මුළු_රැයම

r runner

Member
May 12, 2015
2,396
780
0
මුළු රැයම ඇඳේ ගතකළත් උදේට වෙහෙසකර ගතියක් දැනේද?

tired-morning.jpg

රාත‍්‍රියේ නින්දට යාමෙන් අප කවුරුත් පාහේ බලාපොරොත්වන්නේ දවසේ වෙහෙස සංසිඳී පසු දින අළුයම හෝ උදේ උදේ්‍යාගීමත්ව, නැවුම් ගතියකින් යුතුව ප‍්‍රබෝධයෙන් අළුත් දවසට මුහුුණ දීමටයි. අළුත් දවස අරඹන්ටයි. එහෙත් ඒ බලාපොරොත්තුව සැමටමත්, සැමවිටමත් එලෙසම ඉටුවෙන්නේ නැහැ. රාතී‍්‍රය පුරාවට නිදියාගෙනත් උදේ නැගිටිද්දී ඔබට මහන්සියක්, කෙඩෙත්තු ගතියක් දැනෙනවාද? බයවෙන්න එපා. ඔබ පමණක් නොවෙයි එලෙස අළුයම අවදිවන විට වෙහෙසත් දැනෙන තව බොහෝ අය ඉන්නවා. ඔබට වගේම එම පිරිසටත් මෙහෙමවෙන්නේ ඇයි? අපි සොයා බලමු.

නිදි වර්ජිතව එහෙම නැතිනම් නොනිදා පහන් කළවිට සිරුරට අධිකතර වෙහෙසක් දැනෙන බව අප කවුරුත් පාහේ අත්දැකිමෙන් දන්නා දෙයක්. නින්දට ගොස් මුළු රැයක්ම ගතකර උදේ ඇඳෙන් නැගිටින විටත් දැඩි වෙහෙසකර ගතියක් දැනෙන්න හේතුවත් ඒකමයි. හේතුව තමයි: ගුණාත්මක බවින් යුත් නින්දක් නොලැබම(quality sleep). ඔබ රැයම පහන් කළේ නිදි යහනේ විය හැකියි. එහෙත් වෙහෙසකර ගතියක් දැනෙන්න හේතුව ඔබට ‘සැප‘ නින්දක් නොයන්න ඇති. දැන් සිතට එන ප‍්‍රශ්නය තමයි ඇයි එහෙම වෙන්නේ කියන එක. ඒකට හේතු කිහිපයක් තිබිය හැකියි.

අපි මුලින්ම සලකා බලමු ඔබට ලැබෙන නින්දේ ගුණාත්මක බව කියන්නේ කුමකටද කියා. අප බොහෝ දෙනෙකුට සාමාන්‍යයෙන් පැය 8ක නින්දක් ප‍්‍රමාණවත් බවයි පිළිගැනිම. එහෙත් ඇතැමුන්ට, විශේෂයෙන්ම ළමුන්ට රැයකට පැය අටකට වැඩි නින්දක් අවශ්‍යයි.

සමහරු පැය හත අට නිදි යහනේ ගත කළත් ඔවුන් ලබන නින්දෙහි ගුණාත්මක බව අඩුවෙන්න පුළුවනි. ඇතැම් අයට නිදි ඇප්නියාව(sleep apnea) හෙවත් ෙෙනරානය වෛද්‍ය විද්‍යාත්මක ව්‍යාධි තත්ත්වයක් තියෙනවා. ඇප්නියාව නින්දේදී අප හුස්ම ගන්නා ආකාරය කෙරෙහි බලපෑමක් ඇතිකරනවා. මේ නිසා ඔවුන්ගේ නින්දට බාධා සිදුවෙනවා. එ නිසා තමයි යහනෙහි රැයම ගත කළත් අළුයම වෙහෙසකර ගතියක් දැනෙන්නේ.

ඇප්නියාවට අමතරව නින්දෙහි ගුණාත්මක බව කෙරෙහි බලපාන තවත් සාධක තිබෙනවා. ඒ අතර තුර පරිසර සාධක ද අයත්. නිදන කාමරය වේවා තමන් නිදන වෙන තැනක් වේවා දීප්තිමත් හෝ උණුසුම් වැඩිවෙන්න පුළුවනි. එවිටත් නින්දට බාධා ඇතිවෙනවා. එලෙසම. තේ, කෝපි ආදියෙහි ඇති උත්තේජක ඇල්කලොයිඩයක් වන කැෆේන් පානය, රූ බෝවී වෙලාව ගත වීමෙන් පසුව වැඩියෙන් ආහාර ගැනීමත් නින්ද ළගාවීමට මෙන්ම නින්දේ දිගටම පසුවීමටත් බාධා වෙනවා. ශාරීරික ව්‍යායාමවල යෙදෙන්නේ නම් වෙලාසනින් එසේ කිරීමයි සුදුසු. මන්ද, රාත‍්‍රියේ පසුවී ව්‍යායාමවල යෙදුනහම ශරීර ක‍්‍රියාකාරීකම වැඩිවී නින්දට වැටීම හෙවත් නින්දට පිවිසීම දුෂ්කර විය හැකියි.

