නීතිය පිළිබඳ මහාචාර්ය ජී.එල්.ට පොලිස් සැරයන්ගෙන් නීතිය පිළිබඳ පාඩමක්!
ශ්‍රී ලංකාවේ නීති ක්ෂේත්රය මතු නොව ලෝකයේ දීලික්ත නීතිය පිළිබඳව අත්පොතක් බදු වූ මහාචාර්ය ගාමිණී ලක්ෂ්මන් පීරිස් (ජී.එල්) මහතාට අද (02) උදෑසන අටවැනි ශ්‍රේණිය පමණක් සමත් පොලිස් සැරයන්වරයෙකුගෙන් නීතිය පිළිබඳව පාඩමක් ඉගනීමට සිදුවූ බව හතරවන තට්ටුවේ ආරංචි මාර්ග සඳහන් කර සිටී.
පසුගිය දා චාවාකච්චේරියේ හමුවූ මරාගෙන මැරෙන ඇඳුම් කට්ටලය ඇතුළු භාණ්ඩ රැස වැල්ලවත්තට ගෙන ඒමට සූදානම් කර තිබූ ඒවා බවට ඒකාබද්ධ විපක්ෂයේ ලණුවක් ගිල මාධ්‍ය හමුවක් කැඳවා ප්‍රකාශ කළ මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාට ඒ පිළිබඳව ප්‍රකාශයක් ලබා දීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස නියෝග කර තිබූ බව අප මීට කලින් වාර්තා කළෙමු.
අද (02) පෙරවරු 10.30 ට දැඩි අකමැත්තකින් වෙව්ල වෙව්ලා හතරවන තට්ටුවට පැමිණ ඇති නීතිය පිළිබඳ මහාචාර්යවරයා ප්‍රකාශය ලබාදීමට නම් ඊට අදාළ ලේඛණ තමාට පෙන්විය යුතු බවට නීතිමය තර්කයක් ගෙන හැර දක්වා ඇත. CID නිලධාරීන් එම ලිපිලේඛණ අභ්‍යන්තර ඒවා බව කියමින් ඔහුගේ නීතිමය තර්කය ප්‍රතික්ෂේප කොට තිබේ.
අවසානයේ විමර්ශණයට සහාය වීම පිළිබඳ අදාළ වගන්ති දෙකෙහි සඳහන් කරුණු ප්‍රකාරව ප්‍රකාශයක් ලබා දීමට මහාචාර්යවරයාට සිදුවී තිබේ. එම ප්රකාශයේදී පැහැදිලිවම පෙනී ගොස් ඇත්තේ කවරෙකු හෝ ලියා දුන් යමක් ජී.එල්. විසින් මාධ්‍ය හමුවේ පවසා ඇති බවයි. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අධිකරණයේ නඩුවක් ගොනුවුවහොත් මහාචාර්යවරයාට ඊට සහාය දීමටද සිදුවනු ඇත.
ශ්‍රී ලංකාවේ නීති ක්ෂේත්රය මතු නොව ලෝකයේ දීලික්ත නීතිය පිළිබඳව අත්පොතක් බදු වූ මහාචාර්ය ගාමිණී ලක්ෂ්මන් පීරිස් (ජී.එල්) මහතාට අද (02) උදෑසන අටවැනි ශ්‍රේණිය පමණක් සමත් පොලිස් සැරයන්වරයෙකුගෙන් නීතිය පිළිබඳව පාඩමක් ඉගනීමට සිදුවූ බව හතරවන තට්ටුවේ ආරංචි මාර්ග සඳහන් කර සිටී.
පසුගිය දා චාවාකච්චේරියේ හමුවූ මරාගෙන මැරෙන ඇඳුම් කට්ටලය ඇතුළු භාණ්ඩ රැස වැල්ලවත්තට ගෙන ඒමට සූදානම් කර තිබූ ඒවා බවට ඒකාබද්ධ විපක්ෂයේ ලණුවක් ගිල මාධ්‍ය හමුවක් කැඳවා ප්‍රකාශ කළ මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාට ඒ පිළිබඳව ප්‍රකාශයක් ලබා දීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස නියෝග කර තිබූ බව අප මීට කලින් වාර්තා කළෙමු.
අද (02) පෙරවරු 10.30 ට දැඩි අකමැත්තකින් වෙව්ල වෙව්ලා හතරවන තට්ටුවට පැමිණ ඇති නීතිය පිළිබඳ මහාචාර්යවරයා ප්‍රකාශය ලබාදීමට නම් ඊට අදාළ ලේඛණ තමාට පෙන්විය යුතු බවට නීතිමය තර්කයක් ගෙන හැර දක්වා ඇත. CID නිලධාරීන් එම ලිපිලේඛණ අභ්‍යන්තර ඒවා බව කියමින් ඔහුගේ නීතිමය තර්කය ප්‍රතික්ෂේප කොට තිබේ.
ඉන් අනතුරුව ඔහු වෙත පැමිණ ඇති පොලිස් සැරයන්වරයෙකු අපරාධ නඩු විධාන සංග්‍රහයේ 109(06) වගන්තිය හා 110 වන වගන්තිය ඔහුට පෙන්වා පැහැදිලි කර දී තිබේ. අවසානයේ අටවන ශ්‍රේණිය පමණක් සමත් පොලිස් සැරයන්වරයෙකුගෙන් නීතිය ඉගෙනීමට නීතිය පිළිබඳ ජේෂ්ඨ මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාට සිදුවී තිබේ.අවසානයේ විමර්ශණයට සහාය වීම පිළිබඳ අදාළ වගන්ති දෙකෙහි සඳහන් කරුණු ප්‍රකාරව ප්‍රකාශයක් ලබා දීමට මහාචාර්යවරයාට සිදුවී තිබේ. එම ප්රකාශයේදී පැහැදිලිවම පෙනී ගොස් ඇත්තේ කවරෙකු හෝ ලියා දුන් යමක් ජී.එල්. විසින් මාධ්‍ය හමුවේ පවසා ඇති බවයි. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අධිකරණයේ නඩුවක් ගොනුවුවහොත් මහාචාර්යවරයාට ඊට සහාය දීමටද සිදුවනු ඇත.