මහා විනාශයක් අත ලඟයි

Man_Sampath

Member
Apr 22, 2016
380
147
0
45
අනේ සොරි සිංහලු! තරහ අවසර

ubawa mama hoyagatta IP eken
එපා සොන්නලු බය කොරාන්න. අයි පී කියන්නේ මොකෑ බං? ඒක කන දෙයක් ද? කොහොමෙයි බං උබ මාව ඒකෙන් හොයා ගත්තේ? මං නං ඔව්ව ගැන දන්නේ නෑ. ඒක නිකම් මෙන්න මේ වගේ එකක් ද අනාත කුකුලෝ?

8.59

2efMIGH
27zyfsz.jpg


9.00
9IhlB8v
2z3w301.jpg



9.03
2d0c744.jpg



9.04
2LSvmab
f025x2.jpg


මං මිනිත්තුවක් ගානේ වෙනස් වෙනස් රටවල් වලට ගිහින්ලු කුකුලෝ. මේක මටත් තේරෙන්නේ නෑ වගේ. මගේ කොම කැඩිලා නිසා වෙන්නැති මෙහෙම රට වෙනස් වෙන්නේ. අර මැද තියෙන ඉලක්කම මොකද්ද සොන්න මාත්තයෝ???

මං මේ එළකිරි එන විදිහ නිසාද සිංහලු උබ මාව හොයා ගත්තේ? මට ලැජ්ජයි කෙරී සිංහලු
මෙහෙම එන්න එපාද?

spetn5.jpg


උබ ටින් ටින් හරි ජී ටී හරි ස්පෑම් චෙක් හරි නෙවෙයි නේ? එහෙනම් උබ දැනටමත් මාව දන්නවා. එහෙම නැත්තම් අනේ මන්දා. උබ දාපම්කො පී එම් එකක් මං හරියටම කවුද කියල. උබේ හැකියාව ගැන එතකොට මම සෑහෙන්න පැහැදෙනවා අම්මප ඊට පස්සේ. උබේ දක්ෂ හැකියාව සහ හැකින් නොලේජ් එක ගැන වෙනම ත්‍රෙඩ් එකකින් උබට ප්‍රසංසා කරනවා එහෙම වුනොත් කුකුලෝ.
 
Last edited:

Man_Sampath

Member
Apr 22, 2016
380
147
0
45
ටින් ටින් අය්යාගේ නෝ රිප්ලයි. ඒක නිසා මං දානවා ඔන්න ඔහේ එපිසෝඩ් දිග වැඩි වුනත් කෑල්ලෙන් කෑල්ල ටෙක්ස්ට් ලිමිට් එක නිසා. එපිසෝඩ් එකේ නම දානවා පෝස්ට් හෙඩින් එක විදිහට. ඒකෙන් බලා ගනින් මොකද්ද එපිසෝඩ් එක කියල.
1 වන විනාශය
2 වන විනාශය
3 වන විනාශය.......
ඔන්න ඔහොමලු එපිසෝඩ් යන්නේ හින්ගලු!
 