නිදා ගැනීමේ ගැටළුවලව මුල ශාරීරික සාධක නොවේ නම් මානසික හේතු සාධකත් වෙන්න පුළුවනි. විශේෂඥයන් පවසන අන්දමට මානසික ආතතිය හෙවත් ක්ලමථය, කාංසාව, විෂාදය සහ විඩාව එම සාධක අතර දක්වන්නට හැකියි.

ඉතින් මෙලෙස නින්දට බලපාන ශාරීරික සහ මානසික බාධා මග හරවා ගන්නේ නම් සැප නින්දකට මග පෑදී උදේට වෙහෙසකර ගතියකින් තොරව ප‍්‍රබෝධමත්ව අවදිවන්න පුළුවනි.

WONERPOLIS හි Do You Ever Wake Up Feeling Tired? ලිපිය ඇසුරෙනි
 
olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,707
    23,371
    113
    මම පැය 6යි බන් නිදාගන්නෙ. මදිද බන්?
     
    r runner

    Member
    May 12, 2015
    2,396
    780
    0
    මම පැය 6යි බන් නිදාගන්නෙ. මදිද බන්?

    මාත් එහෙමයි බන් ඒකමයි මේ විස්තර හෙව්වෙ උදේ 5.30 විතර හැමදාම ඇහැරෙනවා ඇග තලලාදාලා වගේ අමාරැයි බන්...
     
    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,659
    945
    113
    Australia
    මම පැය 6යි බන් නිදාගන්නෙ. මදිද බන්?

    සාමාන්යයෙන් කියන්නෙ පැය 8 ක් නිදා ගන්න කියල... මට කෙනෙක් කිව්වා පැය 8 නිදා ගන්න.. පැය 8-10ක් රැකියාව කරන්න.. ඉතුරු පැය ටිකේ අනිත් කරන මගුල් ඔක්කොම කරන්න කියලා:)
     
    Orange.UK

    Junior member
  • Oct 8, 2015
    257
    18
    18
    මටත් ඕක තියෙ බන්. මගෙ ජොබ් 1කෙ උදෙ ඉදන් රැ වෙනකන් කොම්පුටරෙ පවිච්චි කරන්ඩ තියෙ.

    මට හුගක් වෙලවට ඔලුව රිදෙනව බන්. රැට නින්ද යන්නෙත් නැ හරියට. නින්ද ගියාට මට එක එක දෙවල් හිතෙනව බන්. උදෙට හරි මහන්සි ගතියක් දැනෙනව

    උදෙ පාන්දර ඇහරෙද්දි ඔලුවෙ එක පැත්තක් හැමදම රිදෙනව. ටිකක් වෙල යද්දි චුට්ටක් අඩු වෙනව. මොකද බන් මේකට කරන්නෙ. එපා වෙලා ඉන්නෙ[:(/B]
     
    මටත් බ්‍රෝ.. ඇද කොච්චර හොද උනත් නිදාගෙන නැගිට්ටම කවුරුහරි ගහලා වගේ මුළු ඇගම රිදෙනවා බන්.. හැබැයි මේක අපිට විතරක් තියෙන දෙයක් නෙවෙයි මචං.. බහුතරේකට තියෙන තත්වයක්.. හැබැයි ටිකක් දවල් වෙනකන් නිදාගන්න දවස් වලටනම් එහෙම ගානක් නැහැ.. ඒකට ඉතින් ලිව් දාලා ගෙදරම යන්න එපැයි :)
     
    ow ban weekend 1e nan podi saneepayak thiye. ekek kiwa ban gym 1ta giyanan anga hodata mahansi unama marala damma wage ninda yanawalu.
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    මටත් ඕක තියෙ බන්. මගෙ ජොබ් 1කෙ උදෙ ඉදන් රැ වෙනකන් කොම්පුටරෙ පවිච්චි කරන්ඩ තියෙ.

    මට හුගක් වෙලවට ඔලුව රිදෙනව බන්. රැට නින්ද යන්නෙත් නැ හරියට. නින්ද ගියාට මට එක එක දෙවල් හිතෙනව බන්. උදෙට හරි මහන්සි ගතියක් දැනෙනව

    උදෙ පාන්දර ඇහරෙද්දි ඔලුවෙ එක පැත්තක් හැමදම රිදෙනව. ටිකක් වෙල යද්දි චුට්ටක් අඩු වෙනව. මොකද බන් මේකට කරන්නෙ. එපා වෙලා ඉන්නෙ[:(/B]

    Parissamen bro. Tension headache enna puluwan