පොපප් එන එව්වා ඇඩ් එන එව්වාගෙ තියෙන්නේ ඔයා 9999999 වෙනියා වෙලා තියෙනවා තෑගි ගන්න මෙතන ක්ලික් කරන්න කියලා. ඩයලොග් එකෙන් එහෙම මසූක් හරි මොකක් හරි සයිට් එකක් එක්ක එකතු වෙලා ඔය යටිකූට්ටු වැඩේ කරනවා. මාසෙට රුපියල් 100ක් හරි 150ක් හරි කැපෙනවා. නැති නම් දවසට 8ක් හරි ඔහොම ගාණක්. :angry:

    ඩයලොග් එකේ හරි අයියල ඉන්නේ...:D අපේ ඩයලොග් ටීවී එකේ මුලින් ඉඳල බිල ආවේ රුපියල් 900... දැන් මාස දෙකක ඉඳල එනවා රුපියල් 1200ක්... උන් කියන්නේ බදු නිසා කියල... බිල ගෙවුවේ නැහැ මාස දෙකේම... බම්බු ගහගන්න කියල බටපොල ඇන්ටනාවක් ගෙනත් අපි බලනවා ශෝක් එකට...

    මොසුක්‌ එකත් එක්ක නම් මොකක් හරි හුටපටයක් තියෙනවා කියල දන්නවා... මගෙත් ඉස්සර හැම සතියකම රුපියල් 100කට කෙලවනවා උන්... පස්සේ මම මොබිටෙල් පාවිච්චි කරන්න ගත්ත... උන්ගේත් ලයිව් ස්ක්‍රීන් එකක් වැටුන.. එකක් හරි ඕකේ උනා නම් හොරකම් කරන්න වෙන්නේ උන්ගේ බිල් ගෙවන්න....
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    ඩයලොග් එකේ හරි අයියල ඉන්නේ...:D අපේ ඩයලොග් ටීවී එකේ මුලින් ඉඳල බිල ආවේ රුපියල් 900... දැන් මාස දෙකක ඉඳල එනවා රුපියල් 1200ක්... උන් කියන්නේ බදු නිසා කියල... බිල ගෙවුවේ නැහැ මාස දෙකේම... බම්බු ගහගන්න කියල බටපොල ඇන්ටනාවක් ගෙනත් අපි බලනවා ශෝක් එකට...

    මොසුක්‌ එකත් එක්ක නම් මොකක් හරි හුටපටයක් තියෙනවා කියල දන්නවා... මගෙත් ඉස්සර හැම සතියකම රුපියල් 100කට කෙලවනවා උන්... පස්සේ මම මොබිටෙල් පාවිච්චි කරන්න ගත්ත... උන්ගේත් ලයිව් ස්ක්‍රීන් එකක් වැටුන.. එකක් හරි ඕකේ උනා නම් හොරකම් කරන්න වෙන්නේ උන්ගේ බිල් ගෙවන්න....

    මොබිටෙල් උන්ගේ මහ රෙද්දේ ටෝක් එන්නේ බං. :oo: ශාරුක් එක්ක රැයක් ගතකරන්න මේ ටෝන් එක දාගන්න කියයි, ශලනි එක්ක ශොපිං කරන්න අහවල් එක කරන්න කියයි. :angry: ලැජ්ජ නැති හිඟන හැත්තක්.
     
    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    ඔය වගේ රවට්ටන තවත් සුලභ අවස්ථාවක් තමයි ගෙවල් වලට විවිධ බඩුබාහිරාදිය උස්සගෙන යන එව්න්. උනුත් මේ කාලේ වැඩී. ඉතිං ගෙවල් වලට ගිහින් බොරුකියලා වැඩි මිළට බඩු විකුණනවා. මම මෑතකදී අපේ ගෙදර වෙන්න ගිය ඒ වගේ දෙයක් කියන්නම්.
    ඔන්න එක සේල්ස් කාරයෝ ටිකක් ටයි එහෙම දාගෙන රත්නපුරේ ලොකු ඉලෙක්ට්‍රොනික් ෂොප් එකකින් කියලා ගෙදරට ඇවිල්ලා. මුං ගෙදර අයට infrared cooker එතත් පෙන්නලා මේක වැඩ කරන්නේ එල්ඊඩී බල්බ් වලාන් මාසයක් පාවිච්චි කරත් ඒකක තුනයි යනේනේ කියලා මහා බයිලාවක් ගහලා.
    462995418_030.jpg