Man_Sampath

Member
Apr 22, 2016
380
147
0
45
1 වන විනාශය

[FONT=&quot]“ඔලුව පැලෙන්න පැලෙන්න වගේ යකෝ” සම්පත්[/FONT] [FONT=&quot]ඇඳේ අනිත් අතට හැරිලා තවත් හොඳට ඇඳ රෙද්ද පොරවාගෙන බුදියගත්තා.[/FONT]
[FONT=&quot]එක පාරම සම්පත්ට අද එලාම් සද්දේ ඇහුනේ නැහැ කියලා මතක් වුනා. “ආපහු මේ රෙද්ද අස්සේ ඔරලෝසුවේ වයින් බැහැල. තාත්තගේ මහලොකු දෑවැද්ද තමා මට ඉතුරු කරලා ගිය... පයිසයයි තුන් කාලකට වැඩක් නෑ මේ රෙද්ද.” නොරුස්නා හැඟීමකින් සම්පත් එක ඇහැක් ලාවට ඇරලා තූත්තුකුඩියේ කටුගෙදරින් උස්සන් ආපු ලදරම් බොලොක්කයක් වගේ පෙනුන පරණ වයින් පීස් ඔරලෝසුව දිහා බැලුවා. [/FONT]
[FONT=&quot]“ඔය තියෙන්නේ හත් ඉලව්වට ගහපු කලාබරයා වගේ කටු ටික ගල්ටික් වෙලා”... තනි ඇහෙන් වුනත් හරියට ම හතරේ ඉලක්කම ගාව පැය කට්ට නතර වෙලා තියෙන හැටි සම්පත්ට පෙනුනා. පොර අනිත් පැත්තට හැරිලා ඕනේ පශ්චාත් බායක් සත දහයයි කියල නිදා ගන්න පටන් ගත්තා.[/FONT]
[FONT=&quot]කාලකන්නි ඔලුවේ කැක්කුමෙන් කැඩුන නින්ද ආපහු එන පාටක් ළඟ පාතක පේන්න තිබ්බේ නෑ. ඇඳේ ඒ මේ අත පෙරලි පෙරලි හිටපු සමන්ගෙ හිත නොදැනුවත්වම වගේ අතීතෙට දුවලා ගියා.[/FONT]
[FONT=&quot]“තාත්තේ! අර...” වයින් පීස් ඔරලෝසුව මස් කරගෙන ඒක සුද්ද කර කර හිටපු රණසිංහ දිහා ජංගි කොටයක් ඇඳන් නහය හාර හාර බලාගෙන හිටියේ පුංචි සම්පත්. අවුරුදු දහයක කොලු ගැටයෙක් වුනත් සමන්ත වයසේ හැටියට ඇටිකිච්චෙක් වගේ පෙනුණේ. හරියට කෙහෙතගේ අපලේ හැදිලා වගේ. සම්පත්ට ඔව්වයේ ගානක් නැහැ. නහයේ කොනේ තිබ්බ හොටු කෑල්ලක් බොහොම අමාරුවෙන් ජේ සී බී පාරක් දාල එලියට ගන්න ගමන් තමන්ගේ තාත්තා දැති රෝද එක්ක ඔට්ටු වෙන හැටි හිච්චි එකා බලන් හිටියේ කට ඇරගෙන. හුරතල් විදිහට ඇදල පැදලා සමන්ත කතා කරනවා ඇහිලා ඒ දිහා බලපු රණසිංහට පුතා ඇඟිල්ල දික් කරන්, කට ඇරන් බලන් ඉන්නේ තමන්ගෙ පිටිපස්සේ තිබ්බ කණ්නාඩි මේසෙට බව පෙනුණා.[/FONT]
 

Man_Sampath

Member
Apr 22, 2016
380
147
0
45
[FONT=&quot]“බූතයෙක්වත්දැ”යි කියාගෙන රණසිංහ ලොක්කා අඬු මිටියත් අරන් බැලුව පිටි පස්ස ‘හොඳම තයිලේ කෝකටත් තයිලේ’ කියල හිතාගෙන. ම්හු. බූතයෙක් තියා මල පෙරේතයෙක්වත් නෑ. ඒත් මෙන්න තියෙනවා ඔරලෝසුවේ වයින් දුන්නක් ගිහින් රැඳිලා, කණ්නාඩි මේසේ දාරේ. “අල වගේද ගෝවා කිව්වලු. මල හත් ඉලව්වයි, තව පොඩ්ඩෙන් මං ඔරලෝසුව හයි කරන්නේ එක දුන්නක් අඩුවෙන්. අම්මප යකෝ පොඩි එකාට උකුස්සෙක්ට වගේ ඇස් පේනවා නේ” ඇහැට පෙනෙන නොපෙනෙන ඇබිත්තන් ඔරලෝසු දුන්න අතට අරගන්න ගමන් රණේ ලොක්කා හිතුව.[/FONT]
[FONT=&quot]“පුතේ, මෙහෙ එන්න මයේ අම්ම. මෙතනින් ඉඳගනින් කොල්ලෝ. දන්නවද මේ ඔරලොසුව මොකද්ද කියල? මේක කසි කබල් පරණ ලඩක්කුවක් තමා. ඒත් මේකට සෑහෙන ඉතිහාසයක් තියෙනවා. මයේ පුතාගේ සීයාගෙ තාත්තා තමයි මේකේ මුල් අයිති කාරය. එයාගේ නම අදෝනිස් රණසිංහ. උන්දෑ කෝරාළ කෙනෙක්.[/FONT]
 

