මාලිංගට අයි. පී. එල්. තහනම්
12 April 2016 14:54 (LANKADEEPA)
ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංගට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අවසරකින් තොරව ඉන්දීය ප්‍රීමියර් ලීග් (අයි.පී.එල්.) තරගාවලියට ක්‍රීඩා කළ නොහැකි බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල මහතා පැවසීය.
ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානයේදී අද (12 වැනිදා) පෙරවරුවේදී පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී සුමතිපාල මහතා එසේ පැවසීය. මාලිංග සම්බන්ධයෙන් පසුගිය කාලයේ ඇතිවූ සිද්ධීන් පිළිබ`දව සුමතිපාල මහතාගෙන් කළ විමසුමේදී සුමතිපාල මහතා මෙසේ ද පැවසීය.
”අපි ලසිත් මාලිංගට ලිඛිතව දැනුම්දී තිබෙනවා සුව වූ වහාම ක්‍රිකට් ආයතනයට දැනුම් දෙන්න කියලා. එවිට අපි ඔහුගේ තත්ත්වය බලන්න වෛද්‍ය කමිටුවට ඉදිරිපත් කරනවා. එහිදී තීරණය කරයි කොපමණ කාලයකින් ක්‍රීඩා කරන්න පුළුවන්ද කියලා”
”ඔහු පසුගිය කාලේ මාධ්‍යට කළ ප්‍රකාශ පිළිබදව අභ්‍යන්තර පරීක්ෂණයක් කරමින් ඉන්නවා. අපි ඒ ප්‍රකාශ එකතු කරනවා”
”අපිව දැනුවත් කිරීමකින් තොරව අයි.පී.එල්. යන්න බෑ. යන්න පුළුවන් හැබැයි තරග බලන්න”
”එයාව කළමණාකරණය කළ යුතුයි. අවසන් කාලේ, එයා ප්‍රකාශ කිරීම පුරුද්දක් කරගෙන තියෙනවා. මීට පෙර මාධ්‍යයටත් කියාගෙන ගියා මම දැක්කා. එයා මතක තියාගන්න ඕනේ අලූත් පාලක මණ්ඩලයක් තියෙන්නේ කියලා”
”මාලිංග 15 වැනිදායින් පසුව කණ්ඩායමට එකතු වෙන්න කැමති කියලා අපිට දැනුම්දී තිබුණා. අපිට අවශ්‍ය වුණේ එක තරගයකට හෝ මාලිංග ක්‍රීඩා කරවීමයි. ඔහු තරගයකට හරි ක්‍රීඩා කළා නම් අපිට අවසන් පූර්ව තරගයට එන්න තිබුණා”
”ඇන්ජලෝ නායකයා හැටියට කටයුතු කළේ අබාධයක් තිබියදීයි. ඕවර හතරම යැව්වා. ලකුණු 78 කතුත් ගැහුවා. එන්නතක් විදගෙනයි ඇන්ජලෝ ක්‍රීඩා කළේ. ක්‍රීඩකයන් රටට ක්‍රීඩා කරන්න එහෙමයි. සනත් ජයසූරියත් ඕස්ටේ්රලියානු සංචාරයක ආබාධයක් තිබියදී ක්‍රීඩා කළා මතක ඇති”
”මම ඇන්ජලෝගේ හොද කිව්වා විතරයි. මාලිංගගේ නරකක් කිව්වේ නෑ’’ යැයි ඒ පිළිබ`දව කළ විමසුමේදී සුමතිපාල මහතා වැඩි දුරටත් පැවසීය.
ශ්‍රී ලංකා විස්සයි20 පිලේ හිටපු නායකයා ද වන ලසිත් මාලිංග විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට පෙර කණ්ඩායමේ ක්‍රීඩකයන් වෙනස්කිරීම් සහ ඔහු ආබාධයකින් සිටියදී තරගාවලියට සහභාගි කරවීම පිළිබදව ක්‍රිකට් ආයතනය විවේචනය කරමින් මාධ්‍යට අදහස් දැක්වීය.
meka aththada ban?

mona wesige puthekda ban me sumathipala?
patta balu wada ne oi mewa. ekektwath lankawata cricket Gahanna hithenawada me wage 2.50 wada kalama? thamnata me wage deyak kala kiyala hithapan aai lankawata Gahanna hithenawada match ekak?
ane hoda suba anagathayak.. pingonek janadipathi wela rata kanawa mehe harakpala kenek cricket kanawa.. elakiri



anik main ma awula thamay lankawe MEDIA ...un passen panna panna pali ganne hariyata malainga unge ganunwa issuwa wage...

