ඊයේ හවස සමෝසා කන්න පෙරේතකමක් ඇවිත් ගේ ගාව තියෙන "දමිත්" එකට ගියා.
එකෙක් ආවා.
එකා : මල්ලි ගෝදම්බ රොටි තියෙනවද?
කඩේ එකා : පොඩ්ඩක් ඉන්න සර් බලලා එන්නම්.
ටිකකින් ඇව්ත්
කඩේ එකා :ගෝදම්බ පරක්කු වෙනවා සර්
එකා : එහෙනම් පරාටා?
කඩේ එකා :පරාටාත් පරක්කු වෙනවා සර්.
එකා : එහෙනම් නාන් රොටි 5ක් දාන්න (ශෝ කේස් එකේ නාන් රොටි පෙන්වමින්)
කඩේ එකා : තව?
එකා : පිට්ටු කෑලි දෙකයි. රතු ඉඳියාප්ප 40යි.
කඩේ එකා : තව?
එකා : පරිප්පු කරියයි, පොල්සම්බෝල එකයි, කිරිමාලු හොදි එකයි, චිකන් කරි එකයි.
කඩේ එකා : හරි සර්.. තව?
එකා: එච්චරයි.. ආ මල්ලි චිකන් මොනාද ඔයගොල්ලන්ගේ?
කඩේ එකා : (කොයිල් වෙලා) ඒ කිව්වේ සර්?
එකා : මොකද්ද චිකන් එක ඔයගොල්ලන්ගේ?
කඩේ එකා : බ්‍රොයිලර් චිකන් සර්.
එකා : නෑ නෑ.. මං අහන්නේ මොකද්ද ඔයගොල්ලෝ චිකන් හොදි හදන්න ගන්න චිකන් බ්‍රෑන්ඩ් එක?
කඩේ එකා : බ්‍රෑන්ඩ් එකක්නම් දන්නේ නෑ සර්. මස් කඩේ එකාගෙන් තමා අහන්න ඕනේ. අපි මේ කිරුලපන මාර්කට් එකෙන් ගන්නේ මස්.
එකා : එහෙනම් මට චිකන් එපා. මිරිස් මාලු හොදි එකක් දාන්න.
මම : (කොයිල්)