Man_Sampath

Member
Apr 22, 2016
380
147
0
45
1 වන විනාශය

[FONT=&quot]මේ පළාතේ ආණ්ඩුකාරයා වගේ හිටියේ. එතකොට 1890 ගණන් වල... එංගලන්තේ යටත් විජිතයක් තමයි ලංකාව..... යටත් විජිතයක් කිව්වේ මා පුතා අ[/FONT][FONT=&quot]පේ රටත් ඒ කාලේ ජිමියා වගේ තමයි. එංගලන්තේ දුවපන් කිව්වම අපි දුවන්න ඕනේ. නැවතියන් කිව්වම නවතින්න ඕනේ. පෙරලියන් කිව්වම පෙරලෙන්න ඕනේ... ජිමියා එහෙම නොකලොත් අපි ජිමියට කෑම දෙන්නේ නෑනේ[/FONT], [FONT=&quot]ඌ කියන දේ අහන්නේ නැති නිසා[/FONT], [FONT=&quot]නේද[/FONT]? [FONT=&quot]එංගලන්තෙත් අපිට සැලකුවේ ජිමියට සලකනවා වගේ තමයි. [/FONT][FONT=&quot]එකම වෙනසකට තියෙන්නේ ඒ කාලේ එංගලන්තෙට කන්න බොන්න දුන්නේ අපි. ඒ දීලා අපිට කන්න බොන්න ඉතුරු වුනේ සොච්චමයි. එහෙමත් කරලා අපි ඒගොල්ලෝ කියන විදිහට හිටියේ නැත්තම් අපිට තියෙන සොච්චමත් ඇරගෙන ගිහින් අපිව බඩගින්නේ තියනවා....[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]එකම වෙනසකට තියෙන්නේ ඒ කාලේ එංගලන්තෙට කන්න බොන්න දුන්නේ අපි. ඒ දීලා අපිට කන්න බොන්න ඉතුරු වුනේ සොච්චමයි. එහෙමත් කරලා අපි ඒගොල්ලෝ කියන විදිහට හිටියේ නැත්තම් අපිට තියෙන සොච්චමත් ඇරගෙන ගිහින් අපිව බඩගින්නේ තියනවා.... කොහොම හරි එංගලන්තේ පාලනය ඉවර වුණා 1948දි. ලංකාවට නිදහස ලැබුණේ 1948 පෙබරවාරි 4. අද පෙබරවාරි 15 වනේ. මීට සතියකට විතර කලින් පුතාට මතකද අපි නිදහස් චතුරස්රෙට එක්කගෙන ගිහින් ලොකු සංදර්ශනයක් පෙන්නුවා. අපි ඒ තවමත් සමරන්නේ අපි පිටරටියන්ගෙ දඬු අඩුවෙන් බේරුණු දවස.... හැබැයි පුතෝ උබේ බාප්පට එහෙම ඕක ඇහුනොත් උන්දෑ කියාවි, හතලිස් අටේ නෙවෙයි හැත්තෑ දෙකේ තමා අපි නිදහස් වුණේ කියල... අපේ මල්ලිත් එක්ක තර්ක සාත්තරේට යනවට වඩා හොඳා කට ගලක උලා ගන්නවා. මං හතලිස් අට කියයි, ඒකා හැත්තෑ දෙක කියයි... අන්තිමට උබලෑ අම්ම ඇවිත් කට හෝ....දලා “නෑ නෑ අනේ එකදාස් නමසිය හැට හතර” කිව්වම අපි දෙන්නට වෙන්නේ පශ්චාත් බාගෙන් හක්කලන් කොරන්න. මයේ හාමිනේ තරුණ කාලේ ඉටි රූපේ වගේ. හැබැයි දෙවඟන වගේ වුණාට හෙන ගොන් කඳ. දෙය්යන්ගේ පිහිටෙන් බොට මගේ මොලෙයි අම්මගේ පෙනුමයි ආවේ පූරුවේ පිනකට. අම්මගේ මොලෙයි මගේ පෙනුමයි ආවනම් උබට ඉතින් අබ සරණයි පුතේ. හැබැයි ඇස්වහක් කටවහක් නෑ ඕං, පෙර පාසල් මානසිකත්වයක් තිබ්බට උබලගේ අම්ම වචනයක් කිව්වොත් කිව්වා තමා. ආයේ සක්කරයටවත් ඊට එහා යන්න බෑ.”[/FONT]
 

