මහින්ද මැරෙන්න බයයිද?
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සපයා තිබූ හමුදා ආරක්ෂාව ඉවත් කොට ඔහු නිසැක වශයෙන්ම එල්ටීටීඊය ලවා මරා දැමීමට සැලැස්වීමේ ක්‍රියාදාමයක් වත්මන් ආණ්ඩුවේ තීන්දු තීරණ ගන්නා දෙදෙනා වන අගමැති සහ ජනාධිපති විසින් අරඹා තිබෙන බවට ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා කරයි.
බොරැල්ල එන්. එම්. පෙරේරා මධ්‍යස්ථානයේදී පැවැති ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවේදී ඒ මහතා මෙසේ පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේ ද සඳහන් කර සිටියේය.
‘‘චාවාකච්චේරි ඇතුළු යාපනය ප්‍රදේශයේදී පසුගිය සතිය තුළ හා ඊට පෙර මරාගෙන මැරෙන ඇඳුම් සහ පුපුරන ද්‍රව්‍ය සොයා ගනු ලැබුවා. දැන් අනාවරණය වී තිබෙන ආකාරයට එම ද්‍රව්‍ය පොළොව යට සගවා තැබූ ඒවා නොවෙයි. එසේ සගවා තැබුවත් පසුව එළියට ගෙන යම් මෙහෙයුමක් සඳහා යොදා ගැනීමට නිවසක් තුළ ඒවා තබා තිබූ බව දැන් පැහැදිළියි. අපට ලැබී ඇති තොරතුරු අනුව බුද්ධි අංශ විසින් මේ ආණ්ඩුවට අනතුරු හගවා තිබෙනවා, ‘එල්ටීටීඊය නැවත මෙහෙයුම් ඇරඹීමට සූදානම් වෙනවා’ කියලා. නමුත් ඒ කිසිදු අනතුරු හැගවීමක් සැලකිල්ලට ගෙන නොවෙයි මේ ආණ්ඩුව ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් කටයුතු කරන්නේ.
‘මහින්ද මරාදැමීමට සැලස්වීමේ ක්‍රියාදාමයක්’
එහෙන් මරාගෙන මැරෙන ඇඳුම් කට්ටල හමු වෙනවා. කොටි සංවිධානයේ ප්‍රබල ක්‍රියාකාරීන් ඒවා තම නිවෙස් තුළ තබාගෙන කිසියම් මෙහෙයුමකට සූදානම් වන බව ඕනෑවටත් වඩා පැහැදිළි වෙනවා. එසේ තිබියදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ජීවිත ආරක්ෂාව වෙනුවෙන් සිටින යුද හමුදා සෙබළුන් සියලූ දෙනාම 2016 මැයි මාසය වන විට ඉවත් කර ගැනීමේ නියෝග නිකුත් කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් අපි ඉතා පැහැදිළිව චෝදනා කරනවා, අගමැතිවරයාට සහ ජනාධිපතිවරයාට. ඔවුන් තමයි මේ ආණ්ඩුවේ තීන්දු තීරණ ගන්නා දෙදෙනා. නිසැක වශයෙන්ම එල්ටීටීඊය ලවා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමන් මරා දැමීමට සැලැස්වීමේ ක්‍රියාදාමයක් තමයි මේ ආරම්භ කොට තිබෙන්නේ. ඒ නිසා තමයි යුද හමුදාවේ ආරක්ෂාව එතැනින් ඉවත් කරන්නේ. එතුමාගේ ජීවිත ආරක්ෂාව පිළිබඳ කටයුතුවල නිරත වන්නේ යුද හමුදා සාමාජිකයන්. ඒ අය එතුමාගේ ශරීර ආරක්ෂාව පිළිබඳ කටයුතුවල නිරත වෙනවා. ප්‍රභූ ආරක්ෂක පොලිස් නිලධාරීන් සිදු කරන්නේ ඊට අදාළ වෙනත් රාජකාරී. මෙතැනදී සිදු වන්නේ යුද හමුදාවේ සියලූම දෙනා ඉවත් කරලා ඒ වෙනුවට පොලීසියේ ප්‍රභූ ආරක්ෂක අංශයේ සිටින වයෝවෘද්ධ නිලධාරීන් පිරිසක් අනුයුක්ත කිරීම. සරත් ෆොන්සේකා මහතාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරීයා(PSO) ලෙස කටයුතු කළ නිලධාරියාත් දැන් මෙතැනට අනුයුක්ත කරලා තිබෙනවා. මේ හදන්නේ මහින්ද රාජපක්ෂ හිටපු සේනාධිනායකතුමන්ට ආරක්ෂාව ලබාදෙන්න නොවෙයි, අනාරක්ෂාව කරා එතුමාගේ ජීවිතය වේගයෙන් ගෙන යන්න.