    ඒක නෙවෙයි ලොකුම සීන් එක. මුන් කියලා මේක කඩේ 25,000 :rofl: ක් වෙනවා අපි ප්‍රමෝෂන් එකක් කරන නිසා මේක 20,000 ට දෙන්නම් කියලා. :P ඉතිං අපේ ගෙදරින් මේක ඕනි නෑ කියලා. දැන් මුන් තව දුරටත් මේක ගැන කියනවලු. මේක වැඩකරනකොට මේක ඇතුලේ තියන බැට්‍රිය චාජ් වෙනවා, ඒකෙන් දවස් හයක් උයන්න පුලුවන් වගේ බයිලා. වොරන්ටි අව්රුදු දෙයි අනං මනං බයිලා ගොඩයිලු. ඒත් ගෙදරින් ඒක එපා කියලා.
    අන්තිමට මුං යන්න හදලා කියනවලු හැබැයි ඔයාලට මෙහෙම චාන්ස් එකක් මට අරං දෙන්න පුලුවන් මේක අපි සීට්ටු වලට දෙනවා, ඒ දෙනකොට සිට්ටුව අදින කෙනාට අපි නොමිලේ cookware සෙට් දෙකක් දෙනවා කියලා.
    contemporary-cookware-sets.jpg

    දැන් තව බයිලලු මුං cookware එකේ පියන් කැඩෙන්නෙ නෑ කියලා බිම දාලා පෙන්නනවලු එකම සෙල්ලං ගොඩක් එතන දාලා. අන්තිමට ගෙදර අයත් මේක ගන්න හදලා නාන ගමන් හිටපු මගෙන් මේ ගැන ඇවිල්ලා ඇහුවා. :nerd: මමත් යංතන් පිහදගන ගියා බලන්න බැලින්නම් මේ 4,500 ට විතර තියන චයිනීස් කුකර් එකක්. වගේම බාල චයිනීස් cookware සෙට් දෙකක් :angry: මම මුන්ට කුනුහරුප නොකියා (ගෙදර අය හිටපු නිසා) හොදවයින් අමතනකොට මුං මාරු. මම මුන්ගේ වාහනේ අංකෙ එක්ක පොලිස්සියේ ඇන්ට්‍රි එකකුත් දැම්මා. හැබැයි මම මෝඩ වුනා මට තිබුනේ කලබල නොවී මුන්ගේ අයිඩී එක ෂේප් එකේ අරගන්න.
    ඔන්න බලපල්ලා අලුතින්ම හොරා කන ස්ටයිල් එක.
    ත්‍රෙඩ් එක දාපු කෙනා කැමති නම් මේක මුල් පෝස්ට් එකට එකතු කරන්න.
     
    • Like
    Reactions: labu gediya

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,592
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    මොබිටෙල් උන්ගේ මහ රෙද්දේ ටෝක් එන්නේ බං. :oo: ශාරුක් එක්ක රැයක් ගතකරන්න මේ ටෝන් එක දාගන්න කියයි, ශලනි එක්ක ශොපිං කරන්න අහවල් එක කරන්න කියයි. :angry: ලැජ්ජ නැති හිඟන හැත්තක්.

    සිරා කතාව බං...:D:D:D:yes:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,592
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ඔය වගේ රවට්ටන තවත් සුලභ අවස්ථාවක් තමයි ගෙවල් වලට විවිධ බඩුබාහිරාදිය උස්සගෙන යන එව්න්. උනුත් මේ කාලේ වැඩී. ඉතිං ගෙවල් වලට ගිහින් බොරුකියලා වැඩි මිළට බඩු විකුණනවා. මම මෑතකදී අපේ ගෙදර වෙන්න ගිය ඒ වගේ දෙයක් කියන්නම්.
    ඔන්න එක සේල්ස් කාරයෝ ටිකක් ටයි එහෙම දාගෙන රත්නපුරේ ලොකු ඉලෙක්ට්‍රොනික් ෂොප් එකකින් කියලා ගෙදරට ඇවිල්ලා. මුං ගෙදර අයට infrared cooker එතත් පෙන්නලා මේක වැඩ කරන්නේ එල්ඊඩී බල්බ් වලාන් මාසයක් පාවිච්චි කරත් ඒකක තුනයි යනේනේ කියලා මහා බයිලාවක් ගහලා.

    ඒක නෙවෙයි ලොකුම සීන් එක. මුන් කියලා මේක කඩේ 25,000 :rofl: ක් වෙනවා අපි ප්‍රමෝෂන් එකක් කරන නිසා මේක 20,000 ට දෙන්නම් කියලා. :P ඉතිං අපේ ගෙදරින් මේක ඕනි නෑ කියලා. දැන් මුන් තව දුරටත් මේක ගැන කියනවලු. මේක වැඩකරනකොට මේක ඇතුලේ තියන බැට්‍රිය චාජ් වෙනවා, ඒකෙන් දවස් හයක් උයන්න පුලුවන් වගේ බයිලා. වොරන්ටි අව්රුදු දෙයි අනං මනං බයිලා ගොඩයිලු. ඒත් ගෙදරින් ඒක එපා කියලා.
    අන්තිමට මුං යන්න හදලා කියනවලු හැබැයි ඔයාලට මෙහෙම චාන්ස් එකක් මට අරං දෙන්න පුලුවන් මේක අපි සීට්ටු වලට දෙනවා, ඒ දෙනකොට සිට්ටුව අදින කෙනාට අපි නොමිලේ cookware සෙට් දෙකක් දෙනවා කියලා.

