කෙනෙක් ගේ විනයක් හදන්න තියෙන්න ඕනේ අවම සුදුසුකම මචන් ඉස්සෙල්ල ඒ කෙනාට විනයක් තියෙන්න ඕනේ...ඔය කියන සින්නොන්ට විනයක් නැති විත්තිය මචන් කුණුහරුපෙන් බැනීම තුලින්ම ඔප්පු වුනානේ? එහෙම කෙනෙක් ට අනිත් කෙනාගේ විනය හදන්න පුළුවන් කියල උබ තාමත් කියනවද?
යුනිෆෝර්ම් එකක් ඔෆිස් එකට අඳින්න කියල තියෙනවනම් මචන් එක නීතියක් නේ ඔෆිස් එකේ...? එහෙම එකක් කවුරුත් කඩ කරන්නේ නැහැ..එහෙම තියෙද්දී නයිටියක් ඇඳන් ගියානම් එක පැහැදිලිවම වැරදියි...මෙතන නීතියක් නැහැනේ...තමන්ට පහසු ඇදුමක් ඇඳන් ඇවිත් ඉගෙන ගන්න අයිතියක් පැහැදිලිවම ඕනේ කෙනෙකුට තියෙනවා...එහෙම නැත්තම් එක තමන්ගේ අයිතිය කඩ කිරීමක්...
ගවුම වෙනුවට දිගු කලිසමක් ඇඳන් යන එක යුනිෆෝර්ම් වෙනුවට නයිටි ඇදන් යන එකට සමාන කරන්න පුලුවන්ද? බැහැනේ...
සම්ප්රාදය කියන්නේ නීතියක් නෙමෙයි...ඒ කෙල්ලට අයිතියක් තියෙනවා එක අදින්න...කාටවත් එපා කියන්න අයිතියක් නැහැ...සම්ප්රදායෙන් පිට පැන්නත් ඔතන ඒ නිසා ඒ කෙල්ලට කුණුහරුපෙන් බනින්න කාටවත් අයිතියක් නැහැ...ඒ කෙල්ලට කකුල් නිරාවරණය කරන්න බැරි, හරි මොකක් හරි ඇලර්ජි එකක් නිසා හුලන් වදින්න බැරි හරී තත්වයක් තිබ්බනම් මොකද වෙන්නේ? සම්ප්රදාය කියල කෙල්ල තමන්ගේ පාඩම් වැඩ ටික අතපසු කරගන්න ඕනෙද? මේක මචන් හැමවෙලේම සාදාරනය කරන්න හදන කොනෙකින් බලන්නෙපා...දෙපැත්තෙන්ම බලන්න...