Man_Sampath

Member
Apr 22, 2016
380
147
0
45
[FONT=&quot] [/FONT][FONT=&quot]“ඒත් මේ කියන සිද්දිය වෙනකොට අපේ රටට නිදහස ලැබිලා තිබුණේ නැහැ.. පුතැලයේ මුත්තා ආණ්ඩුවේ කෝරළේ රාළ වුනාට සුද්දට වුණත් බය නෑ. අසාධාරණේට සුද්දගේ ආණ්ඩුවට හරි ඕනේ වෙලාවක එරෙහි වුණා. මේ අතරේ දවසක් අදෝනිස් ආතාගේ වලව්වට එපිටින් තිබුණු ගණ කැලේට සුද්දෝ කණ්ඩායමක් අලි දඩයමේ ආවා. ආතා මේකට කැමති වුණේ නැහැ. කෝරලේ වලව්වේ නවාතැන් ඉල්ලුවාම ආතා කිව්වේ අලි දඩයම් කරනවා නම් කෝරළේ වසමේ තව දුරටත් ඉන්නේ නැහැ කියල.” [/FONT]
[FONT=&quot]“ඒ වෙලාවේ දඩයක්කාරයන්ගේ නායකයා කෝරළේ ආතට වලව්වෙන් යන්න කියලා අණ කළා. මගේ තාත්තා, ඒ කිව්වේ ඔයාගේ සීයා, එතකොට ඔයාගේ වයසේ වගේ පොඩි කොල්ලෙක්. අදෝනිස් කෝරාළ තවත් එදිරිකම් පෑවොත් තමන්ගේ දරුවන්ටයි බාරියාවටයි අවැඩක් වෙන්න පුළුවන් බව තේරුම් ගත්තා. ඒ නිසා කරබාගෙන තමන්ගේ ම ගෙදරින් පිට වෙන්න වෙච්ච අදෝනිස් සීයා තමන්ගේ පවුලත් එක්ක කැලේට පිටත් වුණා.”[/FONT]
 

Man_Sampath

Member
Apr 22, 2016
380
147
0
45
[FONT=&quot]“දඩයම් නඩේ නායකයා ග්‍රෙගරි හේමිෂ් කියල එංගලන්තේ සුද්දෙක්. මිනිහා රැජිණගේ ආණ්ඩුවේ ලොකු නිලමක්කාරකමක් දරපු ආණ්ඩුකාරවරයෙක්. එදා හවස් වරුව දඩයම් නඩේ ගත කළේ කවදාවත් ඉවර නො වෙන මහා සාදයක් වගේ. විභව තණ්හාවෙන් මුලා වුණු ග්‍රෙගරි තමන්ගේ තරුණ පුත්තු දෙන්නත්, දඩයමට ආපු කච්චේරියේ තමන්ගේ යාලුවනුත් එක්ක හොඳට අඩි පුඩි ගහගෙන ගෙරි මස් කකා සාජ්ජයෙන් හිටිය.”[/FONT]
[FONT=&quot]“ටිකෙන් ටික රෑ බෝවෙන්න පටන් ගත්තා. යන්තම් අඳුර වැටීගෙන එන කොට අලි ඇත්තු දිය මංකඩ වලට වතුර බොන්න එන වෙලාව. ග්‍රෙගරිට ආරංචි වෙලා තිබ්බේ තුන්පත් රෑනක් ඒ අඩවියේ සැරිසරනවා කියලා.... ආ, තුන්පත් රෑන කියන්නේ පුතේ අලි පැටියයි, ආරක්ෂාවට ඉන්න අලි අම්මයි තවත් අලියෙකුයි එකට කැලේ ගමන් කරන එක. අනිත් අලියා අලි තාත්තම වෙන්නේ නෑ සමහරක් වෙලාවට, අලි පැටියා හම්බුනු වෙලාවේ අලි අම්ම එක්ක ලඟින්ම හිටපු අලියා හරි කෙනර, ඒ කිව්වේ මේ අලි”වතී” කියන එක. උබලගේ නීතා ලොකු අම්මත් හොඳවයින් කෙනරක් තමා. ඒ අම්මණ්ඩිට අඩු දළ දෙක විතරයි.” [/FONT]
 

Man_Sampath

Member
Apr 22, 2016
380
147
0
45
1 වන විනාශය

[FONT=&quot]“කොහොමින් හරි තුන්පත් රෑන අනිත් අලි වගේ රංචුව එක්ක යන්නේ නැහැ. මහ අලි ජෝඩුව පැටියා ආරක්ෂා කරගෙන කෑම හොයන්න යනවා කැළේ පුරාම. තුන්පත් රෑන බොහොම දරුණුයි. ලොකු අලි සාමාන්‍යයෙන් එළියක් දැක්කොත් මඟ ඇරලා ගියත් අලි පැටියා තමන්ගේ කුතුහලේට ආලෝකයක් තියෙන දිසාවට දුවගෙන යනවා. මේ නිසා තුන්පත් රෑන දඩයම් කරන්න යන්න වෙන්නේ කෑලි කපන කට්ට කරුවලේ. ග්‍රෙගරිගෙ නඩේත් අලි මංකඩක් ගාව රැකවල් ලාගෙන ගණ අඳුරේ දඩයම එනතුරා චටපට තාලෙට මදුරුවෝ තලතලා බලා ඉන්න පටන් ගත්තා.”[/FONT]
[FONT=&quot]“මෙහෙම පැය ගණනාවක් බලන් හිටපු ග්‍රෙගරිගේ නඩයේ චටපට තාලයත් කාලය ගත වෙන තරමට ටිකෙන් ටික බාල වෙන්න ගත්තා. මහා ගණ අඳුරේ කන් දෙකත් නහයත් කටත් සීතලෙන් ගල් වෙලා වෙවුල වෙවුල අටවක හඳේ කණාටු එළියෙන් කලාතුරකින් වගේ අලි මංකඩ මී මින්නෙක්, වල් හාවෙක් වගේ සතෙක් ග්‍රෙගරිගේ හදවතේ ගැස්ම එක වරම වැඩි කලත් තප්පර විනාඩි වලට හැරිලා, විනාඩි පැය වලට හැරෙන්න ගනිද්දී මදුරුවන් රංචුවක් වැහුවත් උන්ව තලන්න පවා අත උස්ස ගන්න බැරි තරමට ග්‍රෙගරිගේ යෝධ ශරීරය හිරි වැටිලා ගල් ගැහිලා තිබුණා. ඒ සීතල රාත්‍රියේ ගත වෙන තප්පරයක් පවා දැනුනේ කල්ප කාලාන්තරයක් ගත වෙනවා වගේ. බෝර තුවක්කුවේ බයිනෙත්තුවට බර වෙලා හිටපු ග්‍රෙගරිට යන්තම් ඇහි පිල්ලම් පියවෙන්නට පටන් ගත්තා.”[/FONT]
 

Man_Sampath

Member
Apr 22, 2016
380
147
0
45
1 වන විනාශය

[FONT=&quot]“ඊළඟ ක්ෂණයෙන් ග්‍රෙගරි විසි වෙලා ඇහැරුණේ වනාන්තරය දෙවනත් කරගෙන දෝංකාර දෙන්න පටන් ගත්තු වෙඩි සද්දයත් එක්කම සරීරෙ ඇට මිදුළු වල පවා මිදුණු ලේ වතුර කරගෙන කන් අඩි පුපුරු ගස්සවනන සමත් වෙච්ච තමන්ගේ ජිවිතේ අහන්න ලැබුණු දරුණුම විළාපය නිසයි. ඒත් ඊළග තප්පරේ දකින්න ලැබුණු දෙයින් බිරන්තට්ටු වුණු ග්‍රෙගරිට දෙ දණින් බිමට වැටෙන්න සිද්ද වුණා.”

[/FONT]

[FONT=&quot]“දෙයි හාමුදුරුවනේ! ග්‍රෙගරිගේ ලොකු පුතා පපුවේ අල්ලක් තරම් විසාල කුහරයකින් පිටවුනු ලේ දහරාවක් එක්ක අහසට පියාඹනවා ග්‍රෙගරි දැක්කා. ඒ අමානුෂික විළාපය වෙන කාගේවත් නොවෙයි. වේදනාවෙන් ඒ මේ අත ඇඹරෙමින් අහසට විසි වුණු ග්‍රෙගරිගේ ලොකු පුතාගෙ කටහඬමයි. මේ දැකපු දඩයම් නඩයේ සුද්දන් කුරුසය පපුවේ ඇඳගන්න හැටි ග්‍රෙගරිගෙ ඇස් කොණෙන් හඳ එළියෙන් පෙනුණා. “යක්ෂයා! ජේසු දෙවියනේ යක්ෂයා!”. ග්‍රෙගරිගේ බාල පුතා යටිගිරියෙන් බෙරිහන් දුන්නා.”.....

[FONT=&quot]1 වන විනාශය නිමි....[/FONT]
[/FONT]
 

Similar threads