    දැන් තව බයිලලු මුං cookware එකේ පියන් කැඩෙන්නෙ නෑ කියලා බිම දාලා පෙන්නනවලු එකම සෙල්ලං ගොඩක් එතන දාලා. අන්තිමට ගෙදර අයත් මේක ගන්න හදලා නාන ගමන් හිටපු මගෙන් මේ ගැන ඇවිල්ලා ඇහුවා. :nerd: මමත් යංතන් පිහදගන ගියා බලන්න බැලින්නම් මේ 4,500 ට විතර තියන චයිනීස් කුකර් එකක්. වගේම බාල චයිනීස් cookware සෙට් දෙකක් :angry: මම මුන්ට කුනුහරුප නොකියා (ගෙදර අය හිටපු නිසා) හොදවයින් අමතනකොට මුං මාරු. මම මුන්ගේ වාහනේ අංකෙ එක්ක පොලිස්සියේ ඇන්ට්‍රි එකකුත් දැම්මා. හැබැයි මම මෝඩ වුනා මට තිබුනේ කලබල නොවී මුන්ගේ අයිඩී එක ෂේප් එකේ අරගන්න.
    ඔන්න බලපල්ලා අලුතින්ම හොරා කන ස්ටයිල් එක.
    ත්‍රෙඩ් එක දාපු කෙනා කැමති නම් මේක මුල් පෝස්ට් එකට එකතු කරන්න.

    තව බඩු තියෙන එවුව පෙන්වන්න කියන්න තිබුනේ ඔයා නාල එනකන්... ඊට පස්සේ ශේප් එකේ පොලිසියට කෝල් එකක් දුන්න නම් බඩුත් එක්ක හොරු අල්ලලා දෙන්න පුළුවන්.... වැලිගම එහෙම සීන් එකක් උනා...
    ගෑනි ගොනා කරලා බඩු විකුනන්න ඇවිත්.. ඒත් ඒ ගෑනු මනුස්සය ගේ ඇතුලට ගිහින් ශේප් එකේ පොලිසියට කෝල් කරලා අල්ලලා දුන්න... කලබල වෙච්ච බවක් පෙන්වන්න හොඳ නැහැ... උන්ගේ ගැටේට අහු උනා වගේ ඉන්න ඕන ගොනා ටයිප් එකේ....

    ගොඩක් ස්තුතියි මචන් මේ වගේ කොමෙන්ට් එකක් දාල අමාරුවේ වැටෙන්න ඉන්න තව කෙනෙක්ව දැනුවත් කලාට...
     
    sankapeiris

    Active member
  • Sep 8, 2015
    820
    62
    28
    USA
    samahara welawata green card eduna kiyalat ohoma hora mail enawa.
    samaharu thamanta $ million ganak ganna ona a sadaha lawyerge fees gewanna widiyak na udaw karanna a ganen bagayak dennam kiyanawa.
    samahara welawata ebay eken badu gatta kiyala mail ewanawa eken ebay log wunot sorry . com

    hodama wede hema welema hoda nowi buddimatwa weda karana eka
     
    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    තව බඩු තියෙන එවුව පෙන්වන්න කියන්න තිබුනේ ඔයා නාල එනකන්... ඊට පස්සේ ශේප් එකේ පොලිසියට කෝල් එකක් දුන්න නම් බඩුත් එක්ක හොරු අල්ලලා දෙන්න පුළුවන්.... වැලිගම එහෙම සීන් එකක් උනා...
    ගෑනි ගොනා කරලා බඩු විකුනන්න ඇවිත්.. ඒත් ඒ ගෑනු මනුස්සය ගේ ඇතුලට ගිහින් ශේප් එකේ පොලිසියට කෝල් කරලා අල්ලලා දුන්න... කලබල වෙච්ච බවක් පෙන්වන්න හොඳ නැහැ... උන්ගේ ගැටේට අහු උනා වගේ ඉන්න ඕන ගොනා ටයිප් එකේ....

    ගොඩක් ස්තුතියි මචන් මේ වගේ කොමෙන්ට් එකක් දාල අමාරුවේ වැටෙන්න ඉන්න තව කෙනෙක්ව දැනුවත් කලාට...

    ඔව් බං පස්සේ තමයි කරන්න තිබුන ඒවා ඔලුවට ආවේ. ආයි ඉතිං ඔය වගේ එව්න් ආවොත් අනිවා සබ්බුව තමයි :lol: